‘අස්වැසුම’ට ව්‍යාජ තොරතුරු දුන් 7000 කට නීතිමය පියවර

‘අස්වැසුම’ට ව්‍යාජ තොරතුරු දුන් 7000 කට නීතිමය පියවර


‘අස්වැසුම’ට ව්‍යාජ තොරතුරු දුන් 7000 කට නීතිමය පියවර

(03.03.2024 – 13:36 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ තොරතුරු ලබාදී ‘අස්වැසුම සුබසාධන වැඩසටහන’ට හිමිකම් ලබාගත් 7000 කට අධික පිරිසක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති අස්වැසුම දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

ලක්ෂ 12 ක් පමණ වන අභියාචනා සහ විරෝධතා සළකා බැලීම අවසන් අදියරයේ පවතින අතර, දෙවන (2) අදියරයේ අයඳුම්පත් ලබාගැනීම සිදු කෙරෙමින් පවතින බව මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

ඒ අනුව මේ වනවිට ලක්ෂ දෙකකට (2) අධික අයදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බවත් දෙවන (2) අදියරයේ අයදුම්පත් භාරගැනීම ලබන 15 වනදා අවසන් වන බවද ඔහු කියා සිටියා ෴


ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් භාරගැනීම ඇරඹේ

(03.03.2024 – 13:48 +0530 – hirunews.lk/sinhala)

2024 – 2025 ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා මේ වනවිට ආරම්භ වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

පළමුවන (1) ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන ආර්ථික අපහසුතා ඇති සිසු සිසුවියන් ලක්ෂයක් (100,000) සඳහා ශිෂ්‍යාධාර ලබාදීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් මතයි.

ඒ අනුව ‘ජනාධිපති අරමුදලේ නිල ෆේස් බුක් පිටුව’
https://web.facebook.com/president.fund
ඔස්සේ අයදුම්පත් හා උපදෙස් පත්‍රිකාව භාෂා තුනෙන්ම (3) ලබාගැනීමේ හැකියාව පවතිනවා.

එම අයදුම්පත් ලබන 20.03.2024 වනදා දිනට ප්‍රථම අදාළ ශිෂ්‍යා හෝ ශිෂ්‍යාව ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා වෙත ලබාදිය යුතු බව සඳහන් ෴


සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් අලෙවි කරලා

(03.03.2024 – 15:20 +0530 – hirunews.lk/sinhala)

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කළ මධ්‍යස්ථාන දෙකක් (2) වැටලීමට මහරගම පොලිසිය සමත් වී තිබෙනවා.

‘මහරගම වත්තේගෙදර’ හා ‘පන්නිපිටිය දෙපානම’ ප්‍රදේශවල පිහිටි ස්ථාන දෙකක (2) ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානක මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවිකරන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී කළමනාකරුවන් දෙදෙනෙකු (2) සහ සුරූපී කාන්තාවන් අට දෙනෙකු (8) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර, ඉංගිරිය, රත්නපුර, දමන, නිවිතිගල හා නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25- 50 අතර පසුවන්නන් බවයි වාර්තා වන්නේ ෴


කැත්තකින් පහරදී බිරිඳ විසින් සැමියා ඝාතනය වෙයි

(03.03.2024 – 15:33 +0530 – hirunews.lk/sinhala)

බහින්බස් වීමක් දුරදිග යාමෙන් කරන්දෙණිය ගුරුබැබිල ප්‍රදේශයේ බිරිඳක් කැත්තකින් පහරදී සැමියා ඝාතනය කර තිබෙනවා.

මියගිය පුද්ගලයා 42 හැවිරිදි එක්දරු පියෙක් බවයි ‘හිරු වාර්තාකරු’ සඳහන්කර සිටියේ.

ඝාතනය සම්බන්ධයෙන් බිරිඳ කරන්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා ෴


‘හරක්කටා’ගේ මෙරට ප්‍රධාන මෙහෙයුම්කරු අත්අඩංගුවට

(03.03.2024 – 15:45 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ‘හරක්කටා’ගේ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය මෙහෙයුමේ ප්‍රධාන මෙහෙයුම්කරු බව කියන සැකකරු රටින් පිටවීමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් දින 7 ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ ෴


කඩුගන්නාවේදී බස් රථයක තිරිංග අක්‍රීය වීමෙන් සිදුවන්නට ගිය විශාල අනතුර වළක්වාගත් හැටි

(03.03.2024 – 18:05 +0530 – sinhala.adaderana.lk)

කඩුගන්නාව ප්‍රදේශයේදී බස් රථයක තිරිංග අක්‍රීය වීමෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට බස් රථයේ රියදුරු සමත්ව තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකි.

කඩුගන්නාව ප්‍රදේශයේ පහළ කඩුගන්නාව ආසන්නයේ අධික බෑවුමක් සහිත ස්ථානයකදී මෙලෙස බස් රථයේ තිරිංග අක්‍රීය වී තිබේ.

එහිදී රියදුරු ආරක්ෂාකාරීව බස් රථය ඉදිරියට ධාවනය කොට බස් රථය දකුණු පස කන්දේ ගැටීමට සලස්වා බස් රථය නවත්වාගැනීමට සමත්ව ඇත.

+


පාසල් අධ්‍යාපනයට එන ‘කෘත්‍රිම බුද්ධිය’

(03.03.2024 – 16:13 +0530 – sinhala.adaderana.lk)

08 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා ‘තොරතුරු තාක්ෂණය’ විෂය සමඟ ‘කෘත්‍රිම බුද්ධිය’ හැදෑරීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (03) පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එළැඹෙන මාර්තු 19 වනදා එහි නියමු ව්‍යාපෘතිය පාසල් 20 ක් යොදා ගනිමින් ආරම්භ කරන බවත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සිදු කරමින් පවතින බවත් අමාත්‍යරයා එහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම එළැඹෙන වසරේදී එය දීපව්‍යාප්තව ක්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, මෙරට පළමු (1) ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා වූ ප්‍රාථමික අධ්‍යාපන අවධියෙහි දරුවන්ට 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දෙමාපියන් විසින් අතිරේක ඉගැන්වීම් කරවමින් ලබා දෙන පීඩනය නතර කළ යුතු බවද අමාත්‍යවරයා පවසයි.

එබැවින් ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නමුත් එහි තරගකාරීත්වය අඩු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන අතරම සිසුන් ඇගයීම සඳහා පන්ති කාමරයෙන් පරිබාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් දරුවන් දක්වන කුසලතා හඳුනා ගනිමින් එම ‘සුහුරු කුසලතා’ වෙනුවෙන් ඇගයීම් ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය ෴


රාජ්‍ය සේවයට නව යාන්ත්‍රණයක්

(03.03.2024 – 12:58 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ.

සේවා ස්ථාන සහයෝගීතාව තුළින් මෙරට තුළ ඉහළ ගුණාත්මක භාවයකින් යුතු රාජ්‍ය සේවයක් ගොඩනැගීම හා මහජනතාව වෙත විශිෂ්ට සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා වූ යෝජිත යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය අනුව මෙම චක්‍රලේඛය සකස් කර තිබේ.

ඒ අනුව යෝජිත නව යාන්ත්‍රණය සමස්ත රාජ්‍ය සේවය තුළම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර එය සේවා ස්ථාන ආංශික හා ජාතික මට්ටම යන ස්ථර තුනකින් (3) ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික හා විශේෂඥ සහාය ලබාගනිමින් සෞඛ්‍ය හා ප්‍රවාහන අංශයන්හි සේවා ස්ථාන කිහිපයක නියමු ව්‍යාපෘති ලෙස මෙම යාන්ත්‍රණය මේ වන විටත් ක්‍රියාත්මක කර තිබේ.

රාජ්‍ය ආයතන තුළ පවතින සේවක ආරවුල් නිරාකරණය කරගැනීමටත් කළමනාකරණ සේවක හා වෘත්තීය සංගම්වල නියෝජිතයන් අතර සහයෝගීතාව වර්ධනය කරගැනීමටත් සේවා ස්ථාන ප්‍රතිසංස්කරණය තුළින් රාජ්‍ය සේවයේ ඵලදායීතාව වර්ධනය කිරීම හා රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ අරමුණ වී ඇති බව සඳහන්ය ෴


ගාල්ල බන්ධනාගාරයෙන් යළි ‘මොළේ උණ’ රෝගියෙක්

(03.03.2024 – 12:52 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල බන්ධනාගාරයෙන් යළි ‘මොළේ උණ’ වැළඳුණු රෝගියෙකු හඳුනාගෙන තිබේ.

බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවේ, අදාළ රෝගියා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව ය.

පසුගිය 19 වැනිදා බන්ධනාගාරගත වූ රැඳවියෙකු මෙලෙස රෝගී වී ඇති බව සඳහන්ය.

ඔහුගේ තත්ත්වය බරපතළ නොවන අතර බන්ධනාගාරය තුළින් වෙනත් ‘මොළේ උණ’ රෝගීන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව ද වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසීය.

පසුගිය කාලයේ ගාල්ල බන්ධනාගාරයෙන් ‘මොළේ උණ’ රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වූ අතර එහිදී රෝගීන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්විය.

කෙසේ වෙතත් රෝගය පාලනය කිරීම සඳහා බන්ධනාගාර සෞඛ්‍ය අංශ විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා සඳහන් කළේය ෴


සුද්දියෙකුට පාසල් සිසුවෙකු ගෙන් අතවර

(03.03.2024 – 19:44 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ජාතික කාන්තාවකට අතවර කළැයි කියන දහතුන් (13) හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරට සංචාරයට පැමිණි තිස් (30) හැවිරිදි ප්‍රංශ ජාතික කාන්තාවක කුඩාවැල්ල ගම්මානයට පැමිණ සිටියදී මෙම අතවර සිද්ධියට මුහුණ පා ඇති බවටයි වාර්තා වන්නේ.

ඇය ඊයේ (2) පස්වරුවේ කුඩාවැල්ල, මෝදර වැල්ලේ තනිව ඇවිද යමින් සිටියදී සැකකාර පාසල් ශිෂ්‍යයා තම සුරතල් බල්ලා සමග පැමිණ මෙම කාන්තාව සමග කතාබහ කර කුළුපග වී තිබෙනවා.

ලස්සන තැනක් පෙන්වීමට ඇති බව කියමින් ඔහු කාන්තාව කැටුව වෙරළාසන්නයේ වැටකෙයියා පඳුරක් අසලට කැඳවාගෙන ගොස් ඇයට අතවර කර ඇති බවටයි වාර්තා වන්නේ.

විදෙස් කාන්තාව මේ සම්බන්ධයෙන් දික්වැල්ල, හිරිකැටිය පොලිස් මුරපොළට පැමිණිලි කර තිබූ අතර හිරිකැටිය පොලිසියෙන් තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිල්ල යොමු කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ තංගල්ල පොලිසිය සැකකාර පාසල් ශිෂ්‍යයා අද (3) අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු කුඩාවැල්ලේ පදිංචි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු බවටයි අනාවරණය වන්නේ.

ප්‍රංශ ජාතික කාන්තාව පොලිසියේදී සැකකාර පාසල් ශිෂ්‍යයා හඳුනාගෙන තිබුණා.

ලංකාව සුන්දර රටක් බැවින් මෙවැනි සිදුවීම් තවදුරටත් වීමට ඉඩනොතබන ලෙසත් ඇය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබුණා.

එසේ පැවසූ ඇය සැකකාර පාසල් ශිෂ්‍යයා තවමත් කුඩා දරුවකු බැවින් ඔහුට අවවාද කර මුදා හරින ලෙසත් ඉල්ලා තිබුණා ෴


අනන්‍යතාවය තහවුරු නොවූ කාන්තාවකගේ මළ සිරුරක්

(03.03.2024 – 18:19 +0530 – sinhala.adaderana.lk)

කළු ගඟේ පාවෙමින් තිබියදී අනන්‍යතාවය තහවුරු නොවූ කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇති බව දකුණු කළුතර පොලීසිය පවසයි.

පොලීසිය වෙත තොරතුරු වාර්තා වී ඇත්තේ මෙම කාන්තාව අවස්ථා කිහිපයකදී කළුතර නගරය ආශ්‍රිතව ජීවත්ව සිට ඇති බවටය.

එම කාන්තාවගේ වයස අවුරුදු 50 ක් පමණ වන බවට පොලීසිය සැකපළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි ෴


අනුරාධපුරේ උඹලා දැන් කාපල්ලා තණකොළ | මම දැන් කැනඩාවේ. හු… හු… | මීට උ##ගේ පුතා (03.03.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *