මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණ දඬුවම නියමවී 35 වසරක් සැඟවී සිටි විදුලිබල මණ්ඩලයේ සේවිකාව

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණ දඬුවම නියමවී 35 වසරක් සැඟවී සිටි විදුලිබල මණ්ඩලයේ සේවිකාව


මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණ දඬුවම නියමවී 35 වසරක් සැඟවී සිටි විදුලිබල මණ්ඩලයේ සේවිකාව

(10.02.2024 – 18:47 +0530 – sinhala.adaderana.lk)

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණ දඬුවම නියමවී 35 වසරක් සැඟව සිටි කාන්තාවක් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය’ මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

1989 වසරේදී අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ තත්ත්ව පරීක්ෂකවරයයෙකුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට බොරැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අදාළ පුද්ගලයාගේ බිරිය සිදුකළ පැමිණිල්ලකට අනුවය.

ඒ අනුව පොලීසිය, අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළේය.

අත්අඩංගුවට ගත් එවකට 30 හැවිරිදි කාන්තාව විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසි යතුරු ලියන්නියක ලෙස සේවය කර ඇති බවත් ඝාතනයට ලක් වූ පුද්ගලයා සමග අනියම් සබඳතාවක් ඇති කරගෙන තිබූ බවත් එහිදී අනාවරණය විය.

අදාළ සබඳතාව සිය සැමියාට අනාවරණය වීමෙන් පසුව ඔහුගේ උපදෙස් මත 1989 වසරේ එක්තරා දිනකදී තම අනියම් සැමියාව අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේ පිහිටි සිය නිවසට එම කාන්තාව මගින් කැඳවා තිබේ.

එහිදී සැමියා සමග එක්ව සිය අනියම් සැමියා ඝාතනය කර පෙති ගසා බැරලයකට දමා ළිඳකට දමා ඇති බව පොලීසිය පැවසීය.

ඒ හේතුවෙන් අදාළ අඹුසැමි යුවළ මාස 6 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පසුව ඔවුන් ඇපමත මුදාහැර තිබේ.

එලෙස නිදහස ලැබූ යුවළ පසුව අතුරුදන්වී ඇති බව පොලීසිය පැවසීය.

ඒ අනුව ඔවුන් නොමැතිව සිදුකළ නඩු විභාගයෙන් පසුව අදාළ අඹුසැමි යුවළට 2019 වසරේදී මරණ දඬුවම නියම කර තිබුණි.

කෙසේ වෙතත් ඝාතනය සිදුකළ අඹුසැමි යුවළ සොයාගැනීමට කිසිඳු පොලීසියකට හැකියාවක් ලැබී නොමැත.

එවන් පසුබිමක ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ’ පොලිස් නිලධාරියෙකුට තොරතුරක් ලැබී තිබුණේ අදාළ ඝාතනය සිදුකළ කාන්තාව බණ්ඩාරගම පමුණුගම ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටින බවය.

ඒ අනුව ඇයව ඊයේ (09) දිනයේදී විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගනු ලබීය.

මේ වනවිට එක්දරු මවක් වන අදාළ කාන්තාව 64 හැවිරිදි වියෙහි පසුවෙයි.

අඹුසැමි යුවළ ඇප ලැබීමෙන් අනතුරුව පසුගිය වසර 35 තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිය ඥාතීන්ගෙන් ද වසන් වෙමින් සැඟව සිට ඇති බව පොලීසිය පැවසීය.

ඔවුන් දෙදෙනා (2) පොලීසියට හසුවේයැයි බියෙන් වෙන් වෙන්ව ජීවිත්වු බව අදාළ කාන්තාව පවසා ඇත.

කෙසේවෙතත් ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකි වී නොමැත.

සැකකාර කාන්තාව අද (10) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

++++++++

+


මෝටර් රථයක් කොටස් කර අලෙවි කිරීමට උත්සාහ කළ දෙදෙනෙකු පොලිස් දැලේ

(10.02.2024 – 11:17 +0530 – sinhala.adaderana.lk)

‍කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් කොටස් කර අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) නිට්ටඹුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් කුලී පදනම මත ලබාගත් මෝටර් රථය අමතර කොටස්වලට අලෙවි කිරීමට උත්සාහ කිරීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ, එම මෝටර් රථය අනුරාධපුර ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 38 හැවිරිදි වියේ පසු වන එස්වැල්ල හා නෙළුම්දෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය ෴


මීගමුවේ වෙඩිතැබීමක්

(10.02.2024 – 19:26 +0530 – sinhala.adaderana.lk)

මීගමුව, ගල්කන්ද හන්දියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂට පත්වී ති‍බේ.

යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිව පැවසීය.

https://www.youtube.com/watch?v=kSvwF0gTAgE

+

11.02.2024

මීගමුව – ගල්කන්ද මංසන්ධියේ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය සීදූව අමන්දොලුව ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

ඊයේ (10) රාත්‍රී 7 ට පමණ ගල්කන්ද මංසන්ධියේදි මීගමුව – කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ‘සල්ගාදු චූටි’ නම් 60 හැවිරිදි පුද්ගලයා ඝාතනය කිරීම සඳහා සැකකරුවන් පැමිණ ඇත්තේ මෙම යතුරු පැදියෙන් බවටයි සැක පළ කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ ‘සල්ගාදු චූටි’ නැමැත්තාට වසර කිහිපයකට පෙර මනුෂ්‍ය ඝාතන චෝදනාවක් පවතින බව සඳහන් ෴

+++++++

තවත් වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

(10.02.2024 – 20:05 +0530 – sinhala.adaderana.lk)

මහකුඹුක්කඩවල, සෙම්බුකුළිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

අද (10) පස්වරුවේ එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පුත්ලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබුණි.

පසුව තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂය පත්වූ බව පොලීසිය පැවසීය.

ඉඩම් ආරවුලක් හේතුවෙන් එම වෙඩිතැබීම සිදුකර ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත ෴

++++++++

+


ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ උණුසුම් තත්ත්වයක් – තිදෙනෙකු (3) රෝහලේ

(10.02.2024 – 17:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි (2) වසරේ ඉගනුම ලබන සිසුන් තිදෙනකුට (3) එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් පහර දිමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සමනල වැව පොලිසිය පවසනවා.

ඔවුන් පඔහින්න රෝහලට ඇතුළත් කර ඇති අතර සිසුන් දෙදෙනකු (2) වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහලට මාරු කර යවා ඇති බවයි අප කළ විමසිමකදී පොලිසිය සඳහන් කළේ.

දෙවැනි (2) වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් පිටතින් ආහාර රැගෙන විත් කෘෂි විද්‍ය පිඨයේ ආපන ශාලාවේ ආහාර ලබා ගනිමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පැමිණි පහර දිමක් සිදු කළ බවද ඔවුන් විසින් පොලිසිය වෙත සදහන් කර තිබෙනවා ෴


පොලිසියට මඩ ගහන්න ඩොලර් බෙදූ හැටි මහජන ආරක්ෂක ඇමති හෙළි කරයි

(10.02.2024 – 19:57 +0530 – hirunews.lk/sinhala)

කුමන බලපෑම් එල්ල වුවද මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මර්දනයට එරෙහි යුක්තිය මෙහෙයුම නොනවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පානදුර ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට අද (10) එක්වෙමින්. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද ඊට එක්ව සිටියා.

+

‘සළිඳු මල්ෂික’ නොහොත් ‘කුඩු සළිඳු’ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ‘කුඩු සළිඳු’ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් සියලු දේපොළ රාජසන්තක කිරීමට කටයුතු කරන බවය.

“මත්ද්‍රව්‍යවල සුළභතාවය ඉතාම පහළ මට්ටමකට ගෙන්න පුළුවන් ඊළඟ මාස කිහිපය තුළදී. ‘කුඩු සළිඳු’ අවුරදු 03 ක් ඇතු‍ළේ… මිලියන 5013 ක්, මැඩගස්කරයේ තියෙනවලු අක්කර දෙකහමාරක් (2½), ලංකාව පුරාම ඉඩම් තියෙනවා. වාහන 73 ක් තියෙනවා වෙනත් අයගේ නම්වලට ලියපු.

ඒ ලැයිස්තු ඔක්කොම අරගෙන තියෙන්නේ. අවුරුදු කිහියකින් හරි එළියට එන දවසක මහ පාරේ හිඟා කන්න වෙයි. සළිඳුට අයත් සියලුම දේපොළ රාජසන්තක කරනවා… කුඩු සල්ලිවලින් හම්බකරපු.”

++++++++

+


විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රටට ලැබුණු තෑග්ග

(10.02.2024 – 23:21 +0530 – hirunews.lk/sinhala)

විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 487.6 ක් මෙරටට ඒවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එය සියයට 11 වර්ධනයක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේ.

පසුගිය වසරේ (2023) ජනවාරි මාසයේදී විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 437.5 ක් ඒවා තිබුණා ෴


තිදරු පියාගේ ඝාතනය ගැන තොරතුරු රැසක්

(10.02.2024 – 20:30 +0530 – sinhala.adaderana.lk)

මුල්ලේරියාව, වෑකන්ද ප්‍රදේශයේදී 38 හැවිරිදි තිදරු පියෙකුව ගෙල කපා අද (10) අලුයම ඝාතනය කර තිබේ.

කුමන හේතුවක් මත එම ඝාතනය සිදුකර ඇත් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.

කෙසේවෙතත් අදාළ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පියාව මුල්ලේරියාව පොලීසිය අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය.

සිය පුත්‍රයා එළඹෙන 14 වනදාට යෙදෙන පෙම්වතුන්ගේ දිනයේදී ඔහුගේ පළමු (1) බිරිය සමග ගෙට ගෙවදීමට නියමිතව සිටි බැවින් ඇති වූ සිත් තැවුලෙන් මෙම ඝාතනය සිදුකළ බව ඔහුගේ පියා පාපොච්ඡාරණය කර තිබේ.

පුත්‍රයා සමග ඊයේ (09) රාත්‍රියේ මත්පැන් පානය කිරීමෙන් පසුව පුත්‍රයා විසින්ම සැකසූ පිහියකින් ඔහුගේ ගෙළ කැපූ බවද සැකකාර පියා පවසා ඇත.

මියගිය පුද්ගලයා සිය දෙවැනි (2) බිරිය සමග වාසය කර ඇති අතර පසුව ඇය බලංගොඩ පදිංචි බස් කොන්දොස්තරවරයෙක් සමග සබඳතාවක් ගොඩනගා සිය 10 හැවිරිදි දියණියද අතහැර ඔහු සමග විදේශගතවී තිබුණි.

පසුව අදාළ පුද්ගලයා ඇයව නැවත ගෙන්වා ගැනීමට විවිධ යාගකර්ම සිදුකළ ද ඉන් ඵලක් සිදුවී නොමැත.

ඒ අතරතුරදී, ඔහු අතහැර දමා සිටි පළමු (1) කසාද බිරියව ඔහුගේ පියා විසින් ඔහුගේ නිවසට රැගෙන ගොස් රැක බලාගෙන තිබේ.

කෙසේවෙතත් සිය දෙවැනි (2) බිරිය ගෙන්වා ගැනීමට නොහැකි වූ තැන මියගිය පුද්ගලයා විසින් නැවත වතාවක් සිය පළමු (1) බිරිය සමග එක්වී එළැඹෙන මාර්තු මස පළමුවැනිදා (01) සිට ජීවත්වීමට කටයුතු කර තිබූ බව පොලීසිය පැවසීය.

ඒ හේතුවෙන් ඔහු ජීවත් වූ මුල්ලේරියාව, වෑකන්ද ප්‍රදේශයේ පිහිටි නිවස ද මෑතකදී අලුත්වැඩියා කර තිබේ.

අනතුරුව ඊයේ (09) රාත්‍රියේ අදාළ නිවසේ තවත් කිහිපදෙනෙකු සමග මියගිය පුද්ගලයා මත්පැන් සාදයක් ද පවත්වා ඇති බව පොලීසිය පැවසීය.

ඉන් අනතුරුව අදාළ පුද්ගලයාගේ ගෙල කපා එම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.

+


ඉන්දියාවේ අමුල් සමාගමේ නියෝජිතයන් මෙරට ගොවිපොළ පරීක්ෂාව අරඹයි – ඉන්දියාවේ කිරි ගෙනල්ලා විකුණන්න නෙමෙයි හදන්නෙ (10.02.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *