බෙලිඅත්තේ සමූහ ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

බෙලිඅත්තේ සමූහ ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට


බෙලිඅත්තේ සමූහ ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(30.01.2024 – 06:52 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජනවාරි 22 වැනිදා බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ගය පිවිසුම ආසන්නයේදී පුද්ගලයින් 05 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාලව එම ඝාතන සඳහා ආධාර අනුබල දුන් සැකකාරියන් දෙදෙනෙකු (2) ඊයේ (29) උදෑසන හක්මණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල – රත්ගම ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 23 ක් සහ 33 ක් වන බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වෙඩිතැබීම සඳහා යොදාගත් ගිනි අවි දෙක එම ඝාතන සිදුකිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් එක් සැකකාරියකට අයත් යතුරු පැදියකින් කරාපිටිය ප්‍රදේශයේ සිට බූස්ස ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති බවට පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+


රොෂාන් රණසිංහගෙන් දූෂණයට එරෙහිව ප්‍රබල සන්ධානයක් (31.01.2024)

+


28-01-2024
  • Bank : NSB – Athurugiriya
  • A/C No. : 107030190144
  • A/C Name : M A A P Perera

CIDය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(31.01.2024 – 18:35 +0530 – hirunews.lk/sinhala)

සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනෙකු (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම පිරිස විරෝධතාවයේ නිරත වී ඇති බවයි වාර්තා වන්නේ ෴

+++++++++

+

++++++++++

CIDයට නොගියාට කෙහෙළිය හේතු කියයි

(31.01.2024 – 18:21 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හට අද (31) උදෑසන 09:00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහු අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අමාත්‍යවරයාට අද (31) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබූ රාජකාරී කටයුත්තක් හේතුවෙන් පැමිණීමට නොහැකි වූ බවයි.

ඒ වෙනුවට ඔහු CIDයෙන් වෙනත් දිනයක් ඉල්ලා ඇති බවයි එම නිවේදනයේ සඳහන් ෴


පියත් නිකේෂලට ඇප

(31.01.2024 – 17:54 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ‘පියත් නිකේෂල’ ඇප මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

ඒ ඔහු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද (31) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ‘පියත් නිකේෂල’ පසුගිය 29 වැනිදා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ‘ශාන් ගනේගොඩ’ නැමැත්තා පටිගත කළ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ පැවැත්වූ දුරකතන සංවාදයක් පියත් නිකේෂල ඔහුගේ Youtube සමාජ මාධ්‍යයෙහි පලකර තිබීම හේතුවෙන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ අදාළ වීඩියෝවේ ඇති මාතෘකාව නොමඟ යවන සුළු එකක් බවයි ෴


තවත් පාසල් සිසුවෙක් සිය දිවි නසා ගනී

(31.01.2024 – 17:07 +0530 – hirunews.lk/sinhala)

හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් ලෙදන්ටි වතුයායේ මාල්බ්‍රෝ කොටසේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවස තුල ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙසේ සියදිවි හානි කරගෙන ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් පැන්මුර් දමිල මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ආර්.කොබි හර්ෂන් නැමති පාසල් සිසුවෙක්.

මියගිය සිසුවාගේ මව, සොහොයුරා සහ සොහොයුරිය සමග ඊයේ (30) දින පස්වරුවේ එම වතුයායේ කොවිලේ පැවති උත්සවයකට සහභාගි විමට ගොස් එදින රාත්‍රි 9 ට පමණ නැවති නිවසට පැමිණෙන විට පාසල් සිසුවා නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේ පිහිටි කාමරයක එල්ලි සියදිවි හානිකරගෙන ඇති බවයි මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, සියදිවි හානි කර ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ ෴


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

(31.01.2024 – 16:37 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට අද (31) පස්වරුවේ පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ආරම්භ කළ මෙම විරෝධතා පා ගමන ගලහා මංසන්ධියට පැමිණි අවස්ථාවේදී මෙම කඳුලු ගෑස් ප්‍රහාරය එල්ල කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

වැට් බද්ද පහත හෙළීම සහ ශිෂ්‍ය මර්දනය නවතන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුණා.

+


ගුරු සංගම්වලින් රතු එළියක්

(31.01.2024 – 16:29 +0530 – hirunews.lk/sinhala)

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව ඉතිරි තුනෙන් දෙකක වැටුප් සංශෝධන ලබා ගැනීම සඳහා එළැඹෙන 05 වැනිදා පාසල් ආරම්භ කිරීමෙන් පසුව දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් වැඩිදුරටත් පැවසුවේ, උසස් පෙළ විභාගයේ පිට වූ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු නොකිරීම ද ගැටලු සහගත බවයි.

2023 වසරට අදාළ උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස පසුගිය 12 වැනිදා අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේ, එම ප්‍රශ්න පත්‍රය විභාගයට ප්‍රථමයෙන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට තහවුරු වීම හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වාගෙන යන, අම්පාර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ගුරුවරයෙකු මෙන්ම මොරටුව මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේ කාර්යාල කාර්ය සහායකයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වුණා.

කෘෂි විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ බහුවරණ ප්‍රශ්න සහිත ඡායාරූපයක් ද අම්පාරේදී අත්අඩංගුවට ගැනුණු ගුරුවරයාගේ ජංගම දුරකථනයේ තිබී සොයා ගැනීමත් සමග බහුවරණ ප්‍රශ්න පත්‍රය ද අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පසුගිය 16 වැනිදා පියවර ගත්තා.

ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ, අවලංගු කෙරුණු කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමු සහ දෙවැනි කොටස්වලට අදාළ විභාග හෙට (01) දිනයේ පැවැත්වීමටයි.

කෙසේවෙතත්, මෙලෙස කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු නොකිරීම ගැටලුසහගත බව ලංකා ගුරු සංගමය පවසනවා ෴


භාෂා ප්‍රවීණතා විභාගය සමතුන් 10,000 කට ජපානයේ රැකියා අවස්ථා

(31.01.2024 – 16:10 +0530 – hirunews.lk/sinhala)

‘අලුත් ගමක් – අලුත් රටක් – ව්‍යවසායක රාජ්‍යයක්’ යන සංකල්පය යටතේ දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12 ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසනවා.

ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමත්වූවන් 10,000 ක් විදේශගත කිරීම සිදු කරන බව ද තවත් විදේශ රැකියා ලක්ෂයක් මෙම වසරේ ලබාදීමට සැලසුම් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මෙසේ පවසා සිටියා :

“මෙම වසරේ (2024) අපට තිබෙන ප්‍රධානම කාර්යය වන්නේ, ‘අස්වැසුම’ නම් වූ සමාජ ආරක්ෂණ ක්‍රමවේදය ලක්ෂ විස්සක් (20) වන ප්‍රතිලාභීන්ට ලබාදීමයි. ‘අලුත් ගමක් – අලුත් රටක් – ව්‍යවසායක රාජ්‍යයක්’ යන සංකල්පය යටතේ දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12 ක් සවිබල ගැන්වීමට ද අපේක්ෂා කරනවා. එයින් ලක්ෂ 03 ක් සවිබල ගැන්වීම මෙම වසර තුළ සිදු කරනවා.

මෙහිදී ප්‍රතිලාභීන් වෙත මුදල් ලබා දීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ඔවුන් සවිබල ගැන්වීම අපගේ මුඛ්‍ය පරමාර්ථය වනවා. ඒ සඳහා මෙතෙක් පැවති ක්‍රමවේදය වෙනස් කිරීමට ද අප තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශ රැකියා ලබාදීම ද අප සිදු කරනවා. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමතුන් 10,000 ක් විදේශගත කිරීම සිදු කරනවා. ඊට අමතරව විදේශ රැකියා ලක්ෂයක් ලබාදීමට ද ඉලක්ක කරගෙන සිටිනවා.

ඒ වගේම ප්‍රතිලාභීන්ට වෘත්තීය පුහුණු සඳහා ප්‍රතිපාදන ලබාදීමට අප සූදානමින් සිටිනවා.

තවද කෘෂිකර්මය සඳහා අවශ්‍ය අපනයන බෝග වගා කිරීම සඳහා යොමු කරවීම ද සිදු කරනවා. විදේශ වෙළඳ පොල ඉලක්ක කරගනිමින් ප්‍රධාන වශයෙන් තේ, කුරුඳු සහ ගම්මිරිස් වැනි භෝග කෙරෙහි එහිදී අවධානය යොමු කරනවා.

ව්‍යවසායක අරමුදලක් ආරම්භ කිරීමට ද අප විසින් යෝජනා කර තිබෙනවා. එමෙන්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ද සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා සමෘද්ධි නිලධාරීන් සහ කළමණාකරුවන් 25,000 කට අධික පිරිසකට උසස්වීම් ලබා දීමට කටයුතු කරනවා. ඒ අතරින් 2000 කගේ පමණ උසස් වීම් ලබාදීම ලබන අප්‍රේල් මාසය වන විට සිදු කරනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් වනවා වෙනුවට, ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය කරන ආයතනයක් බවට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අරමුණයි.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *