සජබය ජනපති සටන අරඹයි

සජබය ජනපති සටන අරඹයි


සජබය ජනපති සටන අරඹයි

(30.01.2024 – 08:35 +0530 – sinhala.adaderana.lk)

‘වෙනසක් හදන වසරක්’ තේමාව යටතේ විපක්ෂයේ ජනාධිපතිවරණ සටන කොළඹින් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (30) දිනයේ විශාල ජනරැළියක් කොළඹදී පවත්වන බව සමගි ජනබලවේගය සඳහන් කළේය.

දිවයිනම ආවරණය වන පරිදි සමගි ජන බලවේගයේ ආධාරකරුවන්ට මෙම රැළියට සහභාගී වන ලෙස ඔවුන් දැනුම් දී තිබේ.

එමෙන්ම පක්ෂයේ සියලු නායකයින් මෙම රැළියට සහභාගී වන බව සමගි ජනබලවේගය සඳහන් කළේය ෴

+++++++

සජබ රැළියට අධිකරණ නියෝගයක්

(30.01.2024 – 11:21 +0530 – sinhala.adaderana.lk)

අද (30) දින කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ සමගි ජන බලවේගයේ ජන රැළියට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජිබර් රහුමාන්, මැද කොළඹ සංවිධායක අප්සරා අමරසිංහ, සමගි ජන බලවේග ක්‍රියාකාරී සමාජිකයින් සහ ක්‍රියාකාරී කාන්තා සංවිධාන ඇතුළු රැළියට සහභාගී වන සියලු සාමාජිකයින් වෙත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය නික්තු කර ඇත.

ඒ අනුව ඉහත වගඋත්තරකරුවන්ට හා ඔවුන්ගේ අනුගාමිකයින්ට මාලිගාවත්ත පොලිස් වසමේ මුස්ලිම් කනත්ත අසල සිට ප්‍රදිපා මාවත, ජයන්ත වීරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත හා ජුම්මා හන්දිය හරහා සංඝරාජ වටරවුම ඔස්සේ සංඝරාජ මාවත භාවිත කරන පුද්ගලයින්ට අවහිර වන ලෙස ගමන් කිරීම තහනම් වේ ෴

+++++++

සජබ විරෝධතාකරුවන්ට තවත් වාරණයක්

(30.01.2024 – 12:15 +0530 – sinhala.adaderana.lk)

සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට සහභාගී වන පිරිසට මුදල් අමාත්‍යාංශයට සහ ජනාධිපති ලේකම් කර්යලයට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියොගයක් නිකුත් කර තිබේ.

සමගි ජන බලවේගය අද (30) දින කොළඹදී විරෝධතා පා ගමනක් සහ රැළියක් පැවැත්වීමට සූදානම් ව සිටියි ෴

++++++++

+

+

+

+

+


නිදහස් සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අතරතුර පැරෂුට් භටයින් 4 දෙනෙකු අනතුරට ලක්වෙයි

(30.01.2024 – 11:44 +0530 – hirunews.lk/sinhala)

76 වන නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අතරතුර පැරෂුට් භටයින් 4 දෙනෙකු තුවාල ලබා මීට සුළු මොහොතකට රෝහල් ගත කර තිබෙනවා.

ඉන් දෙදෙනෙකු (2) කොළඹ ජාතික රෝහලටත් අනෙක් දෙදෙනා (2) යුධ හමුදා රෝහලටත් ඇතුළත්කළ බව‍යි පොලිසිය සඳහන්කර සිටියේ.

කෙසේ වෙතත් මෙම අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

+

+

+

+


කැලණි සරසවි සිසුන් පරිපාලන ගොඩනැගිල්ල වටකරයි

(30.01.2024 – 07:44 +0530 – sinhala.adaderana.lk)

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350 ක පමණ පිරිසක් මේ වනවිට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධයක නිරත වන බව වාර්තා වේ.

ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සිසුන් ඊයේ (29) රාත්‍රියේ ද විශ්වවිද්‍යාලය අසල විරෝධතාවයක නිරතවූ අතර, විරෝධතාවය විසුරුවාහැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් නුවර දෙසට ගමන්කරන මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර වුණි ෴

+++++++++

+++++++++

+

+

+

+


ජාතික රෝහලේ සේවකයෝ පාරට බැහැලා අමාත්‍යංශය දෙසට පා ගමනින් (30.01.2024)

+++++++

+


සනත් නිශාන්ත හැප්පුන කන්ටේනර් රථයේ රියදුරත් අත්අඩංගුවට; ඇයි ඒ උවමනාව මේ ප්‍රශ්නවලට නැත්තේ? (30.01.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *