සෙල්ලකතරගම වෑන් රථ අනතුරේ තවත් අයෙකු (1) මියයයි

සෙල්ලකතරගම වෑන් රථ අනතුරේ තවත් අයෙකු (1) මියයයි


සෙල්ලකතරගම වෑන් රථ අනතුරේ තවත් අයෙකු (1) මියයයි

(29.01.2024 – 12:48 +0530 – hirunews.lk/sinhala)

කතරගම සෙල්ලකතරගම ප්‍රධාන මාර්ගයේ පස්සරයාය මංසන්ධියේදී වෑන් රථයක් ගස් දෙකක (2), යතුරුපැදියක සහ බූම් ට්‍රක් රථයක ගැටී සිදුවූ අනතුරෙන් තවත් පුද්ගලයෙකු (1) මියගොස් තිබෙනවා.

ඒ අනුව එම අනතුරින් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (28) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් 25 හැවිරිදි තරුණයෙකු කතරගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය අතර, තවත් පස්දෙනෙකු (5) හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණා. එම පිරිස අතර බරපතල තත්වයේ පසුවූ තවත් අයෙකු (1) මෙලෙස මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

ඔහු කතරගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.

මොවුන් අනතුර සිදුවන අවස්ථාවේ බීමත්ව සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. වෑන් රථයකින් මොවුන් දියනෑම සඳහා ගොස් බීමත්ව යළි සෙල්ලකතරගම දෙස සිට කතරගම දෙසට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් ෴

++++++++

සෙල්ලකතරගම රිය අනතුරේ තවත් තොරතුරු හෙළිවෙයි – වෑන් රථය සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් බවටත් තොරතුරු

(29.01.2024 – 19:26 +0530 – hirunews.lk/sinhala)

කතරගම – සෙල්ලකතරගම ප්‍රධාන මාර්ගයේ පස්සරයාය මංසන්ධියේදී පුද්ගලයින් දෙදෙනෙකුට (2) මරු කැදවූ වෑන් රථය, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මංජු’ නැමැත්තාට අයත් බවට සැක මතු වී තිබෙනවා.

එය බොරැල්ලේ කාන්තාවකගේ නමට ලියාපදිංචි වී ඇති නමුත් එම කාන්තාව සහ ‘මංජු’ නැමැත්තා අතර සබඳතාවක් පවතින්නේද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ ලද තොරතුරකට අනුවයි.

ඊයේ (28) රාත්‍රියේ සෙල්ලකතරගම සිට කතරගම දෙසට පැමිණෙමින් සිටියදී ‘කේ.ඩී.එච්’ වර්ගයට අයත් මෙම වෑන් රථය යතුරුපැදියක, ලොරි රථයක, මාර්ගයෙන් ඉවත තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

එහිදී වෑන් රථයේ ගමන් කළ 25 හැවිරිදි සහ 26 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු (2) මිය ගිය අතර තුවාල ලැබූ හතර දෙනෙකු (4) තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ හම්බන්තොට මහ රෝහලේයි.

ඉන් එක් (1) අයෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.

අපරික්ෂාකාරී රිය ධාවනය සහ අධික වේගය අනතුරට හේතු වී අති අතර ඒ වන විට මෙහි ගමන් ගත් පුද්ගලයින් බීමත්ව සිටියේද යන්න තහවුරු කර ගැනීම සදහා පොලිසිය වෛද්‍ය වාර්තා කැදවා තිබෙනවා.

+


එළවලු මිල යලි ඉහළට

(29.01.2024 – 12:33 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ මැනිං වෙළඳපොලේද පසුගිය දිනවලට සාපේක්ෂව එළවලු මිල ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳුන් පවසන්නේ වෙළඳපොලට පැමිණෙන එළවළු තොග ලැබීම අඩුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, පසුගිය දිනවල රුපියල් 600 දක්වා පහත වැටී තිබූ කැරට් කිලෝවක් යළි රුපියල් 1,600 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් පසුගිය කාලය තුළ කැරට් කිලෝවක් රුපියල් 2,000 ද ඉක්මවා ගියා.

අනතුරුව කැරට් මිල පහත වැටුණු අතර, මේ වනවිට යළි එහි මිල ඉහළ ගොස් ඇත්තේ කැරට් වගාවේ නිරතවූ ගොවින් සිය වගාබිම් වී වගාව සඳහා යොදාගැනීම හේතුවෙන්.

එමෙන්ම පැවති වර්ෂාව හේතුවෙන් වගා හානි වීම ද අස්වැන්න අඩුවීමට හේතුවක් බවයි කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳුන් පවසන්නේ ෴


රජය විසින් පාසල් සිසුන්ට ලබා දුන් පාවහන් තිළිණ පත්වල වලංගු කාලය දීර්ඝ කරයි

(29.01.2024 – 11:41 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් පාසල් සිසුන්ට ලබාදෙන පාවහන් තිළිණ පත්වල වලංගු කාලය දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ පෙබරවාරි 01 අවසන්වීමට නියමිතව තිබූ පාවහන් තිළිණ පත්වල වලංගු කාලය පෙබරවාරි 17 දක්වා දීර්ඝ කර තිබෙනවා ෴


වෙඩික්කරුගේ ඉලක්කය වැරදී ඔහුගේම පියා මියයයි

(29.01.2024 – 11:01 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල දැඩිගම ජයලත් කන්දේ දඩයමේ ගිය පිය පුතු දෙපළක් අතරින් දඩයමක් දුටු පුතා එල්ල කළ වෙඩි පහරකින් පියාට වැදී 47 හැවිරිදි පියා මියගොස් අතැයි පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි දරුවා දැදිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


වනජීවී නිලධාරීන්ට පහරදුන් පියෙකු සහ පුතෙකු අත්අඩංගුවට

(29.01.2024 – 10:23 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර, ගල්කටියාව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය වනජීවී නිලධාරීන් පිරිසකට තියුණු ආයුධයකින් පහරදුන් පියෙකු සහ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

55 හැවිරිදි පියා සහ 24 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත්තේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීමේ චෝදනා යටතේයි.

ඔවුන් පදිංචි නිවසේ මුව මස් ඇති බවට ලද තොරතුරකට අනුව මොරගොඩ වනජීවී කාර්යාල නිලධාරීන් අදාළ නිවස පරීක්ෂා කර තිබෙනවා.

එහිදී රාජකාරියට බාධා කළ සැකකරුවන් දෙදෙනා වනජීවී නිලධාරීන්ට පහරදී ඇති බව සඳහන්.

එහිදී වනජීවී නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් දුරකථනයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව සිදුකළ සෝදිසියේ දී සැකකරුවන්ගේ නිවසේ කාමරයක ඇඳක් යට සඟවා තිබූ මුව මස් තොගයක් ද සොයාගෙන තිබෙනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ එක් වනජීවී නිලධාරියෙකු යකල්ල – හුරුලුවැව රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වෙනවා.

+


සංචාරක සේවා ජීප් රථ ගාස්තුව ඉහළට

(29.01.2024 – 20:10 +0530 – hirunews.lk/sinhala)

යාල සහ බූන්දල වන උද්‍යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තුව රුපියල් 2,000 කින් ඉහළ දැමූ බව යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ සභාපති අජිත් ප්‍රියන්ත අද (29) පැවසුවා.

ඒ අනුව, එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙබරවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කළේ.

සෆරි ජීප් රථ සඳහා යොදාගන්නා ටොයෝටා හයිලැක්ස් සහ මිට්ෂුබිෂි රථයක පැය 4 ක සංචාරයක ගාස්තුව රුපියල් 13,000 සිට රුපියල් 15,000 ක් දක්වා ද, දිනක සංචාරක ගාස්තුව රුපියල් 28,000 සිට 30,000 දක්වා ද, ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම මහේන්ද්‍රා මැක්සි සහ ටාටා රථයක පැය 04 ක සංචාරයක ගාස්තුව රුපියල් 11,000 සිට රුපියල් 13,000 ක් දක්වා ද, දිනක සංචාරයක ගාස්තුව රුපියල් 26,000 සිට 28,000 දක්වා ද, ඉහළ දැමූ බවයි ඔහු සඳහන් කළේ ෴


ශත 18 ක් නොගෙව්වාට විදුලිය විසන්ධි කළ ගාල්ලේ නිවසට යළි විදුලිය

(29.01.2024 – 19:34 +0530 – hirunews.lk/sinhala)

ශත දහඅටක (18) හිඟ මුදලක් නොගෙවීම හේතුවෙන් ගාල්ල කන්දවත්තේ ප්‍රදේශයක නිවසක විදුලිය විසන්ධි කිරීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

නිවසේ හිමිකරු සදහන් කළේ රුපියල් 1,232 ශත 18 ක මුදලක් විදුලි බිලට ගෙවීමට තිබූ බැවින් එය පසුගිය දිනක තමන් ලංකා විදුලි පෞද්ගලික සමාගම වෙත ගෙවූ බවයි.

ශත 18 ක මුදල ගෙවීමට ඉතිරි වී ඇති අතර ඒ පිළිබඳව ඔහු සමාගමෙන් විමසා තිබෙනවා.

එහිදී අදාළ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ සත 18 ට විදුලිය විසන්ධි නොකරන බවයි.

කෙසේ වෙතත් මීට දින 4 කට පමණ පෙර තමන් නිවසේ නොසිටි අවස්ථාවේ විදුලිය විසන්ධි කර ඇති බවට ඔහු චෝදනා කළා.

මේ සම්බන්ධයෙන් අප ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ගාල්ල ශාඛාවෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ කිසියම් අතපසුවීමක් සිදුවී ඇති බැවින් ගාස්තුවක් අයනොකර යළි විදුලිය සැපයීම ලබා දීමට පියවර ගත් බවයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය නව තාක්ෂණයට අනුගතවෙමින් විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි බිල්පත් ගෙවීමට නව ක්‍රමවේදයන් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව අන්තර්ජාල බැංකු සේවා මගින්, විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය ඔස්සේ සහ විදුලිබල මණ්ඩලය විසින් හදුන්වාදී ඇති ජංගම දුරකථන යෙදවුම මගින් විදුලිබිල ගෙවිය හැකි බවයි එම මණ්ඩලය කියා සිටියේ ෴


වනජීවී නිලධාරීන්ට පහරදුන් පියෙකු සහ පුතෙකු පොලිස් අත්අඩංගුවට

(29.01.2024 – 21:45 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ගල්කටියාව ප්‍රදේශයේ නිවසක මුවමස් ඇති බවට ලද තොරතුරක් මත එහි පරීක්ෂාවකට ගිය වනජීවි නිලධාරීන් පිරිසකට නිවැසියන් පහරදී තිබෙනවා.

අනුරාධපුර මොරගොඩ වනජීවි නිලධාරීන් පිරිසක් මොරගොඩ ගල්කටියාව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ගොස් තිබුණේ එහි මුව මස් ඇති බවට ලද තොරතුරකට අනුවයි.

එම අවස්ථාවේ 55 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 24 හැවිරිදි පුත්‍රයා නිවසේ සිට තිබෙනවා.

නිවස පරීක්ෂා කිරීමේදී පිය – පුතු දෙපළ ගෙන් වනජීවි නිලධාරීන්ට බාධා එල්ල වූ අතර නිලධාරීන්ට මොට ආයුධයකින් පහරදීමක් ද කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වනජීවි නිලධාරීන් මොරගොඩ පොලිසියට දුරකතනයෙන් දැනුම් දී ඇත්තේ සිය රාජකාරියට බාධා කරමින් නිවැසියන් පහරදුන් බවටයි.

පිය පුතු දෙපළගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ එක් (1) වනජීවි නිලධාරියෙකු යකල්ල හුරුළුවැව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව පොලිස් නිලධාරීන් පැමිණ නිවස පරීක්ෂා කිරීමේදී කාමරයක ඇඳක් යට සඟවා තිබූ මුව මස් තොගයක් සොයාගෙන තිබෙනවා.

මුවමස් සන්තකයේ තබා ගැනීම, සාපරාධී බලහත්කාරය පා නිලධාරීන්ට බාධා කිරීම, යකඩ ආයුධයකින් පහරදීම යන චෝදනා මත එම පියා සහ පුත්‍රයා මොරගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

+


රුපියල් කෝටි 100 ක් බැංකු ගිණුමකට ඇවිල්ලා අරුම පුදුම මගඩිය – අද CID එකට

+


ආන්දෝලනාත්මක කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වෙන දිනය නිවේදනය කෙරේ

(29.01.2024 – 22:12 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා පැවති 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් අවලංගු කරන ලද කෘෂි විද්‍යාව විෂය ප්‍රශ්න පත්‍රය විශේෂ විභාගයක් ලෙස නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එම විෂයෙහි නැවත විභාගය පැවැත්වෙන දිනයන් ලෙස පෙබරවාරි මස 01 වැනිදා උදෑසන 08:30 සිට 11:40 දක්වා කෘෂි විද්‍යාව දෙවන (2) ප්‍රශ්න පත්‍රයත්, එදිනම පස්වරු 01:00 සිට පස්වරු 03:00 දක්වා එම විෂයෙහිම පළමු (1) කොටසත් පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව එම විභාගය සඳහා පෙනී සිටින සියළු අපේක්ෂකයින් සඳහා විභාග ප්‍රවේශ පත්‍රයක් මේ වන විට නිකුත්කර තිබෙන බවත්, පාසල් විභාග අපේක්ෂකයින්ට එය විදුහල්පතිවරුන් හරහා ලබාගත හැකි බවත්, පෞද්ගලික අපේක්ෂයින් සඳහා ප්‍රවේශ පත්‍ර මේ වනවිට තැපෑලට යොමුකර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම එම විභාග ප්‍රවේශපත්‍ර නොලැබුණු අපේක්ෂකයෙක් වේනම් https://www.doenets.lk/ නිල වෙඩ් අඩවියට පිවිසීමෙන් බාගත කර ගැනීමේ හැකියාවද පවතිනවා ෴


+


+


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *