බෙලිඅත්තේ වෙඩි තැබූ ගිනි අවි සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට

බෙලිඅත්තේ වෙඩි තැබූ ගිනි අවි සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට


බෙලිඅත්තේ වෙඩි තැබූ ගිනි අවි සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට

(27.01.2024 – 20:51 +0530 – hirunews.lk/sinhala)

බෙලිඅත්ත ප්‍රදේශයේ බහු ඝාතන සඳහා යොදාගත් ගිනි අවි සන්තකයේ තබා ගත් බවට සැලකෙන සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

30 හැවිරිදි සැකකරු ගාල්ල, රත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔහු සන්තකයේ තිබී වෙඩි තැබීමට යොදාගත් T-56 ගිනි අවිය සොයාගැනීමට සමත් වී නැහැ.

+


කරන්දෙණියේ දූෂණයට ලක්වූ 70 හැවිරිදි කතක් මියයයි

(27.01.2024 – 20:29 +0530 – hirunews.lk/sinhala)

කරන්දෙණිය – තල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ 70 හැවිරිදි කාන්තාවක් සිහිසුන් තත්ත්වයෙන් රෝහල්ගත කළ පසු මියගොස් ඇති අතර ඇය දූෂණයට ලක්ව ඇති බවට වෛද්‍යවරුන් සැක කරනවා.

රෝහලේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව පෙරේදා (25) මියගියා.

පසුව දේහය පරීක්ෂා කළ වෛද්‍යවරුන් සිරුරේ සීරීම් සහ තුවාල නිරීක්ෂණය කර තිබුණා.

ඒ පිළිබඳ මතු වූ සැකය මත දේහය තවදුරටත් පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ, මෙම කාන්තාව දූෂණයට ලක්ව ඇති බවයි.

එම දැනුම් දීම අනුව, කරන්දෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජනක රුවන්පුර විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය ද පවත්වනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කරන්දෙණිය පොලිසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු නිතර මෙම නිවසට ආ ගිය අයෙකු බවයි.

පසුගිය 21 වැනිදා මෙම කාන්තාව නිවසේ සිහිසුන්ව වැටී සිටින අයුරු දුටු ප්‍රදේශවාසීන් ඇයව ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය එළැඹෙන 29 වැනිදා ඇල්පිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

+


දක්ෂිණ අධිවේගයේ අනතුරක්

(27.01.2024 – 21:30 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 118 ගොඩගම අන්තර් හුවමාරුව සහ සහ කොක්මාදුව අන්තර් හුවමාරුව අතර ලොරියක් පෙරළීම හේතුවෙන් වාහන ගමනාගමනය අවහිර වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසනවා.

ඒ හේතුවෙන් මත්තල සිට කොළඹ දෙසට පැමිණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුවෙන් පිටවී නැවත කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස කොළඹ දෙසට ගමන් කළ හැකි බව රථ වාහන පොලිසිය දැනුම් දෙයි.

+


+


+


+


Live ‍| Turning Point පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ සමග – 22-01-2024 | Siyatha TV

+


‘කිඹුලා ඇලේ ගුණා’ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ‘අක්කා’ අත්අඩංගුවට

(28.01.2024 – 17:35 +0530 – hirunews.lk/sinhala)

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කිඹුලා ඇලේ ගුණා’ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ‘අක්කා’ නමින් හදුන්වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය අනුරාධපුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහරින ජාවාරම මෙහෙයවන තැනැත්තිය බවටයි අනාවරණ වී ඇත්තේ.

අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරකට අනුව ඇගේ සැමියා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


දුම්රිය භාණ්ඩ ප්‍රවාහන සේවා ගාස්තු ඉහළට

(28.01.2024 – 17:25 +0530 – hirunews.lk/sinhala)

දුම්රියවලින් ප්‍රවාහන කරනු ලබන පාර්සල් හා භාණ්ඩ සඳහා අයකරනු ලබන ගාස්තුව පෙබරවාරි 01 වන දින සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා.

අංක 2367/12 හා 2024.01.18 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පාර්සල් හා බඩු ප්‍රවාහන ගාස්තු ද ඒවාට අදාළ අනෙකුත් රෙගුලාසි සඳහා වන ගාස්තු ද සංශෝධනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පාර්සල් ප්‍රවාහන කිරීමේ දී එම පාර්සලයේ බර අනුව යවන දුම්රිය ස්ථාන වෙත දුර පදනම් කර ගනිමින් ගාස්තු අය කිරීමටත්, එම ගාස්තුව අනුව වැට් බදු අය කිරීමත් පමණක් සිදු කර පාර්සලයේ ප්‍රවාහන ගාස්තුව අය කළා.

නමුත් මෙම නව අති විශේෂ ගැසට් නිවේදනය අනුව පාර්සල් ප්‍රවාහන කරන විට දී ප්‍රවාහන ගාස්තුවට අමතරව පාර්සලේ වටිනාකම මත ද තවත් ගාස්තුවක් අය කිරීමට නියමිතයි.

ලොතරැයි ටිකට්, බෙහෙත් ද්‍රව්‍ය , ටයර්, වීදුරු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා පාර්සලයේ වටිනාකම – 0 සිට 1000.00 දක්වා වටිනාකම් ප්‍රතිශතයක් නොමැත.

එමෙන්ම පාර්සලයේ වටිනාකම 1000.00 සිට 5000.00 දක්වා වටිනාකම් ප්‍රතිශතය 1.5% ක් වන අතර 5000.00 සිට 10,000.00 දක්වා වටිනාකම් ප්‍රතිශතය 2.25% ක් වන බවද සඳහන්.

පාර්සලයේ වටිනාකම – 10,000.00 සිට 20,000.00 දක්වා වටිනාකම් ප්‍රතිශතය 3% ක් ද පාර්සලයේ වටිනාකම 20,000.00 ට වැඩි වටිනාකමේ ප්‍රතිශතය 4.5% ක් ද වෙනවා.

ලොතරැයි ටිකට්, බෙහෙත් ද්‍රව්‍ය, ටයර්, වීදුරු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණවලට අයත් නොවන වටිනාකම රුපියල් 10000.00 ට වැඩි අනෙකුත් සියලුම පාර්සල් සඳහා වටිනාකමෙන් 0.5% ක ප්‍රතිශතයක් අය කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *