ලබන අඟහරුවාදා (23) සිට සෞඛ්‍ය සේවයේ වර්ජන රැල්ලක්

ලබන අඟහරුවාදා (23) සිට සෞඛ්‍ය සේවයේ වර්ජන රැල්ලක්


ලබන අඟහරුවාදා (23) සිට සෞඛ්‍ය සේවයේ වර්ජන රැල්ලක්

(21.01.2024 – 07:03 +0530 – hirunews.lk/sinhala)

ලබන අඟහරුවාදා (23) සිට රට පුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමටත්, පෙබරවාරි 01 දා සිට දිවයින පුරා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමටත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 දීමනාව තමන්ටද ලබාදී ආර්ථික යුක්තිය ඉටුකරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කර සිටියේ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 72 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සමුළුවකදී මේ බව ඒකමතිකව තීරණය කළ බවයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයටත් මුදල් අමාත්‍යාංශයටත් විරෝධය පළ කරමින් දිවයින පුරා රජයේ රෝහල් තුළදී අඛණ්ඩ වැඩවර්ජනයක් පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කළ බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴


ආර්ථික පීඩනයෙන් වතුකරයේ ළමයින් පාසල් අතහරී

(21.01.2024 – 07:33 +0530 – hirunews.lk/sinhala)

ආර්ථීක ගැටලු හේතුවෙන් වතුකරයේ ළමයින් බොහෝ පිරිසක් පාසල් අධ්‍යාපනය අතහැර ඇති බව ‘ලංකා ගුරු සංගමය’ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් හැටන් නගරයේ ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ මධ්‍යම පළාතේ ළමයින් දෙදහසක් (2000) පමණ පසුගිය වසරේ (2023) මෙලෙස පාසල් අධ්‍යාපනය අතහැර දමා ඇති බවයි ෴


‘රත්නපුරේ විමල බුද්ධි’ වේසිපුත්‍රයා යළිත් රිමාන්ඩ්

(21.01.2024 – 15:30 +0530 – hirunews.lk/sinhala)

= ‘විශ්ව බුද්ධ මුනි’ යළිත් රිමාන්ඩ් =

බෞද්ධයන්ට හා බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ඒවා අන්තර්ජාලයට මුදාහැරි බවට චෝදනා එල්ලවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ‘රත්නපුරේ විමල බුද්ධි’ හෙවත් ‘විශ්ව බුද්ධ’ නැමැත්තා මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකතර තිබෙනවා.

ඒ, ඔහු නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

‘රත්නපුරේ විමල බුද්ධි’ හෙවත් ‘විශ්ව බුද්ධ’ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ කලගෙඩිහේන ඔහුගේ නිවසේදීයි.

මීට පෙරද මෙම චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර පසුව ඇප මත මුදා හැරුණා.

මෙම චිවරධාරියා මීට පෙර අත්අඩංගුවට ගත් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තාකරමින් සඳහන් කළේ බාහිර පාර්ශවයක් මගින් රුපියල් ලක්ෂ 25 ක මුදලක් සැකකරුගේ ගිණුමකට යොමුකර ඇති බවයි.

විටෙක චීවරධාරියෙකු ලෙස මෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසද පෙනී සිට ඇති බවට එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කළා.

එමෙන්ම කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙම පුද්ගලයා පිටුපස සිටින බවට තොරතුරු හෙළිව ඇති බවද අනාවරණ කළ එම දෙපාර්තමේන්තුව මීට පෙර අත්අඩංගුවට ගත් අවස්ථාවේ වැඩිදුරටත් අනාවරණ කළේ මෙම සැකකාර චීවරධාරියා වාහන භාවිත කරමින් කාන්තාවන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවයි.

+++++++

+++++++

++++++++

+


‘යුක්තිය’ට ගිය පොලිසියට බෝතලයකින් ඇනලා

(21.01.2024 – 17:15 +0530 – hirunews.lk/sinhala)

යුක්තිය මෙහෙයුමට සමගාමීව, වැලිකන්ද පොලිසියට ලද තොරතුරක් මත පොළොන්නරුව, වැලිකන්ද, කඩවතමඩුව ප්‍රදේශයේ අද(21) වැටලීමකට ගිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට (2) කාන්තාවක් බෝතලයකින් ඇනීමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු (2) පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය පවසනවා.

එම කාන්තාව බෝතලයක් කඩා බෝතලේ කොටසකින් පොලිස් සැරයන්වරුන් දෙදෙනාගේ (2) වම් හා දකුණු අත ප්‍රදේශයට ඇනීමෙන් සිදුව තිබෙන තුවාල හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක හිරු ප්‍රවෘත්ති අප කළ විමසීමකදී සඳහන් කළා.

අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කඩවතමඩුව, නව මැණික්දෙනිය ගම්මානයේ පදිංචි, ‘උක්කුං අක්කා’ යන නමින් නීති විරෝධී මත්පැන් අලෙවියට ප්‍රසිද්ධ සිටින 45 වියැති එම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි ඔහු සඳහන් කළේ ෴


සෞඛ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන පූර්ණ විශ්ලේෂණයක්

(21.01.2024 – 08:22 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලය තුළ සිදු වූ ප්‍රසම්පාදන ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ විශ්ලේෂණයක් කළ යුතු බව ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ’ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, අදාළ ගනුදෙනුවල දී යම්කිසි ගැටලුවක් හෝ වංචාවක් සිදු ව ඇත්නම් ඊට වර්තමාන සෞඛ්‍ය පරිපාලනය කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවයි.

ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලි සිදු වී පසුගිය කාලයේ දී විශාල ප්‍රමාණයේ මුදල් ප්‍රතිපාදන වෙන් කර ගෙවීම් සිදු කර ඇනවුම් කරන ලද ඖෂධ රට තුළට ලැබෙමින් පවතින බව ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ’ සභාපතිවරයා පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් ප්‍රශ්න සහගත ප්‍රසම්පාදනයෙන් රටට අහිමි වන මුදල් ප්‍රමාණය ඉතුරු කර ගැනීම නැතහොත් නැවත ඒවා අය කරගැනීම පිළිබඳ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට හා වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයාට අත්හළ නොහැකි වගකීමක් ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.

+++++++++

+


+


දෙවුන්දර හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(21.01.2024 – 21:49 +0530 – hirunews.lk/sinhala)

දෙවුන්දර මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 65 කට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනාගෙන් ජනවාරි 26 වැනිදා දක්වා රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දී තිබෙනවා.

රුපියල් මිලියන1626 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 65 කට අධික තොගයක් දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (20) දිනයේදී යි.

දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 100 ක් පමණ දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්
මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ ඊට සහයවූ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් එකොළොස් දෙනෙකු (11) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා ෴


කොළඹදී මාර්ග නීති කැඩුවොත් සිදුවන දේ

(21.01.2024 – 20:57 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය තුළ මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් හඹා යෑම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කරන නව සීසීටීවී නිරීක්ෂණ ක්‍රමවේදය හෙට (22) සිට සක්‍රිය කෙරෙනවා.

ඒ අනුව කොළඹට ඇතුළු වන වාහන CCTV කැමරා 108 කින් නිරීක්ෂණයට ලක් කෙරෙනු ඇති.

දුර බැහැර සිට පැමිණ කොළඹදී යම් රියැදුරෙකු මාර්ග නීති උල්ලංඝණය කර හසුවුවහොත් ඊට අදාළ දඩ පත්‍රිකාව ඔහු පදිංචි ප්‍රදේශයේම පොලිසිය හරහා නිකුත් කිරීමත් මෙම නව ක්‍රමවේදයේ විශේෂත්වයක්.

දිනකට ලක්ෂ 5 කට ආසන්න රථවාහන සංඛ්‍යාවක් කොළඹ නගරයට ඇතුළු වනවා.

බොහෝ දුරට පොලිස් නිලධාරියෙකු මාර්ගයක් අසළ රැඳී සිටින අවස්ථාවලදී විනීතව රිය ධාවනය කිරීමට රියැදුරන් කටයුතු කළත්, පොලිස් නිලධාරීන් නොමැති අවස්ථාවලදී මාර්ග නීති උල්ලංඝණය කරමින් රිය ධාවනය කරන ආකාරය අපට ඕනෑ තරම් දැකගත හැකියි.

කොළඹට ඇතුළු වන වාහන CCTV කැමරා 108 කින් නිරීක්ෂණය කරමින් මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන හෙට (22) සිට ක්‍රියාත්මකයි.

මෙම CCTV නිරීක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවට රියැදුරන්ට කල්තියා දැනුම්වත් වීම සඳහා කොළඹට ඇතුළු වන ස්ථාන 9 ක දැනුම්වත් කිරීමේ පුවරු ද සවිකර තිබෙන්නේ ජාත්‍යන්තරව පිළිගත් නීතියට අනුවයි.

නව CCTV නිරීක්ෂණ ක්‍රමවේදයට අනුව දිනකට මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් 100 කට අධික සංඛ්‍යාවක් කොටුකර ගැනීමට පොලිසියට හැකියි.

දුර බැහැර සිට පැමිණ කොළඹදී යම් රියැදුරෙකු මාර්ග නීති උල්ලංඝණය කර හසුවුවහොත් ඊට අදාළ නීතිමය කටයුතු ඔහු පදිංචි ප්‍රදේශයේම පොලිසිය හරහා සිදුකරගැනීමටත් මෙමගින් අවස්ථාව හිමිවනවා.

මෙම CCTV නිරීක්ෂණ ක්‍රමවේදයට අමතරව ජංගම CCTV කැමරා රථ මගින්ද කොළඹ අවට මාර්ග රැසක රියැදුරන් හෙට (22) සිට දැඩි නිරීක්ෂණයට ලක් කෙරෙනවා.

+


පොලිස් වෙඩි පහරින් මියගිය රොෂාන්තගේ දේහය මිහිදන් කරයි

(21.01.2024 – 20:22 +0530 – hirunews.lk/sinhala)

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මියගිය රොෂාන්ත කුමාරසිරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) පස්වරුවේ සිදුකෙරුණා.

ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටි අතර අවමගුල් නිවස අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණා.

නාරම්මල – දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් උප පරීක්ෂකවරයෙකු අතින් ගිනිඅවිය ක්‍රියාත්මක වී 41 හැවිරිදි ලොරි රථ රියැදුරෙකුට දිවි අහිමි වුණේ පසුගිය 18 වැනිදා රාත්‍රියේයි.

සිද්ධියෙන් අනතුරුව නාරම්මල පොලිස් ස්ථානය ඉදිරිපිටට රැස්වූ ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් එල්ල කළ අතර එහිදී නොසන්සුන් තත්ත්වයක් ද හටගත්තා.

වෙඩි තැබීම සිදුකළ නාරම්මල පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔහුගේ සහ සිද්ධියට සම්බන්ධ අනෙක් පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කෙරුණා.

වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ මහරච්චිමුල්ල – වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි රොෂාන්ත කුමාරසිරිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් අද (21) පැමිණ සිටි අතර අවමගුල් නිවස අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) පස්වරුවේ සිදුකෙරුණා.

+


පොලිසියෙන් දැනුම්දීමක්

(21.01.2024 – 19:59 +0530 – hirunews.lk/sinhala)

පොලිසිය බවට පවසමින් ජනතාවගෙන් වංචනිකව මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබදව පැමිණිලි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

සංවිධානාත්මකව යම් පිරිසක් පොලිසීය බව පවසා නිවෙස්වල ස්ථාවර දුරකථන අංකවලට ඇමතුම් ලබා දී විමර්ශනයකට අදාළව නිවැසියෙකු අත්අඩංගුවට ගැනීමට ඇති බවත් එසේ අත්අඩංගුවට නොගෙන සිටීම සදහා මුදල් ඉල්ලා සිටින බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *