ඔබේ දුව, සොහොයුරිය, බිරිඳ, මව ‘නීත්‍යානුකූල ගණිකාවක්’ කරගැනීම සඳහා ‘ජාතික ජන බලවේග’ (JVP) රජයක් පිහිටුවීමට ජන්දය දෙන්න ?

ඔබේ දුව, සොහොයුරිය, බිරිඳ, මව ‘නීත්‍යානුකූල ගණිකාවක්’ කරගැනීම සඳහා ‘ජාතික ජන බලවේග’ (JVP) රජයක් පිහිටුවීමට ජන්දය දෙන්න ?


ඔබේ දුව, සොහොයුරිය, බිරිඳ, මව ‘නීත්‍යානුකූල ගණිකාවක්’ කරගැනීම සඳහා ‘ජාතික ජන බලවේග’ (JVP) රජයක් පිහිටුවීමට ජන්දය දෙන්න ?

(18.01.2024 – 07:12 +0530 – hirunews.lk/sinhala)

= “ගණිකා වෘත්තිය නීතිගත කරනවා”- ජාතික ජන බලවේගයේ සමන්මලී ගුණසිංහ =

ජාතික ජන බලවේග රජයක් තුළ ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කර තිබෙනවා.

ඇය වැඩිදුරටත් පවසන්නේ ගණිකා වෘත්තිය සඳහා රීති පද්ධතියක් ඇති කළ යුතු බවයි.

කාන්තාවන් සහ දරුවන් මේ වන විට සමාජය තුළ බරපතල ලෙස අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය සතුව ඇති බවයි සමන්මලී ගුණසිංහ සඳහන් කරන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ :

“රටේ පවතින තත්ත්වය එක්ක කාන්තාවන්ට පවුල තුළ ලොකු ආර්ථික පීඩනයක් තියෙනවා. ඒත් එක්ක ගැහැණිය අනාරක්ෂිත වෙලා. ගැහැණියට එළියට, ‘ස්පා’ එකට යන්න වෙලා තියෙනවා. ‘ස්පා’ එක හොඳයි. හැබැයි අපේ ‘ස්පා’ එක බවට පත්වෙලා තියෙන්නේ වෙනමම කාර්යයක්. ගණිකා වෘත්තියට යම් නීති පද්ධතියක් ඕනේ. හැබැයි මේක අපි ‘ප්‍රමෝට්’ කරන්නේ නැහැ. වෙනත් වෘත්තියක් ඇයට දෙනවා නම් ගරුත්වයෙන් වැඩ කරන්න පුළුවන් රැකියාවක් දෙනවා නම් ඇගේ ශ්‍රමය අමානුෂික ලෙස සූරා නොකන රස්සාවක් අපට දෙන්න පුළුවන් නම් ලිංගික ශ්‍රමිකයා කියන වෘත්තිය නැති කරන්න පුළුවන්. ජාතික ජන බලවේගයට ඒ සඳහා වැඩපිළිවෙළක් තිබෙනවා. ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිළිගන්නවා” ෴

(ඇමරිකන් රූකඩ රාජ්‍යයක ‘වරලත් ගණිකාවක’ගේ උඩුබුරලෑම)

තරුණයෙකු සරුංගලයක එල්ලී අහසේ පාවෙලා : කෝවිලත් වැඳලා

(18.01.2024 – 09:29 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ තොණ්ඩමානාරු ප්‍රදේශයේ තරුණයෙකු සරුංගලයක ලණුවේ එල්ලි අඩි 80 ක් පමණ ඉහළ අහසේ පියාසර කර තිබෙනවා.

ඔහු සරුංගලයේ ලණුවේ එල්ලී තොණ්ඩමානාරු කෝවිලට ඉහළින් පියාසර කරමින් කෝවිලට නමස්කාර කොට පසුව ඒ ලණුවේ ආධාරයෙන්ම බිමට බැස ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ යාපනය තොණ්ඩමානාරු ප්‍රදේශයේ තරුණයින් පිරිසක් යාපනයේ වැල්වෙට්ටිතුරේ පැවති සරුංගල් තරගයට ඉදිරිපත් කිරීම සදහා අඩි 40 ක් පමණ උස දැවැන්ත සරුංගලයක් නිර්මාණය කර ඇති බවයි.

යන්ත්‍රානුසාරයෙන් එම සරුංගලය අහසට යැවීමට ඔවුන් පියවර ගෙන තිබුණද කාර්මික දෝෂයක් හේතුවෙන් එම සරුංගලය නියමිත දිනයේදී තරගයට ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබෙනවා.

මේ නිසා එම තරුණයෝ තොණ්ඩමානාරු කෝවිල අසළ පිට්ටනියේදී එම සරුංගලය මහජනයාට දැක ගැනීමට අහසට යැවූ අවස්ථාවේදී එක් තරුණයෙකු සරුංගලයේ ලණුව දිගේ ඉහලට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

යාපනයේදී නිර්මාණය වන දැවැන්ත සරුංගල් යන්ත්‍රාණුසාරයෙන් අහසට යැවෙන අතර ඒවා ක්‍රියාත්මක කිරීමට නූල් ප්‍රමාණවත් නොවන නිසා විශාල කඹ උපයෝගී කරගෙන එම සරුංගල් මෙහෙයවනු ලබනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ යාපනයේ තොණ්ඩමානාරු ප්‍රදේශයේ තරුණයා ද ඉහළ අහසට පාවී ගොස් ඇත්තේ එවැනි කඹයක ආධාරයෙන් බවයි.

+


ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක නම්නීකරණ වැඩසටහන පිළිබඳ විශේෂ දැනුම්දීමක්

(18.01.2024 – 09:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ 2022/2023 නව අධ්‍යයන වර්ෂයට අදාළ නම්නීකරණ වැඩසටහන ජනවාරි 19 වැනිදා සිට ආම්භ කරන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ නවක සිසුන් සඳහා පැවැත්වෙන නවක නම්නීකරණ වැඩසටහනේ පළමු අධියර 2024 ජනවාරි 19 සිට 21 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට නියමිතයි.

එමෙන් ම දෙවෙන අධියර 22 සිට 27 දක්වා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී භෞතිකව පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු http://fhss.sjp.ac.lk/ වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා ෴


‘යුක්තිය’ මෙහෙයුමෙන් අපරාධකරුවන් 943 ක් අත්අඩංගුවට

(18.01.2024 – 08:34 +0530 – hirunews.lk/sinhala)

ගතවු පැය 24 තුළ දිවයින පුරා ‘යුක්තිය’ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 943 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 670 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 273 ක් සමගින් මුළු සැකකරුවන් 943 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 670 දෙනා අතරින් සැකකරුවන් 9 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීති විරෝධී වත්කම් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 25 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවද සඳහන්.

පොලිසිය සඳහන් කර සිටියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 32 ක්ද අත්අඩංගුවට ගත් බවයි.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 273 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 58 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 192 ක්ද සිටිනවා.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 12 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් :

  • හෙරොයින් 199 g
  • අයිස් 168 g
  • ගංජා 2 kg 400 g
  • ගංජා පැල 2,883 ක්
  • මාවා 382 g
  • තූල් 45 g
  • මදන මෝදක 141 g
  • මත්පෙති 59 ක්

පාරේ යන වාහන වලින් සල්ලි ගරන ජාවාරම – CCTV දර්ශන එක්කම අතේ මාට්ටු වෙයි | Neth News (18.01.2024)

+


CCTV දත්ත හරහා රථවාහන වැරදිකරුවන්ට දඩ

(18.01.2024 – 11:39 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන ආලෝක සංඥා ඇතුළු මාර්ග සංඥා නොතකා රිය ධාවනය ගැන ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් වන දත්ත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කරනවා.

ඒ අනුව මෙම ක්‍රියාමාර්ගය ලබන සඳුදා (22) සිට ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.

එහිදී රථවාහන වැරදිකරුවන් සොයා බලා දඩ පත්‍රිකා වාහනයේ ලියාපදිංචි හිමිකරුගේ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත යැවීමට නියමිතයි.

මේ අතර, මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවූ බවයි ෴


‘යුක්තිය’ට මාසයයි – දිවයින පුරා අපරාධකරුවන් 40,590 ක් කොටු

(18.01.2024 – 11:27 +0530 – hirunews.lk/sinhala)

‘යුක්තිය’ මෙහෙයුම යටතේ 2023.12.17 සිට මාසයක කාලයක් දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 38,225 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,365 ක් සමගින් මුළු සැකකරුවන් 40,590 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 38,225 දෙනා අතරින් සැකකරුවන් 1,703 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 1,867 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 225 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,801 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍ය වල වෙළදපල වටිනාකම රුපියල් මිලියන 4791 කට ආසන්න වන අතර, තහනමට ගත් දේපල වල වෙළදපල වටිනාකම රුපියල් මිලියන 725 කට ආසන්න බවයි අනාවරණය වී ඇත්තේ.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,365 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 536 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 1,499 ක්ද සිටින බවයි වාර්තා වෙන්නේ.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 149 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 181 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන්කර සිටින්නේ.

එම මෙහෙයුම් අතරතුර අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ.

  • හෙරොයින් 73 kg 300 g
  • අයිස් 206 kg
  • කොකේන් 948 g
  • අබිං 49 kg 200 g
  • හෂීස් 07 kg 200 g
  • ඈෂ් 36 kg 200 g
  • ගංජා 655 kg
  • ගංජා පැල 2,992,653
  • මාවා 136 kg 500 g
  • තූල් 06 kg 600 g
  • කුෂ් 01 kg 800 g
  • මදන මෝදක 16 kg 200 g
  • මත්පෙති 99,908 ක්

ගුවන්තොටුපල හරහා යාමේදී ඇඟිලි සලකුණු ලබා ගැනීම ලබන සතියේ ඇරඹේ

(18.01.2024 – 11:25 +0530 – hirunews.lk/sinhala)

ගුවන්තොටුපල හරහා යාමේදී ඇඟිලි සලකුණු සහ ඡායාරූප ගැනීම ලබන සතියේදී ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වීසා ක්‍රමවේදය ද ලිහිල් කිරීමට තීරණය කර ඇති බවයි.

+


පාර්ලිමේන්තුවේ ගෘහ පාලන සේවිකාවන්ට ලිංගික හිංසන කිරීමේ සිදුවීමට අදාළ පරීක්ෂණ ඇරඹේ

(18.01.2024 – 10:51 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන යැයි කියන ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරිහු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ සේවිකාවන් ඇතුළු විසිදෙනෙකු (20) ගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පරීක්ෂණ කණ්ඩායම පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැඳී සිටිමින් ඊයේ (17) දිනයේත් විමර්ශන කටයුතු ආරම්භකර තිබෙනවා.

එමෙන් ම අද (18) දිනයේත් මෙම විමර්ශන පැවැත්වීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *