රජයේ හෙද නිලධාරීන් අද (17) පැය 24 ක දීප ව්‍යාප්ත වර්ජනයක

රජයේ හෙද නිලධාරීන් අද (17) පැය 24 ක දීප ව්‍යාප්ත වර්ජනයක


රජයේ හෙද නිලධාරීන් අද (17) පැය 24 ක දීප ව්‍යාප්ත වර්ජනයක

(17.01.2024 – 06:51 +0530 – sinhala.adaderana.lk)

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 07:00 සිට හෙට (18) උදෑසන 07:00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

එම සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි මහතා සඳහන් කළේ, ඊයේ (16) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ පරිදි නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සිදුකළ සංකේත වර්ජනය අද (17) උදෑසන 06:30 ට තාවකාලිකව අවසන් කිරීමට කළ බව අතුරු වෛද්‍ය ඒකාබද්ධ පෙරමුණ පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, සතියක් ඇතුළත ඉල්ලීම් ලබා දීමට පියවර නොගත හොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවය ෴


රජයේ පාසල් ආරම්භය කල් යයි – පෙබරවාරි මස 05 වනදා ට

(17.01.2024 – 09:40 +0530 – hirunews.lk/sinhala)

උසස්පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 වන සහ 2 වන කොටස් පෙබරවාරි මස 01 වනදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

ඒ අනුව කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන (2) කොටස එදින (01) උදෑසන 08:30 සිට 11:40 දක්වාත් පළමු (1) කොටස පස්වරු 01:00 සිට පස්වරු 03:00 දක්වා පැවැත්වෙන බවයි ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

උසස් පෙළ විභාගයේ පසුගිය 10 වනදා පැවති කෘෂි විද්‍යාව දෙවන (2) ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යයට නිකුත් වී ඇති බවට තහවුරු වූ කරුණු මත එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පසුගිය 12 වනදා කටයුතු කළා.

ඒ අනුව මෙම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යට එක් කිරීමේ සිද්ධියට අදාළව අම්පාර ප්‍රදේශයේ පාසලක 52 හැවිරිදි ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සැකකරුගේ නිවස පරීක්ෂා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි තිබී අත් අකුරෙන් ලියන ලද කෘෂි විද්‍යාව 2 වන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න මෙන්ම පළමු (1) බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපයක්ද මොහුගේ ජංගම දුරකතනයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබුණා.

ඒ අනුව පළමු (1) ප්‍රශ්න පත්‍රයද පිටව ඇති බවට සැකයක් මතු වූ අතර ඒ අනුවයි ඒ සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක කෙරුණේ.

මේ අතර පෙරේදා (15) මෙම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යයට පිට කිරීමේ සිද්ධියට අදාළව මොරටුව මහ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයක රාජකාරි කළ කාර්යාල කාර්ය සහයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබුණා.

විභාග දෙපාර්තමේන්තුව ඊයේ (16) නිවේදනය කළේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවී ඇති බවට ලැබුණු තොරතුරු මත උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පසුගිය 08 වනදා පැවති පළමු (1) කොටස ද අවලංගු කිරීමට තීරණය කළ බවයි.

එමෙන්ම අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අයදුම්පත්‍රවල සඳහන් ලිපින වෙත තැපැල් කර යැවීමට කටයුතු කරන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර පෙබරවාරි මස 01 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන (3) පාසැල් වාරයේ දෙවන (2) අදියර පෙබරවාරි මස 05 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළා ෴


වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු දක්වන, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුව (17.01.2024)

+


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව අවලංගු කරයි.. යලි මරණ දඬුවම..

(17.01.2024 – 10:43 +0530 – lankacnews.com)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය.

ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් විසින් තවදුරටත් නියෝග කළේ දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති සමාව ඉවත් කිරීමටයි.

මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (17) නිකුත් කරන ලද්දේ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම නීත්‍යානුකූල නොවන බවට අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් (3) සලකා බලමිනි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු හතර දෙනකු (4) ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට (5) කොළඹ මහාධිකරණය විසින් 2016 වසරේ සැප්තැම්බර් මස 8 වැනිදා මරණ දඬුවම නියම කරන ලද අතර එම දඬුවම ක්‍රියාත්මක වන තෙක් බන්ධනාගාර ගත කර සිටියේය.

++++++++

++++++++

+


කඩුවෙලදී කිඹුලෙකු ඩැහැගත් දරුවාගේ බවට සැක සිරුරු කොටස් හමුවෙයි

(17.01.2024 – 20:21 +0530 – hirunews.lk/sinhala)

කැලණි ගඟේ කඩුවෙල ශාන්ත අන්තෝනි මාවතේ පිහිටි තොටුපළක දිය නාමින් සිටියදී කිඹුලෙකු ඩැහැ ගෙන ගිය අවුරුදු 10 ක දරුවාගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් කිහිපයක් පොලිසිය අද (17) පස්වරුවේ සොයා ගත්තා.

ගං ඉවුරේ තිබී හමුවූ එම සිරුරු කොටස් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඒවා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමටයි නියමිතව ඇත්තේ.

ඊයේ (16) පස්වරුවේ මෙලෙස කිඹුලෙකුට බිලි වී තිබුණේ ‘දිස්න ප්‍රබෝද් පෙරේරා’ නැමති 10 හැවිරිදි දරුවෙකු වන අතර ඔහු කඩුවෙල වැලිවිට ශාන්ත අන්තෝනි මාවතේම පදිංචිකරුවෙක්.

කඩුවෙල වැලිවිට ශාන්ත මරියා විද්‍යාලයේ 5 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි ඔහු දිය නෑමට ගොස් තිබුණේ සිය මිත්තණිය සහ බාල සහෝදරයාද සමඟයි.

පොලිසිය මෙන්ම නාවික හමුදාවද කිඹුලා ඩැහැගෙන ගිය දරුවා සොයා අඛන්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කළා.

මිත්තණිය රෙදි සෝදන අතරතුර දරු දෙදෙනා (2) ඇය ආසන්නයෙන් ගඟට බැස දිය නාමින් සිට තිබෙනවා. එහිදී එක් වරම පැමිණි කිඹුලෙකු මෙම දරුවා ඩැහැගෙන ගොස් තිබුණා.

නීති විරෝධීව මහා පරිමාණයෙන් වැලි ගොඩදැමීම නිසා කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව කැලණි ගඟේ කිඹුල් ගහණය ඉහළ ගොස් ඇති බවට ඔවුන් එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් අප භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති සංජෙය පෙර්රාගෙන් විමසීමක් කළා.

+


‘හරක්කටා’ වෙනත් ස්ථානයකට රැගෙන යාමට තහනම්

(17.01.2024 – 19:28 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක්කටා’ වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ නම් ඒ සඳහා අධිකරණය දැනුවත් කර අවසර ලබා ගත යුතු බව අභියාචනාධිකරණය අද (17) නියෝග කළා.

ඒ ඔහුගේ පියා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීයි.

මේ අතර ‘හරක්කටා’ සමග සමීප සබඳතා පැවැත්වූ හයදෙනෙකු (6) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 12 වැනිදා වැලිගම සහ අතුරුගිරිය පොලිස් වසම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ ෴


සිව්දෙනෙක් (4) ගමන් කළ මෝටර් රථය දුම්රියේ ගැටෙයි

(17.01.2024 – 17:57 +0530 – sinhala.adaderana.lk)

අද (17) පස්වරුවේ මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.

අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇති අතර රථයේ ගමන් කළ පුද්ගලයින් 4 දෙනෙකු බරපතළ තත්ත්වයෙන් රාගම රෝහලට ඇතුළත් කළ බව අප වාර්තාකරු පැවසීය.

යුවළක්, මවක් සමග දියණියක් මෝටර් රථයේ සිට තිබුණි.

මංගල්‍ය උත්සවයක් සඳහා සහභාගීවී නැවත පැමිණෙමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්වී ඇත.

ඔවුන් සියලුදෙනාම ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද වාර්තා වෙයි.

අදාළ දුම්රිය කටුනායක දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක් බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

අනතුර සිදුවී තිබුණේ ජා-ඇල කුඩහකපොළ දුම්රිය ස්ථානය ආසන්නයේදීය.

++++++++

+


ලංකා විදුලිබල මණ්ඩලයෙන් ක්ෂණික ඇමතුම් අංකයක්

(17.01.2024 – 17:13 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

නීතිවිරෝධී විදුලි රැහැන් හේතුවෙන් සිදුවන අලි මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් මෙම අංකය හඳුන්වා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ‘1987’ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් ඔබට තොරතුරු ලබා දීමේ හැකියාව පවතිනවා.

අනවසර විදුලි රැහැන් ඇදීම හේතුවෙන් 2023 වසරේදී අලි ඇතුන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ෴


ගිනි නිවීම – තාක්‍ෂණික දැනුම

(16.01.2024 – facebook.com/accident1stofficial/)

මේක ගොඩාක් දෙනෙක් නොදන්න කාරණයක්. ගිනි නිවීමේ උපකරණ දැකල තිබුණත් ඒවා ක්‍රියා කරවන්නෙ කොහොමද කියන එක ගැන දැනුමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඉතින් මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඕගොල්ලන්ට ඒ පිළිබඳ මූලික දැනුමක් ලබා දෙන්නයි.

+


කලබල නොවී හරි තීරණ ගත්ත නිසා බවුසරෙයි පිරවුම්හලයි දෙකම බේරගන්න පුළුවන් උනා – කැස්බෑව ඉන්ධන පිරවුම් හල

(17.01.2024 – facebook.com/accident1stofficial/)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *