මහින්ද කොඩිතුවක්කු (අවලෝකිතේෂ්වර) රිමාන්ඩ්

මහින්ද කොඩිතුවක්කු (අවලෝකිතේෂ්වර) රිමාන්ඩ්


මහින්ද කොඩිතුවක්කු (අවලෝකිතේෂ්වර) රිමාන්ඩ්

(16.01.2024 – 13:30 +0530 – sinhala.adaderana.lk)

‘අවලෝකිතේෂ්වර’ නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් ‘මහින්ද කොඩිතුවක්කු’ නැමැත්තා එළඹෙන 24 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.

‘අවලෝකිතේෂ්වර’ නාමයෙන් පෙනී සිටිමින් ‘මහින්ද කොඩිතුවක්කු’ නැමැත්තෙක් පසුගිය 01 වනදා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ තිබු අතර පසුව ඔහු විවිධ ස්ථානවලට යමින් දේශන සිදුකරන අයුරුද අනුගාමිකයින් ඔහුට වැඳුම් පිඳුම් කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

අදාළ තැනැත්තාගේ දේශන තුළින් බුද්ධ චරිතයට සහ බෞද්ධ ආගමික ඉගැන්වීම්වලට නිගාවන බවට බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණේ ඒ අනුවය.

ඒ අනුව අදාළ තැනැත්තා පිළිබඳ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබු අතර ඒ සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද ලබාගෙන තිබිණි.

මෙවන් පසුබිමක පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (15) දහවල් පන්නිපිටිය ප්‍රදේශයේදී ‘අවලෝකිතේෂ්වර’ නාමයෙන් පෙනී සිටින සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව සැකකරු නේවාසිකව රැඳීසිටි කැස්බෑව, මාකන්දන සර්වෝදය පාරේ පිහිටි දෙමහල් නිවස වෙත සැකකරු රැගෙන ගොස් එම නිවස පරික්ෂා කිරීමටද විමර්ශන නිලධාරින් කටයුතු කළේය.

පසුව ප්‍රශ්න කිරීම් සඳහා සැකකාර ‘අවලෝකිතේෂ්වර’ නාමයෙන් පෙනී සිටි තැනැත්තා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබීය.

++++++++

++++++++

++++++++

අවලෝකිතේශ්වරගේ තවත් සෙල්ලම් මෙන්න | අනුරාධපුරෙන් බිහිවෙන අලුත් අප්පච්චි | NPP එකත් මේ වැඩ පිටිපස්සේ ? (16.01.2024)

(ජනතා විමුක්ති පෙරමුණෙන් සම්බුද්ධ සාසනය බේරාගනිමු !)

++++++++

බෝධිසත්වයා කියූ කෙනා ඇතුළට ගත්තාට ස්තුතියි | කාන්තාවක් සහ තවතව අය ගැන තොරතුරු එළියට | චණ්ඩිපාට් හඬපටය (15.01.2024)

+++++++++

+++++++++

+


කෙහෙළියට මල් වඩමක් එවූ තිදෙනා (3) කුරුදුවත්ත පොලිසියෙන් පිටතට (16.01.2024)

+


ආණ්ඩුවේ ජනපති අපෙක්ෂකගේ මනාප ප්‍රතිශතය ගම්මන්පිල කලින්ම කියයි – පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුව – 2024.01.16

+

+


සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින් හා සෞඛ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

(16.01.2024 – 21:51 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් සහා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අතර විශේෂ සාකච්ජාවක් අද (16) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද, ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වර්ජනය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත්තේ අද (16) පස්වරුවේ මුදල් අමාත්‍යංශය සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී ඊට අදාළව සාකච්ඡා කරන බවයි.

ඒ සඳහා සහභාගි වන ලෙසට අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති අතර ඊට වෘත්තීය සමිති නියෝජිතයින් කැමැත්ත පළකළ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ෴

සෞඛ්‍ය සේවා වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීමක් මත ත්‍රිවිධ හමුදාව ‍යොදවා තිබෙනවා.

ඒ අද (16) උදෑසන 06:30 සිට ‍සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු හැර වෘත්තීය සමිති 72 ක් පැය 24 ක කාලයක් සඳහා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන්.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ටද, ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන අතර අත්‍යාවශ්‍ය කටයුතු පමණක් සිදුකිරීමට ද සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ ෴

+++++++

+


උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නැවත වරක් පෙබරවාරි පළමු (01) දින

(16.01.2024 – 19:02 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ කෘෂි විද්‍යාව පළමු (1) ප්‍රශ්න පත්‍රයත් පිට වී ඇති බව හෙළි වී තිබෙනවා.

මෙම විෂය නැවත වරක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රශ්න පත්‍රයත් අවලංගු කෙරෙන අතර, කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර දෙක (1 සහ 2)සඳහා නව විභාගය යළි පෙබරවාරි පළමු (01) දින පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ෴


ෆෝන්වලට රිංගලා කරන කැත වැඩක් හෙළිවේ

(16.01.2024 – 16:05 +0530 – hirunews.lk/sinhala)

විවිධ ක්ෂේත්‍රවල සිටින පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට අනවසරයෙන් ප්‍රවිෂ්ට වී දත්ත ඇතුළු තොරතුරු චීනයේ දත්ත ගබඩාවලට යවන බව කියන සංවිධානාත්මක කල්ලියක් ගැන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් අරඹා තිබෙනවා.

තම ජංගම දුරකථනවලට හැකරුන් ප්‍රවිෂ්ට වී දත්ත සොරකම් කළ බව කියමින් රජයේ නිලධාරින් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල හතළිස් දෙනකු (40) පමණ මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම අන්තර්ජාල ණය දීමේ මධ්‍යස්ථානය තුළ තරුණියන් අසූ දෙනකු (80) පමණ සේවයට ගනිමින් මෙම ජාවරාම සිදුකර ඇති බවයි හෙළිවි ඇත්තේ.

මෙම ඔන්ලයින් ණය දීමේ මධ්‍යස්ථානය 2021 දී ශ්‍රී ලාංකිකයකු නමින් ආරම්භ කර එය චීන ජාතිකයන්ට විකුණා ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

දැනට එය පවත්වාගෙන ගිය චීන ජාතිකයන් පස් දෙනා (5) හා එය ආරම්භ කළ ශ්‍රී ලාංකිකයා (1) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


සෞදි අරාබියේ ගොඩනැගිල්ලකින් ඇදවැටී ආබාධයට ලක් වූ පුද්ගලයෙකු දිවයිනට

(16.01.2024 – 15:31 +0530 – hirunews.lk/sinhala)

සෞදි අරාබියේ කාර්මික රැකියාවක් සඳහා ගොස් ගොඩනැගිල්ලකින් ඇද වැටී ඉනෙන් පහළ කොටස අප්‍රාණික වූ පුද්ගලයෙකු අද (16) අලුයම කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියා.

38 හැවිරිදි ‘රසින්ත ලියනගේ’ නැමති ඔහු නිට්ටඹුව, පස්යාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය වසරේ (2023) මාර්තු මාසයේ ඔහු එරටට රැකියාව සඳහා ගොස් තිබුණා.

එහිදී එම පුද්ගලයා සේවය කළ ආයතනය පිහිටි ගොඩනැගිල්ලේ වහළය මත වතුර ටැංකිය තැබීමට යාමේදී ඉන් ඇද වැටී අනතුරට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් තමන්ට නිසි වන්දි මුදලක් අදාළ ආයතනයෙන් නොලැබුණු බවටයි ඔහු චෝදනා කරන්නේ.

දිවයිනට පැමිණි පසු මෙම පුද්ගලයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීමෙන් මීගමුව මහ රෝහලට ඇතුලත් කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

+


කැරට් 1kg ක් රුපියල් 2000 යි – අද (16) එළවළු මිල

(16.01.2024 – 10:40 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (16) දවසේ තොග එළවළු මිල ඉතා ඉහළ අගයක පෙන්නුම් කළා.

ඒ අනුව අද (16) දිනයේ කැරට් 1 kg මිල සටහන් වූයේ රුපියල් 1750-2000 ත් අතර මිලකයි.

එමෙන් ම බීට් රූට් 1 kg ක් රුපියල් 650-700 අතර මිලකට අළෙවි වූ බවයි වාර්තා වූයේ.

ගෝවා 1 kg ක් රුපියල් 500-680 ත් අතර මිලකට අළෙවි වෙද්දී බෝංචිවල මිල 850-500 අතර මිලකටයි අළෙවි වූයේ.

මාළු මිරිස් රුපියල් 850-1000 අතර අගයක් ගත් අතර වම්බටු අළෙවි වූයේ 450-500 ත් අතර අගයකයි.

මෑකරල් 1 kg ක් 350-400 ත් අතර මුදලකට අළෙවි වූ අතර ලීස් අළෙවි වූයේ 450-500 ත් අතර මුදලකටයි.

+


නිදි පෙති පොවා අවුරුදු 14 ක දැරියක් දූෂණය කළ මාමා අත්අඩංගුවට

(16.01.2024 – 09:33 +0530 – hirunews.lk/sinhala)

යාපනය, චුන්නාකම්, මයිලන්ගාඩු ප්‍රදේශයේදී අවුරුදු 14 ක දැරියක් දූෂණය කළ එම දැරියගේ මාමා කෙනෙකු පොලිසිය විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චුන්නාකම් පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවලදී දැරියට නිදිපෙති මුසුකළ පැණිබීම පානය කිරීමට දී ඇය නින්දට ගිය පසුව මෙලෙස දූෂණය කොට ඇති බවයි.

දීර්ඝ කාලයක් තිස්සේම ඔහු මෙම ක්‍රියාව සිදුකොට ඇති අතර, හදිසියේම නිවසට පැමිණි අයෙකු නිසා මෙම සිද්ධිය හෙළි වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

ඒ අනුව, එම දැරියගේ දෙමව්පියන් චුන්නාකම් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගත් පසුව මානසික රෝගියෙකු ලෙස හැසිරීමට පටන් ගැනීම නිසා අධිකරණ නියෝගයක් මත ඔහුව පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යාපනය ශික්ෂණ රෝහලේ මානසික රෝග වෛද්‍යවරයා වෙත යොමු කොට තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *