සේවක අතිකාල, ප්‍රවාහන, විදෙස් සංචාර ඇතුලු රජයේ වියදම් තවත් පාලනය කරමින් නව චක්‍රලේඛයක්

සේවක අතිකාල, ප්‍රවාහන, විදෙස් සංචාර ඇතුලු රජයේ වියදම් තවත් පාලනය කරමින් නව චක්‍රලේඛයක්


සේවක අතිකාල, ප්‍රවාහන, විදෙස් සංචාර ඇතුලු රජයේ වියදම් තවත් පාලනය කරමින් නව චක්‍රලේඛයක්

(14.01.2024 – 09:33 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා සීමා කිරිම ඇතුළු රජයේ වියදම් පාලනය කරමින් මුදල් අමාත්‍යාංශය මගින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මේ යටතේ අතිකාල දීමනා, නිවාඩු දින වැටුප්, වෙනත් දීමනා සහ ගමන් වියදම් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන සීමාව තුළ පමණක් දැරිය යුතුයි.

එමෙන්ම චක්‍රලේඛ මගින් අවසර දී ඇති ප්‍රවාහන පහසුකම් වලට අමතරව සාමාන්‍ය රාජකාරි සඳහා පැමිණිමට වෙනත් ප්‍රවාහන පහසුකම් සදහා රජයේ අරමුදල් භාවිත නොකළ යුතු බවද එහි සඳහන්.

විදුලිය, ජලය, දුරකතන සේවා, ඉන්ධන, ගිවිසුම්ගත සේවාවන් හා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම ඇතුළු කාර්යාලීය අවශ්‍යතා සහ උපයෝගීතා සේවා වියදම් පාලනය කරගන්නා ලෙසද මෙම චක්‍රලේඛයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම නිල වාහන හිමි නිලධාරීන්ට සහ ඒ වෙනුවට ප්‍රවාහන වියදම් දීමනා ලබා ගන්නා නිලධාරීන්ට කිසිදු අවස්ථාවක සංචිත වාහන භාවිත කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවද මෙමගින් අවධාරණය කර තිබෙනවා.

ඉන්ධන වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද එහි සදහන්.

විදේශීය අනුග්‍රහක ආයතන විසින් පූර්ණ පිරිවැය දරනු ලබන්නේ නම් පමණක් හැර, විදේශ අධ්‍යයන, පුහුණු, සාකච්ඡා, සම්මන්ත්‍රණ සංචාර සදහා නිලධාරීන් සහභාගී කිරීම ද නොකළ යුතුයි.

හැකි සෑම විටම මාර්ගගත ක්‍රමය ඔස්සේ, රැස්වීම් වැඩමුළු සම්මන්ත්‍රණ සහ පුහුණු සැසි පැවැත්විය යුතු බවද එහි සඳහන් වනවා.

භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතියකින් තොරව රජයේ අවශ්‍යතා සදහා ගොඩනැගිලි කුලියට ගැනීම ද මේ යටතේ තහනම් කර තිබෙනවා.

දේශීය අරමුදල් භාවිතයෙන් සිදු කරන නව ව්‍යාපෘති ආරම්භ නොකළ යුතු බවට ද නව චක්‍රලේඛය මගින් දන්වා තිබීම විශේෂත්වයක්.

කළමාණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතියකින් තොරව අත්‍යාවශ්‍ය තනතුරු පුරප්පාඩු පිරවීම සදහා හෝ නව බදවාගැනීම් සිදු නොකළ යුතු බව ද එහි සදහන්.

එමෙන්ම පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති සීමාවන් තුළ අත්තිකාරම් ගිණුම් කටයුතු පවත්වාගෙන යායුතු බවට ද නව චක්‍රලේඛනයෙන් උපදෙස් ලබා දි තිබෙනවා.

+


‘යුක්තිය’ මෙහෙයුමේදී තවත් 771 දෙනෙකු අත්අඩංගුවට

(14.01.2024 – 09:04 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ ‘යුක්තිය’ මෙහෙයුමේදී තවත් සැකකරුවන් 771 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඉන් 23 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 7 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව සඳහන්.

එක් (1) සැකකරුවෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 26 දෙනෙකු ඊයේ (13) අලුයම සිට අද (14) අලුයම දක්වා සිදුකළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙහිදී හෙරොයින්, අයිස්, මාවා, තුල්, ඈෂ් සහ මත්පෙති තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


ලංකාවේ පළමු Smart Electric ගම්මානය Galamuduna | On Topic with Hasitha Wijewardena (14.01.2024)

+


රබර් පටියක් ගෙලෙහි එතී 9 හැවිරිදි දරුවෙකු මියයයි

(14.01.2024 – 21:24 +0530 – hirunews.lk/sinhala)

සිය නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ ගෙලෙහි රබර් පටියක් ඒති ගෙල සිරවී මිය යෑමේ අවසනාවන්ත පුවතක් කලවාන පොතුපිටිය ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ පොතුපිටිය – පනාපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු නවයක (9) පිරිමි දරුවෙක්.

දරුවා සිය නිවසේදී රබර් පටියක යකඩ කටුවක් ගැට ගසා කරකවමින් සිටියදි එම කටුව ඔලු‍වේ වැදී පසුව රබර් පටිය තදින් ගෙලෙහි එතී මෙම මරණය සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

+


නව නිවාස ණය මෙම මාසයේ සිට

(14.01.2024 – 20:07 +0530 – hirunews.lk/sinhala)

නව නිවාස ණය ලබා දීම මෙම මාසයේ සිට ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරීය සදහන් කළේ, සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම නිවාස ණය ලබා දීම සිදු කෙරෙන බවයි.

රුපියල් ලක්ෂ 15ක් දක්වා එක් නිවසක් සදහා නිවාස ණය ලබා දීම මේ යටතේ සිදු කිරීමට නියමිතයි ෴


කළු ගඟ කලපුවේ දිය නෑ සිසු සිසුවියෝ තිදෙනා (3) මරුට

(14.01.2024 – 20:01 +0530 – hirunews.lk/sinhala)

කළුතර, කළු ගඟ කලපුවේ අද (14) පස්වරුවේ දිය නාමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනෙකු (2) සහ 15 හැවිරිදි පාසල් සිසුවෙකු දියේගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර, පන්විල සහ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකු (3) බවයි පොලිසිය සඳහන් කළේ.

විනෝදයට දියනාමින් සිටි තිදෙනා (3) දියේ ගිලී ඇති අතර, පසුව ගොඩගෙන කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත්, රෝහල්ගත කිරිමේදී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

+


රට යවනවා කියලා වංචා කරලා – රුපියල් 650,000 ක් ඉල්ලලා ගෙදර වටකරලා (14.01.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *