උසස් පෙළ කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය අවලංගු කෙරේ
(12.01.2024 – 15:05 +0530 – hirunews.lk/sinhala)
මෙවර උසස් පෙළ විභාගයේ පසුගිය (10) දා පැවති කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණයවීම නිසා, එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර තිබෙනවා.
නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ සියලුම මාධ්‍යන් සඳහා මෙම ප්‍රශ්න පත්‍රය අවලංගු කරන බවයි.
අවලංගු කරන ලද කෘෂි විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය දැනට පැවැත්වෙන විභාගය අවසන් වූ වහාම නැවත පැවැත්වීමට කටයුතු කරන අතර එම විෂයට අදාළ විභාගය නැවත පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
+
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් මධ්‍යම අප්‍රිකාවේ දී අනතුරට
(12.01.2024 – 18:27 +0530 – hirunews.lk/sinhala)
මධ්‍යම අප්‍රිකාවේ සාම සාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI 17 හෙලිකොප්ටරයක් අයහපත් කාලගුණය තත්ත්වයක් හේතුවෙන් සිදු කළ ගොඩබෑමක දී අනතුරකට ලක් වී තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ කියා සිටියේ අනතුරින් කිසිවෙකුටත් හානියක් නොමැති බවයි.
කෙසේ වෙතත් ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා ෴
+++++++
+
කොළඹ – මඩකළපුව අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට
(12.01.2024 – 16:28 +0530 – hirunews.lk/sinhala)
ජල ගැලීම් නිසා අවහිර වී තිබූ කොළඹ සහ මඩකළපුව අතර දුම්රිය ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව අද (12) පස්වරුවේ සහ රාත්‍රී තැපැල් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි.
පූනානි සහ වාලච්චේන දුම්රිය ස්ථාන අතර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹ සහ මඩකළපුව අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට පෙරේදා සිට බාධා එල්ල වී තිබුණා ෴
‘අවලෝකිතේශ්වර බෝධිසත්ව’ නමින් පෙනී සිටි උම්මත්තකයාට අධිකරණයෙන් තහනම් නියෝගයක්
(12.01.2024 – 15:27 +0530 – hirunews.lk/sinhala)
= ‘අවලෝකිතේශ්වර බෝධිසත්ව’ නමින් පෙනී සිටි මහින්දට අධිකරණයෙන් තහනම් නියෝගයක් =
බුදු දහම විකෘති කරමින් දේශනා පවත්වන බවට චෝදනා එල්ල වන ‘අවලෝකිතේෂ්වර’ නැමැත්තාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (12) නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක කොට්ඨාසය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.
එමෙන්ම, ඔහුගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමටත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
‘මහින්ද කොඩිතුවක්කු’ නමැති මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගැනීමට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී කියා සිටියා.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කිරීම සදහා අවශ්‍ය සාක්ෂි ලබන 17 වනදා අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
‘අවලෝකිතීෂ්වර බෝධිසත්ත්වයන්’ නමින් පෙනී සිටින මෙම සැකකරුට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති බවද එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
පැමිණිලිකරුවන් කැඳවා ප්‍රකාශ සටහන් කර විමර්ශන ආරම්භ කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
එසේම යූ ටියුබ් නාලිකා ඔස්සේ වීඩියෝ කිහිපයක් නිකුත් කර මෙම පුද්ගලයා, බෞද්ධ ධර්මයට පමණක් නොව බුදු රජාණන් වහන්සේට හා යශෝධරා දේවියටත් විවිධ ප්‍රකාශ මගින් අපහාස කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ.
මෙම සැකකරු තුන්වැනි විනිසුරුවරයෙකු පහළ වී ඇති බව පවසමින් පසුගියදා ප්‍රසිද්ධ විහාරස්ථානයකට ගොස් දේශනයක් ද පවත්වා තිබූ බව ද එහිදී ගිහිබැතිමතුන් මෙන්ම මෙහෙණින් වහන්සේ නමක්ද වැද නමස්කාර කර තිබූ බව ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇති බවයි අනාවරණ කෙරුණේ.
බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව එල්ල වූ ‘ජෙරොම් ප්‍රනාන්දු’ දේවගැතියා මෙන්ම මෙම සැකකකරු ද සිදුකරනුයේ බුදු දහම පිළිබද නිසි අවබෝධයක් නැතත් ධර්ම දේශනා යැයි මවා පාමින් රංගන ශිල්පීන් උපයෝගි කර ගනිමින් මුදල් උපයා ගැනීමේ ව්‍යාපාරයක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරීස් අධිකරණයට ප්‍රකාශ කළා.
මේ අතර, මහා සංඝරත්නය මෙවැනි තත්ත්වයන් ගැන අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ජාතික භික්ෂු පෙරමුණ අනුරාධපුරයේ දී ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා සිටියේ.
+
+
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13 ක පවුල්වලට බලපෑම්
(12.01.2024 – 14:28 +0530 – hirunews.lk/sinhala)
රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක පවුල් 33,687 කට බලපෑම් එල්ල වී තිබෙනවා.
තවද, මොනරාගල, නුවරඑළිය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලින් පුද්ගල මරණ 3 ක් ද හමූ වී ඇති බවයි වාර්තා වන්නේ.
අවතැන් වූ පිරිසට සහන සලසන්න රජයෙන් පියවර ගෙන තිබෙනවා.
කාලගුණික තත්ත්වයෙන් වැඩිම හානි සිදුව ඇත්තේ නැගෙනහිර හා අම්පාර ප්‍රදේශයෙන් බවයි සඳහන් වන්නේ ෴
+
හෙට (13) කොළඹට පැය 16 ක ජල කප්පාදුවක්
(12.01.2024 – 13:29 +0530 – hirunews.lk/sinhala)
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව හෙට (13) ප.ව. 5 සිට පැය 16 ක කාලයක් සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වෙන්නේ.
කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන්කර සිටින්නේ ෴
කෙසෙල්වත්තේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
(12.01.2024 – 11:49 +0530 – hirunews.lk/sinhala)
කොළඹ – කෙසෙල්වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
බහින් බස් වීමක් දුරගිය යාමෙන් ඊයේ (11) රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 48 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙසෙල්වත්තේ ධනුකගේ සමීපතමයින් පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක කරනවා ෴
බෝට්ටු ගිලන් රථයක් ප්‍රමාදවීම නිසා තරුණයෙක් මියයයි
(12.01.2024 – 10:23 +0530 – hirunews.lk/sinhala)
බෝට්ටු ගිලන් රථයක් කැඳවා ගැනීමට පැය කිහිපයක් ප්‍රමාදවීම හේතුවෙන්, ට්‍රැක්ටර් රථයකින් ඇද වැටුනු යාපනයේ තරුණයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක ‘අනලයිතිව්’ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ සිදුවීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා රෝහලක් වෙත රැගෙන යා යුතුව තිබුණද ගිලන් රථය ප්‍රමාද වීම හේතුවෙන් ඔහු මිය ගොස් තිබෙනවා.
ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ මීට පෙරද බෝට්ටු ගිලන් රථ නොතිබීම නිසා රෝහල වෙත රැගෙන යාමට නොහැකි වූ රෝගීන් තිදෙනෙක් මිය ගොස් ඇති බවයි ෴
ප්‍රථම වතාවට සිදුකරන ඩිජිටල් මාධ්‍ය අවකාශයේ ‘හිරු’ගේ දැවැන්ත පෙරළිය
(12.01.2024 – 10:03 +0530 – hirunews.lk/sinhala)
සැමදා ප්‍රේක්ෂක, ශ්‍රාවක හදවතේ අංක එකේ නාලිකාව ලෙසින් වැජඹෙන ‘හිරු’ මෙරට වින්දනාධිපති ලෙස අසමසම ඩිජිටල් පෙරළියක් අද (12) සිට ඔබ වෙතට තිළිණ කරනු ලබනවා.
ඒ ලොව ප්‍රථමවරට රේඩියෝ සහ TV නාලිකා සියල්ල එකම App එකක් හරහා රසවිඳීමේ අවස්ථාව සුවහසක් ප්‍රේක්ෂක, ශ්‍රාවක ජනතාවට තිලිණ කර දෙමින්.
එම අසමසම ඩිජිටල් පෙරළිය විඳගැනීමට ඔබත් දැන්ම GOOGLE PLAY STORE හෝ APPLE APP STORE වෙත පිවිස HIRU FM APP එක DOWNLOAD කරගන්න.
පහත සැබැඳියන් ඔස්සේ ඔබට මෙම App එක DOWNLOAD කරගැනීමේ හැකියාව පවතිනවා :
GOOGLE PLAY STORE
https://play.google.com/store/apps/details?id=com.microimage.hirufm
APPLE APP STORE
https://apps.apple.com/lk/app/hirufm-mobile/id602089640
+
+
‘යුක්තිය’ මෙහෙයුමෙන් 863 ක් අත්අඩංගුවට
(12.01.2024 – 08:47 +0530 – hirunews.lk/sinhala)
ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ විශේෂ ‘යුක්තිය’ මෙහෙයුමේදී සැකකරුවන් 863 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය මෙසේය :
- හෙරොයින් 303g 384mg
- අයිස් 141g 750mg
- ගංජා 10kg 565g
- ගංජා පැල 660,573 ක්
- ගංජා සුරුට්ටු 04 ක්
- මාවා 542g
- තුල් 29g 810mg
- මත්පෙති 1250 ක්
- ඈෂ් 1g 610mg
- මදන මෝදක ගුලි 135g
- කුෂ් 1g 150mg
පෙර පාසල් ගුරුවරියන්ට රුපියල් 2,500 ක දීමනාවක්
(12.01.2024 – 07:43 +0530 – hirunews.lk/sinhala)
පෙර පාසල් ගුරුවරියන්ට රුපියල් 2,500 ක දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ පවසා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම දීමනාව හිමි වන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් තෝරාගත් පුහුණු පෙර පාසල් ගුරුවරියන් 18,333 ක් සඳහා බවයි වාර්තා වන්නේ.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴
‘ළමා ලාදුරු’ වැඩිම රටවල් අතරට ලංකාව තුන්වන තැන
(12.01.2024 – 23:25 +0530 – hirunews.lk/sinhala)
‘ළමා ලාදුරු’ වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව තුන්වන (3) තැනට පත්ව ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසනවා.
ශ්‍රී ලංකාවේන් සොයා ගන්නා ලාඳුරු රෝගීන්ගෙන් 10% ක් වයස අවුරුදු 15 ට අඩු දරුවන් බවයි සඳහන් වන්නේ.
එය කණගාටුදායක තත්ත්වයක් බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂවරයා පවසනවා.
ලාදුරු රෝගය තුරන් නොවූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 83 ක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ලාදුරු රෝගය වැඩි දිස්ත්‍රික්කවල පාසල් සඳහා ලාදුරු තුරන් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි ෴
කන්දකාඩුව නැවතත් උණුසුම් වෙයි
(12.01.2024 – 19:54 +0530 – hirunews.lk/sinhala)
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
පොලිසිය පැවසුවේ මෙම ගැටුමෙන් 24 දෙනෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි.
තවද ගැටුමෙන් පසු රැඳවියන් 90 දෙනෙක් පලා ගොස් තිබෙනවා.
පලාගිය රැඳවියන් 62 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, රැඳවියන් 28 දෙනෙකු සොයා මේ වනවිටත් මෙහෙයුම් සිදු කරන බවයි වාර්තා වන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴