කාන්තාවකට ගිනි තැබූ පෙම්වතා සොයා විමර්ශන
(11.01.2024 – 20:24 +0530 – hirunews.lk/sinhala)
කොළඹ ආදුරුප්පු වීදියේදි කාන්තාවකට පෙට්‍රල් දමා ගිනිතැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ (10) පෙරවරුවේ සැකකරු ත්‍රිරෝද රථයකට එම කාන්තාව දමා ගිනි තබා පලා ගොස් තිබුණා.
සිද්ධියට මුහණ දුන් කාන්තාව මිට පෙර විවාහයක් සිදු කර දික්කසාද වී ඇති අතර එම විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකු (2) සිටිනවා.
අනතුරුව ඇය මෙම ගිනි තැබූ පුද්ගලයා සමග සමීප සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ත්‍රිරෝද රථය තුළට දමා ගිනි තැබීමෙන් පසු එම කාන්තාව එයින් බැස මාර්ගයේ දිවගොස් තිබූ අතර පසුව ප්‍රදේශවාසීන් එක්ව ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.
එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඇගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ 27 හැවිරිදි ‘ෆාතිමා සුමේදා’ නැමති ආදුරුප්පුවීදියේම පදිංචි කාන්තාවක්.
සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු වන අතර ඒ සදහා මුදල් ඉල්ලා නොලැබුනු සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවටයි ඇයගේ පවුලේ ඥාතීන් සැක පළ කරන්නේ.
ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස ඇති අතර පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
+
+
කාන්තාවකගේ රන් මාලය කඩාගෙන දිවු දෙදෙනෙකු (2) අල්ලා බාර දෙයි ..
(11.01.2024 – 08:02 +0530 – lankacnews.com)
බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතුයායේ සිට බගවන්තලාව නගර වෙත ගමන් ගත් තරුණියකගේ ගෙල බැදි රණ් මාලය කඩා පලගිය තරුණයන් දෙදෙනෙකු (2) එම වතුයායේ වතු කම්කරුවන් විසින් අල්ලා බගවන්තලාව පොලිසිය වෙත (10) දින පස්වරුවේ භාරදුන් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා පැවසිය.
හංවැල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා අවු. 26 සහ 27 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් බගවන්තලාව නගරයට පැමිණ බ්‍රිඩ්වෙල් වතුයාය වෙත ගමන් කරන අවස්තාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නගරය වෙත පැමිණෙමින් සිටි තරුණියකගේ ගෙල බැදි රු. ලක්ෂ දෙකක් (2) පමණ වටිනා රණ් මාලය කඩාගෙන යතුරුපැදියෙන් පලා යන අවස්ථාවේ කාන්තාව කෑගසා ඇති අතර, එම අවස්ථාවේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් එක සැකකරුවෙකු අල්ලාගෙන ඇති අතර, අනෙක් සැකකරු පලාගොස් තේ වත්තේ සැඟව සිටියදි බගවන්තලාව පොලිසියේ නිලධාරින්ගේද සහය ඇතිව එම සැකකරු අල්ලාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පරික්ෂා කරන අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ හෙරොයින් මත්කුඩු පැකට් දෙකක් (2), ජංගම දුරකථනයක් තිබි හමු වු බවත්, සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වුවන් බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.
හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ උපදෙස් පරිදි සැකකරුවන් දෙදෙනා 11 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.
රංජිත් රාජපක්ෂ
කඩුවෙල, තුන්අදහේන, දෙල්ගහවත්ත, මහවෙල ප්‍රදේශයේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට
(11.01.2024 – 07:14 +0530 – sinhala.adaderana.lk)
කඩුවෙල, තුන්අදහේන, දෙල්ගහවත්ත, මහවෙල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ නිවසකට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස පවසමින් සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කෙරෙන යතුරුපැදි හිස් ආවරණ පැලඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් එම නිවසේ සිටි පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඊයේ (10) රාත්‍රි හිසට වෙඩි තබා ඇතැයි පොලීසිය පැවසීය.
පැහැරගෙන ගොස් තිබූ පුද්ගලයා කඩුවෙල, තුන්අදහේන, දෙල්ගහවත්ත, මහවෙල පාලමක් අසලදී බිම නිදිකරවා මිලිමීටර් නවය වර්ගයේ ගිනිඅවියකින් හිස ප්‍රදේශයට වෙඩි තබා තිබූ බවත් පසුව තුවාලකරු අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ, කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ‘බුද්ධික ප්‍රසාද්’ නමැති එක්දරු පියෙකි.
මෙම පුද්ගලයාට 2011 වර්ෂයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ ගිනිඅවියක් ළඟතබා ගැනීමේ චෝදනා යටතේ මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවද නවගමුව පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසීය.
සිද්ධිය වූ ස්ථානයට ඊයේ (10) රාත්‍රි කාලයේදී ම නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.
අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් හතරක් (4) පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත ෴
බදුල්ල මහ රෝහලට යුද හමුදාව කැඳවයි
(11.01.2024 – 11:33 +0530 – sinhala.adaderana.lk)
සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් එක්ව දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ රෝහල්වල දෛනික වැඩකටයුතු අඬපණ වී තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් බදුල්ල මහ රෝහලේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා යුද හමුදාව කැඳවා ඇති බවය.

වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ සේවය හා ඖෂධ නිකුත් කිරීම යනාදිය සාමාන්‍ය පරිදි සිදුකෙරුණු බව ද වාර්තා වේ.
අප කළ විමසීමක දී රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා සිටියේ, රෝහලේ කණිෂ්ඨ සේවක මණ්ඩලය රාත්‍රී සේවා මුරය අවසන් කර පිටව ගොස් ඇති බවත් සෙසු පිරිස රාජකාරියට වාර්තා කර නොමැති බවත්ය.
එසේ වුවත් හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව සිදුවන බව ද පැවසු වෛද්‍යවරයා, වෛද්‍යවරු සියලුදෙනා පැය 24 සේවය සඳහා යොදවා ඇති බවත් පැවසීය.
එලෙස රාජකාරිය සිදුකරනු ලබන්නේ ජීවිත බේරාගැනීමට පමණක් බවත් ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීමේ අරමුණින් නොවන බව ද පැවසු රෝහල් අධ්‍යක්ෂවරයා පවසා සිටියේ, අසාධ්‍ය රෝගීන් නිවසේ තබා නොගෙන වහාම රෝහල වෙත රැගෙන එන ලෙසය.
රුපියල් 35,000 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති එක්ව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළේය.
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා සදහන් කළේ, ඒ අනුව වර්ජනය සඳහා මෙතෙක් එක්නොවූ රෝහල් ලේකම්වරුන්, පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය කාර්යය සහයකයන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය අද (11) උදෑසන 6 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවය.
වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000 ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයත් සමග පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගිය අඟහරුවාදා (09) දිනයේ වැඩවර්ජනයක නිරත වුණි.
වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීන් කිහිපයක් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ඊයේ (10) දිනයේ ද රෝහල්වල රෝගී සත්කාර කටයුතුවලට දැඩි බාධා එල්ල වුණි.
කෙසේවෙතත් අද (11) දිනයේ පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමග එක් නොවන බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කළේය ෴
+++++++
+
ඒ පනත ගෙනාවට පස්සේ මිනිස්සුන්ට social media වල දාන්න බැරි comments වසන්ත කියයි (10.01.2024)
+
හෙට (12) සිට වැසි අඩුවන ලකුණු
(11.01.2024 – 20:07 +0530 – hirunews.lk/sinhala)
ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට බලපා ඇති තද වැසි තත්ත්වය හෙට (12) සිට අඩුවන බව ප්‍රකාශ කෙරුණත් තවමත් එම ප්‍රදේශවල ජලාශ රැසක් වාන් දමමින් පවතිනවා.
එසේම ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී පවතින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මනම්පිටිය – ගල්ලෑල්ල ප්‍රදේශය තවදුරටත් ජලයෙන් යටවී ඇති අතර පරාක්‍රම සමුද්‍රයේ ද වාන්දොරටු දහයම (10) තවදුරටත් විවෘතයි.
මාදුරු ඔය – කුඩා ඔය අමුණ පිටාර ගැලීමෙන් පොළොන්නරුව – මඩකලපුව මාර්ගය වැලිකන්ද ප්‍රදේශයෙන් ද ජලයෙන් යටවී තිබෙනවා.
එසේම ගල්ඔය ද්‍රෝණිය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ජල ගැලීම් තත්ත්වය නිසා කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ මීනගයා තැපැල් දුම්රිය සහ මඩකලපුව සහ ත්‍රිකුණාමලය දක්වා හෙට (12) උදෑසන ධාවනය කිරීමට තිබූ උදයදේවී දුම්රිය ද අවලංගු කර තිබෙනවා.
මේ අතර, මින්නේරිය රොටවැව හා රත්මලේ ගම්මානවල පිහිටි නිවාස 10 ක් පමණ මින්නේරිය වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමග ජලයෙන් යටවුණා.
හිගුරක්ගොඩ අක්කර හැත්තෑව ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩා වැටීමෙන් වයස අවුරුදු 23 ක එක්දරු මවක් මියගියා.
ඇගේ 26 හැවිරිදි සැමියා සහ අවුරුදු එකහමාරක් (1½) වයසැති දියණිය ද තුවාල ලබා හිගුරක්ගොඩ මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සදහා ඔවුන් පොළොන්නරුව මහරෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.
අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 15,000 ක් පමණ අයහපත් කාලගුණයෙන් පීඩවාට පත්ව ඇති අතර, සේනානායක සමුද්‍රය වසර 9 කට පසුව වාන් දමමින් පවතිනවා.
අම්පාර – ඉගිනියාගල ප්‍රධාන මාර්ගය සුදුවැල්ල ප්‍රදේශයෙන් වසා දමා ඇති අතර එම මාර්ගයේ ප්‍රවාහන කටයුතු සිදුකෙරෙන්නේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මැදිහත්වීමෙන්.
එසේම පසුගියදා නායයාමට ලක්වූ බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලි ඇළ උඩුවර 7 කණුව ප්‍රදේශයේ මාර්ගය තවමත් පිළිසකර කරමින් පවතින අතර ඒ හේතුවෙන් අද (11) සහ හෙට (12) එම ස්ථානයෙන් මාර්ගය වසා තැබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
මේ අතර ඇල්ල පොලිස් වසමේ කිතලන් වත්තේ නිවාස 4 ක 28 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කර තිබුණේ නායයෑමේ අවධානමක් හේතුවෙන්.
මාතලේ, බදුල්ල, නුවරඑළිය, මහනුවර, මොනරාගල, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සදහා නිකුත් කර ඇති නායයාමේ අවධානම තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර, උතුරුමැද, ඌව, සහ නැගෙනහිර පළාත් වල පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට (12) දිනයේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව, දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴