ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අද (07) සිට

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අද (07) සිට


ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අද (07) සිට

(07.01.2024 – 07:19 +0530 – hirunews.lk/sinhala)

දිවයිනම ආවරණය වන පරිදි ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් අද (07) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අමතරව ආරක්ෂක අංශයන් හි සහයෝගය ද ලබා ගන්නා බවයි.

මේ අතර සරම්ප එන්නත ලබා ගත යුතු වයස් සීමාවේ සිටින, නමුත් එන්නත ලබා නොගත් දරුවන් 7,500 කට ආසන්න ප්‍රමාණයක් සමාජය තුළ හඳුනාගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කළේ, ඊයේ (06) ලබා දුන් අමතර සරම්ප එන්නත් මාත්‍රාව ලබා නොගත් දරුවන්ට ඉදිරියේ දී එන්නත ලබා ගැනීමේ හැකියාව පවතින බවයි ෴


වාරප්‍රවේශපත්‍රය පෙබරවාරියේ සිට සුපුරුදු පරිදි

(07.01.2024 – 07:31 +0530 – hirunews.lk/sinhala)

පෙබරවාරි මාසයේ සිට පාසල් සිසුන්ට ලබාදෙන වාරප්‍රවේශපත්‍රය නිවාඩු දිනවලටද වලංගු වන පරිදි ලබාදෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

නව වසරේ ජනවාරි මාසය සඳහා ලබාදුන් වාර ප්‍රවේශපත්‍ර නිකුත් කර තිබුණේ සෙනසුරාදා සහ ඉරිදා ගමන් කිරීමට නොහැකි වන පරිදියි.

ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දැක්වමින් එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මේ පිළිබඳව සඳහන්කර සිටියා ෴


ශ්වසන රෝග සඳහා අවශ්‍ය බෙහෙත් හිඟයි

(07.01.2024 – 07:22 +0530 – hirunews.lk/sinhala)

ශ්වසන රෝග සඳහා අවශ්‍ය ඖෂධ බොහොමයක් රජයේ රෝහල්වල හිඟ වීම හේතුවෙන් පවතින ශීත කාලගුණික තත්ත්වය හමුවේ රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

පවතින කාලගුණික තත්ත්වයත් සමග ඇදුම, හතිය, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන ඇතුළු ශ්වසන රෝගවල වැඩි වීමක් වාර්තා වී ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ.

ශ්වසන රෝග සඳහා බහුලව භාවිතා කරනු ලබන ඖෂධ කාණ්ඩ විශාල හිඟයක් පවතින බවයි එම සංගමය පේනවා දෙන්නේ ෴


වැලිමඩ : සුඛෝපභෝගී ජීප් රියක් යතුරුපැදියක ගැටෙන හැටි

+


රුපියල් ලක්ෂ 16 ක මුදලක් වංචා කළ අයෙකු අත්අඩංගුවට

(07.01.2024 – 09:48 +0530 – sinhala.adaderana.lk)

විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 16 කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු විසින් ජපානයේ රැකියාවක් ලබාදෙන පවසා රුපියල් 1,619,000 ක මුදලක් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි පානදුර – ගල්තුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


පොලිස් නිලධාරියෙකුගේ අත සපා කෑ පුද්ගලයෙකු සොයා විමර්ශන

(07.01.2024 – 08:30 +0530 – sinhala.adaderana.lk)

පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී එහි ගමන් කළ අයෙකු පොලිස් නිලධාරියෙකුගේ අත සපා කා පළා ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

ඉකුත් 06 වැනි දා රාත්‍රී 10:45 ට පමණ හලාවත – පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව – හැළඹවටවන ප්‍රදේශයේ දී මෙම සිද්ධිය සිදු වී ඇත.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, ආරච්චිකට්ටුව පොලීසියේ රථවාහන අංශයට අනියුක්ත ව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

පසු ව ඔහු හලාවත මහා රෝහලෙන් ප්‍රතිකාර ලබා පිට ව ගොස් ඇත.

සැකකරු සොයා ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසේ

(07.01.2024 – 07:14 +0530 – sinhala.adaderana.lk)

උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර මාර්ගය අද (07) දිනයේ සිට තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ මහතා සඳහන් කළේ, මහව සහ අනුරාධපුරය අතර මාර්ගය සංවර්ධනය කිරීම සඳහා මාස 06 ක කාලයකට වසා තැබෙන බවයි.

ඒ අනුව ‘කොළඹ සිට මහව දක්වා’ සහ ‘අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වා’ පමණක් අද (07) දිනයේ සිට දුම්රිය ධාවනය සිදු කරන බව එන්.ජේ. ඉඳිපොළගේ මහතා සඳහන් කර ඇත.

මේ අතර, උතුරු දුම්රිය මාර්ගයට අමතර ව මඩකලපුව දුම්රිය මාර්ගය ද මේ වසර තුළ අලුත්වැඩියා කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මඩකලපුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඒ යටතේ මඩකලපුවේ සිට යාපනය දක්වා නව දුම්රිය සේවයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බවය ෴


නියමිත කාලයට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ යුතු බවට ඉදිරියේදී නීතියක්

(07.01.2024 – 21:42 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික ස්ථායීතාවයක් ඇති කර ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙළේදී විශ්ව විද්‍යාල සිසුන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ සඳහා කෘෂිකර්මාන්ත, සංචාරක, ව්‍යවහාරික, තාක්ෂණය ඇතුලු විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා විශ්ව විද්‍යාල සිසුන් දායක කර ගැනීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සමග පසුගියදා යාපනයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ නියමිත කාලය තුළ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ යුතු බවට ඉදිරියේදී නීතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බවයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යාපනය සංචාරය අතරතුරදී යාපනය සහ කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල එක්සත් ජාතික පාක්ෂිකයින් අද (07) හමුවී තිබෙනවා.

ඊට පාක්ෂිකයින් 600 කට වැඩි පිරිසක් එක්ව ඇති අතර එහිදී ඔවුන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රටේ ආර්ථිකය නිවැරදි මගකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ෴


පොලිසියට බිය වී පළා ගිය සැකකරුවෙකු කන්දකින් ඇදවැටී මරුට

(07.01.2024 – 20:06 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල විල්බාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට පොලිසිය එහි ගිය අවස්ථාවේදී පලාගිය පුද්ගලයෙකු කඳු බෑවුමකින් ඇදවැටී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඔහු සමග පලාගිය තවත් අයෙකු එම බෑවුමෙන් ඇදවැටී බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

විල්බාව කොටකන්ද වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එහි සිටි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී ඔහු සමග සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) පලාගොස් ඇති අතර එහිදී කඳු බෑවුමෙන් ඇදවැටී අනතුරට ලක් වී ඇත්තේ.

මියගොස් ඇති පුද්ගලයා කුරුණෑගල වැහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ ෴


‘පෙම්වතා’ විසින් රූමත් ‘පෙම්වතිය’ ඝාතනය කරලා

(07.01.2024 – 19:10 +0530 – hirunews.lk/sinhala)

සිය රූමත් පෙම්වතිය සමඟ ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව පෙම්වතා විසින් ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය සඳහන් කරනවා.

24 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පිහියත් සමඟ පොලිසි‍ය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇති බවය් වාර්තා වන්නේ.

ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල, බටකැත්තර, ‘එල් එස් වත්ත’ ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක් ලෙස රැකියාව කරන වයස අවුරුදු 26 ක් වන තරුණියක්.

ඝාතනයට ලක් වූ තරුණිය සිය මව පියා හා සහෝදරයා සමඟ ‘එල් එස් වත්ත’ නිවසක කොටසකට කුලී පදනම මත මීට වසර එකහමාරකට (1½) පමණ ඉහත දී පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ තරුණිය මීට වසර තුනකට (3) පමණ ඉහතදී සැකකාර පෙම්වතා සමඟ ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තිබී ඇති අතර මාස තුනක (3) පමණ කාලයක සිට ඇය පෙම්වතා මගහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී තිබෙනවා.

දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමෙන් අනතුරුව අදාළ පෙම්වතා විසින් පෙම්වතියගේ පපු පෙදෙසට, හිසට, යටි බඩ පෙදෙසට, අතට ආදී හය (6) පොළකට ඇන ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

පෙම්වතාගේ පිහි ප්‍රහාරයෙන් පසුව තරුණිය “අම්මේ, තාත්තේ, මට පිහියෙන් ඇන්නා” යැයි පවසා බිම ඇඳ වැටී ඇති අතර අසල්වැසියන් විසින් ඇයව රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ තරුණියට පිහියෙන් ඇනීමෙන් අනතුරුව පෙම්වතා ඝාතනයට යොදාගත් පිහිය ඉනේ ගසාගෙන යතුරුපැදියට නැගී පලායාමට තැත් කිරීමේදී අසල්වාසී තරුණයන් විසින් ඔහු අල්ලාගෙන පිළියන්දල පොලිසිය වෙත භාර දී ඇති බවයි.

රෝහල් ගත කරන අවස්ථාව වන විටත් තරුණිය මිය ගොස් සිට ඇති බව වාර්තා වී ඇත්තේ.

+


ජන හා නිවාස සංගණනය ලබන 31 වනදායීන් අවසන්

(07.01.2024 – 18:49 +0530 – hirunews.lk/sinhala)

ජන හා නිවාස සංගණනය ලබන 31 වනදායීන් අවසන් කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි පවසනවා.

පසුගිය වසරේ (2023) නොවැම්බර් මස 01 වනදා සිට දිවයින පුරා මෙම සංගණනය ආරම්භ කෙරුණා.

ඒ පිළිබඳව කොළඹ අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි සඳහන් කළේ ජන හා නිවාස සංගණනයේදී තොරතුරු සගවන්නන්නට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි ෴


වසරේ ගෙවුණු දින 5 ට ඩෙංගු රෝගීන් දහස (1000) ඉක්මවයි

(07.01.2024 – 17:44 +0530 – hirunews.lk/sinhala)

වසරේ ගෙවුණු දින 5 තුළදී පමණක් ඩෙංගු රෝගීන් 1,085 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, හම්බන්තොට, නුවර, කෑගල්ල, ත්‍රිකුණාමලය, රත්නපුර සහ පුත්තල මෙන්ම පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර ඩෙංගු රෝගය මර්ධනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය අද (07) සිට 13 වනදා දක්වා ජාතික ඩෙංගු මර්ධන සතියක්ද දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙනවා.

ගෙවුණු වසර තුළදී ඩෙංගු රෝගීන් 88,398 ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 58 ක්.

+


මියගිය තරුණියකගේ දේහය ගොඩ අරන් නිරුවත් කර දමා ගිහින්

(07.01.2024 – 17:15 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි නියුමෝනියා රෝගයෙන් මිය ගිය තරුණියකගේ දේහය ගොඩ අරන් නිරුවත් කර දමා ගොස් තිබෙනවා.

මෙලෙස ගොඩ ගෙන ඇත්තේ බණ්ඩාරවෙල බදුලුගස්තැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක් වන තරුණියකගේ සිරුරයි.

නියුමෝනියා රෝගය උත්සන්න වීමෙන් පසුගිය (03) දා ඇය ජීවිතක්ෂයට පත්වී තිබෙන අතර ඉන් පසු දින ඇයගේ අවසන් කටයුතු සිදු කරමින් දේහය මිහිදන් කර ඇති බවයි වාර්තා වන්නේ.

හෙට (08) දිනයේදී පැවැත්වෙන ඇයගේ දානමය පිංකම නිසා අද (07) අලුයම ඇයගේ පියා විසින් ඇය මිහිදන් කරන ලද සොහොන වෙත ගොස් ඇති අතර එහිදී ඔහුට දැකගැනීමට හැකිවී ඇත්තේ තම දියණියගේ සිරුර ගොඩ ගෙන නිරුවත් කර දමා ඇති අයුරුයි.

පියා විසින් බණ්ඩාරවෙල පොලීසියට මේ පිළිබදව එම අවස්ථාවේම දැනුවත් කර තිබෙනවා.

පොලීසිය විසින් නිළ සුනඛයන්ගෙ සහය මත එම ස්ථානය පරීක්ෂාවට ලක් කර ඇති බවද සඳහන්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *