රිය අනතුරකින් අයෙකු ජීවිතක්ෂයට – රුමේනියානු ජාතිකයෙකුට තුවාල

රිය අනතුරකින් අයෙකු ජීවිතක්ෂයට – රුමේනියානු ජාතිකයෙකුට තුවාල


රිය අනතුරකින් අයෙකු ජීවිතක්ෂයට – රුමේනියානු ජාතිකයෙකුට තුවාල

(06.01.2024 – 10:30 +0530 – sinhala.adaderana.lk)

කොළඹ – මහනුවර මාර්ගයේ මාර්ගයේ තිත්තවැල්ලකඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු (4) තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් වෑන් රථයක් පසුකර යාමේ දී එම වෑන් රථයේ ගැටී ඉදිරියෙන් පැමිණි තවත් වෑන් රථ දෙකක (2) ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි.

අනතුරින් එක් වෑන් රථයක ගමන් කළ රියදුරු සහ පිටුපස ගමන් කළ තිදෙනෙකු (3) බරපතළ තුවාල ලබා වතුපිටිවල සහ වරකාපොළ රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

එහි දී බරපතළ තුවාල ලබා සිටි රියදුරු මියගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ, 58 හැවිරිදි ගම්පොළ, මරියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තුවාලකරුවන් අතර රුමේනියානු ජාතිකයෙකු ද වන බව සඳහන්ය.

+

+


“ළමයි ඉස්කෝලේ ගිහින් එනකල් අපි බයෙන් ඉන්න ඕනේ…”

+


“ඉංග්‍රීසි ආණ්ඩු කාලේ හදපු පාලමක් දැන් කොන්ක්‍රීට් එක දිරලා…”

+


“බස් එකක් පෙරළිලා 11දෙනෙක් මැරුණා”

+


“වාහනවල මිල ඉතාම ඉහළ ලෙස උච්චාවචනය වෙනවා” – වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති

(06.01.2024 – 16:24 +0530 – hirunews.lk/sinhala)

ලියපදිංචි මෝටර් රථ අලෙවිකරුවන් වැට් බදු වැඩිවීමේ බලපෑම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බව ‘ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ’ සභාපති ‘ඉන්දික සම්පත් මෙරිංචිගේ’ පවසනවා.

ඔහු සඳහන් කරන්නේ වාහනවල මිල ගණන් ඉහළ ලෙස උච්චාවචනය වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා :

“1000cc අඩු වාහන ගෙන්වනවා කියලා ආනයනකරුවන්ගේ සංගමයෙන් ප්‍රකාශයක් කෙරුවා කියලා කියනවා. අපිට එහෙම තීරණයක් ගන්න බැහැ. ඒ තීරණය ගන්න ඕනේ රජයෙන්. හැබැයි අපි රජයට කරන්න පුළුවන් යෝජනාවල් කෙරුවා. ඊට සම්බන්ධ දේශපාලන අධිකාරියත්, මුදල් අමාත්‍යංශය, මහ බැංකුවත් කිසිම දෙයක් ඇහුම්කන් දෙන්නේ නැහැ. වාහනවල මිල ඉතාම ඉහළ ලෙස උච්චාවචනය වෙනවා. රුපියල් ලක්ෂ හැත්තෑවක (70) වාහනයක් ලක්ෂ අසූ පහකට අනූවකට (85-90) යනවා. ආයේ ඒක බහිනවා. ඒක ඇත්තටම බොහොම විෂමතාවයක්. වැට් වැදුනා; මේක කොහොමද ආනයනකරුවන් හැටියට බලපාන්නේ? මුදල් අමාත්‍යංශය හැම භාණ්ඩෙකම නිෂ්පාදන බද්ද වැඩි කෙරුවා.”

එමෙන්ම අලුත් ක්‍රමයට රෙජිස්ටර් වාහන විකුණන අය පරිස්සම් විය යුතු බව ද සභාපති ඉන්දික සම්පත් ප්‍රකාශ කලා.

“අලුත් ක්‍රමයට රෙජිස්ටර් වාහන විකුණන අය බොහොම පරිස්සම් වෙන්න. ලොකු පිරිසක් වාහන අරන් එකක් දෙකක් විකුණනවා. ඕගොල්ලෝ බැංකුවලට සල්ලි දාගත්තොත් අවුරුද්ද ඉවර වෙද්දී රජයට ගෙවන්න වෙනවා වැට් බද්දක්. ඕගොල්ලෝ අයිති වෙනවා ගෙවන්න. එකතු කරලා නැහැ. ඒ වුණාට ගෙවන්න වෙනවා. හරි පරිස්සම් වෙන්න. දැනට තියෙන හැටියට කිසිම වාහනයක් ගෙන්වීමේ හැකියාවක් නැහැ.”

+


අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබා දීම යලිත් තව සති 02 කින්

(06.01.2024 – 15:43 +0530 – hirunews.lk/sinhala)

අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබා දීමේ ජාතික වැඩසටහනක් තවත් සති 02 කින් යලි ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

අද (06) දිනයේ දිස්ත්‍රික්ක 09 ක පවත්වන අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබා දීමේ ජාතික වැඩසටහනේ දී අදාළ අමතර මාත්‍රාව ලබා නොගත් දරුවන් සදහා එය ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ.

2023 වසරේ මැයි මාසයේ සිට සරම්ප රෝගීන් 740 දෙනෙකු වාර්තා වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත මෙම අමතර මාත්‍රාව ලබා දීම සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සදහන් කළා ෴


ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීමට මැදිහත්වීමට මියන්මාරයේ එකඟතාව

(06.01.2024 – 15:22 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ නමින් හඳුන්වන ප්‍රදේශයේ ත්‍රස්ත කඳවුරුවල රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වීමට එරට රජය එකඟතාව පළ කර ඇති බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මියන්මාර නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ඉහළ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පොරොන්දුවක් ලබා දී ඇති බවයි.

මියන්මාර – තායිලන්ත දේශසීමාව අසල ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක පාලනය යටතේ පිහිටි ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ නමින් හඳුන්වන ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු ත්‍රස්ත කඳවුරු 03 ක රඳවාගෙන සිටින බවට හිරු ප්‍රවෘත්ති මගින් පසුගිය දිනවල දිගින් දිගටම කරුණු අනාවරණ කළා.

ඒ අතරතුර මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර සමග හිරු ප්‍රවෘත්ති අඛණ්ඩව සම්බන්ධවෙමින් ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලූ අතර, එම ත්‍රස්ත කඳවුරුවල සිරව සිටින ලාංකිකයින්ගේ ඥාතීන් වෙතින් ද තොරතුරු සොයා බැලු‍වේ අදාළ ලාංකිකයින් බේරාගෙන යළි මෙරටට ගෙන්වා ගැනීමේ අපේක්ෂාවෙන්.

එවන් පසුබිමක, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ද මියන්මාරයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පසුගිය 03 වනදා දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබුණා.

මේ අතර, මියන්මාරයේ නෙපිටෝ අගනුවර පාක් රෝයල් හෝටලයේදී ඊයේ (05) උදෑසන මියන්මාරයේ සිටින බිම්ස්ටෙක් රටවල තානාපතිවරුන් සහ මියන්මාරයේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර ප්‍රකාශ කළේ එම අවස්ථාවේදීද ත්‍රස්ත කඳවුරුවල සිරව සිටින ලාංකිකයින් ඇතුළු පිරිස කඩිනමින් බේරා ගැනීම සඳහා මැදිහත්වන බවට මියන්මාර බලධාරීන් පොරොන්දු වූ බවයි.

+


වර්ජනයේ නිරත වූ විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ සේවය අත්හිටුවයි

(06.01.2024 – 12:53 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලිබල සැපයුමට බාධා කරමින් වර්ජනය කළ සේවකයින්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.

ලිපියක් යොමුකරමින් ඔහු විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම්දී තිබුණේ එම සේවකයන්ගේ තොරතුරු තම අමාත්‍යාංශය වෙත යොමුකරන ලෙසයි.

පසුගිය 3, 4 සහ 5 දිනවලදී ඇතැම් සේවකයින් ගෙනගිය වර්ජනය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මහජන සේවාවන් පවත්වාගෙන යෑමට බාධා එල්ලවූ බවට මහජන පැමිණිලි අමාත්‍යාංශය වෙත ලැබී තිබුණා.

විශේෂයෙන් ගෙවීම් කවුලු වසා දමමින් මහජන සේවා සපයන කාර්යාල කටයුතු අඩපණ කරමින් මොවුන් කටයුතු කර ඇති බවටයි අදාළ පැමිණිලිවල දැක්වුණේ.

පැවති තත්වය මත පසුගිය දෙවනදා සිට සියලුම විදුලි සේවකයින්ගේ නිවාඩුද අවලංගු කර තිබුණා.


“චමල් සංජීව නිසා සමගි ජන බලවේගයේ දුෂණ විරෝධි ගමන තවත් ශක්තිමත් වුණා” – විපක්ෂ නායක

(06.01.2024 – 12:42 +0530 – hirunews.lk/sinhala)

විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව සමගි ජන බලවේගයට එක්වීම සතුටට කරුණක් බවත් රජයේ සේවකයකු වූ විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීවට සිය රැකියාව අහිමි වූයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ දූෂණ වංචා අනාවරණය කිරීම නිසා වුවත් ඉන් නොසැලී ඒ දුෂණ විරෝධී ගමන ශක්තිමත් කිරීමට සමගි ජන බලවේගය හා එක්වීම සතුටට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

දුෂණ විරෝධී බලකාය හරහා රාජපක්ෂවරු ඇතුළු රට බංකොලොත් කිරීමට හේතු වූ පුද්ගලයන් කවුරුන්ද කියා අනාවරණය කර ගැනීමට හැකි වූ බවත්, බවත් විපක්ෂ නායකයා පවසනවා.

සමගි ජන බලවේගය කටයුතු කරන්නේ මෙරට දූෂණ වංචා තුරන් කිරීමට බවත් ඒ ගමනේ පුරෝගාමී නායකයකු ලෙස විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව අද (06) දින සිට කටයුතු කරන බවත් ඔහුට ක්ෂේත්‍රයේ උපරිම සුදුසුකම් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසනවා.

එසේම මේ දූෂණ විරෝධී බලවේගය හරහා රටින් සොරකම් කරන ලද මුදල් හා සම්පත් නැවත රටට ලබා ගැනීමට කටයුතු කරන බවත් පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව සමගි ජන බලවේගයට එක්ව දූෂණ විරෝධී බලවේගය හා සම්බන්ධ වූ අවස්ථාවේ දී යි.

මේ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීවට සමගි ජන බලවේගයට අනුබද්ධිත දූෂණ විරෝධි බලවේගයේ උප සභාපතිවරයා ලෙස සහ සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් ධුරයටද පත් කළ බවයි සඳහන් වන්නේ.

+


ඩෙංගු ගැන කියන්න ක්ෂණික දුරකථන අංකයක්

(06.01.2024 – 12:01 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝග වැළැක්වීම සහ පාලනය කිරීමට අදාළ මහජන ඇමතුම් සඳහා ක්‍ෂණික ඇමතුම් අංකයක් හඳුන්වාදී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ ඒ අනුව 011 796 6366 යන ක්‍ෂණික ඇමතුම් අංකය මේ සඳහා වෙන්කර ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ අද (06) සිට ස්ථාපිත කර ඇති මෙම ක්‍ෂණික දුරකථන අංකයට සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල ඇතුළුව පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා ඩෙංගු රෝගය පිළිබඳ තොරතුරු දැනගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව දැන්වීමට හැකියාව පවතිනවා.

මේ අතර, සරම්ප රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කොළඹ, ගම්පහ ඇතුළු තෝරාගත් දිස්ත්‍රික්ක 9 ක අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහන මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කළා.

මෙම දිස්ත්‍රික්ක 9 යක සායන 1,600 ක දී මාස 6 ත් 9 ත් අතර කුඩා දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීම අද (06) ආරම්භ කෙරුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *