දරුවන්ගේ අමතර සරම්ප එන්නත් මාත්‍රාව 06 වනදා ඇරඹෙයි
(04.01.2024 – 07:57 +0530 – sinhala.adaderana.lk)
මාස 6 ත් 9 ත් අතර වයස්වල පසුවන දරුවන් සඳහා අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ ලබන 06 වන දින තෝරාගත් දිස්ත්‍රික් 9 ක් ආවරණය වන පරිදි එම වැඩසටහන ආරම්භ කරන බවය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ,
“කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර, ගාල්ල, කල්මුණේ කියන ප්‍රදේශ 09 මූලික කරගෙන මෙම එන්නත් වැඩසටහන දියත් කෙරෙනවා. අඩු වයසේ දරුවෙකුට සරම්ප හැදුණොත් දිගුකාලීන සංකූලතාවලට යන්න පුළුවන්. මේක අමතර එන්නත් මාත්‍රාවක්. වයස සම්පූර්ණ වෙනකොට නියමිත එන්නත් මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි” ෴
බදු අංකයක් සඳහා ලියාපදිංචි නොවුණොත් වෙනදේ ?
(03.01.2024 – 17:13 +0530 – sinhala.adaderana.lk)
බදු අංකයක් ලබාගැනීමේ ක්‍රමවේදයට අනුගත නොවන පුද්ගලයන්ට රුපියල් 50,000 ක දඩ මුදලක් අය කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇතත්, එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අද (03) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයින් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්යය කිරීමට රජය පියවර ගෙන තිබුණි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,
“රටේ අනාගතය ගැන සිතා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කළ ද, ඒ තුළින් රටේ ජනතාව පීඩාවට පත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ.”
“බදු ලිපිගොනුවක් විවෘත කර අංකයක් ලබාගැනීම අනිවාර්ය වුණත් ඒ සියලුදෙනා බදු ගෙවිය යුතුයි යන්න ඉන් කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ. දැනට මාසයකට රුපියල් ලක්ෂයකට (100,000) වැඩි ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයන් පමණයි බද්දක් ගෙවන්න වෙන්නේ” ෴
ඖෂධ නියාමනේ තඩි බිල්ඩිම ළඟ සිට ඖෂධවේදී යුනියන් එකක රටම දැනගන්න ඕන අනාවරණයක (03.01.2024)
+
ගුවන්තොටුපල වෘත්තීය සමිති නායකයන් 28 ක වැඩ තහනම්.. ජාත්‍යන්තර ගුවන් ගමන් කඩාකප්පල් කරන්න සැලසුම් කරලා..
(04.01.2024 – 09:20 +0530 – lankacnews.com)
කටුනායක ගුවන්තොටුපොළ තුළ අලුතින් පිහිටුවූ ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයන් 28 දෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (03) දහවල් 12:00 සිට අත්හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා පියවර ගෙන තිබිණ.
ඒ සම්බන්ධයෙන් අදාළ සේවකයන්ට ලිඛිතව දැනුම් දීමට ද සභාපතිවරයා පියවර ගත්තේය.
මෙම වෘත්තීය සමිතිය සමඟ කටුනායක ගුවන්තොටුපොළ ඇතුළු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අනෙකුත් සියලු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, අභ්‍යන්තර ගුවන්තොටුපොළ සහ පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයන් සම්බන්ධ වී සිටින බව ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා පැවසීය.
ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන සියලු ගුවන් සේවා අවහිර සහ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මෙම වෘත්තීය සමිතියේ ලේකම්වරයා විසින් ලිපි යවා ඇති බව එම අනිවාර්ය නිවාඩු ගැන්වීමේ ලිපිවල සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපතිවරයා සඳහන් කර තිබිණ.
එවැනි පියවරක් ගැනීමට මොවුන්ට නීත්‍යනුකූල සහ සදාචාරාත්මක අයිතියක් නැති බව සඳහන් කරන සභාපතිවරයා මෙම විෂමාචාර කටයුත්ත පිළිබඳ බලපෑම්වලින් තොර විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මෙසේ මොවුන් වහාම බලපැවැත්වෙන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වූ බව සඳහන් කරයි.
මෙම වෘත්තීය සමිති නායකයන් සතුව ඇති ගුවන්තොටුපොළ ඇතුළු වීමේ අවසර පත් සහ ඔවුන් සේවය සඳහා භාවිත කළ සියලු උපකරණ ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත භාර දීමට ද දැනුම් දී තිබේ.
මෙම පරීක්ෂණ අවසන් වන තෙක් සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළු වීම ද මොවුන්ට තහනම් කර තිබේ.
කටුනායක – ටී.කේ.ජී. කපිල
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් උද්ඝෝෂණයක
(04.01.2024 – 13:59 +0530 – hirunews.lk/sinhala)
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතට එරෙහිව එහි සේවකයන් උද්ඝෝෂණයක් සිදු කරනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් ඇතුළු පිරිසට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය, මහ බැංකුව සහ ගාලුමුවදොර පරිශ්‍රයට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එසේම මහජනයාට පීඩාවක් ඇති නොවන ලෙස උද්ඝෝෂනය සිදු කරන ලෙසත් රාජ්‍ය දේපල වලට අලාභහානි සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා උද්ඝෝකකරුවන්ට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ ෴
+++++++
කාංචන…පුලුවන්නම් නවත්තපන් | සියලු බලවේග හෙට (05) කොළඹට එනවා | ලංවීම අදත් (04) උණුසුම් සේවක විරෝධතාවක් (04.01.2024)
+
වස පානය කරලා මියගිය සිද්ධියේ තවත් අත්භූත කතාවක් පොලිසිය හෙළිකරයි | පොලිසිය කිව්ව ඇඟහිරිවැටෙන කතාව (04.01.2024)
+++++++
+
වත්තල පාසලක තිබී අවියක් සොයා ගනී
(04.01.2024 – 18:40 +0530 – hirunews.lk/sinhala)
වත්තල ප්‍රදේශයේ පාසලක ක්‍රිකට් භාර ගුරුවරයාගේ කාමරයේ සඟවා තිබීයදී ගිනි අවියක් සොයා ගත් බව පොලිසිය සඳහන් කරනවා.
ටී 56 ගිනි අවිය මෙන්ම මැගසින් 04 ක් සහ මිමී 9 උණ්ඩ 18 ක් ද එහි තිබී සොයා ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ පොලිස් භාරයට ගත් මෙම ආයුධ සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීවට අයත් බවයි ෴
NPP එකට රටක් පාලනය කරන්න කිසිම අවබෝධයක් නෑ – ආචාර්ය හර්ෂ ද සිල්වා
(04.01.2024 – 18:09 +0530 – hirunews.lk/sinhala)
අනාගතයේ ජාතික ජනබලවේගයේ රජයක් යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය ණය ගෙවීමක් සිදු නොකරන බවට ජාතික ජන බලවේගය සිදුකළ ප්‍රකාශයකට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රතිචාර දක්වමින් ටුවිටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ ජාතික ජන බලවේගයේ ඉහළම ආර්ථික විද්‍යාඥයින් විසින් කරන ලද ප්‍රකාශවලින් පෙනී යන්නේ ජාතික ජන බලවේගයට ණයක් පවත්වාගෙන යාමට දැනුමක් නොමැති බවයි.
ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරන්නේ මුලින්ම මෙම ප්‍රකාශය ජාතික ජන බලවේගයේ ප්‍රධාන ආර්ථික උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත විසින් ප්‍රකාශ කර ඇති අතර දැන් ඔවුන්ගේ ඉහළම ආර්ථික විද්‍යාඥ සුනිල් හඳුන්නෙත්ති විසින් පැහැදිලිවම මෙය පුනරුච්චාරණය කර ඇති බවයි.
මෙය හේතුවෙන් ඔහුන්ට රටක් පාලනය කරන්නේ කෙසේද යන්න ගැන කිසිසේත්ම අවබෝධයක් නොමැති බවයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකශ කරන්නේ ෴
‘හරක්කටාට’ උදව් කළ පොලිස් නිලධාරීන් 19 ක් සම්බන්ධයෙන් පරීක්ෂණ
(04.01.2024 – 14:49 +0530 – hirunews.lk/sinhala)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ නොහොත් ‘හරක්කටා’ සමඟ දුරකථන සම්බන්ධතා පවත්වමින් විවිධ වරදාන වරප්‍රසාද ලබා ගත්තේ යැයි කියන පොලිස් නිලධාරීන් 19 දෙනෙකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග මතයි මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ.
මෙම චෝදනාව එල්ල වී ඇති පොලිස් නිලධාරීන් බහුතරයක් දකුණු පළාතේ විවිධ ශ්‍රේණිවලට අයත් පොලිස් නිලධාරීන් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන්කරන් කරන්නේ.
එමෙන් ම වාර්තාවන පරිදි ‘හරක්කටා’ අනපේක්ෂිත ලෙස පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඇතැම් පොලිස් නිලධාරීන් සේවා කාලය සම්පූර්ණ වීමටත් පෙර විවිධ හේතුන් ගෙනහැර දක්වමින් සිය කැමැත්තෙන්ම දුෂ්කර ප්‍රදේශවකට ස්ථානමාරු ලබාගෙන පිටව ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන්කර සිටිනවා ෴
සරම්ප දෙවන (2) රැල්ලක් වීමේ අවදානමක්
(04.01.2024 – 13:39 +0530 – hirunews.lk/sinhala)
සරම්ප රෝගය මාරාන්තික රෝගයක් වන නමුත් අදාළ එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා යොමු වීමෙන් එය පහසුවෙන් වළක්වා ගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙන්නේ මේ වනවිට දිස්ත්‍රික්ක 10 ක පැතිර ඇති සරම්ප රෝගයේ දෙවැනි (2) රැල්ලක් මතුවීමේ අවදානමක්ද පවතින බවයි.
ශ්වසන පද්ධතිය ආශ්‍රයෙන් මෙම වෛරසය ශරීරගතවීමෙන් යම් පුද්ලයෙකුගේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වෙනවා.
මෙම වෛරසය නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට ඇතුළු වී සති දෙකක (2) පමණ කාලයක් යන විට රෝගය වැළඳීම සිදු වන බවයි වාර්තා වන්නේ.
තද උණ ගතිය, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, නාසයෙන් සොටුදියර ගැලීම සහ ඇස් රතුවීම සරම්ප රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකියි.
එක් සරම්ප රෝගියෙකුගෙන් සරම්ප එන්නත ලබා නොගත් නිරෝගී පුද්ගලයින් 18 දෙනෙකුට වෛරසය ආසාදනය වීමට හැකියාවක් පවතිනවා.
රෝගය වැළඳුණු අවස්ථාවේ මෙන්ම වසර ගණනකට පසුවත් සංකූලතා මතු විය හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙන්නේ.
මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සරම්ප යැයි සැක සහිත රෝගී දරුවන් 15 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් 7 දෙනෙකු නිශ්චිත වශයෙන්ම සරම්ප රෝගීන් බවට අද (04) වන විට තහවුරු කරගෙන තිබෙනවා.
ඇතැම් පිරිස් ආගමික විශ්වාසයන් සහ ඇදහිලිවලට අනුව එන්නත්කරණ වැඩසටහන්වලට යොමුවීමේ මැලිකමක් දක්වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
+
ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක්
(04.01.2024 – 12:49 +0530 – hirunews.lk/sinhala)
ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීමෙන් ලබන ඉරිදා (07) සිට දිවයින පුරා ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ එය ක්‍රියාත්මක අතර, අද (04) සිට දිස්ත්‍රික් මට්ටමින් ඩෙංගු මදුරු මර්දන කමිටු ස්ථාපිත කිරීමටයි තීරණය වී ඇත්තේ.
ලබන ඉරිදා (07) සිට පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කෙරෙන අතර ඊට පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, ඩෙංගු මදුරු මර්දන සහායකයින් මෙන්ම ග්‍රාම නිලධාරින්ගේ සහාය ද ලබා ගැනීමටයි තීරණය වී ඇති බව සඳහන් ෴
කාන්තා සහ ළමා අපරාධ පිළිබඳ තොරතුරු ලබා දීමට නව දුරකථන අංකයක්
(04.01.2024 – 12:23 +0530 – hirunews.lk/sinhala)
කාන්තාවන්ට හෝ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳව පැමිණිලි කිරීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක මෙම දුරකථන අංකය හඳුන්වා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව 109 දුරකථන අංකය ඔස්සේ මේ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාවක් පවතිනවා ෴
වයඹ රජයේ ගුරුවරුන්ට ටියුෂන් තහනමක්
(04.01.2024 – 12:12 +0530 – hirunews.lk/sinhala)
පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්බන්ධයෙන් වයඹ පළාතේ ගුරුවරුන් සඳහා චක්‍රලේඛනයක් නිකුත්කර තිබෙනවා.
එම චක්‍රලේඛනයේ සඳහන්වෙන්නේ වයඹ පළාත් පාසල්වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි.
වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මෙම චක්‍රලේඛණය නිකුත්කර තිබෙනවා.
මෙම චක්‍රලේඛය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවරෙන අතර මෙය කඩකරන ගුරුවරුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන බවයි එම චක්‍රලේඛනයේ සඳහන් වෙන්නේ.
තම පන්තිවලට සහභාගී නොවන සිසුන් වෙත පාසල් පංතිකාමරයේදී එල්ල වන පීඩාවන් පිළිබඳව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ ෴
මත්ද්‍රව්‍ය අලෙවි කළ යුවලක් අත්අඩංගුවට
(04.01.2024 – 10:36 +0530 – hirunews.lk/sinhala)
වවුනියාවේ සිදම්බරපුරම් ප්‍රදේශයේ පෙම්සුව විදිමින් සිටි යුවලක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන ගිය අවස්ථාවේදී ඔවුන් මත්ද්‍රව්‍ය අලෙවි කරන යුවලක් බව අනාවරණය වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා (2) කුළියට ගෙන තාවකාලිකව පදිංචි වී සිටි සිදම්බරපුරම් ප්‍රදේශයේ නිවසක තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 980 ක් කේරළ ගංජා කිලෝවක් (1) හා පාසල් සිසුන්ට අලෙවි කරණ මත්පෙති 300 ක් එම නිවසේ තිබී හමු වී ඇති බවයි වාර්තා වෙන්නේ.
තරුණියගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකැට් කීපයක්ද පොලිසියට හමු වී තිබෙනවා.
සැකකාර යුවල වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සිදම්බරපුරම් පොලීසිය පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ ෴
ලිඳුල වතු නිවාස පෙළක ගින්නක්
(04.01.2024 – 10:05 +0530 – hirunews.lk/sinhala)
තලවකැලේ – ලිඳුල ලොකුරහන් වත්ත ප්‍රදේශයේ වතු නිවාස පෙළක අද (04) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, ගින්නෙන් නිවාස 3 කට දැඩි හානි සිදුව ඇති බවයි.
ගින්න හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 10 දෙනෙකු පමණ ප්‍රදේශයේ වෙනත් ස්ථානයක රඳවා ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴