කොළඹ හතේ (07) සංගීත ගුරුවරියකට කළ අපරාධය සැකකරු වමාරයි

කොළඹ හතේ (07) සංගීත ගුරුවරියකට කළ අපරාධය සැකකරු වමාරයි


කොළඹ හතේ (07) සංගීත ගුරුවරියකට කළ අපරාධය සැකකරු වමාරයි

(03.01.2024 – 10:39 +0530 – hirunews.lk/sinhala)

කොළඹ හත (07) විජයරාම මාවතේ 75 හැවිරිදි සංගීත ගුරුවරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පොලිසිය පවසනවා.

සැකකරු එම විසින් සොරාගෙන තිබූ ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක් සහ ගෑස් සිලින්ඩර දෙකක් (2) ද පොලිසිය මගින් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අවට නිවාස සහ ආයතනය කිහිපයක ආරක්‍ෂිත කැමරා පරික්ෂා කිරීමෙන් ලැබුණු සාක්ෂි මතයි.

මෙම සැකකරු කාන්තාව ඝාතනය වූ පසුගිය (15) වෙනදා ට පෙර දින මෙම නිවසට පැමිණ වත්ත සුද්ද කර ඇති බවයි වාර්තා වන්නේ.

“මැඩම් වයස උනාට හරිම ලස්සනයි; වයසයි කියලා පෙන්නෑ; මට ආශාවක් ඇති වුණා” යැයි සැකකරු පොලිසියේදී ප්‍රකාශ කර තිබෙනවා ෴

(03.01.2024 – 11:42 +0530 – sinhala.adaderana.lk)

කෙසේ වෙතත් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව අදාළ මරණය ඝාතනයක් බවට සැකකළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකළේය.

එහිදී සිදුකළ CCTV පරීක්ෂාවේ දී සැකකටයුතු පුද්ගලයෙක් නිවසට ඇතුළු වන අයුරු හා ඉන් පිටව යන ආකාරය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා තිබිණි.

එම සැකකරු කොළඹ නිවාසවල වතු සුද්ධ පවිත්‍ර කරන කම්කරුවෙක් බවත් ඔහු අවිවාහකයෙකු බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

මේ අනුව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සැකකාර කම්කරුවා ඊයේ (02) උදෑසන සිය නිවසේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන්කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඝාතනයේ සුලමුල හෙළිකරගැනීමට හැකිව ඇත.

පසුගිය 14 වැනිදා මොහු මිත්‍රානි ප්‍රනාන්දු නමැති කාන්තාවගේ නිවස පවිත්‍ර කිරීමට ගොස් ඇත. ඔහු ඊට පෙරාතුවද මෙම නිවසේ විවිධ වැඩ කටයුතු සඳහා ගිය අයෙකු හෙයින් මිත්‍රානි ද මොහු හොඳින් දැන සිටි තැනැත්තියකි.

ඒ අනුව දෙසැම්බර් මස 15 වන දිනත් උදෑසන ඔහු මිත්‍රානි මහත්මියගේ නිවසේ සුද්ද පවිත්‍ර කටයුතු සඳහා ගොස් ඇති අතර, එහිදී ඇයව දූෂණය කර පසුව වයර් කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කළ බවටත් සැකකරු පාපොච්චාරණය කර ඇත.

පසුව එම නිවසේ තිබූ මියගිය කාන්තාවගේ ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය හා මුළුතැන්ගෙහි තිබූ ගෑස් සිලින්ඩර් සොරකම් කර විවිධ පුද්ගලයින්ට විකුණූ බවටත් සැකකරු පාපොච්චාරණය කර තිබේ ෴

++++++++

+


අ.පො.ස උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

(03.01.2024 – 10:48 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (04) ආරම්භ වන අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා මෙම විභාග මධ්‍යස්ථානය පිහිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

ඒ අනුව පොළොන්නරුව, වැලිකන්ද, අරලගංවිල සහ දිඹුලාගල යන අධ්‍යාපන කොට්ඨාසවල පදිංචි විභාග අපේක්ෂකයින් සඳහා මෙම විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ මෙම විශේෂ විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීම සඳහා විභාග කොමසාරිස්වරයා විසින් නිකුත් කර ඇති විභාග ප්‍රවේශ පත්‍රය වලංගු වන බවයි ෴

++++++++

උසස් පෙළ කාලසටහනේ සුළු වෙනසක්

(03.01.2024 – 09:23 +0530 – hirunews.lk/sinhala)

අ.පො.ස උසස් පෙළ විභාගය හෙට (04) ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව විභාග කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුකර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

‘කොරියානු භාෂාව’ නව විෂ‍යක් ලෙස එකතු වී ඇති අතර එම විෂය එකතු කිරීමට යෑමේදී කාල සටහනේ සුළු වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට වූ බවයි ඔහු සඳහන්කර සිටියේ.

පෙර පැවති කාලසටහන පරිහරනය නොකරන ලෙස ඔහු දන්වා සිටිනවා.

ඇතැම් වෙබ් අඩවි තුළ කාලසටහන වැරදි ලෙස තිබිය හැකි බැවින් ප්‍රවේශපත්‍රයේ සඳහන්කර ඇති කාලසටහන අනුගමනය කරන ලෙසයි අමිත් ජයසුන්දර සඳහන්කර සිටින්නේ.

අපේක්ෂකයින්ගේ පහසුවට ප්‍රවේශපත්‍රයේ කාලසටහන දක්වා ඇති බවත් එහි වෙන්කරන කොටසෙහි ඉල්ලුම් කළ විෂයන්වලට අදාළ දිනය, විෂය අංකය, කුමන පත්‍රය ද, මාධ්‍ය, ඒ විෂය පැවැත්වෙන වේලාව සඳහන් කර තිබෙන බවත් එය අනුගමනය කරන ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ ෴


මත්කුඩු ජාවාරමේ නිරත වූ දියණිය, මව කොටුවෙයි

(03.01.2024 – 10:19 +0530 – hirunews.lk/sinhala)

මත්කුඩු ජාවාරමේ නිරත වූ මවක් සහ දියණියක් ඇතුලු 3දෙනෙකු වාලච්චේන – බිරන්දරච්චේන ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 20 වන වියේ පසුවන අතර, දියණිය 21වියෙහි සහ ඇගේ මව 48 වන වියේ පසුවන බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 40 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 980 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් දොලොස් ලක්ෂ 22,300 ක මුදලක් ද සොයා ගැණුනා ෴


නිවසේ නිදා සිටි තරුණයාගේ මළ සිරුර සැක සහිත ලෙස මහමඟ තිබී සොයාගැනේ

(03.01.2024 – 10:16 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ තරුණයෙකු මහමඟ සැක සහිත ලෙස මියගොස් තිබියදී ඔහුගේ මළ සිරුර ගම්වාසීන් විසින් ඊයේ (02) සොයා ගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක පුද්ගලයෙක්.

මියගිය තරුණයාගේ දෙමව්පියන් හා ඥාතීන් පවසන්නේ ඔහු රාත්‍රි කාලයේදී ආහාර ගෙන නින්දට ගිය බවයි.

කෙසේ වෙතත් මොහු උදෑසන නිවසේ නොසිටි බවට දෙමව්පියන් පවසන අතර ඔහුගේ මළ සිරුර අතුරු මාර්ගයක පාලු ස්ථානයක තිබියදී හමු වූ බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මරදන්කේණී පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා ෴


දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3% කින් ඉහළට

(03.01.2024 – 09:06 +0530 – hirunews.lk/sinhala)

වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3% කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව 38.4% ක් ලෙස පැවති දුරකථන සේවාවල සම්පුර්ණ බදු ප්‍රතිශතය 42% ක් පමණ වනු ඇති බවයි විදුලි සංදේශ සේවා සපයන්නන් පවසන්නේ.

අන්තර්ජාල සේවා ගාස්තු සඳහා නව වැට් බදු සංශෝධනයෙන් පසු 20.3 සිට 23.5 ක් වන අතර මෙම බදු සඳහා සෙසු බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද ඇතුළත් වන බවයි වාර්තා වන්නේ ෴


ගෙවුණු පැය 24 තුළ සැකකරුවන් 1,182 ක් අත්අඩංගුවට

(03.01.2024 – 08:33 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුල දිවයින පුරා සිදු වූ යුක්තිය මෙහෙයුම්වලදී සැකකරුවන් 1,182 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හෙරොයින් 287g , අයිස් 246g , ගංජා 05.4kg , ගංජා පැල 19,052 ක් , මත්පෙති 119 ක් ෴


මානසික ආබාධයකින් පෙළෙන දියණිය පහරදී පියා ජීවිතක්ෂයට

(03.01.2024 – 07:32 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – වඳුරඹ – කටඹුරව ප්‍රදේශයේදී මානසික ආබාධයකින් පෙළෙන දියණිය විසින් සිදුකළ පහරදීමකින් පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දියණියට ඖෂධ ලබා දීමේදී ඒවා ආහාර සමග මිශ්‍රකර ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් ඇය ඊයේ (02) පෙරවරුවේ සිය පියාට අතින් පයින් පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය පියා හෘදයාබාධ තත්වයකින් පසුවූ අයෙකුවන අතර, දියණිය පහරදී ටික වේලාවකට පසු ඔහු නිවස තුළදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මවද එම අවස්ථාවේ නිවසේ සිට ඇති අතර, ඇයටද දියණිය පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

22 හැවිරිදි ඇය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් මියගිය පියාගේ වයස අවුරුදු 54 ක් ෴


මහරගම ලැගුම්හලක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගනී

(03.01.2024 – 10:41 +0530 – sinhala.adaderana.lk)

යම් විෂ වර්ගයක් ආහාරයට ගෙන මියගිය බවට සැකකරන තරුණයෙකුගේ සිරුරක් මහරගම දුම්රියපොළ පාරේ, ලැගුම්හලක තිබී අද (03) උදෑසන සොයාගත් බව මහරගම පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා ඊයේ (02) සවස 01:30 ට පමණ මෙම ලැගුම්හලට පැමිණ ඇති අතර සවස 6 ට පමණ එම ස්ථානයෙන් පිටව යන බවට ලැගුම්හලට දැනුම්දී ඇත.

එහෙත් ඔහු පිටව නොයෑම පිළිබඳ ඇති වූ සැකයක් පිළිබඳ කාමරය පරීක්ෂා කිරීමේ දී අදාළ තරුණයා ඇඳ මත වැටී සිටිනු දැක එහි සේවකයෙක් පොලීසියට ඒ බව දැනුම්දී තිබේ.

ඒ අනුව මහරගම පොලීසියේ නිලධාරීන් හා නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයා,

මීට පෙර විෂ වර්ගයක් ආහාරයට ගෙන හෝමාගම ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණ සිටි අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.
.
එහිදී අනාවරණය වී ඇත්තේ මියගිය තරුණයා ඉහත සඳහන් කළ පුද්ගලයාගේ අනුගාමිකයෙකු වන බවත් ඔහු විසින් පැවැත්වූ දේශනා සඳහා සහභාගී වී ඇති බවත්ය.

මියගිය ස්ථානයේ තිබී ආහාරයට ගත් විෂ වර්ගය අඩංගු බෑගයක්, වතුර බෝතලයක් හා ජංගම දුරකථන දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සිද්ධිය වූ ස්ථානයට සොකෝ සහ මහෙස්ත්‍රාත්වරයා පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

https://www.youtube.com/watch?v=rNBmKfSWHaU

++++++++

බුදුදහම විකෘතිකරමින් දේශන පැවැත්වූ මහපු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 46 හැවිරිදි මානසික රෝගියා පසුගිය දා සයනයිඩ් ශරීරගත කරගෙන මියගොස් තිබී ඇති අතර හෝමාගම පදිංචිව සිටියදී විස ශරීරගතව මිය ගිය බව කියන එම මානසික රෝගියාගේ බිරිඳ සහ පුතුන් දෙදෙනා (2) හා දියණිය ද දේශන වලට සහභාගී වෙමින් ළගින්ම ඇසුරු කළ තවත් දෙදෙනෙකු (2) ද සයනයිඩ් ශරීරගත කරගෙන දිවිනසාගෙන තිබේ. මේ අනුව රුවන් ප්‍රසන්න මානසික රෝගියා අනුව යමින් මියගිය ගණන 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ ෴

+++++++++

https://www.youtube.com/watch?v=nOxjL2NsYjc

+

+

+


පොලිසියෙන් කඩා බිඳ දැමූ හෝටලේ අයිතිකරුගේ කතාව (03.01.2024)

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *