සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට
(01.01.2024 – 06:17 +0530 – hirunews.lk/sinhala)
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
- ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 366 ක් ලෙසටයි.
- මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 464 ක් ලෙසටයි.
- ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 29 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 358 ක් ලෙස සටහන් වෙයි.
- ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 41 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 475 ක්.
- ලංකා භූමිතෙල් මිල රුපියල් 11 කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 236 ක් ලෙසටයි ෴
+++++++++
SINOPEC හා IOC පෙට්‍රල්, ඩීසල් මිලත් ඉහළට
(01.01.2024 – 08:05 +0530 – hirunews.lk/sinhala)
ලංකා IOC සමාගම සහ SINOPEC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
- මේ අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 366 ක් ලෙසයි.
- එමෙන්ම පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38 කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 464 ක් ලෙස සටහන්.
- ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 358 ක් ලෙස දැක්වෙනවා.
- සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475 ක් ලෙසයි
- භූමිතෙල් ලීටරයක් රුපියල් 11 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236 ක් ලෙස සටහන් වුණා ෴
ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට
(31.12.2023 – 15:39 +0530 – hirunews.lk/sinhala)
හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රීරෝද රථ ගාස්තුව ඉහළ දැමීමට ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දෙවන (2) කිලෝමීටරය සඳහා අයකළ රුපියල් 80 ක ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ දමන බවයි එම සංගමයේ මහලේකම් ලලිත් රෝහණ කොළඹ අද (31) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් සඳහන් කළේ.
කෙසේ වෙතත් පළමු (1) කිලෝමීටරය සඳහා අය කළ රුපියල් සියයයේ (100) ගාස්තුවෙහි වෙනසක් නොවන බවද ඔහු කියා සිටියා ෴
මුහුදුබඩ දුම්රිය කාල සටහනේ වෙනසක්
(31.12.2023 – 15:14 +0530 – hirunews.lk/sinhala)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන හෙට (01) සිට සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
🔸 ඒ අනුව මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 05:25 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
🔸 එමෙන්ම සතියේ දිනවල පමණක් ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා දිනයේද ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
🔸 ඊට අමතරව සතියේ දිනයන්හි රාත්‍රි 08:35 ට මරදානේ සිට දකුණු පයාගල දක්වා ධාවනය වන දුම්රිය හෙට (01) සිට අලුත්ගම දක්වා ගමනාන්තය දීර්ඝ කර ඇති බව සඳහන්.
🔸 පස්වරු දෙකට (02:00) මරදානේ සිට අලුත්ගම දක්වා ධාවනය වන දුම්රිය පස්වරු 01:55 ට ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴
2023 වසරේ පළමු වරට වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘතයි
(31.12.2023 – 12:57 +0530 – hirunews.lk/sinhala)
පවතින අධික වර්ෂාවත් සමග මෙම වසර (2023) තුළ පළමු වරට වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 08 ම විවෘත කර තිබෙනවා.
ඒ අනුව ජලාශයෙන් පහළ කොටසේ මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් දැනුම් දී තිබෙනවා.
මේ අතර පවතින අයහපත් කාලගුණය හමුවේ පස්කදු කඩා වැටීම්, ගස් කඩා වැටීම් ඇතුලු හේතු මත මාර්ග කිහිපයක්ම අවහිර වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.
පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් මාතලේ – රත්තොට හරහා දිවෙන රිවස්ටන් මාර්ගය සම්පූර්ණයෙන් වසා ඇති අතර එම මාර්ගයේ මැදවත්ත ප්‍රදේශයෙන් අදාළ පස් කන්ද කඩා වැටී ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගයද තවමත් අවහිරව ඇත්තේ උඩුදුම්බර හා හුන්නස්ගිරිය අතර ප්‍රදේශයේදී ගස් සහ පස් කදු කඩාවැටීමෙන්.
එමෙන්ම පොළොන්නරුව සිට සෝමාවතිය මාර්ගයේ සුංගාවිල ප්‍රදේශය තවමත් ජලයෙන් යටවි ඇති අතර එම මාර්ගයේ ගමනාගමනය අවහිර වී තිබෙනවා.
මේ අතර අද (31) පස්වරුවේදීත් නැහෙනහිර, ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ, නුවරඑළිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
බස්නාහිර, සබරෙමුව, දකුණු, සහ ඌව පළාත්වලත් අම්පාර , මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය රන්ටැඹේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය සටහන්ව ඇත්තේ මිලිමීටර 134 ක් ලෙසයි.
+
onmaxDT මහ මොළකරුවෙක් අත්අඩංගුවට
(30.12.2023 – 21:05 +0530 – hirunews.lk/sinhala)
onmaxDT නම් පිරමිඩ මුදල් ව්‍යාපාරයකට මුදල් එකතු කළ ‘ගයාන් චාමර’ නැමැති පුද්ගලයෙකු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අද (30) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඉදිරි විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට සහය දෙන කොන්දේසිය මත සහ රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප 02 ක් මත නිදහස් කිරීමට අලුත්කඩේ අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළා.
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු කොන්දේසි සහ රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප මත නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.
+
ලෙඩාට ඕනේ ඔක්සිජන්; ජාතික රෝහලේ අපි ගානෙ කාබන් ඩයොක්සයිඩ් – ලෙඩා මලා – රවී කුමුදේශ් (31.12.2023)
+
+
ලිට්රෝ ගෑස් මිල ඉහළට
(01.01.2024 – 12:43 +0530 – hirunews.lk/sinhala)
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා.
- ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 රුපියල් 685 කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 4250 ක් වෙනවා.
- එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 276 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මුදල රුපියල් 1707 ලෙස සටහන් වී තිබෙනවා.
- එමෙන්ම කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 127 කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල සටහන් වූයේ රුපියල් 795 ලෙසයි ෴
++++++++
ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට
(01.01.2024 – 16:30 +0530 – hirunews.lk/sinhala)
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා.
- ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 755 කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 4,740 ක් වෙනවා.
- එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 305 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මුදල රුපියල් 1,900 ලෙස සටහන් වී තිබෙනවා ෴
දෙවැනි විමුක්ති අරගලයක් වෙනුවෙන් ඇල්ලේ ගුණවංශ හිමි පෙරට (01.01.2024)
+
‘ශිරාන් භාෂික්’ගේ හෝටලය පොලසිය කඩා ඉවත් කරයි
(01.01.2024 – 13:17 +0530 – hirunews.lk/sinhala)
‘යුක්තිය’ මෙහෙයුමේදී ගතවූ පැය 24 ක කාලය තුළ තවත් සැකකරුවන් 1,229 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඉන් 86 දෙනෙකු රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 40 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සඳහා යොමුකර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 100 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුමේදී හෙරොයින්, අයිස්, ගංජා මෙන්ම මාවා කිලෝ එකකට (1) අධික ප්‍රමාණයක් සහ මත්පෙති 417 ක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.
මේ අතර මෙම මෙහෙයුමට සමගාමීව මෙරටින් පලාගොස් විදෙස් රටක සැඟව සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශිරාන් භාෂික්’ නැමැත්තෙකුට අයත් දෙහිවල ප්‍රදේශයේ හෝටලයක් අද (01) පොලිසිය විසින් කඩා ඉවත් කළා.
අදාළ හෝටලය වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝණය කරමින් ව්‍යාජ බලපත්‍රයක් යොදාගනිමින් ඉදිකර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
අවස්ථා කිහිපයකදී එය ඉවත්කරගන්නා ලෙස දැනුවත් කර තිබුණත් හිමිකරුවන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් පොලිසිය විසින් එය කඩා ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
හෝටලය කඩා ඉවත්කිරීමේ එහි සිටි පිරිස් සහ ආරක්ෂක අංශ අතර කළහකාරි තත්ත්වයක්ද හටගෙන තිබූ අතර එහිදී පුද්ගලයින් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.
මෙම හෝටලය සම්බන්ධයෙන් පොලිස් වත්කම් විමර්ශන ඒකකය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
+++++++
+++++++
+++++++
+++++++
ඒ කාලකන්නියව දන්නෙත් නෑ – හවුල්කරුවෙක් හඬාවැලපෙයි – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ කියූ හෝටලයේ පැත්තේ කතාව
+++++++
+++++++
මේ අතර යුක්තිය මෙහෙයුම අඛණ්ඩව දියත් කරන්නැයි ඉල්ලා භික්ෂුන්වහන්සේ පිරිසක් අද (01), නුගේගොඩ ජුබිලි කණුවේ සිට මිරිහාන පොලිසිය දක්වා පාගමනකින් වැඩම කළා.
+++++++
මේ අතර ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ සේදවත්ත ප්‍රදේශයේ පදිංචි ‘තම්බි රාජා’ නැමැති පුද්ගලයෙකු බවට අනාවරණ වී තිබෙනවා.
මිලිමීටර 09 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
+
පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට
(01.01.2024 – 12:03 +0530 – hirunews.lk/sinhala)
පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමයේ ලලිත් ප්‍රනාන්දු පවසා සිටියේ, පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ෴
ජාතික රෝහලේ ‘එන්ඩොස්කොපි’ පරීක්ෂණ ඇණ හිටී
(01.01.2024 – 11:01 +0530 – hirunews.lk/sinhala)
කොළඹ ජාතික රෝහලේ ‘එන්ඩොස්කොපි’ පරීක්ෂණ සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් එස්.පී. මැදිවත්ත මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (31) කැදවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴