කොරියානු රැකියා පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

කොරියානු රැකියා පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට


කොරියානු රැකියා පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

(09.12.2023 – 12:41 +0530 – hirunews.lk/sinhala)

දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචාකළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක (1,65,00,000) මුදලක් මෙසේ වංචා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

දකුණු කොරියාවේ වෑද්දුම් අංශයේ රැකියා ලබා දෙන බවසා මෙම කාන්තාව මෙසේ මුදල් වංචාකර තිබෙනවා.

අදාළ කාන්තාවට එරෙහිව පැමිණිලි 15 ක් ලැබී ඇති අතර ඇය රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 15 දක්වා මුදලක් විවිධ පුද්ගලයින්ගෙන් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.

විදේශසේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සැකකාරිය සමඟ සූක්ෂම ලෙස දුරකථන සම්බන්ධතා පවත්වා ඇය කාර්යාංශය වෙත කැඳවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු කොරියාවේ වෑද්දුම් අංශයේ රැකියා සඳහා බඳවා ගැනීමට බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන කිහිපයකට පමණක් අවසර ලබාදී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

එම කාර්යාංශය සඳහන් කළේ දකුණු කොරියාවේ වෑද්දුම් අංශයේ රැකියා සඳහා යොමුවීමේදී හෝ මුදල් ගෙවීමට පෙර අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනය කාර්යාංශයේ බලපත්‍ර ලත් ආයතනයක් බවට තහවුරු කරගැනීම සඳහා 1989 වෙත ඇමතුමක් ලබාදෙන ලෙසයි ෴


ආසියානු කුසලාන අවසන් මහ තරගයේ පාවාදීමක්…?

(09.12.2023 – 13:20 +0530 – lankacnews.com)

‘ලංකාවේ උප ජනාධිපති’ තමන් යැයි ජනාධිපති කාර්යමණ්ඩලයේ ප්‍රධානි ‘සාගල රත්නායක’ සිතාගෙන සිටින බව ‍ශ‍්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාට ක්‍රිකට් බේරාගන්න අවශ්‍යතාවයක් තිබුණේ නම් ඔහු ගතයුතුව තිබුණේ රොෂාන් රණසිංහ මහතාගේ පාර්ශවය බවද හෙතෙම කියා සිටියි.

ක‍්‍රිකට් ප්‍රශ්න ඇතිවූ අවස්ථාවල ජනාධිපතිට තමන් දුරකථන ඇමතුම් පහක්(5) ගත්තත් එකක්වත් ප්‍රතිචාර නොදැක්වූ බවටද ඔහු චෝදනා එල්ල කරයි.

නාමල් රාජපක්‍ෂ මහතා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වන්නේ තම මාමාගේ වාහන ටික බේරා ගැනීමට බවටත් ඔහු හෙළිදරව් කරයි.

නිළියන් නිරූපිකාවන් රට සවාරි සඳහා ගෙනගිය පළමු අවස්ථාව මෙය නොවන බවද ඒ මහතා කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල නාරිකාවක සාකච්ඡාවට එක් වෙමිනි.

ආසියානු කුසලානය ඉන්දියාවට ලබාදීම සඳහා ‘ජේෂා’ට අවශ්‍ය විදිහට ලංකාවේ තන තීරු වෙනස් කරාදැයි සැකයක් මතුව තිබෙන බවද පවසන ඔහු, ලංකාවේ ජනාධිපතිවරයා ‘ජේෂා’ට අවශ්‍ය ලෙස නැටවෙන එක වැරදි බවත් තවදුරටත් එහිදී කියා සිටියේය.

+


උඩරට දුම්රිය මාර්ගය අවහිර වෙයි

(09.12.2023 – 08:27 +0530 – hirunews.lk/sinhala)

උඩරට දුම්රිය මාර්ගයට දෙමෝදර සහ හාලිඇළ දුම්රිය ස්ථාන දෙක අතර දී අද (09) උදෑසන පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනය අවහිර වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

එමෙන්ම කොළඹ බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය ද අදාළ පස් කන්ද ඉවත් කරන තුරු දෙමෝදර දුම්රිය ස්ථානය අසල නවතා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කඩිනමින් මාර්ගයට කඩා වැටී ඇති පස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, බදුල්ල මඩකළපුව ප්‍රධාන මාර්ගය බිබිල 32 කණුව අසල දී අවහිර වී තිබෙනවා.

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙසේ මාර්ගය අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පස් කන්දක් කඩා වැටීම නිසා ලුණුගල-බිබිල මාර්ගය ද යළි අවහිර වී තිබෙනවා ෴


පල්ලියේ මුරකරු ඝාතනය කර පිං කැටයේ මුදල් රැගෙන යයි

(09.12.2023 – 17:20 +0530 – hirunews.lk/sinhala)

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරු අද (09) දින අලුයම කිසියම් පුද්ගලයෙකු විසින් හිසට පහර දී ඝාතනය කර පල්ලියේ තිබූ පිං කැටයද කඩා මුදල් සොරාගෙන ගොස් ඇති බව හැටන් පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ වසර 02 ක පමණ කාලයක් මුරකරු වශයෙන් සේවය කරමින් සිටි හැටන්, හිජිරාපුර ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. ඊබ්‍රහිම් නමැති 67 හැවිරිදි සිව්දරු (4) පියෙක්.

අවස්ථා කිහිපයකදීම හැටන් ජුම්මා පල්ලියේ පිං කැටය කඩා මුදල් සොරාගෙන ගොස් ඇති බවත්, ඉන් අනතුරුව එය රැක ගැනීම සඳහා පල්ලියට මුරකරුවෙකුගේ සේවය යොදාගත් බවයි එම පල්ලියේ භාරකාර මණ්ඩලය පැවසුවේ.

සැකකරු පල්ලිය වෙත ඇතුල්වන ආකාරය සහ පිං කැටය කඩන අයුරු පල්ලියේ සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී තිබෙනවා.

ඒ අනුව එම දර්ශන ඔස්සේ ඝාතනය සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිසිය විසින් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වනවා ෴


අවුරුදු 15 ක දැරියකගේ සිරුරක් ගඟකින් හමුවෙයි

(09.12.2023 – 18:19 +0530 – hirunews.lk/sinhala)

උල්ලිදුවාව ගගේ තිබී දැරියකගේ සිරුරක් හමුවී තිබෙනවා.

ඇය අවුරුදු 15 ක පමණ වයසෙහි පසුවන දැරියක් බවයි වාර්තා වෙන්නේ.

ඊයේ (08) සවස සිට මෙම දැරිය අතුරුදන්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

නමුදු ඇය මියගියේ කෙසේද යන්න පිළිබදව මෙතක් අනාවරණය වී නැහැ.

සිදුවීම පිළිබඳව කොලොන්නාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *