අධිවේගී මාර්ගයේ සිදු වූ මාරක කන්ටේනර අනතුර

අධිවේගී මාර්ගයේ සිදු වූ මාරක කන්ටේනර අනතුර


අධිවේගී මාර්ගයේ සිදු වූ මාරක කන්ටේනර අනතුර

(28.11.2023 – 12:50 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ගයේ කොට්ටාව අතුරුගිරිය අතර කිලෝමීටර් 3 කණුව අසලදී අද (28) අලුයම දෙකයි තිහට (02:30) පමණ අනතුරක් සිදුවී තිබෙනවා.

නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි කන්ටේනර රථයක් ගැටී එහි ගමන් ගත් රියදුරු සහ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී එම කාන්තාව ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය සෙවනගල කොවුල්ආර ප්‍රදේශයේ පදිංචි තිස් නව (39) හැවිරිදි කාන්තාවක්.

ඇය මෙම කන්ටේනර් රථයට ගොඩ වී ඇත්තේ කඩුවෙල අධිවේගී පිවිසුම අසල දී ‍යි.

ඇඹිලිපිටියට යාම සඳහා බස් රථයක් පැමිණෙන තෙක් එහි රැඳී සිටියදී ඇඹිලිපිටිය දෙසට ගමන් ගන්නා මෙම කන්ටේනර රථය මෙම කාන්තාව නංවාගෙන කඩුවෙල දෙස සිට ඇඹිලිපිටිය දෙසට යමින් සිටියදී කොට්ටාව අතුරුගිරිය අතර කිලෝමීටර් තුනේ (3) කනුව අසල ටයරයක ඇති වූ කාර්මික දෝෂයක් යථා තත්ත්වයට පත් කරමින් තිබූ තවත් කන්ටේනර් රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් කන්ටේනර් රථයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර එහි ගමන් ගත් කාන්තාව මරණයට පත්වී රියැදුරු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම කන්ටේනර් රථය පොහොර තොගයක් පටවාගෙන කොළඹ සිට ඇඹිලිපිටියට යමින් තිබූ කන්ටේනර් රථයක් බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.

+++++++

+++++++

+


+


පොහොට්ටුවේ පිපිරීම පටන්ගනී | රනිල් රොෂාන්ව අයින්කරලා වැරැද්දක් කලේ | ජනවාරි වෙනකොට විශාල පෙරළියක් (28.11.2023)

+


රනිල් තමන් කවුද කියලා ඔප්පු කළා | දැන් හොරු සමග හෙළුවෙන් | රොෂාන් ඉවත් කරලා ආණ්ඩුවේ අවසානය සටහන් කළා – විමල් වීරවංශ (28.11.2023)

+


රාජකීය මිතුරා වෙනුවෙන් තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය බිලි දෙන්න එපා | ඩලස් , අගමැති දිනේෂ්ට දුන්න උපදෙස (28.11.2023)

+


මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න | ජනවාරි වෙනකොට හැමදේම ගනන් යනවා | අවුරුද්දේ මුලම රනිල් වැඩ පටන්ගනී (28.11.2023)

+


එන්නත් සිද්ධිය ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ගනී

(28.11.2023 – 16:48 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලේඛන සකස් කර, ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබින්’ ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500 ක තොගයක් මෙරටට ගෙන්වූ සිද්ධියට අදාළව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු අවසරයක් මතයි.

සිද්ධියට අදාළව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පස් දෙනෙකු (5) ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.

මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරිය, රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ සභාපතිවරයා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් ඒ අතර සිටියා.

මේ වනවිට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරියගෙන්ද ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි වාර්තාවන්නේ ෴


රූපවාහිනි සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් කිරීමට යයි

(28.11.2023 – 15:44 +0530 – sinhala.adaderana.lk)

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙදී මේ බව අනාවරණය කෙරුණි.

ඒ එම කාරක සභාව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

2015 සිට සංඛ්‍යා ලේඛන ඉදිරිපත්කරමින් මෙම නාලිකා ද්විත්වය අලාභ ලබා ඇති ආකාරය සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277ක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වනවිට රුපියල් මිලියන 457ක් අලාභ ලබා ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට අපහසු බව පෙන්වා දුන් සභාපතිවරයා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කිරීමට සැළසුම්කර ඇති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවද සභාපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කරන විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මධ්‍ය මගින් ප්‍රමාණවත් ප්‍රචාරණයක් ලබා නොදෙන බව කාරක සභාව තුළ අදහස් පළවිය.

සංවර්ධනයට ලක්විය යුතු ගොඩනැගිලි, මාර්ග, පාලම් ආදී විවිධ දෑ හේතුවෙන් පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතා මාධ්‍ය මගින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු මහජනතාවට ලැබී ඇති පහසුකම් පිළිබඳවද රාජ්‍ය මාධ්‍ය මගින් දැනුවත් කිරීම සිදු කළයුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී සමාජ සංස්කෘතියට, පුද්ගල සෞඛ්‍යට හානිවන අයුරින් මාධ්‍ය මගින් සිදුකරන ප්‍රචාරණ කටයුතු නියාමනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමර්ග පිළිබඳ වාර්තාවක් සකසා කාරක සභවට ලබාදෙන ලෙස සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට උපදෙස් ලබාදෙන ලදී ෴


පොලිස් නිලධාරියෙකුට වෙඩිවැදීමෙන් බරපතළ තුවාල

(28.11.2023 – 14:12 +0530 – sinhala.adaderana.lk)

වැටලීමක් අතරතුරදී බඳින තුවක්කුවක් ක්‍රියාත්මකවීමෙන් තණමල්විල පොලීසියේ නිලධාරියෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

උඩවලව තණමල්විල මාර්ගයේ විජයපුර ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාකරමින් සිටියදී එම පුද්ගලයා අසල පිහිටි ඉඩමකට පළාගොස් ඇති අතර ඔහු අල්ලාගැනීමට යාමේදී අදාළ පොලිස් සැරයන්වරයා මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි.

+


රිදියගම සෆාරි උද්‍යානය නරඹන්නන්ගෙන් චෝදනාවක්

(28.11.2023 – 19:57 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට – රිදියගම සෆාරි උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගෙන් ප්‍රවේශපත්‍ර ගාස්තු ලෙස අධික මුදලක් අය කළත්, උද්‍යානය තුළ නැරඹීමට සතුන් හෝ නිසි පහසුකම් නොමැති බවට චෝදනා එල්ල වනවා.

මේ වනවිට එහි දේශීය වැඩිහිටි ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500 කට සහ ළමා ප්‍රවේශ පත්‍රයක් රුපියල් 200 කට අලෙවි කරනවා. විදේශිකයන්ගෙන් අය කෙරෙන මුදල දේශීය සංචාරකයින්ගෙන් අය කෙරෙන මුදල මෙන් තුන් (3) ගුණයක්.

එමෙන්ම සංචාරකයින්ට සතුන් නැරඹීම සඳහා රිදියගම සෆාරි උද්‍යානය තුළදී 6 දෙනෙකු ගමන් කළ හැකි ජිප් රථයක් කුලියට ගැනීමට 4700 ක මුදලක් ගෙවීමට සිදුවනවා. බස් රථයකින් එකවර 30 දෙනෙකුට ගමන් කළ හැකි අතර, එක් අයෙකුට රුපියල් 100 ක මුදලක් ලබාදීමට සිදුවනවා.

කෙසේ වෙතත් මේ වනවිට රිදියගම සෆාරි උද්‍යානය තුළ නැරඹීමට තරම් ප්‍රමාණවත් සතුන් දකින්නට නොලැබෙන බවයි සංචාරකයන් පවසන්නේ.

එසේම, සිංහයන් උද්‍යානය මධ්‍යයේ රැදී සිටින බව පවසන ඇතැම් මඟ පෙන්වන්නන් ශබ්ද විකාශන යන්ත්‍රයක් ආධාරයෙන් සිංහයන්ගේ හඬ සංචාරකයන්ට ඇසෙන්නට සලස්වමින් සිදුකරන වංචාකාරි ක්‍රියාවන් ද මේ වනවිට අනාවරණ වෙමින් පවතිනවා.

අක්කර 500 ක පමණ උද්‍යාන භූමියේ සතුන් සඳහා කලාප 13 ක් වෙන් කර ඇති අතර, සතුන් වර්ග 69 ක් එහි සිටින බව අප කළ විමසීමකදී සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දෙස් විදෙස් සංචාරකයින් සදහා නව සත්වෝද්‍යාන සංකල්පය අනුව සතුන් නිදැල්ලේ හැසිරෙද්දී නිරීක්ෂණය කළ හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ පිහිටවනු ලැබූ පළමු උද්‍යානය රිදියගම සෆාරි උද්‍යානයයි.

එවන් ස්ථානයක් මෙලෙස බලධාරින්ගේ අවධානයෙන් තොර කලාපයක් වීම කණගාටුවට කරුණක් නොවේ ද ?

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *