ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු දිවුරුම් දෙයි

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු දිවුරුම් දෙයි


ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු දිවුරුම් දෙයි

(27.11.2023 – 19:36 +0530 – hirunews.lk/sinhala)

රොෂාන් රණසිංහව ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍යධුරය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුව පත්කර තිබෙනවා.

ඔවුන් මේ වනවිටත් දරණ අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව මීට සුළු වේලාවකට පෙර ජනපති ඉදිරියේ මෙම අමාත්‍ය ධුරවලද දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ ෴

වාරිමාර්ග කටයුතු පිලිබඳ අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

+++++++++++

+

+

+

+

+

+

+

+


ඉංගිරියේදී කොන්දොස්තරවරයෙකුගේ අත කපයි

(27.11.2023 – 23:13 +0530 – hirunews.lk/sinhala)

ඉංගිරිය නගරයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක කොන්දොස්තරවරයෙකුට තියුණු ආයුධකින් පහර දී තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද (27) දහවල් බස් රථය නගරයේ නවතා තිබු අවස්ථාවේ මෙම පහර දීම සිදු කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

පහරදීමෙන් කොන්දොස්තරවරයාගේ එක් අතකට දැඩි හානි සිදු වී තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත මෙම පහර දීම සිදුව ඇති අතර සැකකරුවන් පොලිසිය විසින් හඳුනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

+


ඇඟිලි සලකුණු යන්ත්‍ර නැතිව සෞඛ්‍ය සේවකයින්ට ගෙවූ අතිකාල

(27.11.2023 – 22:16 +0530 – hirunews.lk/sinhala)

ඇඟිලි සලකුණු යන්ත්‍ර පවා භාවිතයට නොගෙන පසුගිය වසරේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 36,192 ක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වනවා.

එය මුළු වැටුප් පිරිවැයෙන් සියයට 72 ක් වීමත් විශේෂත්වයක්.

රාජ්‍ය ආයතනවල මූල්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව 2022 වර්ෂය සඳහා නිකුත් කළ විගණන වාර්තාවට අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අක්‍රමිකතා පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

සියලුම රජයේ ආයතනවල ඇඟිලි සලකුණු සටහන් කිරීම් යන්ත්‍ර භාවිතා කිරීම මඟින් නිලධාරීන් කාර්යාලයට පැමිණීම හා පිටවීම සනාථ කිරීම අවශ්‍ය වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයට නොගෙන 2022 වර්ෂයේදී වැටුප්, අතිකාල සහ නිවාඩු දීමනා ඇතුළුව රු. මිලියන 79,548 ක් වැයකර තිබූ බව විගණන වාර්තාවේ දැක්වෙනවා.

අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් පමණක් ඉන් රුපියල් මිලියන 36,192 ක් වැය කර තිබූ අතර එය මුළු වැටුප් පිරිවැයෙන් සියයට 72% ක් බව වාර්තාවේ සඳහන්.

එසේම වාහන කළමනාකරණයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන 679 ක් අස්ථානගත වී ඇති අතර ඉන් වාහන 240 ක් හඳුනාගත් බව ප්‍රකාශ කළ ද එය තහවුරු කර ගැනීම සඳහා ප්‍රමාණවත් තොරතුරු විගණනයට ඉදිරිපත් කර නැහැ.

ඒ අනුව වසර 04 ක් පමණ ගතවී ඇතත් තවදුරටත් වාහන 439 ක් පිළිබඳව තොරතුරු සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

එමෙන්ම ත්‍රිපෝෂ සමාගම සතුව ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොතිබුණු අතර ලෝක ආහාර වැඩසටහන විසින් සයිලෝ පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 192 ක් 2021 වර්ෂය තුළ ලබා දී තිබුණත් 2022 වර්ෂය තුළදී ද එය ඉදිකර නැති බව විගණන වාර්තාවේ සඳහන්.

පෝෂ්‍යදායී බිස්කට් වර්ගයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් මිලියන 209 ක් වූ යන්ත්‍රයක් 2020 වර්ෂයේදී ත්‍රිපෝෂ සමාගම මිලදී ගෙන තිබුණු අතර යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 19 ක් හා නිලධාරින් පුහුණුව වෙනුවෙන් රුපියල් මිලියන 5 ක වියදමක් දරා තිබුණත් එවැනි බිස්කට් නිෂ්පාදනයක් සිදුකර නැහැ.

වෛද්‍ය සැපයුම් කළමනාකරණ ක්‍රියාවලිය සඳහා තොරතුරු පද්ධතියක් වෙනුවෙන් රු. මිලියන 633 ක් වැය කර කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබුණ ද එම කටයුතු අතරමඟ නවතා රු. මිලියන 102 කට ‘ස්වස්ථ’ නමින් නව තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට වෙනත් පුද්ගලික සමාගමක් වෙත ලබා දී තිබෙනවා.

මේ අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු වී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් ද මෙම විගණන වාර්තාවේ කරුණු දැක්වෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්වී භාෂා අධ්‍යාපන දෙපාර්තමේන්තු පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් මිලියනයක් වැය කර තිබුණද සැලසුම් කර තිබූ ක්‍රියාකාරකම් අතරමග නවතා තිබූ බව විගණන වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම 2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලපරිච්ඡේදය තුළදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ නිලධාරීන් 335 දෙනෙකු වෙත පර්යේෂණ දීමනා වශයෙන් රුපියල් මිලියන 434 ක් ගෙවීම් කර තිබුණ ද, ඊට අදාළ පර්යේෂණවල ප්‍රගතිය මේ දක්වා ඉදිරිපත් කිරීමට අපොහෙසත් වී ඇති බව ද විගණන වාර්තාවේ සඳහන්.

+


නව ක්‍රීඩා ඇමතිගේ සැලසුම

(27.11.2023 – 21:50 +0530 – hirunews.lk/sinhala)

නැවත ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිඳු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ක්‍රීඩා අමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ සඳහා සියලුදෙනාට තමන් ආරාධනා කරන බවද ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

+


දියණියට හදි කළ පියා සියදිවි හානි කර ගනී

(27.11.2023 – 17:24 +0530 – hirunews.lk/sinhala)

අම්පාර කුමන ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු සිය 16 හැවිරිදි දියණිය සමඟ බලහත්කාරයෙන් ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව හෙළිවීමෙන් සියදිවි නසාගන්නට ඇති බවයි.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ වයස අවුරුදු 36 ක අම්පාර දමන පොලිස් වසමට අයත් කුමන පන්නල්ගම පදිංචිකරුවෙක්.

ඔහුගේ බිරිඳ මීට මාස 06 කට පෙර ගෘහ සේවිකාවක ලෙස රැකියාවක් සඳහා විදෙස් ගත වී තිබෙනවා.

ඒ අතරතුර ඔහු සිය දියණිය සමඟ බලහත්කාරයෙන් ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව කිසිවෙකුටත් නොපවසන ලෙසටද ඇය බියවද්දා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව දමන පොලීසියේ නිලධාරියෙකුට දැනගැනීමට ලැබී ඇති අතර ඒ ගැන සොයා බැලීමට අදාළ නිලධාරියා තවත් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු (2) ද සමඟ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

එම අවස්ථාවේදී සැකකරු සිය නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේදී වෙඩි තබාගෙන සියදිවි නසා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ සඳහා ඔහු භාවිත කර ඇත්තේ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් බවයි වාර්තා වන්නේ.

+


සපත්තු වවුචර් පත් ලබා දෙන දිනය අධ්‍යාපන ඇමති කියයි

(27.11.2023 – 15:01 +0530 – hirunews.lk/sinhala)

සපත්තු වවුචර් පත් ලබා දීම එළඹෙන දෙසැම්බර් 04 වෙනිදා සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද(27) පාර්ලිමේන්තුවේ දී.

මෙම වවුචර් පත් ලබා දෙන්නේ දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල් දරුවන්ට බවයි ඔහු පැවසුවේ.

දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට (7,40,000) වවුචර් පත් බෙදා හැරීමට නියමිත බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා ෴


විදෙස් රටවල් 7 ක පුරවැසියන් සදහා ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කෙරේ

(28.11.2023 – 07:35 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටවල් 7 ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස 24 වැනිදා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට සමගාමීව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

ඒ අනුව ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මලයාසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව මෙම වීසා ක්‍රමය ක්‍රියාත්මක වනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *