සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ගෙන් විශේෂ හෙළිදරව්වක්

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ගෙන් විශේෂ හෙළිදරව්වක්


සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ගෙන් විශේෂ හෙළිදරව්වක්

(23.11.2023 – 21:04 +0530 – hirunews.lk/sinhala)

මෙවරලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක් නොවීම දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත ගත් තීරණයක් බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පවසනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ වනිඳු හසරංග ලෝක කුසලාන එක්දින කණ්ඩායමට ඇතුළත් කිරීමට නොහැකි වූයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලපෑම මත බවයි.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පාදයේ මස්පිඬු ආශ්‍රිත ආබාධයකට ලක්වන්නේ පසුගිය LPL තරගාවලිය අතරතුරයි.

එම ආබාධයට නිශචිත ප්‍රතිකාරයක් ලෙස වනිඳු හසරංගට ශල්‍යකර්මයක් සිදු කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කළා.

නමුත් වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ලෝක කුසලාන එක්දින සංචිතයට ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ‘ලෙජන්’ කෙනෙකු මීට වගකියයුතු බවයි.

ක්‍රිකට් සභාපතිවරයා එලෙස ප්‍රකාශ කළද සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින්ම සිදුකළ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ තමා ලෝක කුසලාන සංචිතයට එක්නොවීම දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත සිදුවූවක් බවයි.

++++++++++

ජේ ෂා ගෙන් සමාවගත් ජනපති රනිල්

(23.11.2023 – 20:20 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථික අර්බුදයට රාජපක්ෂවරුන් වගකිවයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙරට ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් ද අදහස් පළකළා.

මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා, මෙරට ක්‍රිකට් අර්බුදයට ඇඳා ගැනීම සම්බන්ධයෙන් ඔහුට කනගාටුව පළ කළ බවයි.

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *