ක්‍රිකට් නඩුවේ පෙත්සම සලකා බැලීම අද (20)

ක්‍රිකට් නඩුවේ පෙත්සම සලකා බැලීම අද (20)


ක්‍රිකට් නඩුවේ පෙත්සම සලකා බැලීම අද (20)

(20.11.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම අද (20) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.

පෙත්සම පසුගිය 16 වනදා අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේදී කැඳවු අවස්ථාවේ එය අද (20) දින දක්වා කල්තබා තිබුණා.

මෙම පෙත්සම විමසීම සඳහා නව විනිසුරු මඩුල්ලක් පත් කිරීම හේතුවෙන් මතුවී තිබෙන ප්‍රායෝගික අපහසුතාවය සැලකිල්ලට ගෙන අද (20) සදුදා පෙත්සම සලකා බලන තෙක් පමණක් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අධිකරණයට පොරොන්දුවක් ලබා දී තිබුණා.

පෙත්සම් විභාගයෙන් විනිසුරුවරුන් තිදෙනෙකු (3) ඉවත්වීම හේතුවෙන් ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව ගොනුකළ මෙම පෙත්සම සලකා බැලීම සඳහා යළිත් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීමට අභියාචනාධිකරණය පසුගිය දා පියවර ගත්තා.

ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතයි ෴

ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු ක්‍රීඩාලෝලීන් වත්මන් ක්‍රිකට් අර්බුදයට එරෙහිව හඬ නැගීමට අද (20) පස්වරු 4 ට එක්වන ලෙසට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඉල්ලීමක් කරනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශේෂ සමුලුවක් හෙට (21) පැවැත්වෙන බැවින් එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ අවධානයක් යොමු කරන ලෙස බල කරමිනුයි මෙම සාමකාමී විරෝධතාවය පැවැත්වෙන්නේ ෴

+++++++++

ෂම්මිලා ක්‍රිකට් තහනම් කරන්න යවපු ලිපි ලේඛන ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි (20-11-2023)

++++++++

ක්‍රිකට් ආයතනය ගැන සජිත්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

(20.11.2023 – 11:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදන නිසා තම වරප්‍රසාද කඩවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට අද (20) වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කළා.

සමගි ජන බලවේගයේ නායකත්වය අනවබෝධයෙන් සහ සාවද්‍ය ලෙස අර්ථ කථනය කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයක් කර ඇති බවයි සජිත් ප්‍රේමදාස පවසවන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ආදී සංගම් ක්‍රියා කරන ආකාරය ගැන ක්‍රිකට් ගැන නොදත් අය කටයුතු කරන ආකාරය ගැන සානුකම්පිත වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විවේචන කරන යම් අයෙක් වේ නම් ඔහු විසින් පදනම් විරහිත චෝදනා කිරීමට පෙර බුද්ධිමත්ව අදාල කරුණු සලකා බලන ලෙස ඉල්ලන බවද ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කොට ඇතැයි විපක්ෂ නායක වැඩිදුරටත් පැවසුවා.

ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ක්‍රියා කරන බව තමා මීට පෙර ද වගකීමෙන් ප්‍රකාශ කොට තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

+


ක්‍රිෂ් සමාගමෙන් ලැබුණු වරප්‍රසාද ගැන විශේෂ හෙළිදරව්වක් (19-11-2023)

+


මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

(20.11.2023 – 08:43 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධිවේගී මාර්ග පද්ධතියේ සේවා කටයුතුවලින් ඉවත් වීමට මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අනිද්දා (22) සිට ලෙඩ නිවාඩු දමා සේවා කටයුතුවලින් ඉවත් වන බවයි එහි සභාපති ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී එම්.ඒ. අනුලා සහ ඉංජිනේරු සංගමයේ සභාපති පී.එච්. ගුණසිංහ සඳහන් කළේ.

ඔවුන් මේ බව පැවසුවේ කොළඹ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴


බෝට්ටුව පෙරළී අතුරුදන් වූ පිරිස නිරුපද්‍රිතව බේරා ගනියි

(19.11.2023 – 22:53 +0530 – hirunews.lk/sinhala)

මාරවිල – මුහුදුකට්ටුව මුහුදු තීරයේ විනෝදයට මසුන් ඇල්ලීමට ගොස් අතුරුදන්ව සිටි ජපන් ජාතිකයා ඇතුළු පුද්ගලයින් 5 දෙනා නිරුපද්‍රිතව බේරාගැනීමට හැකි වී තිබෙනවා.

ඒ, නාවික හමුදාව සහ ධීවරයින් සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි.

ජපන් ජාතිකයෙක් හා කිමිදුම්කරුවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු ඊයේ (18) සවස 05:30 ට පමණ සංචාරක බෝට්ටුවක නැගී මාරවිල කුරුස පල්ලිය ආසන්නයේ පිහිටි තොටුපොළකින් මුහුදට ගොස් තිබුණේ විනෝදයට මසුන් ඇල්ලීම සඳහායි.

එහිදී කිමිදුම්කරුවන් දෙදෙනා (2) කිමිදීම සඳහා මුහුදට පැන ඇති අතර එහිදී ඇති වූ ගැස්සීමත් සමග බෝට්ටුව ද පෙරළී ගොස් තිබෙනවා.

බෝට්ටුව පෙරළී ගිය බව නොදත් කිමිදුම්කරුවන් දෙදෙනා (2) යළි මුහුද මතුපිටට පැමිණ තිබුණේ පැයක (1) පමණ කාලයකින් පසුවයි.

එහිදී බෝට්ටුව ඈතට පාවී ගොස් ඇති බව සිතා ඔවුන් විදුලි පන්දම් දල්වමින් බෝට්ටුව සොයා ඇති අතර ගොඩබිම සිටි පිරිසක් එම අලෝකය දැක ඔවුන්ව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර තිබුණා.

ඔවුන් ලබාදුන් තොරතුරු අනුව බෝට්ටුවේ සිටි සෙසු පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණා.

වැටුණු සෙසු පිරිස ජීවිතාරක්ෂක කබා පැලඳ සිටි බැවින් පැය 12 කට ආසන්න කාලයක් මුහුදේ සිට ඇති අතර ඔවුන්ව සොයා ගැනුණේ හලාවත අඹකඳවිල හා ඉරණවිල අතර මුහුදු තීරය ආසන්නයේදීයී.

+


ජාවාරමක් මෙහෙය වූ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට

(20.11.2023 – 10:27 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රදේශ රැසක මෝටර් රථ සහ යතුරුපැදි සොරකම් කිරීමේ ජාවාරමක් මෙහෙය වූ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සිදුකළ වැටලීමක දී බවයි සඳහන් වන්නේ.

වත්තල – ගාමිණී ගුණසේකර මාවතේදී ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මිරිහාන, මහරගම, තලංගම, පිළියන්දල, කහතුඩුව, වැලිකඩ, කඩුවෙල, මාළඹේ, හෝමාගම, කොට්ටාව, අතුරුගිරිය, කැළණිය, හොරණ, අලුබෝමුල්ල, දෙහිවල, කිරුළපන ඇතුළු ප්‍රදේශ රැසක මොහු විසින් මෙම ජාවාරම සිදුකර ඇති බවයි.

මීට අමතරව නිවාස බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයක ද සැකකරුවෙකු වන මෙම මෘදුකාංග ඉංජිනේරුවා සතුව තිබූ පැහැරගත් මෝටර් රථ 3 ක්, යතුරුපැදි 5 ක්, රන් භාණ්ඩ, පරිගණක උපාංග සහ නිමි ඇඳුම් තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවට වාර්තා වෙනවා.

තවද, ඔහුට අධිකරණ වරෙන්තු 5 ක් ද නිකුත් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා ෴


කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසුවූ පුද්ගලයාව බේරාගනී

(20.11.2023 – 09:49 +0530 – sinhala.adaderana.lk)

කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසුවී ගසාගෙන ගිය පුද්ගලයාව බගවන්තලාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා බේරාගැනීමට සමත්ව තිබේ.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය ඊයේ (19) පස්වරුවේ පිටාර ගැලීමෙන් ඔයේ සැඩ පහරට එම පුද්ගලයා ගසාගෙන ගොස් තිබුණි.

කෙසෙල්ගමුඔය හරහා ඉදිකර ඇති පාලමකින් බගවන්තලාව කිලානි වතුයායේ පිහිටි ඔහුගේ නිවසට යාමට උත්සහ කිරීමේදී ඔහු මෙම අනතුරට ලක්ව ඇත.

පසුව එම පුද්ගලයා ගසක අත්තක එල්ලී සිටිය දී ඉන් මුදා ගැනීමට පොලීසියට හැකියාව ලැබී තිබේ.

කෙසෙල්ගමුඔය පිටාර ගැලීම හේතුවෙන් බගවන්තලාව වතුයායේ පවත්වාගෙන යන එළවළු වගා භූමියක් හා වතු නිවාස කිහිපයක් සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වී තිබුණි.

කෙසෙල්ගමුඔය වැලි සහ රොන්මඩවලින් පිරි ඇති බැවින් ඔය පටු වී ඇති බවත්, කෙසෙල්ගමුඔය සුළු වර්ෂාපතනයකදී පවා පිටාර ගලන බවත්, එම ඔය පුළුල් කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙසත් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටී ෴


සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක ඇතුලු හතරක් (4) අත්අඩංගුවට

(20.11.2023 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනෝග්ලොබියුලින්’ ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුලු හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට පත්වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන අතර, මීට පෙර කපිල වික්‍රමනායකට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණා.

‘ඉමියුනෝග්ලොබියුලින්’ ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒවා ගෙන්වූ සමාගමේ හිමිකරු ‘සුගත් ජනක ප්‍රනාන්දු’ හෙවත් ‘අරුණ දීප්ති’ නමැත්තා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන්නවා ෴


ඩෙංගු ව්‍යාප්තිය අධි අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය වෙයි

(20.11.2023 – 13:28 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට බලපා ඇති අධික වැසි සමඟ රට පුරා ඩෙංගු ව්‍යාප්තිය අධි අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මේ වනවිට අධි අවදානම් කලාප 45 ක් නම් කර ඇති බවයි.

වසරක් තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැත්තෑ දහසක් (70,000) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, ඒ 34,645 ක්.

පාසල් ළමයින් 25% ක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බව වැඩි දුරටත් සඳහන් වෙනවා.

+


රෝගීන්ට හිමොග්ලොබින් වෙනුවට සේලයින් දීලා – රමේශ් ඔයා මේක හොදට අහගන්න – කුමුදේශ්ගෙන් විශේෂ හෙළිදරව්වක් (20.11.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *