බදුල්ල – මඩකලපුව මාර්ගය අවහිර වෙයි

බදුල්ල – මඩකලපුව මාර්ගය අවහිර වෙයි


බදුල්ල – මඩකලපුව මාර්ගය අවහිර වෙයි

(19.11.2023 – 18:38 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – මඩකලපුව ප්‍රධාන මාර්ගය බිබිල ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම මාර්ගය අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

බදුල්ල, පැල්වත්ත – පස්සර ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් අද (19) දවසේ ගමනාගමනයට බාධා එල්ල වුණා.

පවතින අධික වර්ෂාවත් සමඟ හිඟුරුකඩුව රෝහල අසල දී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙසේ ගමනාගමනයට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු පැවසුවේ ෴

බදුල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රදේශවලට හෙට (20) පස්වරු 05:00 දක්වා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ෴

+++++++++

අධික වර්ෂාවෙන් රජරට වැව් පිරී ඉතිරී යයි | මහකනදරාවෙත් වාන් දොරටු විවෘත වෙයි

+


උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(19.11.2023 – 17:34 +0530 – sinhala.adaderana.lk)

පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් කොළඹ යෑමට නියමිත නගරාන්තර දුම්රිය කිහිපයක් මහනුවර දුම්රිය ස්ථානයේ නවතා තැබීමට පියවර ගෙන ඇත ෴


ආබාධ නොතකා පහේ කඩුල්ල දිනූ දරුවන්

(19.11.2023 – 13:01 +0530 – sinhala.adaderana.lk)

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් කිහිප දෙනෙකු සිය ජීවිතයේ ඇති බාධකවලට මුහුණ දෙමින් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වූ තොරතුරු, ප්‍රදේශ කිහිපයකින් ‘අද දෙරණ’ට වාර්තා විය.

විවිධ දුෂ්කර ප්‍රදේශවලින් පැමිණෙන දරුවන් 178 දෙනෙකු කෑගල්ල උස්සාපිටිය සුමංගල විද්‍යාලයෙන් මෙවර ශිෂයත්ව විභාගයට පෙනී සිට ඇති අතර, ඉන් 55 දෙනෙකු විභාගය සමත් ව තිබේ.

එලෙස ශිෂ්‍යත්ව විභාගය සමත් වූවන් අතර සුවිශේෂී දරුවෙක් වන එන්.ජී. මනිතු යෙනෙල් නැමැති සිසුවා බේල් ක්‍රමය යටතේ පෙනී සිට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත්තේ, ලකුණු 113 ක් ලබාගනිමිනි.

අරණායක මුරුතුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි යෙනුල්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ස්ථිර රැකියාවක් නොමැති ඔහුගේ පියා සහ මව දැඩි වෙහෙසක් දරති.

මෙවැනිම තවත් පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වේ.

උපතින්ම දෑත් සහ දෙපා අහිමි ‘සිතිල තෙව්ජාන්’ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 160 ක් ලබා විභාගය සමත් ව තිබේ.

සිය සැමියා ද නොමැතිව සිතිලගේ මව සිතිල ව පෝෂණය කරමින් ඔහුට අධ්‍යාපනය ලබාදීමට දරන්නේ දැඩි වෙහෙසකි.

මේ අතර, ශිෂ්‍යත්ව විභාගය හා සම්බන්ධ තවත් විශේෂ පුවතක් ගාල්ල ඉමදූව ප්‍රදේශයෙන් වාර්තා විය.

නගරයෙන් බොහෝ ඈත ඉතාමත් දුෂ්කර ගම්මානයක පිහිටා ඇති ගාල්ල ඉමදූව පුස්වැල්කඩ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්නේ දරුවන් 19 ක් පමණි.

එයිනුත් පහ ශ්‍රේණියේ අධ්‍යාපන ලැබීමට සිටි සිසුන් ගණන 06 ක් වන අතර, ඉංග්‍රීසි ගුරුවරිය ද ඇතුළුව ගුරුවරුන් සිව් (4) දෙනෙක් මොවුන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා කටයුතු කරයි.

පවතින තත්ත්වය මත කොයි මොහොතේ හෝ පාසල වසා දමනු ඇතැයි යන අවිනිශ්චිතතාවෙන් සිටින මේ ගුරුවරුන් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කර ඇත.

ගුරුවරුන්ගේ කැපවීම මල්ඵල ගන්වමින් වසර 60 කට වැඩි ඉතිහාසයක් සහිත පුස්වැල්කඩ ප්‍රාථමික විද්‍යාලයේ පළමු වතාවට මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවෙක් ඉන් සමත්ව තිබේ.

එලෙස ලකුණු 170 ක් ලබා ගනිමින් විභාගය සමත්ව පාසල් ඉතිහාසයට එක්වුණේ, ඩී.එච්. සෙනෝලි තිරන්යා නම් දියණියයි.

+


තැන තැන ඇති මරු කපොලු – “බලධාරීන් තවමත් නිහඬයි – තාප්පයට අත තිබ්බාම හෙලවෙනවා”

+


දිඹුලාගල ඉතිහාසය වෙනස් වෙයිද? – දීර්ඝම සෙල්ලිපිය පිටපත් කිරීම ඇරඹෙයි

+

+


කන්ටේනර් තරම් ලොකු බෑග් හදන ලංකාවේ එකම තැන

+


සීනි මෙට්‍රික් ටොන් 19,000 ක් සඟවාගෙන ඉන්න ලොක්කා කවුද? අභියෝගයක් ගැන රජයෙන් හෙළිදරව්වක්

+


බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවෙයි…

(19.11.2023 – 18:20 +0530 – lankacnews.com)

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයට සහ බගවන්තලාව ප්‍රදේශයට (19) දින පස්වරුවේ අධික වර්ෂාව පතිත විමත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යට වි ඇත.

කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව කොටියාගල වතු නිවාස වලට පිවිසෙන මාර්ගය සහ අසල පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වි ඇත.

තවද බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ ක්‍රිඩාංගණය සහ පාසල් ගොඩනැගිලි කිහිපයක්ද ජලයෙන් යට වි ඇත.

බගවන්තලාව නගරයේ සිට තෙරේසියා වතුයායට පිවිසෙන මාර්ගයද ජලයෙන් යට විම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා වතු කම්කරුවන් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය බගවන්තලාවේ සිට ටින්සින් නගරය දක්වා මඩ සහ වැල් පැළැටි වැවි ගොඩ වි ඇති නිසා එම ඔයේ ජලය රිසි ලෙස පහලට ගලා නොබැසිම හේතුවෙන් සුළු වර්ෂාපතනයකදි පවා බගවන්තලාව ප්‍රදේශය ජලයෙන් යට වන බවයි පිඩාවට පත් බගවන්තලාව ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ ෴


අනියම් සබඳතාවයක් පවත්වාගෙන යන මුවාවෙන් කොල්ලකාලා

(19.11.2023 – 21:11 +0530 – hirunews.lk/sinhala)

අනියම් සබඳතාවයක් පවත්වාගෙන යන මුවාවෙන් පුද්ගලයෙක් නිවසට ගෙන්වාගත් අඹුසැමි යුවළක් ඔහුට පහරදී මුදල් කොල්ලකා තිබෙනවා.

පොලිසිය පවසන්නේ අදාළ කාන්තාව සිය සැමියා විදේශගතව සිටින බවත් නිවසේ සිටින්නේ තමන් පමණක් බවත් පවසමින් අනියම් පෙම්වතා නිවසට කැඳවා ගෙන ඇති බවයි.

අදාළ පුද්ගලයා නිවසට පැමිණීමෙන් පසු කාන්තාව පොලුමුගුරුවලින් පහරදී රුපියල් 50,000 ක් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙම අඹුසැමි යුවළ පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ කාඩ් පත භාවිත කර රුපියල් 25,000 ක මුදලක් සහ ඔහුගේ ජංගම දුරකථනයද කොල්ල කා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාව සහ ඇගේ සැමියා මිල්ලනිය පොලිසිය විසින් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

+


බලන ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගල් කඩාවැටෙයි

(19.11.2023 – 23:12 +0530 – sinhala.adaderana.lk)

මේ වනවිට බලන ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ට ගල් කඩා වැටීමෙන් දුම්රිය ගමන් ඇනහිට තිබේ.

බලන දුම්රිය ස්ථානයේ නවතා තිබූ නගරාන්තර දුම්රිය නැවතත් කඩුගන්නාව දුම්රිය ස්ථානය වෙත රැගෙන ආවේය.

එහිදී කඩුගන්නාව දුම්රිය ස්ථානාධිපති කාර්‍යාලයේ නිලධාරියෙක් පැවසුවේ මගීන්ව රඹුක්කන වෙත රැගෙන යන බවයි.

නමුත් මෙම ස්ථානයේ බස් හයකට (6) පමණ සෙනග සිටිති.

මගීන් පවසන්නේ ඔවුන්ව නැවතත් මහනුවර දුම්රිය ස්ථානය ට රැගෙන යන ලෙසයි ෴


නෙලුම් කුලුනේ සිට Base Jumping සිදු කරන ආකාරය හිරු සොයා යයි – Hiru News

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *