සීනි සහ තිරිඟු පිටි ආනයනයෙන් සමාගම් ලැබූ අසීමිත ලාභ අයකර ගැනීමට විමර්ශනයක්

සීනි සහ තිරිඟු පිටි ආනයනයෙන් සමාගම් ලැබූ අසීමිත ලාභ අයකර ගැනීමට විමර්ශනයක්


සීනි සහ තිරිඟු පිටි ආනයනයෙන් සමාගම් ලැබූ අසීමිත ලාභ අයකර ගැනීමට විමර්ශනයක්

(17.11.2023 – 08:01 +0530 – hirunews.lk/sinhala)

සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන නිසා සමාගම් අසීමිත ලාභ ලැබීමත් රටට බදු මුදල් අහිමිවීමත් පිළිබද අවධානය යොමුකර ඒවා අයකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

2020 ඔක්තෝම්බර් මස සීනි සඳහා වන වි‍ශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් රුපියල් බිලියන 16 කට ආසන්න විශාල අනීතික ලාභයක් ලබා ඇති බවත් ඒ සම්බන්ධ විගණන වාර්තාවක් මගින් පෙන්වා දී ඇති බවත් මෙහිදී අනාවරණ වුණා.

ඊට අදාළ සමාගම් සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කොට දේශිය ආදායම් පනත අනුව නිසි බදු අය කර ගැනීමට කටයුතු කරන ලෙසයි ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව කියා සිටියේ.

එමෙන්ම පසුගිය 01 වනදා සීනි බදු වැඩි කිරීමට පෙර ඊට ආසන්නම කාලයේදී එනම් 2023 ඔක්තෝම්බර් අග පමණ වන විට අසාමාන්‍ය ලෙස සීනි ටොන් 8500 ක් පමණ ආනයනය කොට ඇති බවත් ඉන් පසු සීනි බදු රුපියල් 50 දක්වා වැඩි වීම සිදු වී ඇති බවයි එම කාරක සභාව පෙන්වා දුන්නේ.

මේ සම්බන්ධව අදාළ දත්ත මුදල් අමාත්‍යාංශයෙන් ලබාගෙන මෙම සමාගම් විසින් ලබා ගෙන ඇති අයථා ලාභය නිසි පරිදි තක්සේරු කර නිසි බදු අය කර ගන්නා ලෙසද කාරක සභාව නිර්දේශ කළා.

එසේම මෙරටට තිරිගු ආනයනය කොට පිටි සකස් කරන ප්‍රධාන සමාගම් දෙකට (2) හැර අනෙක් සමාගම්වලට තිරිගු පිටි ආනයනය රජය විසින් පසුගිය අගෝස්තු මාසයේදී තහනම් කිරීම නිසා අදාළ සමාගම් විශාල පිටි තොග ප්‍රමාණයක් රැස් කරගත් බව මෙහිදී ප්‍රකාශ වුණා.

අනතුරුව මාස කිහිපයකින් තිරිගු පිටි සදහා රුපියල් 16 ක බද්දක් පැනවීමත් එමඟින් එම සමාගම් ද්විත්වය විශාල ලාභයක් ලැබීම හේතුවෙන් මෙරටට ජනතාවට හිමිවිය යුතු බදු සහනයන් නොලැබී යන බවයි කාරක සභාවේ සභාපතිවරයා කියා සිටියේ.

+


තීරුබදු රහිතව ගෙන ආ දුම්වැටි සහිත බහාලුමක් අත්අඩංගුවට

(17.11.2023 – 07:48 +0530 – hirunews.lk/sinhala)

තීරුබදු රහිතව මෙරටට රැගෙන ආ එක්කෝටි හැටදහසකට (1,60,000) ආසන්න දුම්වැටි තොගයක් රැගත් බහලුමක් කැළණිතිස්ස විදුලි බලාගාරය අසළදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ බහාලුම ඔරුගොඩවත්ත බහාලුම් ඒකකය වෙත රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

කන්ටේනර් රථය සමඟ 65 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් අතර ඔහු මාකොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

(17.11.2023 – 18:34 +0530 – sinhala.adaderana.lk)

දිස්ත්‍රික්ක 05ක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව බදුල්ල, කෑගල්ල, රත්නපුර, මහනුවර සහ මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ හල්දුමුල්ල, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, ඇහැලියගොඩ, වැලිගෙපොල, ඕපනායක, කොලොන්න, ඇලපාත, කුරුවිට, බලංගොඩ, ගොඩකවෙල, කහවත්ත, නිවිතිගල, පැල්මඩුල්ල, අයගම, කිරිඇල්ල සහ ඉඹුල්පෙ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ සහ උඩුදුම්බර, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද එම අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි ෴


ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි මුද්‍රණාලයක ගින්නක්

(17.11.2023 – 18:13 +0530 – sinhala.adaderana.lk)

ග්‍රෑන්ඩ්පාස් ඛෙත්තාරාම පාර ප්‍රදේශයේ පිහිටි මුද්‍රණාලයක ගින්නක් හටගෙන තිබේ.

පස්වරු 04:45 ට පමණ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ 04 ක් එම ස්ථානයට පිටත් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය සඳහන් කළේය ෴


තවත් ඔන්ලයින් ණය ජාවාරමක් පිළිබඳ ‘හිරු CIA’ හෙළිදරව්ව

(17.11.2023 – 21:38 +0530 – hirunews.lk/sinhala)

රටේ මූල්‍ය නීතිය පවා මායිම් නොකර ක්‍රියාත්මක වන ඔන්ලයින් ණය ජාවාරම්වලට ගොදුරු වන පිරිස් දිනෙන් දින ඉහළ යද්දී, ඇතැම් පිරිස් එම ණය මුදල් නිසා පෞද්ගලික ජීවිතයේ ද ගැටලු රැසකට මුහුණ පානවා.

ඒ, එම ජාවාරම්කරුවන් ණය මුදල් අය කරගැනීමට අනුගමනය කරන අමානුෂික හා අනීතික උපක්‍රම හේතුවෙන්.

මෙම සමාජ ව්‍යසනය අවස්ථා කිහිපයකදී ‘හිරු CIA’ රට හමුවේ අනාවරණ කළත් බලධාරීන් තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන පසුබිමක ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වන තවත් ඔන්ලයින් ණය ජාවාරමක් පිළිබඳව ‘හිරු CIA’ වෙත අනාවරණය වුණා.

‘හිරු CIA’ කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ මෙම ඔන්ලයින් ණය ලබාදීමේ ජාවාරම ක්‍රියාත්මක වන්නේ චීන ජාතිකයින් පිරිසකගේ හිමිකාරිත්වය යටතේ බවයි.

ඔවුන්ගේ මෙරට නියෝජිතයා ලෙස කළුතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කටයුතු කරනවා.

ඔන්ලයින් ණය ලබාදීම සඳහා මොවුන් ණය ඉල්ලුම්කරුවන් එකතු කර ගන්නේ ඒ සඳහාම සකස් කළ ජංගම දුරකථන යෙදවුමක් හරහායි.

එම යෙදවුමට පාරිභෝගිකයෙකු ලියාපදිංචි වූ විට ඔහුගේ දුරකථන දත්ත ද එම යෙදවුම තුළින් තමන් සතු කරගන්නා මෙම ජාවාරම්කරුවන් ඒවා සිය පරිගණක තුළ ගබඩා කර ගන්නවා.

ණය ලබාගත් පුද්ගලයෙකු එක් වරක් හෝ ණය වාරිකය නැවත ගෙවීම අතපසු කළහොත් මෙම ජාවාරම්කරුවන් සිදුකරන්නේ ඔහු සම්බන්ධයෙන් වැරදි ප්‍රතිරූපයක්.

එමෙන්ම ණය වාරික ගෙවීම අතපසු කළ පුද්ගලයින්ගෙන් අදාළ මුදල් අයකරගැනීම සඳහා අමානුෂික හා පරුෂ වචනයෙන් බැණ වැදීමත් මෙම ජාවාරම්කරුවන්ගේ තවත් උපක්‍රමයක්.

මීට පෙර ද ඉන්දීය ජාතිකයින් ඉලක්ක කර ගනිමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ඔන්ලයින් ණය ලබාදීමේ ජාවාරමක් පිළිබඳ ‘හිරු CIA’ සාක්ෂි සහිතව හෙළිදරව්වක් සිදුකළා.

නමුත් වගකිවයුතු බලධාරීන් ඒ සම්බන්ධයෙන් අදටත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම විමතියට කරුණක්.

රටේ මූල්‍ය නීතිය පවා අමු අමුවේ උල්ලංඝනය කරමින් විදෙස් ජාතිකයින්ගේ අනුදැනුමින් ක්‍රියාත්මක වන මෙවැනි ජාවාරම්වලට වැට බැඳීමට නොහැකි වීම ගැන මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය භාර ඉහළ පුටුවල සිටින පිරිස් ලැජ්ජා විය යුතු නොවේද?

+


2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ මාසයේදී

(17.11.2023 – 20:39 +0530 – hirunews.lk/sinhala)

2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඔහු සඳහන් කළේ මේ වනවිට විභාග ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවයි ෴


ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහි වන්නැයි ක්‍රීඩා සංගම්වලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් බලපෑම්

(17.11.2023 – 19:49 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එහි සාමාජිකත්වය දරන ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් සඳහා ලිපි නිකුත් කර ඇති බවට වාර්තා වෙනවා.

ඒ සඳහා වන ලිපියේ ආකෘතිය සාමාජික ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්වලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොමු කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මේ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්ථමාන පරිපාලනය විසින් එහි සාමාජික ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්වලට දිගින් දිගටම බලපෑම් එල්ල කරමින් වහාම ඒ සඳහා යොමුකර ඇති ආකෘතියට අනුව ලිපි එවන ලෙස සාමාජිකයින්ට දන්වා තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එලෙස යොමුකර ඇති ලිපි ආකෘතීන් පහතින් :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *