2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි


2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

(16.11.2023 – 23:05 +0530 – hirunews.lk/sinhala)

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රතිඵල https://www.doenets.lk/examresults වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

එමෙන්ම පහේ ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු ද නිකුත් කෙරුණා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය වැඩිම කඩඉම් ලකුණ වන්නේ 154 යි.

හම්බන්තොට සහ රත්නපුර අවම ලකුණු සීමාව 150 ක් වන අතර, වවුනියාව දිස්ත්‍රික්කයේ ලකුණු සීමාව සටහන් වන්නේ 145 ක් ලෙසයි.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය අවම ලකුණු සීමාව 147 ක්.


එක් දරු පියාට දිවි අහිමි කළ ලුණුගම්වෙහෙරේ වෙඩි තැබීම

(16.11.2023 – 22:59 +0530 – hirunews.lk/sinhala)

යාල වනෝද්‍යානයට අයත්, ලුණුගම්වෙහෙර කලාප අංක හය (6) ප්‍රදේශයේදි ඊයේ (15) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

තිස්සමහාරාම ඇල්ලගල වම් ඉවුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ඇතුළු තිදෙනෙකු (3) ඊයේ (15) පස්වරුවේ එම වනෝද්‍යානයට ඇතුළු වි තිබු අතර, රත්මල්ගම වෙහෙරගල ඇල පාර ප්‍රදේශයේදි වෙඩි තැබීම සිදුව තිබුණා.

වනජීවි නිලධාරින් පැවසුවේ වනෝද්‍යානය තුළ සතුන් දඩයමේ ගිය පුද්ගලයින් තිදෙනෙකු (3) වනජීවි නිලධාරීන් දෙසට කළ වෙඩි තැබීමකට ප්‍රතිචාර ලෙස ඔවුන් දෙසට වෙඩි තබා තිබු බවයි.

කෙසේ වෙතත්, වනෝද්‍යානයට ඇතුළු වු පුද්ගලයින් තිදෙනා (3) ගෙන් එක් (1) අයෙක් පැවසුවේ තමන් වනෝද්‍යානයට ඇතුළු වුයේ මසුන් ඇල්ලීම සඳහා බවයි.

එමෙන්ම, වනජීවි නිලධාරීන් දෙසට වෙඩි තැබීමක් සිදු නොකළ බවද එම පුද්ගලයින් පවසනවා.

වෙඩි වැදීමෙන් මියගියේ තිස්සමහාරාම ඇල්ලගල වම් ඉවුර ප්‍රදේශයේ පදිංචි අසංක සම්පත් නැමැති 31 හැවිරිදි එක් දරු පියෙක්.

ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පැවසුවේ ඔහුගේ පිට ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් (2) එල්ල වී තිබු බවයි.

+


පස් (5) වසරකට පසු කොටු වූ ජාවාරම්කරු

(16.11.2023 – 21:17 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අල්ලා පොලීසියට භාර දීමට මීට වසර 05 කට පෙර එම වංචාවට හසූවූ කාන්තාවකට හැකි වී තිබෙනවා.

අදාළ පුද්ගලයා තවත් අයෙකු මෙම වංචාවට හසුකර ගැනීම සඳහා දඹදෙණිය ප්‍රදේශයේ නිවසකට පැමිණි අවස්ථාවේදී ඔහුව කොටුකර ගැනීමටයි එම කාන්තාව කටයුතු කර ඇත්තේ.

කැනඩාව, එංගලන්තය, නවසීලන්තය වැනි රටවල හෝටල් ක්ෂත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇත්තේ වසර ගණනාවකක සිටයි.

ඔහුගේ වංචාවට හසු වූ කාන්තාවක් එම පුද්ගලයා පිළිබඳ තොරතුරු දීර්ඝ කාලයක සිට රැස් කර තිබෙනවා.

ඇයගෙන් එම පුද්ගලයා මීට වසර 05 කට පෙර රුපියල් ලක්ෂ 07 ක මුදලක් ලබා ගෙන තිබුණා.

ඒ අනුව අදාළ පුද්ගලයා දඹදෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම රට රැකියා ජාවාරමටහසු කර ගැනීම සදහා පැමිණෙන බවට ලද තොරතුරක් අනුව ඇයද එම නිවසට පැමිණ තිබුණා.

රැකියා වංචාකරුව කොටු කරගැනීමට ඇයට එහිදී හැකි වුනා.

අදාළ පුද්ගලයා හසු කර ගැනීමෙන් පසු වංචාවට හසුවූ තවත් පිරිසක් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට එම කාන්තාව කටයුතු කෙරුවා.

අනතුරුව ගිරිඋල්ල පොලීසියේ නිළධාරීන් පැමිණ විදෙස් රැකියා ජාවාරම සිදු කලපුද්ගලයා, ඔහු සමඟ පැමිණි තවත් පුද්ගලයෙක් ඔවුන් පැමිණි මෝටර් රථයද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+


නීතිවිරෝධී දුම්වැටි තොගයක් සහිත කන්ටේනර් රථයක් හසුවෙයි

(16.11.2023 – 22:38 +0530 – sinhala.adaderana.lk)

තීරු බඳු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සහිත කන්ටේනර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කැලණිතිස්ස විදුලි බලාගාරය අසලදී කන්ටේනර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (16) සවස කන්ටේනර් රථය නවතා පරීක්ෂා කර තිබේ.

එහිදී එම රථයේ තිබී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සොයාගෙන ඇත.

ඒ අනුව එම කන්ටේනර් රථය සහ එහි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.


මූල්‍ය සහ ඉඩම් ආරවුල් ගැන තීරණ කිහිපයක්

(16.11.2023 – 21:21 +0530 – sinhala.adaderana.lk)

‘සමථ මණ්ඩල කොමිෂන් සභාවේ’ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී නව තීන්දු තීරණ රැසක් ගෙන තිබේ.

ඒ අනුව, රුපියල් මිලියනයක සීමාව දක්වා මූල්‍ය ආරවුල් ‘මුල්‍ය සමථ මණ්ඩල’ සඳහා යොමු කිරීම අනිවාර්ය කර ඇත.

එමෙන්ම, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වනපරිදි ‘මුල්‍ය සමථ මණ්ඩල’ පිහිටුවා ඇති බවත් පවසයි.

රුපියල් මිලියන 02 ක් දක්වා වටිනාකමක් ඇති ඉඩම් සම්බන්ධ සියලු පැමිණිලි ‘ඉඩම් පිළිබඳව වු විශේෂ සමථ මණ්ඩල’ සඳහා යොමු කළ යුතු බවත් එම සාකච්ඡාවේදී සඳහන් කර ඇත.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ ‘සමථ මණ්ඩල කොමිෂන් සභාවේ’ පුහුණු නිලධාරී, නීතිඥ, චින්තක හේරත් මහතා :

“මේ වනවිට උතුරු නැගෙනහිර සියලු දිස්ත්‍රික්කවලට අමතරව අනුරාධපුර, කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, හම්බන්තොට, පොළොන්නරුව හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ‘විශේෂ ඉඩම් සමථ මණ්ඩල’ පිහිටුවා තිබෙනවා.”

“එමෙන්ම කොළඹ, ගම්පහ, මහනුවර, මොනරාගල, අනුරාධපුර, කුරුණෑගල, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඉඩම් සම්බන්ධ ‘විශේෂ මූල්‍ය සමථ මණ්ඩල’ පිහිටුවීමට ආරම්භ කර තිබෙනවා.”

“මෙම ‘සමථ මණ්ඩල’ සඳහා පත් කරනු ලබන ‘මුල්‍ය සමථ මණ්ඩල’ සාමාජිකයින්ට ඉඩම් පිළිබඳව විශේෂ පුහුණුව ලබාදෙන අතරම ආරවුල් පිළිබඳව පැමිණිලි විසඳීමේදී ඔවුන්ට ඇති වන ගැටළුවලට උපදෙස් ලබාගැනීම සඳහා විශේෂඥ විද්වත් කමිටුවක් පත් කරනු ලබනවා.”

“ඒ අනුව රුපියල් මිලියනයක (1) මූල්‍ය සීමාවක් දක්වා පැමිණිලි පිළිබඳව ආරවුල් ‘මුල්‍ය සමථ මණ්ඩල’ සඳහා අනිවාර්යයෙන්ම යොමු කළ යුතුයි. රුපියල් මිලියන දෙකක් (2) දක්වා වටිනාකමක් ඇති ඉඩම් සම්බන්ධ සියලු පැමිණිලි ඉඩම් පිළිබඳව වු ‘විශේෂ සමථ මණ්ඩල’ සඳහා ඉදිරිපත් කළ යුතුයි. මෙම මූල්‍ය සීමාවන්ට වඩා වැඩිවු පැමිණිලි වුවද පාර්ශ්වයන්ගේ එකඟතාවය අනුව ‘විශේෂ සමථ මණ්ඩල’ සඳහා ඉදිරිපත් කළ හැකියි” ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *