ක්‍රිකට් ආයතනයෙන් පඩි ගන්න මන්ත්‍රීවරු ගැන අනාවරණයක්

ක්‍රිකට් ආයතනයෙන් පඩි ගන්න මන්ත්‍රීවරු ගැන අනාවරණයක්


ක්‍රිකට් ආයතනයෙන් පඩි ගන්න මන්ත්‍රීවරු ගැන අනාවරණයක්

(16.11.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට මුදල් ලැබෙන බව නීතිඥ අජිත් පී. පෙරේරා පවසනවා.

ඔහු අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

එමෙන්ම ක්‍රීඩා ලෝලීන් සහ තවත් පාර්ශව කිහිපයක් කෝප් කමිටු සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළා ෴

+

+

+

+

+++++++++

ක්‍රීඩා ඇමති රොෂාන් හදිසියේම තවත් තීරණයක් ගනී

(16.11.2023 – 19:34 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් 2019 අංක 24 දරන ක්‍රීඩාවට සම්බන්ධ වැරදී වැළැක්වීමේ පනත ප්‍රකාරව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙත දැනුම් දී තිබේ.

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගිය 13 වනදා නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයකට අදාළව අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත.

එමගින් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයට අනුව තරග පාවාදීම, දූෂණය, නීතිවිරෝධී මෙහෙයවීම සහ නීති විරෝධි ඔට්ටු ඇල්ලීම සම්බන්ධිත කාරණා පිළිබඳ ඔහු දන්නා බවට කරන ලද ප්‍රකාශය බරපතළ බවය ෴

++++++++++

ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ සල්ලි වලට යට වුනු කෝප් කමිටුව දැන් ජෝක් කමිටුවක් වෙලා (16-11-2023)

+


ගත වූ කාල සීමාව තුළ පාරිභෝගික වැටලීම්වලින් රුපියල් කෝටි 22 ක්

(16.11.2023 – 10:25 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ගත වූ කාළය සීමාව තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 22 ක මුදලක් දඩ ලෙස අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක අසේල බණ්ඩාර කියා සිටියේ, භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, තොග සැඟවීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් එම දඩ මුදල් අය කරගත් බවයි.

අදාළ කාලසීමාව තුළ දිවයින පුරා වැටලීම් 22,000 ක් සිදු කළ බවත් ඉන් 19,000 කට නඩු පවරා ඇති බවත් ඔහු සදහන් කළා ෴


අම්බුලුවාවෙන් හෙළි වූ රුපියල් කෝටි ගණනක ටිකට් වංචාව

(16.11.2023 – 09:29 +0530 – hirunews.lk/sinhala)

අම්බුළුවාව ආගමික මධ්‍යස්ථානයේ මාස ගණනක ප්‍රවේශපත්‍රවල තොරතුරු පුළුස්සා දැමීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදු වී ඇති බවට 2021 විගණකාධිපති වාර්තාවේ සඳහන් වී තිබෙනවා.

අම්බුළුවාව ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවා අනුව 2021 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා නිකුත් කර ඇති ඇතුලත් වීමේ අවසර පත් කොටස ගිනි තබා විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එම කාලයට තුළ අදාළ ප්‍රවේශ පත්‍රයන් විකිණීමෙන් ලැබූණු ලාභය තහවුරු කර ගැනීමට හැකියාවක් නොමැති වී තිබෙනවා.

එසේම 2020 වසරේ ද ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් ලැබුණු ආදායම රුපියල් අනුපන් ලක්ෂ විසිපන්දහස් පන්සීය හැත්තෑපහක් (95,25,575) ලෙස දක්වා තිබුණද මේ ගිනි තබා විනාශ කර දැමීම හේතුවෙන් අදායම නිසියාකාරයේ ගණනය කළ නොහැකිවී ඇති බවයි සටහන් වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම විගණන වාර්තාවට අනුව මෙහිදී රුපියල් කෝටි ගණනක වංචාවක් සහ පාඩුවක් සිදු වී ඇති බවයි සඳහන් වන්නේ ෴


ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සතිඅන්තයේ

(16.11.2023 – 08:31 +0530 – hirunews.lk/sinhala)

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ නිකුත් කිරීමට හැකියාවක් පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව විභාගයට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළව අවසන් අදියරේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා ඇත්තේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඔක්තෝම්බර් 15 වන දින පැවැත්වූ අතර සිසුන් තුන් ලක්ෂ තිස්හත්දහස් පන්සිය අනුඑකක් (3,37,591) විභාගය සඳහා පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ ෴


යළි ඉහළ යන ඉන්ධන මිල

(16.11.2023 – 20:22 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ සිට වැට් අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කිරීම තුළින් ඉන්ධන ඇතුළු භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යන බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙනවා.

අද (16) අයවැය විවාදයට එක්වෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ කියා සිටියේ ඉදිරියේදී ජනතාවට ජිවත්වීමට නොහැකි වී යන බවත් ඉන්ධන මිල 10 % කින් ලබන වසරේ වැඩිවන බවත්ය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ ඩිසල් සහ පෙට්‍රල් මිලටත් වැට් බද්ද පැනවුනහොත් ඩිසල් සහ පෙට්‍රල් මිල රුපියල් 420 ක් ලෙසට ඉහළ යන බවට අපේක්ෂා කළ හැකි බවයි ෴


හරක්කටාට සහය වූ රහස් පොලිසියේ කොස්තාපල්ගේ මව රිමාන්ඩ්

(16.11.2023 – 20:59 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යාමට සහය දීමේ චෝදනා එල්ල වී සිටින පොලිස් කොස්තාපල්වරයාගේ මව මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ සැකකාර පොලිස් කොස්තාපල්වරයාද මේ වන විට පළා ගොස් සිටින අතර, ඔහු සිටින ස්ථානයක් පිළිබද තවමත් නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැත ෴


පාසල් ගොඩනැගිලි 74 ක් අවදානම්

(16.11.2023 – 17:44 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි 74 ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඒ අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහ තංගල්ල බාලිකා විද්‍යාලයේ තිබූ අබලන් ගොඩනැගිලි ද හඳුනාගෙන ඒවා ඉවත්කර නව ඉදිකිරීම් කිරීම සිදුකෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

තම පාසල් වල අබලන් ගොඩනැගිලි ඇත්නම් ඒවා සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසත් සිසුන් එවැනි ගොඩනැගිලි වලින් ඉවත්කර ඔවුන්ගේ ආරක්ෂාව සලසන ලෙසත් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව ඔහු කීය.

විශේෂයෙන් ම 2019 සිට වසර 4 ක් පාසල් ගොඩනැගිලි අලුත්වැඩියාව සහ නව ඉදිකිරීම් සඳහා රජයෙන් ප්‍රත්පාදන ලබා නොදීම හේතුවෙන් එම තත්ත්වය ඇතිවූ බව ඔහු පැවසීය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (15) වැල්ලම්පිටිය වේරගොඩ, විද්‍යාලයේ පළමු වසරේ දැරියක් එහි ජලකරාම සවිකර තිබූ බැම්මක් පෙරළීමෙන් ඊට යටවී ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඉන් තවත් දරුවන් 5 දෙනෙක් තුවාල ලැබීය.

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *