ක්‍රිකට් නඩුවට අද (16) අධිකරණය දුන් නියෝගය

ක්‍රිකට් නඩුවට අද (16) අධිකරණය දුන් නියෝගය


ක්‍රිකට් නඩුවට අද (16) අධිකරණය දුන් නියෝගය

(16.11.2023 – 11:28 +0530 – sinhala.adaderana.lk)

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා යලිත් නව විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

ඒ එම පෙත්සම් විභාගයට පත්කළ විනිසුරු මඩුල්ලෙන් අද (16) තවත් විනිසුරුවරයෙකු ඉවත්වීම හේතුවෙන්.

මෙම පෙත්සම අද (16) ඩී.එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවය.

ඒ අනුව එම පෙත්සම් විභාගය වෙනුවෙන් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වෙත යොමු කෙරුණි.

මෙම නඩු විභාගයෙන් මේ වන විට විනිසුරුවරු තුන්දෙනෙකු (3) ඉවත් වී තිබේ.

අනතුරුව මෙම පෙත්සම නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියම කරන බව අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලබන සදුදා (20) තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබා දුන් ප්‍රතිඥාවට අනුව එම අතුරු කමිටුවේ කටයුතු වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් ගොනුකළ පෙත්සම අද (16) අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේදී කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහා කළේ ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු වළක්වාලමින් ඉකුත්දා පනවනු ලැබූ අතුරු තහනම් නියෝගය අද (16) අවසන් වන බවය.

එම අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව කියා සිටී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කෙසේ වෙතත් මෙම පෙත්සම ලබන සඳුදා (20) සලකා බලන තෙක් ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන සඳුදා (20) තෙක් කල් තැබුණි ෴

+++++++

++++++++

+


ක්‍රිකට් විමර්ශනයට කෝප් කමිටුවේ සභාපතිගේ පුත්‍රයාගේ පැමිණීම ගැන පරීක්ෂණයක්

(16.11.2023 – 10:23 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් ආයතනය පිලිබද පසුගියදා සිදුකළ විමර්ශනයේදී කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ‘රංජිත් බණ්ඩාර’ගේ පුත් ‘කනිෂ්ක බණ්ඩාර’ අදාළ රැස්වීමට පැමිණීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (16) ප්‍රකාශ කළා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙහිදී කෝප් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ තවදුරටත් රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ සභාපති ධුරය යටතේ ක්‍රිකට් ආයතනය පිළිබද විමර්ශනය සිදුකිරීමට කමිටු සාමාජිකයින් සූදානම් නොමැති බවයි.

මේ හේතුවෙන් මොහුගේ කෝප් කමිටු සභාපතිත්වය අත්හිටුවා පරීක්ෂණයක් කරන ලෙසයි විපක්ෂය ඉල්ලා සිටියේ.

+

+

+


මත්පෙති ලබා ගැනීමට පෙම්වතිය මුදලට අළෙවි කළ පෙම්වතා අත්අඩංගුවට

(16.11.2023 – 16:28 +0530 – hirunews.lk/sinhala)

මත් පෙති පානය කිරීමට මුදල් සොයා ගැනීම සඳහා සිය 15 හැවිරිදි පෙම්වතිය මිතුරන්ට අළෙවි කළ පෙම්වතෙකු සහ එම බාලවයස්කාරිය දූෂණය කළ ඔහුගේ මිතුරන් හත්දෙනකු (7) මාවතගම පොලිසිය විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම බාල බාලවයස්කාරිය නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ඇගේ මව ඇය කුඩා කාලයේදීම පවුලේ සාමාජිකයන් අතහැර ගොස් තිබෙන අතර එතැන් සිට මුන්දලමේ පදිංචිව සිටින මිත්තණියගේ රැකවරණය යටතේ ඇය හැදී වැඩී තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇත්තේ මෙම බාලවයස්කාරිය මිත්තණියගේ අවවාද නොපිළිගන්නා දඩබ්බර තැනැත්තියකවන බවයි.

ඇය රැකවරණයෙන් මිදී පලා ගොස් සිටියදී පොලිසියට හසුවී අධිකරණයට ඉදිරිපත් කර පරිවාස භාරයේ දී රඳවා කළ ප්‍රශ්න කිරීම්වල දී මේ පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය 23 හැවිරිදි තරුණයකු සමඟ පෙම් සබඳතාවයක් ඇති කර ගෙන ඇති අතර එහිදී ඇය දූෂණය වූ බවයි.

අනතුරුව ඔහු තමාව මිතුරන්ට අළෙවි කළ බවයි ඇය පොලීසිය හමුවේ ප්‍රකාශ කොට ඇත්තේ.

මෙසේ ඇය දූෂණය වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 22 සිට නොවැම්බර් නව වැනි දා (09) දක්වා වූ කාලය තුළ දී බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිදුවීමට සම්බන්ධයෙන් මෙම දියණියගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරන් හත්දෙනා (7) අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


මැරසාදුගේ පහරදීමකින් පොලිස් කොස්තාපල් රෝහලේ

(16.11.2023 – 15:45 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

දෙණියාය පල්ලේගම – සුමණගිරි මාවත ප්‍රදේශයේදී පොලිස් කොස්තාපලයෙකුට මැරසාදුවෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදු කරනු ලැබ තිබෙනවා.

අද (16) රාජකාරී කටයුත්තක් සඳහා ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල් දෙණියාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

මෙම පහරදීම සිදු කළ මැරසාදු මේ වන විට දෙණියාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට හේතුව කුමක්ද යන්න නිශ්චිතව අනාවරණය වී නොමැත ෴

++++++

+


ශිෂ්‍යාවන්ට අසභ්‍ය පණිවුඩ යැවූ වල්ගුරා හසුවෙයි

(16.11.2023 – 14:58 +0530 – hirunews.lk/sinhala)

= ශිෂ්‍යාවන්ට අසභ්‍ය පණිවුඩ යැවූ ගුරුවරයා හසුවෙයි =

මුලතිව් තුනුකායි ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගුරුවරයෙකු තම ශිෂ්‍යාවන්ට ජංගම දුරකථනය ඔස්සේ කෙටි පණිවුඩ යවමින් ඔවුන්ව ලිංගික ක්‍රියාකාරකම්වලට පොළඹවා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදාළ ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් ඊයේ (15) විදුහල්පතිවරයාට පැමිණිලි කර ඇති බවට සඳහන්.

ඔහු ජංගම දුරකථන මඟින් ඉගැන්වීම සිදු කල කාලවකවානුවේදී මේ ක්‍රියාව ආරම්භ කර ඇති අතර ඔහුගේ උපකාරක පන්තිවලට සහභාගී වන ශිෂ්‍යාවන්ට අනවශ්‍ය ආකාරයෙන් බලපෑම් කරන බවට පැමිණිල්ලේ සටහන් වී තිබුණා.

කෙසේ වෙතත් විදුහල්පතිවරයා පැමිණිල්ල ඉදිරිපත් කළ දෙමව්පියන්ට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් පළාතේ ඉහළ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කොට ඉතා ඉක්මනින් විසඳුමක් ලබා දෙන බවයි ෴


කැනඩාවෙන් ගනේමුල්ලට ආ මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

(16.11.2023 – 14:16 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 60 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 ක් සමග පුද්ගලයෙකු රේගු භාරයට ගෙන තිබෙනවා.

කැනඩාවේ සිට ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට එවා තිබූ පාර්සලයක් තුළ තිබියදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.

ඔරුගොඩවත්ත ආදායම් අධීක්ෂණ ඒකකයේ භාණ්ඩ පරීක්ෂණ අංගනයේදී රේගු නිලධාරින් විසින් අද (16) මෙම මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා ෴


අනතුරු නිසා දිනකට 30 ක් මරුට

(16.11.2023 – 12:37 +0530 – hirunews.lk/sinhala)

විවිධ අනතුරු හේතුවෙන් සෑම දිනකම පුද්ගලයන් 30 දෙනෙකු මිය යන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.

එමෙන්ම වාර්ෂිකව රෝහල්ගත වන සංඛ්‍යාවද 2025 වසර වන විට ලක්ෂ 155 ක් දක්වා ඉහළ යා හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ.

සතුන් සපා කෑමෙන් වසරකට ලක්ෂ 3 කට ආසන්න පිරිසක් රෝහල්ගත වන බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියා.

+


‘චමරි අතපත්තු’ නමින් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන සහිත ප්‍රදේශයක් නම් කිරීමට තීරණය කරයි

(16.11.2023 – 12:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා ‘චමරි අතපත්තු’ වෙනුවෙන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන සහිත ප්‍රදේශයක් නම් කිරීමට තීරණයට කර තිබෙනවා.

‘සිඩ්නි තන්ඩර්ස්’ කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම කොටස ‘චමරි බේ’ (Chamari Bay) ලෙසයි නම් කර ඇත්තේ.

ඇය WBBL තරග වාරයේදී දැක්වූ ඉහළ දක්ෂතා පදනම් කරගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

අතර එළඹෙන 26 වැනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරගය වෙනුවෙන් මෙම නම් කිරීම සිදු වන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


හෝමාගම පාසලකත් අනතුරක් අත ලඟ

(16.11.2023 – 11:03 +0530 – hirunews.lk/sinhala)

වැල්ලම්පිටිය – වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ බැම්ම කඩා වැටී පාසලේ පළමු (1) ශ්‍රේණියේ ඉගෙනුම ලබන 6 හැවිරිදි පාසල් දැරියක් ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධියෙන් පසුව තවත් එවැනිම අනතුරකට අතවනන පාසල් ගොඩනැගිල්ලක් පිළිබඳ තොරතුරු ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට වාර්තා වුණා.

ඒ, හෝමාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකින්.

එම පාසලේ ගොඩනැඟිලි කිහිපයක් ඉතා අබලන් තත්ත්වයේ පවතින අතර එය ඉතා අනාරක්ෂිත ආකාරයට පවතින බවයි වාර්තා වෙන්නේ.

එහි ඇති අනාරක්ෂිත භාවය සපථවන ඡායාරූප කිහිපයක් පහතින් :

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *