ක්‍රිකට් ලොක්කන් ගෙන් ප්‍රශ්න කළ ආකාරය ගැන ක්‍රීඩා ඇමති කෝප් කමිටුවට චෝදනා කරයි

ක්‍රිකට් ලොක්කන් ගෙන් ප්‍රශ්න කළ ආකාරය ගැන ක්‍රීඩා ඇමති කෝප් කමිටුවට චෝදනා කරයි


ක්‍රිකට් ලොක්කන් ගෙන් ප්‍රශ්න කළ ආකාරය ගැන ක්‍රීඩා ඇමති කෝප් කමිටුවට චෝදනා කරයි

(15.11.2023 – 12:11 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සභාපතීත්වයෙන් වෙනම පාර්ලිමේන්තු කමිටුවක් පත්කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඔහු පැවසුවේ කෝප් කමිටුව වෙනුවට එම අලුතෙන් පත්කරන කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඉඩ දිය යුතු බවයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව හමුවට ඊයේ (14) කැඳවූ අවස්ථාවේදී අවශ්‍ය දේ විමසනු වෙනුවට අදාළ නොවන කාරණා සම්බන්ධයෙන් කෝප් සාමාජිකයින් කරුණු විමසූ බවයි.

“මට සැකයි කෝප් එකත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විකිණිලා ද කියලා..”

++++++++++

කෝප් කමිටු සභාපතිගේ දඹරැගිල්ලේ සංඥාව පාර්ලිමේන්තුවේදී දෝෂ දර්ශනයට

(15.11.2023 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ඕස්ට්‍රේලියාවේ පැවති පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව කෝප් කමිටුව හමුවේ ඊයේ (14) සාකච්ඡාවට ලක්වූ අවස්ථාවේ දඹරැගිල්ලෙන් ලබාදුන් හස්ත සංඥා සම්බන්ධයෙන් එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර අද (15) පාර්ලිමේන්තුවේදී දෝෂ දර්ශනයට ලක්වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ පිලිබඳ ප්‍රශ්න කළ අතර හේෂා විතානගේ, නලින් බණ්ඩාර, චමින්ද විජේසිරි, ප්‍රේමනාත් සී.දොලවත්ත, රොෂාන් රණසිංහ, දයාසිරි ජයසේකර සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මැති ඇමතිවරුන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ද ඊට ප්‍රතිචාර දක්වා සිටියා.

+

+

+++++++++

+


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමාත්‍යවරයාට එරෙහිව දැඩි තීරණයක් ගනී

(15.11.2023 – 12:26 +0530 – sinhala.adaderana.lk)

අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, උප සභාපතිවරයා සහ භාණ්ඩාගාරිකවරයා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ රුපියල් බිලියන 2.4 ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් ගොනුකළ බවය.

ඔවුන් එම නඩුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ගොනුකර ඇත.

එම සම්පූර්ණ නිවේදනය :


පාසලක තාප්පයක් කඩා වැටිමෙන් සිසුවියක් ජීවිතක්ෂයට

(15.11.2023 – 12:46 +0530 – hirunews.lk/sinhala)

වැල්ලම්පිටිය – වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් එක් සිසුවියක් මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් බවයි වාර්තා වන්නේ.

මෙම සිසුවිය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ දී බවයි සඳහන් වන්නේ.

පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන තවත් සිසුන් සය (6) දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වැල්ලම්පිටිය – වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා ප්‍රකාශ කොට සිටියේ විවේක කාලයේ ජලය ලබා ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් මෙම සිසු සිසුවියන් කඩා වැටුණු තාප්පය අසලට පැමිණ ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ කඩා වැටුණු තාප්පය මීට වසර 15 කට පෙර ඉදි කළ තාප්පයක් වන බවයි ෴

වැල්ලම්පිටිය – වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමට අදාළව එම පාසලේ විදුහල්පතිවරයාට ප්‍රදේශවාසීන් විසින් පහර දෙනුලැබ තිබෙනවා.

පහර කෑමට ලක් වූ විදුහල්පති මේ වන විට රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴

+

+


අනුරාධපුර දුම්රිය ස්ථානයේ ඩීසල් සොරකමක්

(15.11.2023 – 11:23 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශ ස්ථානභාර නිලධාරියා ඇතුළු සේවකයින් 5 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

ඒ, පසුගිය සැප්තැම්බර් මස 19 වන දින අනුරාධපුර දුම්රිය ධාවනාගාරයේ සිදුව ඇති ඩීසල් ලීටර් 545 ක සොරකමට අදාළවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත් කළ අතර, එහි නිර්දේශ මතයි අදාළ වැඩ තහනම සිදුකර ඇති බවට සඳහන් වන්නේ ෴


මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඩෙංගු රාජකාරිවලින් ඉවත් වෙයි

(15.11.2023 – 10:40 +0530 – hirunews.lk/sinhala)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (15) සිට ‘ඩෙංගු මර්දන රාජකාරි’ වලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ පිළිබදව සහ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් දැනුම්දී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියේ.

ඒ අනුව ලබන 22 වනදා සිට ‘සියලුම බෝවන රෝග පාලන කටයුතු’ වලින් මෙන්ම දෙසැම්බර් මස පළමු වනදා (01) සිට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ‘සියලු ක්ෂේත්‍ර රාජකාරි’ වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා ෴


අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

(15.11.2023 – 09:16 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරුන් රට හැරයාම වළක්වාගැනීමට රජය පියවර නොගැනීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴


අවුරුදු 13 ක දැරියකට ගබ්සාවක් සිදු කිරීම සම්බන්ධයෙන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(15.11.2023 – 09:11 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 13 ක දැරියකට නීති විරෝධී ලෙස ගබ්සාවක් සිදු කිරීමේ චෝදනාව මත මුලතිව් කුමුලමුනෙයි ප්‍රදේශයේ තිදෙනෙකු (3) මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය ගැබ් ගෙන ඇත්තේ එම දැරියගේ මවගේ අනියම් සමියා අතින් බවයි පොලිසිය සඳගන් කොට සිටින්නේ.

දැරියට හදිසියේ වැළදුණු උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේදී ඇය ගැබ් ගෙන ඇති බව හෙළිවීමෙන් පසුව මුලතිව් නගරයේ වෛද්‍යවරයෙකු හමු වී ඇයට ගබ්සාවක් සිදු කරගෙන තිබෙනවා.

පසුව දැරිය අධික ලෙස රුධිරය වහනය වීම නිසා රෝගී වීමෙන් පසුව මුලතිව් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී දැරිය වෛද්‍යවරයෙකුට සිදු වූ සියලු දේ ප්‍රකාශ කොට තිබෙනවා.

වෛද්‍යවරයා මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව ගබ්සාව සිදු කළ වෛද්‍යවරයාද දැරියගේ මව හා ඇගේ අනියම් පුරුෂයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය තවමත් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා (3) මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


කොළොන්නාව පාසලක නංගිගේ කරබු දෙක අක්කලා උස්සලා

(15.11.2023 – 08:42 +0530 – hirunews.lk/sinhala)

කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාස බාලිකා පාසලක 2 වසරේ ඉගෙනුම ලබන සිසුවියකගේ කණෙහි පැළඳ සිටි රත්‍රං කරාබු දෙක තවත් සිසුවියන් දෙදෙනෙකු (2) විසින් සොරා ගෙන තිබෙනවා.

කරාබු නොතිබීම හේතුව විමසු විට ඇය පවසා ඇත්තේ සිසුවියක් තම හිසට වැලි දමා දිව ගොස් සැඟවුණු බවත් තවත් සිසුවියන් දෙදෙනෙකු 6 වසරේ යැයි පවසා මුඛ ආවරණ‍යක් පැළඳ හිසේ වැලි පිස දමමින් තම කරාබු දෙක ගලවා ගත් බවයි.

මේ පිළිබඳව දෙමාව්පියන් විසින් විදුහල්පතිවරිය දැනුවත් කර තිබුණා.

විදුහල්පති විසින් 6 වසරේ ඉගෙනුම ලබන සිසුවියන්ව හඳුනා ගැනිමේ පෙරෙට්ටුවකට යොමු කර කළ නමුත්, මුඛ ආවරණ පැළඳ සොරකම සිදු කිරීම හේතුවෙන් මෙම දැරියට සැකකාර සිසුවියන් හඳුනා ගැනීමට නොහැකි වී තිබෙනවා.

සැකකාර සිසුවියන් හඳුනා ගැනීමට නොහැකි වීම හේතුවෙන් විදුහල්පතිවරයා විසින් අපහාසාත්මක අයුරින් දැරියට බැන වැදී ඇති බවට සඳහන්.

ඉන් දැඩි කනස්සල්ලට පත් මවුපි‍යන් මේ පිළිබඳව මුල්ලේරියාව පොලිසිය වෙත පැමිණි කර තිබුණා.

පොලිසිය විසින් සිදු කළ පරීක්ෂණවල දී මෙම සොරකම උසස් පෙළ සිසුවියක් ඉතා සුක්ෂමව සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *