බලංගොඩ නායයෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගේම (4) සිරුරු හමුවෙයි
(14.11.2023 – 17:54 +0530 – hirunews.lk/sinhala)
බලංගොඩ ප්‍රදේශයේ ඉරිදා (12) සිදු වූ නාය යෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගේ (4) ම සිරුරු අද (14) සොයා ගෙන තිබෙනවා.
පස්කන්දක් නායයාම හේතුවෙන් යටවූ බලංගොඩ – ගවරන්හේන – වැහින්තැන්න ප්‍රදේශයේ නිවසේ සුන්බුන් සොයාගැනිමට ඊයේ (13) ආරක්ෂක අංශ සමත් වුණා.
අධික වැසි සමඟ අදාළ නිවස මතට මෙම පස්කන්ද කඩා වැටී තිබූ අතර ඊට යට වීමෙන් අතුරුදන්ව ඇත්තේ 10 සහ 16 හැවිරිදි දියණියන් දෙදෙනා (2), 45 හැවිරිදි පියා සහ 40 හැවිරිදි මවයි.
මෙම නායයෑමෙන් තවත් නිවාස 3 කට හානි සිදුවූ අතර, එක් (1) නිවසක සිරවී සිටි වයෝවෘද්ධ පුද්ගලයින් දෙදෙනෙකු (2) ආරක්ෂක අංශ විසින් මුදා ගනු ලැබුවා.
+
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ඒ හාලිඇල සහ දෙමෝදර අතර පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ෴
සීනි ගබඩාවකට මුද්‍රා තබයි
(14.11.2023 – 17:37 +0530 – hirunews.lk/sinhala)
පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සීනි ගබඩාවකට පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍රා තබා තිබෙනවා.
එම එක් ගබඩාවක සීනි මෙට්‍රික්ටොන් 270 ක් සඟවා තිබූ අතර එය ප්‍රධාන ආනයනකරුවෙකුට අයත් බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ.
අනෙක් ගබඩාවේ වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සීනි මෙට්‍රික්ටොන් පහක් (5) සඟවා තිබුණා ෴
ආර්ථික පරිහානියට ගෝඨා, මහින්ද, බැසිල් වගකිවයුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණය
(14.11.2023 – 16:13 +0530 – hirunews.lk/sinhala)
රට තුළ ආර්ථික මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි අද තීන්දු කළා.
ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පාර්ශව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්රමුඛ පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීන්දු කරනු ලැබුවා.
වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහස (1,50,000) බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බවත් අදාළ තීන්දුවේ සඳහන්.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකකට (2) අදාළවයි එම තීන්දුව ලබාදුන්නේ.
ඒ අනුව මුර්දු ප්‍රනාන්දු, විජිත් මළල්ගොඩ, බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
එහිදී සුළුතර නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සඳහන් කළේ තමන් අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට නියම කරන බවයි.
එම පෙත්සම් නිසි නීතිමය කාලසීමාව තුළ ගොනු කර නොමැති වීම ඇතුළු හේතු කිහිපයක් මත පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු ජයවර්ධන ප්‍රකාශ කළා.
බහුතර විනිසුරුවරුන්ගේ තීරණය ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරෙහි අගෝස්තු මාසය දක්වා කාල සීමාව තුළ වග උත්තරකරුවන් වගකිවයුතු නිලතල දරා තිබෙන බව පෙත්සම් විභාගයේදී අනාවරණය වු බව කියා සිටියා.
මෙම කාල සීමාව තුළ වගඋත්තරකරුවන් රට තුළ ආර්ථික අවපාතයක් මතුවිය හැකි බවට කරුණු වටහා ගෙන සිටි බව පැහැදිලි වන්නේ යැයි සඳහන් කළ අගවිනිසුරුවරයා, මෙම තත්ත්වය වැළැක්වීමට ඔවුන් නිසි පියවර නොගත් බවත් සඳහන් කර සිටියා.
එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය සේවාවන් වන විදුලිය, ගෑස්, ඖෂධ ඇතුළු සේවාවන් අඛණ්ඩව සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී මහජනතාව මෙන්ම රටද දැඩි අගාධයකට ඇද වැටුණු බවත් තීන්දුවේ සඳහන් කර තිබෙනවා.
රට තුළ ආර්ථික අර්බුදයක් මතු විය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආර්ථික විශේෂඥයින් මත පළ කර තිබියදීත් වගඋත්තරකරුවන් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කළ ආකාරයක් පෙනී නොයන බවත් වත්මන් ආර්ථික අර්බූදය මැඩලීමට තමන් සියලු ක්‍රියාමාර්ග ගත් බවට වගඋත්තරකරුවන් කරනු ලබන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් නඩු තීන්දුවේ දැක්වෙනවා.
එහිදී වගඋත්තරකරුවන් මහජන විශ්වාසය හා භාරව කඩ කරමින් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් අගවිනිසුරුවරයා ප්රමුඛ පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවේ සඳහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග නිකුත් නොකරන බව සඳහන් කළ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු වග උත්තර කරුවන් විසින් පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහස (1,50,000) බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බව ප්‍රකාශ කර තිබෙනවා.
+
ක්‍රිකට් පෙත්සමට නව විනිසුරු මඩුල්ලක්
(14.11.2023 – 19:51 +0530 – hirunews.lk/sinhala)
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය තීරණ ගැනීමට විදේශ අමාත්‍ය අලි සබ්රිගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලය පවරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය අද (14) ප්‍රකාශ කළා.
ඉදිරියේදී අතුරු කමිටුවක් පත් කරන්නේ නම් ඊට කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි ඔවුන් නිවේදනය කළේ. විදේශ අමාත්‍ය අලි සබ්රිගේ සභාපතිත්වයෙන් යුත් මෙම අනු කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, ටිරාන් අලස් සහ මනූෂ නානායක්කාර කටයුතු කරනු ලබනවා.
කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එවැනි දෙයක් සාකච්ඡා නොවූ බවත්, ජනාධිපති මාධ්‍ය අංශය මෙම ප්‍රකාශය වහා නිවැරදි කළ යුතු බවත්, ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින්.
මේ අතර ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනමක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය, නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ලබන 16 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා. ඒ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න එම නඩු විභාගයෙන් ඉවත් වීම හේතුවෙන්.
ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයේ කටයුතු වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පැනවීමට එරෙහිව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගොනුකළ මෝසම අද (14) විභාගයට ගත්තේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කලුආරච්චි යන විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ පෞද්ගලික මට්ටමින් බවයි. මෙම පෙත්සම ගොනු කිරීමට ඔහුට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.
එසේම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙම නඩුව විමසීම පිළිබද තම සේවාදායකයා විරෝධය පළකරන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් අභියාචනාධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේ.
“ඔබේ සේවාදායකයා විරුද්ධ වන්නේ මටද? එසේත් නැත්නම් මේ විනිසුරු මඩුල්ලට ද?” යනුවෙන් විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මෙහිදී විමසා සිටියා.
“ඔබතුමා මෙම පෙත්සම විමසීම සම්බන්ධයෙන් තමයි මගේ සේවාදායකයා විරුද්ධ වන්නේ” යනුවෙන් ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ කනගීෂ්වර ප්‍රකාශ කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
“පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා, ඇතැම් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මා සම්බන්ධයෙන් අසාධාරණ ලෙස විවේචන එල්ල කලා. එම නිසා මේ පෙත්සම් විභාගයෙන් මා ඉවත් වීමට තීරණය කලා” යනුවෙන් පවසමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න පෙත්සම් විභාගයෙන් ඉවත් වුණා.
කෙසේ වෙතත් එම විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස ක්‍රියාකළ විකුම් කලුආරච්චි පැවසූයේ මෙය තමන්ට තවත් සාමාන්‍ය නඩුවක් බවයි. එමෙන්ම වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදී තිබෙන බවට පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් තමන් මෙම අතුරු නියෝගය නිකුත් කිරීමට එකඟ වූ බවද විකුම් කලුආරච්චි විනිසුරුවරයා අවධාරණය කළා.
මෙහිදී ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේ තීන්දුව දෙන විටත් තම සේවාදායක පාර්ශවයට නොතීසි ලැබී නොමැති බවයි.
ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කිරීමට සභාපති විනිසුරුවරයා නියෝග කළ අතර ඒ අනුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා.
එහෙත් එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ධම්මික ගනේපොල සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවයි.
ඒ අනුව අදාළ පෙත්සම විභාගය සඳහා නව විනිසුරු මඩුල්ලක් නම් කිරිම වෙනුවෙන් එය යළි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න වෙත යොමු කෙරුණා.
එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ප්‍රකාශ කළේ පෙත්සම සළකා බැලීම සදහා ඩී.එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන විනිසුරු මඩුල්ල නම්කළ බවයි.
ඒ අනුව එම නව පෙත්සම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම එළැඹෙන 16 වනදා කැදවීමට නියමිතයි.
මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අදත් (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ, දූෂිත ක්‍රිකට් පරිපාලනයට එරෙහිව ගෙන යන අරගලය හමුවේ තමන්ට එල්ලවී ඇති ජීවිත තර්ජන පිළිබද කළ පැමිණිල්ලකට අදාළ කැඳවීමකට අනුවයි.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට අද (14) කැදවනු ලැබුවා. 2022 වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ දූෂණ හා අක්‍රමිකතා පිළිබද විග්රණන වාර්තාවෙන් හෙළිකළ කරුණු සම්බන්ධයෙන් මෙහිදී ක්‍රිකට් පරිපාලකයින්ගෙන් කරුණු විමසා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තමන් මුහුණ දුන් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් දැනුවත් කරමින් අද (14) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.
ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය අසාර්ථකව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය සිකුරාදා යළි දිවයිනට පැමිණි අවස්ථාවේ තරග පරාජ ගැන සෘජු පිළිතුරක් නොදුන් ඔහු මාධ්‍ය ඉදිරියේ අදහස් පළ කරමින් කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අදහස් පළ කළේ දින දෙකක් (2) තුළදී එම කුමන්ත්‍රණය හෙළි කරන බවට පවසමින්.
එවන් පසුබිමක ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා අද (14) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තමන්ට මුහුණදීමට සිදුවූ ගැටලු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දැනුවත් කර තිබුණා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴