රට තුළ සංස්කෘතික කුමන්ත්‍රණයක් – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

රට තුළ සංස්කෘතික කුමන්ත්‍රණයක් – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි


රට තුළ සංස්කෘතික කුමන්ත්‍රණයක් – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(18.10.2023 – 13:23 +0530 – hirunews.lk/sinhala)

විදෙස් අධිරාජ්‍යවල බලපෑම මත රට තුළ සංස්කෘතික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ කොළඹ මහජන පුස්තකාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.

හිටපු විනිශ්චකාර අධි නීතීඥ එල්.කේ.එස්.එන්. පෙරේරා විසින් රචිත ‘ඊළාම් මිත්‍යාවේ හෙළිදරව්ව’ නමැති ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ මහජන පුස්තකාලයේදී සිදුකෙරුණා.

++++++++++

+


ළමුන් අතර ඇස් රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තියක්

(18.10.2023 – 08:38 +0530 – sinhala.adaderana.lk)

පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝග පැතිරයාමේ අවදානම තවදුරටත් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙර්රෙරා මහතා පවසයි.

ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ රෝගය වැලඳුන දරුවන් පෙරපාසැල් සහ පාසැල් වෙත යොමු නොකිරීම මඟින් මෙම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙන බවය.

“මේ දවස්වල පාසල් දරුවන් අතර ඇස් රෝගයක් ව්‍යාප්ත වෙනවා. මෙහිදි රෝග ලක්ෂණ විදියට ඇස් රතුවීම, ඇස් බොඳවීම, කඳුළු ගැලීම, උණ හා හිසරදය වගේ රෝග ලක්ෂණත් අපි දකිනවා. මේක වෛරස් උණ රෝගයක් විදියට තමා අපි දකින්නේ. මොකද ඉතාම සීඝ්‍රයෙන් මේක බෝවෙන්න පුළුවන්. කවුරු හරි ඇස් රෝගය තියෙන කෙනෙක් අල්ලලා කොහේ හරි තැනක් ඇල්ලුවොත් ඒ තැන නිරෝගි පුද්ගලයෙක් ඇල්ලුවොත් ඊට පස්සේ තමන්ගේ ඇස් ඇල්ලුවොත් තමා මේක බෝවෙන්නේ. ළමයි එකට එකතුවෙලා සෙල්ලම් කරන නිසා ඒ අය අතර බෝවීමේ ඉඩකඩ වැඩියි. මේ රෝග ලක්ෂණත් එක්ක සමහර වෙලාවට ඉහළ ස්වසන මාර්ගයේ ඒ කියන්නේ කැස්ස, හෙම්බිරිසාව, උණ වගේ රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් දරුවාව පාසල් යවන්න එපා. දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට, මොන්ටිසෝරි යවන්නත් එපා. අනෙක් දරුවන්ට බෝවෙන්න පුළුවන්.”


අදත් (18) ප්‍රදේශ රැසකට තද වැසි – ගාල්ලේ වෙළෙඳසැල් ජලයෙන් යටවෙයි (18.10.2023 16:00)

+


අවවාදයයි ! දීගොඩ කුමාර මහතාගේ දේශනාවල තිබෙන ‘මිසදිටු බොරු බණ’ වලින් ප්‍රවේශම් වන්න ! එතුමාට තිබෙන රෝගීන් සුවපත් කිරීමේ විශ්මිත අධිමානසික බලය ගැන පමණක් සැළකිලිමත් වන්න ! – අමරසර


ධන කුවේරයන්ට මුදලට කාන්තාවන් දුන් නාවල ආයතනයක් වටලයි – කාන්තාවන් 14 ක් අල්ලයි

(18.10.2023 – 16:52 +0530 – ada.lk)

පාද සම්බාහන ආයතනයක් ලෙස පුවරු ප්‍රදර්ශනය කර දීර්ඝ කාලයක් තිස්සේ ධනකුවේරයින් හා කෝටිපති ව්‍යාපාරිකයන් සඳහාම මුදලට කාන්තාවන් සැපයූ නුගේගොඩ නාවල පාරේ ආයතනයක් වටලා කාන්තාවන් 14 දෙනෙකු සහ ඔවුන් මෙහෙය වු කළමනාකාරවරිය අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.

කාන්තාවන් සහ කළමනාකාරවරිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම ස්ථානයේ සිදුකළ පරික්ෂාවේදී උපත් පාලන කොපු ඇතුළු ලිංගික ක්‍රියාවන් සඳහා යොදාගන්නා විවිධ උපකරණ හා ආලේපන වර්ග තොගයක්ද පොලිස් භාරයට ගත් බව වැටලීම සිදුකළ සිදුකළ පොලිස් නිලධාරියකු පැවැසීය.

ආයුර්වේද පාද සම්බාහනය සිදු කරන බවට අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර එම ස්ථානයට දුරකථන ඇමතුම් ලබා දී පැමිණෙන පුද්ගලයින් හට ඉතා අධික මිල ගණන් යටතේ ගණිකා සේවයේ යෙදවීම සඳහා කාන්තාවන් ලබාදී ඇති බවත් එම ස්ථානයට අමතරව පිටස්තර ස්ථාන වලට රැගෙන යාම සඳහා ද කාන්තාවන් සපයා ඇති බව මූලික විමර්ශනවලදී හෙළිකර කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

කුලී පදනම මත ලබාගත් මෙම ගොඩනැගිල්ල තුල විවිධ වයස් සීමා පෙනුම අනුව රුපියල් 7,000/= සිට රුපියල් 25,000/= දක්වා මිල ගණන් යටතේ කාන්තාවන් මුදලට විකුණා ඇති බවත් එම ස්ථානයේදී සේවය ලබාගන්නේ නම් කාමර ගාස්තුවක්ද අයකර ඇති බව අත්අඩංගුවට පත්වූ කළමනාකාරවරිය ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.

එම ආයතනය සමාජ ශාලාවක් ලෙස හැඩ ගන්වා තිබූ අතර අඩ අඳුරු ආලෝක විදුලි බුබුළු සවිකර සිහින් සංගීත රාවයක් ද ඇසෙන පරිදි සුවපහසුව අසුන් පනවා තිබූ අතර පැමිණෙන ගනුදෙනුකරුවන්ට තමන්ට රිසි සේ තරුණියක් තෝරාගත හැකි පරිදි ඔවුන් එක පෙළට අසුන් ගන්වා තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් 20 වැනි වියේ සිට 55 වැනි විය දක්වා පසුවන රත්නපුර, නුවරඑළිය, හැටන්, බගවන්තලාව, මීගමුව, අවිස්සාවේල්ල, කෑගල්ල, කුරුණෑගල වැනි විවිධ ප්‍රදේශයන්හි පදිංචිකාරිනියන් වන බවත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නැවතී රාජකාරි කරන බව නිවෙස් වලට පවසා මෙම ස්ථානයේ ගණිකා රැකියාව සඳහා යොමුවී ඇති බවත් පොලිසිය පවසයි.

පාද සම්බාහන කටයුත්තක් සිදු කර ගැනීම සඳහා සහභාගි වන අයුරින් උපාය දුතයෙකු යොදවා සිදුකළ විමර්ශන හා පරීක්ෂණවලදී අනාවරණයවූ තොරතුරු මත මෙම වැටලීම සිදුකළ බවත් පොලීසිය පැවසීය.

පොලිස් නිලධාරීන් මෙම ස්ථානය වටලා තිබූ අවස්ථාවේදීත් සුඛෝපභෝගී මෝටර් රථ කීපයක් එම ස්ථානයට පැමිණ ආපසු හරවා යනු දක්නට ලැබුණු බව වැටලීම කළ පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් කාන්තාවන් (14) දෙනා සහ කළමනාකාරවරිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාරදුන් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පැවසීය ෴


රත්තරන් ජෙල් ගත්ත කටුනායක ගුවන්තොටුපොලේ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(18.10.2023 – 16:10 +0530 – ada.lk)

ඩුබායි බලා ගුවන් ගත වීමට පැමිණි ගුවන් මගියෙකුගෙන් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් (1,50,00,000) පමණ වටිනා ‘රත්තරන් මිශ්‍ර ජෙල් පැකට්’ දෙකක් (2) ලබා ගත් කටුනායක ගුවන් තොටුපොළට අනුයුක්ත කර සිටි සංචාරක පොලිස් කොට්ඨාසයේ සැරයන්වරු දෙදෙනෙකු (2) ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සහ මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් සැරයන්වරු දෙදෙනෙකි (2).

17 දින උදෑසන 11:00 ට පමණ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඩුබායි බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

එහිදී කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිතව රාජකාරී කිරීම සදහා සංචාරක පොලිස් කොට්ඨාසයට අනුබද්ධිත සැරයන්වරු දෙදෙනා (2) විසින් මෙම ගුවන් මගියා සන්තකයේ තිබූ ග්‍රෑම් 634 ක් පමණ බරැති මෙම රත්තරන් මිශ්‍ර ජෙල් පැකට් දෙක (2) ලබා ගෙන තිබුණි.

මෙම සිදුවීමෙන් පසු මෙම ගුවන් මගියා සිය ගුවන් ගමන අතහැර, කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වහාම ගුවන් තොටුපොළ වෙත ගොස් මෙම පොලිස් සැරයන්වරු දෙදෙනා (2) සහ ඔවුන් ලබා ගත් රත්තරන් මිශ්‍ර ජෙල් පැකට් දෙක (2) අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් දෙදෙනා 18.10.2023 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴


දිවයිනේ ප්‍රදේශ රැසකට අද (18) රාත්‍රියේත් වැසි

(18.10.2023 – 21:24 +0530 – hirunews.lk/sinhala)

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට අද (18) රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබගරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවයි.

මේ අතර ඇඳහැලෙන වැසි හේතුවෙන් ගාල්ල නගරයේ ප්‍රධාන සහ අතුරු මාර්ග රැසක් අද (18) ජලයෙන් යටවුණා.

ගාල්ල මහනගර සභාව විසින් ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරිම ඊට හේතුවී ඇති බවයි ප්‍රදේශවාසින් චෝදනා කළේ.

එමෙන්ම වර්ෂාවත් සමග ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයද මිරිස්ස නගරයෙන් ජලයෙන් යට වුණා. අද (18) උදැසන 08:30 න් අවසන් වු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 108 මොණරාගල බිබිල ප්‍රදේශයට ලැබී තිබෙනවා.

+

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *