තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුව කොපි කර මුදල් වංචා කිරීම ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුව කොපි කර මුදල් වංචා කිරීම ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුව කොපි කර මුදල් වංචා කිරීම ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(10.09.2023 – 17:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර මුදල් වංචා කළ බවට තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදන නිකුත් කර තිබෙනවා.

මෙම වෙබ් අඩවිය සඳහා අවශ්‍ය සබැදිය ශ්‍රී ලාංකිකයන්ට ලැබී ඇත්තේ කෙටි පණිවිඩයක් වශයෙන් බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම කෙටි පණිවිඩය ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ ඇනවුම් කිරීමේදී දුරකථන අංක ලබා දුන් පිරිසට ලැබී ඇති බවයි.

අදාළ සබැඳියට ගිය විට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් විවෘත වන අතර සුළු මුදලක් ගෙවූ පසු කවුලුවද විවෘත වීම සිදු වේ.

මෙහිදී තමාගේ පාර්සලය ලබා ගැනීමේ අවශ්‍යතාවය ඇති පුද්ගලයන් තම බැංකු කාඩ්පතේ දත්ත ද එයට ඇතුළත් කළ යුතු අතර අදාළ ගෙවීම් තහවුරු කිරීම සඳහා OTP අංකයක්ද හිමි වන බවයි වාර්තා වන්නේ.

මෙලෙස ගෙවීම් කළ වහාම අදාළ බැංකු ගිණුමේ තොරතුරු වෙනත් පාර්ශවයක් වෙතට ගොස් පරිශීලකයන්ගේ ගිණුමේ මුදල් අහිමි වී යාම සිදු වන බවයි අනාවරණය වී ඇත්තේ.

තැපැල්පතිවරයා පැවසුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමාන ලිපිනයක් භාවිතා කරමින් මෙම ව්‍යාජ වෙබ් පිටුව නිර්මාණය කර ඇති බවයි.

අදාළ සිදුවීමට සම්බන්ධ කිසිවෙක් මේ වන තෙක් හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

https://slpost.gov.lk/

++++++++++

+


2023 අපොස උසස් පෙළ අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක්

(10.09.2023 – 17:03 +0530 – hirunews.lk/sinhala)

2023 අපොස උසස් පෙළ විභාගය මෙම වසරේ නොවැම්බර් 27 වැනි දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නමුත් දෙවැනි (2) හා තෙවැනි (3) වරට විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ විභාගය සඳහා සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නොවන බැවින් ඊට යම් සහනයක් සලසන ලෙසයි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ උසස් පෙළ විභාගය පැවැත්වීම වරින් වර කල්ගිය බැවින් 2022 වසරේ උසස් පෙළ විභාගය පැවැත්වුණේ මෙම වසරේ ජනවාරි අග සිට පෙබරවාරි පළමු සතිය දක්වායි.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීම කඩිනමින් නිම කළ යුතුව තිබුණද ගුරු වැටුප් විෂමතාව ඇතුළු ගැටලු මුල් කරගනිමින් උත්තර පත්‍ර පරීක්ෂකවරුන් උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වීම හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීම මාස 6 ක් පමණ ප්‍රමාද වුණා.

ඒ අනුව 2022 වර්ෂයේ උසස් පෙළ විභාගය ප්‍රතිඵල නිකුත් කෙරුණේ ඉකුත් 04 වැනිදා යි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ 2023 උසස් පෙළ විභාගය මෙම වසරේ නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙවර ප්‍රතිඵල අනුව උසස් පෙළට දෙවැනි (2) සහ තෙවැනි (3) වර පෙනී සිටින අයදුම් කරුවන් පවසන්නේ මාස දෙකක් (2) වැනි සුළු කාලයකින් තමන්ට විභාගයට සූදානම් වීම අපහසු බවයි ෴


සයිබර් ප්‍රහාරයකින් කැබිනට් කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල 300 ක විද්‍යුත් ලිපිනයන් 5,000 ක පමණ තොරතුරු අස්ථාන ගත වෙයි

(10.09.2023 – 18:51 +0530 – sinhala.adaderana.lk)

රජයේ කාර්යාලයවල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කරගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි.

එහි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා සඳහන් කළේ, පසුගිය මැයි මස 17 වන දින සිට අගෝස්තු මස 26 වැනිදා දක්වා කාලය තුළ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවය.

මෙහිදී කැබිනට් කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල 300 ක විද්‍යුත් ලිපිනයන් 5,000 ක පමණ තොරතුරු අස්ථාන ගත වී ඇති බව සඳහන්ය.

මෙම සයිබර් ප්‍රහාරය එල්ල වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා පළ කළේ මෙවන් අදහසකි :

“අපේ ICT ආයතනයෙන් ඊමේල් පහසුකම ලබාදීලා තියෙනවා රජයේ ආයතන කිහිපයකට. මධ්‍යම ඊමේල් පහසුකම් නැති ආයතන කිහිපයකට. ඒ පද්ධතිය 2007 වසරේ ඉඳලා අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. 2013 වසරේ ස්ථාපනය කරන්න යෙදුන ඊමේල් පද්ධතිය මේ වනවිට කල් ඉකුත් වු තත්ත්වයක් තමා වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ පද්ධතිය විවිධ වූ සිකියුරිටි ඇටෑක්වලට පත්වෙලා තියෙනවා. ඒ අනුව ඇටෑක් එකක් ඇවිත් තියෙනවා අගෝස්තු 26 වනදා ඒ සමගම ඒ පද්ධතිය භාවිතයට ගතහැකි තත්ත්වයෙන් ඉවත්වෙලා තියෙනවා. 2014 පස්සේ මේ වෙනකල් යාවත්කාලින කිරීමක් කරලා නෑ. 2021 සහ 2022 උත්සාහ කරලා තියෙනවා යාවත්කාලීන කරන්න. නමුත් ඒකට හැකියාවක් ලැබිලා නෑ. දැනට ICT ආයතනය ඉදිරියේදී මෙවැන්නක් සිදුනොවෙන්න අවශ්‍ය යාවත්කාලීන කටයුතු හා පරිපාලන කටයුතු ශක්තිමත්ව කරගෙන යනවා.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *