හෝමාගමදී පත්තු වූ වෙඩිල්ලේ ඉලක්කය

හෝමාගමදී පත්තු වූ වෙඩිල්ලේ ඉලක්කය


හෝමාගමදී පත්තු වූ වෙඩිල්ලේ ඉලක්කය

(21.06.2023 – 19:22 +0530 – sinhala.adaderana.lk)

හෝමාගම නියඳගල ප්‍රදේශයේදී ද ඒ ඊයේ (20) රාත්‍රී 09:15 ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණි.

පොලිසිය පැවසුවේ යුද හමුදාව හැරගොස් සිටින සෙබළෙක් වන, එම ප්‍රදේශයේ පදිංචි ‘චමිල සංජීව පෙරේරා’ නැමැත්තෙක් වෙඩිප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවය.

ඔහුගේ නිවසේ ඊයේ (20) රාත්‍රියේ සාදයක් පවත්වා ඇති අතර ඒ අතරතුර ආ දුරකථන ඇමතුමකට අනුව ඔහු නිවසින් පිටතට පැමිණ තිබේ.

එම අවස්ථාවේ යතුරු පැදියකින් සහ වෑන් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු (3) ඔහුට වෙඩිතබා පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

T-56 ගිනි අවියකින් එල්ල කළ වෙඩි ප්‍රහාර 5 කින් ප්‍රහාර 3 ක් ඔහුට එල්ලවී තිබේ.

බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර මරණකරු 46 හැවිරිදි තිදරු පියෙකි.

පොලීසිය පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් එම පුද්ගලයා සාක්ෂි ලබාදුන් බවට සැක සිතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙම ඝාතනය මෙහෙයවා ඇතැයි සැකකරන බවය.

පළාගිය වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

+


රත්තරන් කියා බොත්තම්වලට රැවටුණු තරුණයින් දෙදෙනා (2)

(21.06.2023 – 17:03 +0530 – sinhala.adaderana.lk)

නිධානයකින් ලබාගත් රත්තරන් විකිණීමට තිබෙන බව පවසමින් වංචනිකව සෑදූ බොත්තම් තොගයක් විකිණූ සිද්ධියක් වාර්තා වෙයි.

ඒවා රුපියල් ලක්ෂ 04 ක මුදලකට මිලදීගෙන රැගෙන යන අතරතුර අග්බෝපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා මෙම ජාවාරම සිදුකර ඇත.

රත්තරන් ලබාගත් තරුණයින් දෙදෙනා (2) කන්තලේ දෙසට පැමිණෙමින් සිටියදී අග්බෝපුර පොලිස් මුරපොලේදී ඔවුන්ව සොදිසි කර තිබෙන අතර එහිදී මෙම ව්‍යාජ රත්තරන් බොත්තම් තොගය සොයාගෙන තිබේ.

ඒවා පරීක්ෂාකර තරුණයින් දෙදෙනා (2) ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුන් පවසා ඇත්තේ, හබරණ ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු ෆේස්බුක් මගින් හඳුනාගෙන මෙම ගනුදෙනුව සිදුකළ බවය.

සැකකරුවන් දෙදෙනා අද (21) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ අග්බෝපුර පොලීසිය විසින් සිදුකරයි ෴

+++++++++


ලංකාවේ ලොකුම වැට් බදු වංචාවට හොර හැදුනුම්පත් හදපු system එක මෙන්න – විජය උදුපිටිය චමුදිත සමරවික්‍රම සමග (21.06.2023)

+


ගම්මන්පිල කුරින්දි විහාරයට| මිනිස්සු ගම්මන්පිල එක්ක සැර සංවාදයක| කුරින්දි විහාරයේ වෙච්ච දේවල් ඔක්කෝම| 21-06-2023

+


DSI කළමනාකාර අධ්‍යක්ෂගේ බොරැල්ල නිවස ඉදිරිපිට ප්‍රහාරයක්

(22.06.2023 – 12:51 +0530 – gossiplankanews.com)

අද (22) පෙරවරුවේ, බොරැල්ල නගරය ආසන්නයේ බොරැල්ල හරස් පාරේ වෙඩි තැබීමක් සිදුව තිබෙන අතර මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක් වන ඩී.එස්.අයි. හි කළමනාකාර අධ්‍යක්ෂවරයෙකුගේ නිවසටයි. නිවසේ ලී ගේට්ටුව සිදුරු දෙකක් ඇතිවන ලෙස වෙඩි උන්ඩ වලින් හානිවී ඇත.

බොරැල්ල පොලිසිය සඳහන් කළ ආකාරයට DSI කළමනාකාර අධ්‍යක්ෂ සජිත් රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට මෙම ප්‍රහාරය සිදුකරන විට ඔහු නිවසේ සිට ඇත.

නමුත්, ඉන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් සිදු වී නැති අතර, අදාළ වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ ටී-56 ගිනි අවියක් බවට තොරතුරු හෙළි වී ඇත.

මෙම ප්‍රහාරය කිසියම් ව්‍යාපාරික ගැටලුවක් මත හෝ පුද්ගලික කෝන්තරයකට සිද්ධ කරන ලද එකක්ද යන්න ගැන විමර්ශනය කරන අතර පොලිස් පරීක්ෂණ අරඹා ඇත.

+++++++++

+


රෝගාතුරව සිටින ‘මුතුරාජා’ තායිලන්තයට රැගෙන යන්න තීරණයක්

(22.06.2023 – 07:33 +0530 – sinhala.adaderana.lk)

‘මුතුරාජා’ හස්තියා තායිලන්තය වෙත රැගෙන යාමට තමන් එකඟතාව පළ කළේ, එම හස්තියා නැවත මෙරටට ලබාදීමේ පොරොන්දුව මත බව කන්දේ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමි පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, රෝගාතුරව සිටින ‘මුතුරාජා’ හස්තියා තායිලන්තයට ගෙන ගොස් සුවපත් කර යළි මෙරටට ලබාදීමට මෙරට තායිලන්ත තානාපතිවරයා එකඟතාව පළ කළ බවය.

2001 වසරේ දී ‘මුතුරාජා’ හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තායිලන්ත රජය පියවර ගෙන තිබුණි.

එහෙත් එම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා තායිලන්ත රජය මෙරටින් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව එම හස්තියා ලබන මස පළමු (01) වන දින තායිලන්තය වෙත රැගෙන යාමට නියමිත බව වාර්තා වේ.

අලුත්ගම කන්දේ විහාරයේ රඳවා සිටි ‘මුතුරාජා’ හස්තියා දෙහිවල සත්වෝද්‍යානය වෙත මීට මාස හතකට (7) පෙර රැගෙන ඒමෙන් අනතුරුව දෙහිවල සත්වොද්‍යාන පශු වෛද්‍ය නිලධාරින් විසින් හස්තියාට ප්‍රතිකාර සිදුකර තිබේ.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ, පශු වෛද්‍ය නිලධාරීන් ලබාදුන් ප්‍රතිකාර මත මේ වන විට එම හස්තියාගේ පිටුපස පාදයේ පැවති තුවාල බොහෝ දුරට සුව අතට පත්ව ඇති බවය.

දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින මුතු රාජා හස්තියා පිළිබදව සොයා බැලීම සඳහා කන්දේ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියෝ ඊයේ (21) දිනයේ වැඩිය හ.

++++++++

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *