සිය සොයුරා වෙනුවෙට විභාගයට මුහුණ දුන් වැඩිමල් සහෝදරයා අත්අඩංගුවට

සිය සොයුරා වෙනුවෙට විභාගයට මුහුණ දුන් වැඩිමල් සහෝදරයා අත්අඩංගුවට


සිය සොයුරා වෙනුවෙට විභාගයට මුහුණ දුන් වැඩිමල් සහෝදරයා අත්අඩංගුවට

(08.06.2023 – 22:28 +0530 – hirunews.lk/sinhala)

දෙණියාය ප්‍රදේශයේ තරුණයෙක් තම සහෝදරයා වෙනුවෙන් විභාගයට පෙනී සිටි වරදට දෙනියාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර තරුණයා දෙනියාය පල්ලේගම මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයකදී සිය සොහොයුරා වෙනුවෙන් මෙලෙස විභාගයට පෙනී සිට තිබෙන බවයි වාර්තා වන්නේ.

විභාග ශාලාධිපතිවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය එනසල්වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව බවයි වාර්තා වන්නේ ෴


අලුතින් ඉන්ධන බෙදන්න ආ සමාගම් ගිවිසුම් ගත වෙයි

(08.06.2023 – 19:51 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ශ්‍රී ලංකා රජය ආර්.එම්. පාක් සමාගම (R.M. Parks Inc) සහ ෂෙල් සමාගම සමඟ දිගු කාලීන ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ අද (08) ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ සහ ආර්.එම්. පාක් සමාගමේ උපසභාපති ජස්ටියන් ඩිවිස් ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත එම ගිවිසුමට එළැඹ ඇති බව සඳහන්.

එම ගිවිසුම අනුව ඇමරිකානු බලශක්ති සමාගමක් වන ආර්.එම්. පාක් සමාගමට, ෂෙල් සමාගම සමඟ එක්ව ඉදිරි වසර 20 ක කාලයක් සඳහා ඉන්ධන ආනයනය කිරීමට, බෙදාහැරීමට සහ අලෙවිකිරීමට අවසර හිමිවනවා.

බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු ආර්.එම්. පාක් සමාගම, ෂෙල් සමාගම සමඟ එක්ව දින 45 ක් ඇතුළත මෙරට තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

එමෙන්ම ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ගිවිසුම් ගතවී ඇති ඉන්ධන පිරවුම්හල් 150 ක් මගින් එම ව්‍යාපාර ආරම්භ කරන අතර තවත් නව ඉන්ධන පිරවුම්හල් ස්ථානපනය කිරීමේ අවසරයද ඔවුන්ට එමගින් හිමිවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නිලධාරින් සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (08) ප්‍රගති සමාලෝචන රැස්වීමක් පවත්වා තිබෙනවා.

පසුගිය සතියේ අවම තොග පවත්වාගෙන ගොස් ඇත්තේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් 1050 න් 432 ක පමණක් බව එහිදී අනාවරණ වූ අතර අලෙවි නියෝජිතයන් 225 දෙනෙකුද අවම තොග පවත්වාගෙන නොගිය බවයි එහිදී හෙළිව ඇත්තේ ෴


විශ්‍රාම වැටුප නොලැබීමේ සිත් තැවුලට පත් විශ්‍රමිකයෙකු සියදිවි හානිකර ගනී

(08.06.2023 – 19:53 +0530 – hirunews.lk/sinhala)

වසර 04 ක් පුරාවට තම විශ්‍රාම වැටුප සකසා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සිත් තැවුලට පත්වූ බව කියන පුද්ගලයෙකු දුම්රියට ගෙල තබා සියදිවි හානිකරගැනීමේ පුවතක් හෝමාගම ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

හෝමාගම – හබරකඩ ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ.

වසර 35 ක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ විදුලි කාර්මිකයෙකු ලෙස මොහු සේවය කර තිබෙනවා.

පසුව තම විශ්‍රාම වැටුප සකසා ගැනීම සඳහා අවශ්‍ය ලිපිලේඛන සම්පූර්ණ කර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇතත් එය පමාවීම නිසා ඔහු අවස්ථා කිහිපයකදී එහි ගොස් තම විශ්‍රාම වැටුප සකස් කරදෙන ලෙසට අදාළ බලධාරින් වෙත දැනුම් දී ඇති බව ඥාතීන් ප්‍රකාශ කළා.

එහෙත් මෙතෙක් එය නොලැබී ඇති අතර ඒ හේතුවෙන් මෙම පුද්ගලයා දීර්ඝ කාලයක සිට සිත්තැව්ලෙන් සිට ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ දෙපාර්තමේන්තුවට විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා යොමුකරන සෑම අයදුම්පත්‍රයක්ම පරීක්ෂා කර එහි ලියකියවිලි නිසි පරිදි සම්පූර්ණ කර ඇත්නම් හැකි ඉක්මනින් අදාළ විශ්‍රාම වැටුප සකස් කර දීමට කටයුතු කරන බවයි ෴


වරප්‍රසාද රකින්නැයි ගජේන්ද්‍ර කුමාර් කතානායකගෙන් ඉල්ලයි – පාර්ලිමේන්තුවත් උණුසුම්

(08.06.2023 – 19:57 +0530 – hirunews.lk/sinhala)

තම අයිතිවාසිකම් සහ වරප්‍රසාද සුරක්ෂිත කිරීම සදහා වන සුදුසු යැයි හැගෙන ක්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත පිටු පහකින් (5) යුත් දීර්ඝ ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ පසුගියදා තමන් අත්අඩංගුවට ගැනීම සහ ඊට අදාළ ක්‍රියාවලිය තුළ තම වරප්‍රසාද සහ අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවයි.

අදාළ ලිපිය මගින් මන්ත්‍රීවරයා මෙම අත්අඩංගුවට ගැනීමට මුල්වූ සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිළි කිරීමක් කර තිබෙනවා.

එසේම ඔහු මේ සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්ද සිදුකළා.

ඉන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊට පිළිතුරු ලබාදීමේදී උණුසුම් සංවාදයක්ද ඇතිවුණා ෴


පුහුණු පාඨමාලාවට යමින් සිටි පාසල් සිසුවෙක් ලොරි රථයක ගැටී ජීවිතක්ෂයට

(08.06.2023 – 22:36 +0530 – hirunews.lk/sinhala)

ගොඩගම කාර්මික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට යතුරුපැදියකින් යමින් සිටි දාහත් (17) හැවිරිදි පාසල් සිසුවෙකු අද (08) දා උදෑසන ලොරි රථයක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ හංවැල්ල වනහාගොඩ පදිංචි සිසුවෙක් බවයි වාර්තා වන්නේ .

මෙම පාසල් සිසුවා තම සහෝදරයාට අයත් යතුරුපැදියකින් හංවැල්ලේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ ගොඩගම පිහිටි කාර්මික විද්‍යාලයේ පැවැත්වෙන පුහුණු පාඨමාලාවක් සදහා යමින් සිටියදී අද (08) දා උදෑසන 07:30 පමණ කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට එහි මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


‘ගහපු හින්දයි අපි හැදුණෙ’ කියලා තව ෆේස්බුක් එකෙත් ලියන්න !- ගුරුවරුන්ට දෙමව්පියන්ට වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතාගෙන් වටිනා උපදෙස් (08.06.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *