මංජු නිශ්ශංක ගැන පොලිස් පරීක්ෂණ

මංජු නිශ්ශංක ගැන පොලිස් පරීක්ෂණ


මංජු නිශ්ශංක ගැන පොලිස් පරීක්ෂණ

(02.06.2023 – 07:37 +0530 – lankaleadnews.com)

‘ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ මංජු නිශ්ශංක’ නමැත්තා සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ මෙම පුද්ගලයා විසින් වරදක් කර ඇතිදැයි අනාවරණය කරගැනීමට ඉන් බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

මංජු නිශ්ශංකට එරෙහිව පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පැවසීය ෴

+


ශ්‍රී ලංකා රුපියල ගැන බ්ලූම්බර්ග් අනතුරු අඟවයි – ඉදිරියේ දී රුපියලට දුෂ්කර කාලයක්!

(01.06.2023 – 15:39 +0530 – lankaleadnews.com)

බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයට මුහුණ දීමට සිදුවනු ඇති බව විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇති බවයි.

ලෝකයේ මුදල් ඒකක අතරින් ක්‍රියාකාරීම මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල ඉදිරියට පැමිණියත් ශ්‍රී ලංකාව ආනයන සීමා ලිහිල් කිරීමත් ණය ගෙවීම ආපසු ආරම්භ කිරීමත් සමඟ අනාගතයේදී ඉතාමත් දුෂ්කර කාලයකට ශ්‍රී ලංකා රුපියලට මුහුණ දීමට සිදුවනු ඇතැයි එම විශ්ලේෂකයන් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා රුපියල ඊයේ (31) ද ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.4 කින් ශක්තිමත් වූ නමුත් වසර අවසාන වන විට නැවතත් ඇමෙරිකානු ඩොලරයක් ශ්‍රී ලංකා රුපියල් 350 ක අගයකට පැමිණෙනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇත.

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් බැඳුම්කර වෙළඳපොළ ගනුදෙනු ඉහල යාමත් හේතුවක් වී ඇති බවයි බ්ලූම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කර ඇත්තේ ෴


පානදුරේ හදිසි ගින්නක් – ගොඩනැගිල්ලක් සම්පුර්ණයෙන් විනාශයි

(02.06.2023 – 08:54 +0530 – sinhala.asianmirror.lk)

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ රැසක් ගබඩා කර තිබූ පානදුර කිරිබේරිය මහවල පාරේ දෙමහල් ගොඩනැඟිල්ලක පිහිටි ගබඩාවක ඇතිවූ විශාල ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හිරණ පොලිසිය සඳහන් කළා.

එම ගබඩාවේ රුපියල් කෝටි 7 කට ආසන්න දේපල ගබඩා කර තිබූ බව පැවසුවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවක් ලබා දී නැතැයි පොලිසිය සඳහන් කරනවා.

ගින්න නිවීම සඳහා හොරණ, කළුතර, මොරටුව හා දෙහිවල නගර සභාවල ගිනි නිවන ඒකක කැඳවා තිබෙනවා.

කොරෝනා ඇදුම් කට්ටල , මුහුණු ආවරණ , ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවේදී පළඳින ඇඳුම් පැළඳුම් ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ රැසක් එහි ගබඩා කර තිබී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

අලුයම 2 ට පමණ එම ගින්න පිළිබඳ හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයට ගොඩනැගිල්ලේ අයිතිකරු දුරකථන ඇමතුමක් හරහා දැනුම් දී ඇති ගිනි නිවන නිලධාරීන් එම ස්ථානයට පැමිනෙන විට අති විශාල ගින්නක් දෙමහල් ගොඩනැගිල්ල පුරා පැතිරී යමින් තිබෙනවා.

ඒ අනුව සහාය සඳහා දෙහිවල, කළුතර හා මොරටුව නගර සභාවල ගිනි නිවන ඒකක ද කැඳවූ බව හොරණ නගර සභාවේ යාන්ත්‍රික ගිනි බට පි.ඩි. අබේපාල මහතා පැවසුවා.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ ඇතුළු ජල බවුසර් 11 මෙන්ම ගිනි භටයන් තිහකට (30) ආසන්න ප්‍රමාණයක් සහභාගී වී තිබෙනවා.

ගින්න ඇතිවන අවස්ථාවේදී ගොඩනැගිල්ල තුළ කිසිවකු නො සිට ඇති අතර ගින්න පිළිබඳ දැඩි සැකයක් හටගෙන ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

ගොඩනැගිල්ල කුලියට ලබාගත් පුද්ගලයා මේ ආකාරයෙන් මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ කුලියට ගත් ගොඩනැගිල්ලක ද කොරෝනා ඇඳුම් ගබඩා කර තිබී ඇති අතර එය ද මීට මාස දෙකකට (2) පමණ ඉහත දී ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

මෙය ගිනි ගැනීමක් ද ගිනි තැබීමත් ද යන්නත් පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරෙනවා.

ඇති වූ ගින්නෙන් එහි ගබඩා කර තිබූ දේපළ මෙන්ම ගොඩනැගිල්ලට ද දැඩිව අලාභානි වි සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

හිරණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් 100048 චාමර, 102254 හේරත් මහත්වරු පරීක්ෂණ පවත්වනවා ෴


X-Press Pearl අල්ලස ගැන විජේදාස පාර්ලිමේන්තුවට කිව්වේ තඩි බොරුවක් (01.06.2023)

+


කළුතර නගරය මැද දෙමහල් ගොඩනැගිල්ලක් ඇවිලෙයි | ගිණි නිවන හමුදාව එනකන් මිනිස්සු දීපු ගේම… (02.06.2023)

+


ජනපතිගේ ජාතිය ඇමතිමට ඩලස් අමතයි | රනිල් ඊයේ රාජපක්ෂලාටද අනතුරු හැඟෙව්වේ | ඩලස් රනිල්ට උත්තර දෙයි…. (02.06.2023)

+++++++++

රනිල් ඇයි රාජ්‍ය ආයතන එයාට පවර ගන්නේ ? | මෙන්න රනිල් කරන්න යන දේ | ඩලස් වේලාසනම කරන දේ කියයි (02.06.2023)

+


කැනඩාවේ යවනවා කියා මුහුණු පොතේ තරුණියක් මිලියන ගනන් මුදල් අරන් මාරු වෙලා. මුළු පව්ලම කරන ජාවාරමක් (01.06.2023)

+


මහියංගණ විහාරයත් මහා රැවටිල්ලට අහුවෙයි පිරමීඩයේ සම්මා වැඩිල්ල මෙන්න | The Leader TV (02.06.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *