සමාජ මාධ්‍ය භාවිතකරන්නන් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය

සමාජ මාධ්‍ය භාවිතකරන්නන් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය


සමාජ මාධ්‍ය භාවිතකරන්නන් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය

(30.05.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala)

ආගමික, වාර්ගික හැගීම් මගින් ගැටුම් ඇති කිරීම සදහා සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් අවධානයෙන් පසුවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ සහ අදාල බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ඇතැම් කණ්ඩායම් සුක්ෂම ලෙස එවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන බවට අනාවරණය කරගත් තොරතුරු බුද්ධි අංශ විසින් ආරක්ෂක මණ්ඩලයට දැනුම් දි ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධණ කියා සිටියේ.

මේ අතර, ආගමික අසමගිය ඇති කිරීමට උත්සහ කරන කිසිවෙකුට ඒ සදහා ඉඩක් නොදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ උග්‍ර ආර්ථික අර්බුදයකින් රට ගොඩ ගැනීමේ මාවතට පිවිසෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක තවත් අර්බුදයක් නිර්මාණය කිරීම සදහා විවිධ කණ්ඩායම් විසින් එවැනි කටයුතුවල යෙදි සිටින බවයි.

මේ අතර, ආගමික සංහිදියාවට බාධාවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කීරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජාංගණයේ සද්ධාරතනගේ බැංකු ගිණුමකට බැරකල මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එංගලන්තයේ දානපතියෙකු විසින් විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් බැරකරන ලද රුපියල් කෝටි 08 ක පමණ මුදල උන්වහන්සේගේ සහ තවත් දෙදෙනෙකු (2) විසින් ලබාගෙන ඇතත් ඉන් විහාරස්ථානයේ කටයුතු කිසිවක් සිදුකර නැහැ.

ඒ පිළිබද ලද පැමිණිල්ලකට අනුව රාජාංගණයේ සද්ධාරතනගේ බැංකු ගිණුම පරික්ෂාවට ලක් කිරීමටද අධිකරණය ඊයේ (29) අවසර ලබා දුන්නා.

+++++++++++++

රාජාංගනේ හාමුදුරුවෝ කඳුළු පිරි දෙනෙතින් සුදාට මොනවද කිව්වේ – 30.05.2023

+


විදුලි සැර වැදී යෝධ උකුස්සෙකු මිය ගිහින්

(30.05.2023 – 14:47 +0530 – hirunews.lk/sinhala)

ට්‍රාන්ස්ෆෝමරයක වැදී අධ් බලැති විදුලි සැර වැදීමෙන් යෝධ උකුස්සෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස උකුස්සෙකු මියගොස් ඇත්තේ වව්නියාව, අලගල්ල ප්‍රදේශයේ පිහිටි ට්‍රාන්ස්ෆෝමරයක වැදීමෙන් බවයි වාර්තා වන්නේ.

විදුලි සැර වැදීමෙන් මිය ගිය උකුස්සා සර්පයකු ගොදුරු කර ගැනීමට යමින් සිටියදී විදුලි සැර වදින්නට ඇතැයි සැක පහළ කෙරෙන අතර උකුස්සාගේ පාදවල සය මුඛයේ සර්පයකුගේ ශරීර කොටස් ද දක්නට ලැබෙන බව පැවසෙනවා.

මියගිය යෝධ උකුස්සා හමු වී ඇත්තේ විදුලි කාර්මිකයන් පිරිසකට බවයි වාර්තා වන්නේ. ඔවුන් සැක පහළ කරන්නේ සර්පයා ගොදුරු කර ගැනීම සඳහා උකුස්සා ට්‍රාන්ස්ෆෝමරයට වසා ඇති බවය.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

(30.05.2023 – 14:51 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික උණුසුම් කාලගුණය හා දැඩි අව් රශ්මිය ඇස්වලට හා වකුගඩුවලට බලපෑම් ඇති කරන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දෙනවා.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (30) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බවට අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

මේ දිනවල පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හා දැඩි හිරු රශ්මිය ඇස්වලට මෙන්ම වකුගඩුවලටද සෞඛ්‍ය බලපෑම් ඇති කරන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

+


ආනයනික කරවල හා හාල්මැස්සන්ගේ ආසනික් අඩංගුයි

(30.05.2023 – 14:58 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ආනයනය කරන කරවල, හාල්මැස්සන් සමහර තොගවල බැර ලෝහ සහ ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගුවන බව හෙලි වී තිබෙනවා.

මීට අමතරව සමහර ආනයනික පලතුරු තොගවලද බැර ලෝහයක් වන ඊයම් විශාල ලෙස අඩංගු බවයි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය සිදු කළ ජාතික ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයේදී හෙළි වී ඇත්තේ.

ඒ අනුව ජූනි 01 වැනිදා සිට ආදළ ආහාර ද්‍රව්‍යවල බැර ලෝහ පරීක්ෂාව අනිවාර්යය කර තිබෙනවා ෴


විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක්

(30.05.2023 – 16:54 +0530 – hirunews.lk/sinhala)

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාළ සීමාව තුළ දී බාහිර පාර්ශවයකට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

විභාගයට අදාල ලියකියවිලි හැර වෙනත් කිසිදු පත්‍රිකාවක් සිසුන් අතර බෙදාහැරීම නොකළ යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ ෴


2022 උසස්පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසයේ

(30.05.2023 – 17:19 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වන විට ලබාදිමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඒ බව සඳහන් කර තිබෙනවා ෴


වලංගු වීසා කාලය ඉක්මවූ විදේශිකයන්ගෙන් අය කරන දඩ මුදල පහළට

(30.05.2023 – 17:31 +0530 – hirunews.lk/sinhala)

වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාලසීමාව සඳහා අය කරනු ලබන දඩ මුදල අඩු කිරීමේ නියෝගවලට පාර්ලිමේන්තු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, සභාපති අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව වීසා කාලය දීර්ඝ කරගැනීමකින් තොරව වලංගු වීසා කාලසීමාව ඉක්මවා දින හතක් (7) හෝ අඩු කාලයක් තුළ රටින් පිටවන විදේශිකයන් සඳහා දඩ මුදල් අය නොකෙරෙනු ඇති.

අතිවාස කාලසීමාව දින හතකට (7) වැඩි සහ දින 14 ක් හෝ ඊට අඩු කාලසීමාවක් සඳහා ඇමරිකානු ඩොලර් 250 ක දඩ මුදලක් අය කිරීමටත්, දින 14 කට වැඩි කාලසීමාවක් සඳහා ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදලක් අය කිරීමටත් ප්‍රතිපාදන සකස් කර තිබෙන බවයි සඳහන් වන්නේ ෴


ජනාධිපති ලේකම්ගේ නිවසට ඇතුල්වීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට

(30.05.2023 – 18:06 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ පානදුර පිංවන්ත ප්‍රදේශයේ ඇති පුද්ගලික නිවසට ඇතුල්වීමට උත්සාහ කළ පුද්ගලයකු පානදුර පිංවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (30) දහවල් 12:30 පමණ අදාළ පුද්ගලයා එම නිවස ඇති වත්තට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී ආරක්ෂාව සඳහා යොදා සිටි පොලිස් නිලධාරින් එම පුද්ගලයා ඇතුල්වීම දැක ඇති අතර පොලිස් නිලධාරින් මෙම පුද්ගලයාව අල්ලා ගැනීම සඳහා උත්සාහ දරා තිබෙනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ පොලිස් නිලධාරින් හා මෙම පුද්ගලයා අතර පොර බැදීමක් සිදු වී ඇති බවයි වර්තා වී ඇත්තේ.

එහිදී සැකාර පුද්ගලයා පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පළා ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳව පින්වත්ත පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිතුමාව දැනුවත් කර ඇතිඔ අතර වහාම ක්‍රියාත්මක වු පින්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායම් දෙකක් (2) සහ යතුරු පැදි හයකින් (6) එම ප්‍රදේශය පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ අදාළ පුද්ගලයා පුඤ්ඤානන්ද මාවතේ ඇති පාළු නිවසක සැඟවී සිටියදී සොයා ගැනීමට හැකි වූ බවයි.

සැකකාර පුද්ගලයා වයස අවුරුදු 25 ක් පමණ වන ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවක්.

මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයා දැඩිව මත්ද්‍රව්‍යයවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි ෴


ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල අඩු කිරීම ගැන තීරණයක්

(30.05.2023 – 18:41 +0530 – hirunews.lk/sinhala)

රුපියලේ අගය 20% කින් පමණ අධිප්‍රමාණය වී ඇති පසුබිම තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ ගොස් ඇති ආකාරය සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රධානත්වයෙන් අද (30) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙහි දී විශේෂයෙන් ම ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි බලගැන්වීම සඳහා වන යෝජනා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කල බවයි වාර්තා වී ඇත්තේ.

ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල පහත බැස ඇති බවත්, ඊට ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව අමාත්‍යවරයා මෙහි දී කියා සඳහන් කර තිබෙනවා.

විවෘත ආර්ථිකය යටතේ මිල අඩුවීමේ ඉබේ සිදු වීමට ඉඩ නොතබා අවශ්‍ය මැදිහත්වීම් සිදු කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මිල වැඩිවීමේ වේගයට සාපේක්ෂව මිල අඩුවීම සිදු වන්නේ ඉතා මන්දගාමී ආකාරයෙන් බව සඳහන් කළ සියඹලාපිටිය කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය සහය ලබා දීමට රජය සූදානම් බවයි.

රජය මගින් විවිධ කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවා දැමීමට තිබුණ රුපියල් බිලියන 360 ක බිල්පත් ගෙවා දැමමින් සිටින බව පෙන්වා දුන් සියඹලාපිටිය අමාත්‍යවරයා තව ඇත්තේ රුපියල් බිලියන 135 ක බිල්පත් පමණක් බව ද කියා සිටියා.

ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂය කරමින් මසකින් රැස්වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

පසුගිය දා අමාත්‍යවරයා දේශීය සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමග පැවැති මෙවැනි සාකච්ඡාවකින් අනතුරුව පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් පහත හෙලීමට ද තීරණය කර තිබුණා ෴


යුධ හමුදා සෙබළුන් සමඟ ආරවුලක් ඇතිකර ගත් පොලිස් කොස්තාපල්වර‍යෙක් තුවාල ලබා රෝහලේ

(30.05.2023 – 18:46 +0530 – hirunews.lk/sinhala)

යුධ හමුදා සෙබළුන් විසිපස් (25) දෙනෙකු සමග ආරවුලක් ඇති කරගත් පොලිස් කොස්තාපල්වරයකු බරපතළ තුවාල ලබා පොළොන්නරුව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

පොලිස් කොස්තාපල්වරයාගේ යුද හමුදාවේ සේවය කරන ඥාති සොයුරකු ගේ විවාහ මංගල්‍යයට ගිය අවස්ථාවේදී මෙම ආරවුල ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී එම සෙබළුන් පිරිස එල්ල කරන ලද පහරවල් හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයා තුවාල ලබා ඇති බවයි පොලොන්නරුව පොලිසිය පවසන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *