විහාරාධිපති හිමියන්ගේ මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු (2) අත්අඩංගුවට

විහාරාධිපති හිමියන්ගේ මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු (2) අත්අඩංගුවට


විහාරාධිපති හිමියන්ගේ මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(26.05.2023 – 14:51 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බව පවසමින් රදාවඩුන්න කන්දේ විහාරයේ විහාරාධිපති හිමියන්ගේ මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු (2) නිට්ටඹු පොලීසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු සේවය අතහැර ගිය පොලිස් කොස්තාපල්වරයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් සමග තවත් දෙදෙනකු (2) කොල්ලකෑමට පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා (2) පලාගොස් තිබෙනවා.

ඔවුන් සොයා නිට්ටඹුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් කළේ ෴


දූවරු අපයෝජනය කළ මාමා අත්අඩංගුවට

(26.05.2023 – 14:56 +0530 – hirunews.lk/sinhala)

එකම පවුලේ ගැහැණු දරුවන් තිදෙනෙකු (3) අපයෝජනය කළ එම දරුවන්ගේ මවගේ බාල සොයුරා (මාමා) කල්පිටිය පොලීසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ළමා රක්ෂණ අධිකාරියට ලද පැමිණිල්ලක් මත කල්පිටිය පොලීසිය විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

අපයෝජනයට ලක්වූ දැරියන් වයස අවුරුදු 10 ක සහ 11 ක යන වයස්වල පසුවනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (26) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ජෙරොම් ප්‍රනාන්දු ගෙන් පෙත්සමක්

(26.05.2023 – 15:21 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරොම් ප්‍රනාන්දු සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා මෙන්ම පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජෙරොම් කියා සිටින්නේ වගඋත්තරකරුවන් විසින් තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි.

මේ තුළින් සිය මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලීම් කර තිබෙනවා.

එමෙන්ම තමාව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් වග උත්තරකරුවන් වෙත නිකුත් ලෙස‍යි අදාළ පෙත්සමෙන් ඉල්ලිම් කර ඇත්තේ ෴


බිත්තර ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

(26.05.2023 – 15:38 +0530 – hirunews.lk/sinhala)

බිත්තර පහළොවක් (15) සොරකම් කළ පුද්ගලයෙකුව හික්කඩුව පොලීසිය විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා .

අත්අඩංගුවට 53 හැවිරිදි පුද්ගලයා හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක මුළුතැන්ගෙයකින් සැකකරු මෙම බිත්තර සොරාගෙන ඇති බව පොලිසිය පවසනවා.

බිත්තර වලට අමතරව පිහියක් හා සූරියකාන්ත තෙල් ලීටර් තුනක් (3) ද සොරා ගෙන ඇති බවට හෝටල් හිමිකරු විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් පවසන්නනේ සැකකරු විසින් සොරා ගත් බිත්තර වලට අමතරව අනෙක් භාණ්ඩ ජපානයෙන් ගෙන්වන ලද ඒවා බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ එකහමාර (1½) ඉක්මවන බවයි ෴


“කෑලි තුනේ ටෝච් එකක් හරි පන්දමක් හරි අරන් එන්න” – මිහින්තලය රජමහා විහාරාධිපති

(26.05.2023 – 15:48 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලය පුදබිම කේන්ද්‍රකරගනිමින් මෙවර පැවැත්වීමට නියමිත රාජ්‍ය පොසොන් උත්සවයට පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම, පාලන තන්ත්‍රයේ වගකීමක් බව පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසන්නේ.

නමුදු උන්වහන්සේ ප්‍රකාශ කරනුයේ රජයෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවයට නිසි දායකත්වයක් ලබා දී නොමැති බවයි.

එම නිසා ම පොසොන් උත්සවය පැවැත්වීම සඳහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මුදල් එකතු කිරීමේ පිණ්ඩපාත චාරිකාවක්ද පසුගියදා ආරම්භ කළා.

රාජ්‍ය පොසොන් උත්සවය ආරම්භ කිරීම සඳහා ඓතිහාසික මිහින්තලා පුදබිමේ පහත මළුවේ සිට පැන් පෙරහැර උඩමළුවට වැඩම කරවීම
සිදු කර තිබෙන අතර සති පිරිත් දේශනාවද ඊයේ (25) ආරම්භ කෙරුණු අතර විහාරාධිපති හිමියන් පවසා සිටිනුයේ පොසොන් දිනවල විදුලි ආලෝකය නිසි අයුරින් නොලැබුණහොත් ජනතාවට පන්දම් එළි රැගෙන හෝ විහාර භූමියට පැමිණීමට සිදු වනු ඇති බවයි.

+


චීනෙට රිළවුන් අපනයනය කිර්‍රිම වළක්වමින් ගොනු කළ පෙත්සම කැඳවීම ජුනි මාසයේ

(26.05.2023 – 15:56 +0530 – hirunews.lk/sinhala)

චීනයේ සමාගමකට ශ්‍රී ලංකාවෙන් රිළවුන් ලක්ෂ‍යක් අපනයනය කිර්‍රිම වළක්වමින් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර සමාගම්වලින් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිර්‍ර්මට අද (26) අභියාචනාධිකරණය විසින් කල් ලබා දී තිබෙනවා.

අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයා වෙත දැනුම් දී ඇත්තේ ලබන ජුනි මස 26 වැනි දින තෙක් කල් ලබා දෙන බවයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් මහත්වරුන් ඇතුළු විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මේ පෙත්සම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුකරයට අදාළ කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

මාතර ආනන්ද සාගර හිමි, ශ්‍රී ලංකා වන සත්ත්ව හා පරිසර ආර්ක්ෂක සංගමය, මධාරා ගුණවර්ධන ඇතුළු පිරිසක් මේ පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් පෙන්වා දුන්නේ මෙලෙස රිළවුන් අපනයනය කිරීමෙන් බරපතළ සත්ත්ව හිංසනයක් සිදුවන බවයි.

ඒ අනුව අධිකරණය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග ක‍ර ඇත්තේ පෙත්සම නැවත ලබන ජුනි මස 26 වැනිදා කැඳවන ලෙසත් එදිනට කරුණු දක්වන ලෙසත් ෴


ගුරුවරයාට පහරදුන් සිසුන්ට ඇප

(26.05.2023 – 16:10 +0530 – hirunews.lk/sinhala)

පාසලක විනය භාර ගුරුවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි සිසුන් සහ අත්අඩංගුවේ සිටි සැකකාර සිසුන් ඇප මත මුදාහැර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 4 ක් රිමාන්ඩ් භාරයේ පසුවූ අතර 25 වනදා සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකාර සිසුන් සියලුදෙනාම අද (26) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට පදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප කොන්දේසි මත මුදාහැර තිබුණු අතර එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් සහ සාමාන්‍ය පෙළ විභාගය අවසන්වී එළඹෙන ඉරුදින සිට සෑම ඉරුදිනකම පුත්තලම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසත් නියෝග කර තිබෙනවා ෴


දිනේෂ් ෂාෆ්ටර්ගේගේ දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ මූලික පරීක්ෂණ අවසන්

(26.05.2023 – 18:18 +0530 – hirunews.lk/sinhala)

අභිරහස් ලෙස මිය ගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේගේ දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ මූලික පරීක්ෂණ අවසන් වුවත් වැඩිදුර පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකයි ෴


වෛද්‍ය සාෆි නැවත කුරුණෑගල රෝහලට

(26.05.2023 – 18:46 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ට එරෙහිව පැවති විනය කටයුතු අවසන් කිරීමට සහ ඔහු නැවත කුරුණෑගල රෝහලට අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස, රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටුව සෞඛ්‍ය ලේකම්වරයාට දන්වයි ෴


අවිස්සාවේල්ලේ දී වෙඩි තැබීමක්

(26.05.2023 – 19:52 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ අද (26) සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ සිටින බව කියන ‘මන්නා රමේශ්’ නැමැති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇති බව අවිස්සාවේල්ල පොලිසිය පවසනවා.

පුද්ගලික කෝන්තරයක් මත මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව පොලිසිය පවසයි ෴


පුතා සැඟවූ තුවක්කුව මවට පත්තු වේ

(26.05.2023 – 20:05 +0530 – hirunews.lk/sinhala)

සිය පුතා විසින් කසල ගොඩේ සඟවා තිබූ සතුන්ට ඇටවීමට සැකසූ බඳින තුවක්කුවක් පුපුරා යාමෙන් තුවාල ලැබූ මවක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ගෝනගංආර පොලීසිය පවසනවා.

ඩෙංගු මර්දන කටයුතු සඳහා නිවෙස් පරික්ෂා කිරීමට පැමිණෙන බවට ගෝනගංආර පොලීසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන මීට දින කිහිපයකට පෙර ප්‍රදේශවාසීන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව එයට බිය වූ පුත්‍රයා බඳින තුවක්කුව කසල ගොඩේ සඟවා කොළඹ ප්‍රදේශයේ රැකියාවට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

පොලීසියේ දැන්වීමට අනුව ඩෙංගු මර්දනයට පැමිණීමට පෙර මව සිය නිවස වටා තිබෙන කසල එක්රැස් කර කුණු ගොඩට දමා ගිනි තබා ඒ අසල රැඳී සිට තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

එම අවස්ථාවේදී පුතා විසින් සඟවා තිබූ බදින තුවක්කුව පුපුරා ගොස් ඇයගේ පාදයකට තුවාල සිදු වී ඇති බැවින් ඇය රෝහල් ගත කළ බවයි ගෝනගංආර පොලිසිය පවසන්නේ ෴


පොහොට්ටුවේ සභාපති තමන් බව කියන්නැයි මහාචාර්ය ජී.එල්. පීරිස් උසාවි යයි

(26.05.2023 – 20:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය තවමත් තමන් හොබවන බවට ප්‍රකාශයන් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණා ෴


සරුංගල් ආරවුලකට තරුණයෙකුගේ අතක් වෙන්කරලා

(26.05.2023 – 20:14 +0530 – hirunews.lk/sinhala)

මාතර – වෙහෙරගම්පිටිය ප්‍රදේශයේදී සරුංගල් යැවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග ගොස් 18 හැවිරිදි තරුණයෙකුගේ අතක් වෙන්වන්නට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් ද අද (26) වාර්තා වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණයාගේ ඥාතීන් වෙන්ව ගිය අත අයිස්වල දමා මාතර රෝහලට රැගෙනවිත් ඇති අතර, පසුව එය බද්ධ කිරීම සඳහා තරුණයා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *