කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට

කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට


කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට

(15.05.2023 – 11:09 +0530 – hirunews.lk/sinhala)

කළුතර හෝටලයක ඉහළ මහලකින් වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව්දෙනා (4) අද (15) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන අවා.

සැකකරුවන් අතර මියගිය සිසුවිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ, හෝටලයේ හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු ලෙස සිටි පුද්ගලයා ද වනවා.

සැකකරුවන් අධිකරණයට රැගෙන එන මොහොතේ, මියගිය දැරියගේ මව ඇතුළු 100 කට ආසන්න පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට ගාලුපාරේ පෙලගැසී නිහඬ විරෝධතාවක නියැලී සිටියා.

ගාලුපාරේ මීටර් 50 ක පමණ දුරකට පෙලගැසී සිටී විරෝධතාකරුවන් මියගිය දැරියට ‘සාධාරණය ඉටුකරනු’, ‘පොලීසිය විමර්ශන නිසියාකාරව සිදුකරනු’, ‘ප්‍රමිතියකින් තොර ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු’ යන විරෝධතා පුවරු අතැතිව නිහඬ විරෝධතාව මිනිත්තු 30 ක් පමණ සිදුකර විසිර ගියා.

මේ හේතුවෙන් කළුතර නගරයේ පොලිස් ආරක්ෂාව තරකර තිබු අයුරු ද දැකගත හැකි වුනා ෴

+++++++++++

මියගිය කළුතර සිසුවියගේ සිද්ධියේ හෝටල් හිමිකරුගේ බිරිඳට ඇප

(15.05.2023 – 15:04 +0530 – hirunews.lk/sinhala)

කළුතර ලැගුම්හලක තුන්වන (3) මහලෙන් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් හතරදෙනෙකු (4) අද (15) අධිකරණය වෙත රැගෙන ඒම සිදුවුණා.

මියගිය පාසල් සිසුවිය අදාළ ලැගුම්හලට රැගෙන ආ ඇගේ 19 හැවිරිදි මිතුරිය සහ ඇගේ පෙම්වතා මෙන්ම ඔවුන් ගමන් ගත් මෝටර් රථය රැගෙන ගිය රියදුරා සහ ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ මෙලෙස අධිකරණයට රැගෙන එනු ලැබුවේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි.

එහි දී ටිහාරාගේ මිතුරිය, ඇගේ පෙම්වතා සහ රියදුරු ලබන මස 26 දක්වා රිමාන්ඩ් බන්ධනගාර ගත කර තිබෙනවා.

ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳට ඇප හිමිව තිබෙනවා.

කළුතර දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය එහිදී නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක (2) ශරීර ඇප මත ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ මුදාහැරීමටයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන, දැරිය මියයන අවස්ථාවේ ඇය සමඟ ලැගුම්හල තුළ රැදී සිටි පුද්ගලයා මේ වන විට පසුවන්නේ රිමාන්ඩ් භාරයේයි.

+++++++++++

කළුතර සිසුවිය මුදලට විකුණා ඇතැයි අධිකරණයේ දී හෙළිවේ

(15.05.2023 – 20:01 +0530 – hirunews.lk/sinhala)

කළුතර ලැගුම්හලක ඉහළ මාලයෙන් ඇඳවැටී මියගිය පාසල් සිසුවිය මුදලට අලෙවිකර ඇති බව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (15)අනාවරණය වුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කළේ අදාළ සිසුවිය ප්‍රධාන සැකකරුට මුණ ගැස්වීම සඳහා මියගිය දැරියගේ මිතුරියගේ පෙම්වතා රුපියල් 20,000 ක මුදලක් ඉල්ලා ඇති බවයි.

ඒ අනුව ප්‍රධාන සැකකරු අත්තිකාරම් වශයෙන් රුපියල් 12,000 ක් අදාළ තරුණයාගේ ගිණුමට බැර කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙහිදී කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පාන්දෙණිය නියෝග කළේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මියගිය පාසල් දැරියගේ 19 හැවිරිදි මිතුරිය, ඇගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ රියදුරා ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

ජාතික හැදුනුම්පත නිසි ලෙස පරීක්ෂා නොකර බාල වයස්කාර දැරියකට හෝටලයේ නවාතැන් දීමේ චෝදනාවට රක්ෂිත බන්ධාගාර ගතකර සිටි ගොඩනැගිල්ලේ හිමිකරුගේ බිරිඳ රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට එහිදී නියෝග කෙරුණා.

සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය අද (15) අවසර ලබාදුන්නේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සියලු සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටයි.

එසේම සැකකරුවන්ගේ බැංකු ගිනුම් පිළිබඳ වාර්තාවක් ලබාගැනීමටද අධිකරණයෙන් අවසර හිමිවුණා.

සැකකරුවන්ගේ නීතිඥයින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට විරෝධය පළකළා.

දැඩි රැකවල් මධ්‍යයයේ සැකකරුවන් අධිකරණයට රැගෙන ආ අතර මියගිය සිසුවියගේ මව ඥාතීන් සහ ප්‍රදේශවාසින් සිසුවියට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක ද නිරත වුණා ෴

+


කළුතර ගඟ අසල, මුහුදු වෙරළේ සහ වැටකෙයියා පඳුරු අතර සිටි තරුණ ජෝඩු 24 ක් පොලිස් රැඳවුමේ

(15.05.2023 – 21:03 +0530 – hirunews.lk/sinhala)

කළුතර ගඟ අසල, මුහුදු වෙරළේ සහ වැටකෙයියා පඳුරු අතර සිටි තරුණ ජෝඩු 24 ක් පොලිසිය රැගෙනවිත් ඇති බව වාර්තා වෙනවා.

එම ප්‍රදේශයේ සිදුවන විවිධ අපචාර වැළැක්වීමේ අරමුණින් මෙම වැටලීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම එලෙස පොලිසිය රැගෙන ආ තරුණ ජෝඩු කළුතර දකුණ පොලිසියේ රඳවා සිටින බව ද පොලිසිය පවසනවා ෴


සුද්දාගේ රුපියල් ලක්ෂ 60 හොරකම ගැන පොලිසියට එරෙහිව පොලිසිය නඩු කියයි

(15.05.2023 – 20:03 +0530 – hirunews.lk/sinhala)

උණවටුන යද්දේහිමුල්ල සංචාරක හෝටලයක නතරව සිටි විදේශිය සංචාරකයින්ගේ රුපියල් ලක්ෂ හැටක් (60) පමණ වටිනා විදේශ මුදල් සොරකම් කිරිම සම්බන්ධයෙන් හෝටල් හිමියා ඇතුලු සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා.

සොරකම සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා ඇත්තේ විමර්ශණ පැවැත්වු උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයාට, හෝටල් හිමියාට, ඔහුගේ පුතාට, හෝටලයේ කළමනාකරුට සහ ගණකාධිකාරිවරයාට එරෙහිවයි.

එම නඩුවේ සාක්කිකරුවන්ට හා විමර්ශණ පැවැත්වු උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රභූ ප්‍රසන්නට බලපෑම් කිරිම සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනි සිටි පොලිස් නිති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාලිංග ජයතිස්ස එම නඩුවලට ආදලව ලිඛිත දේශන ඉදිරිපත් කළා.

තවද මෙම නඩුව සම්බන්ධ නියෝගය ලබා දීම ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සුරු නෙත්තිකුමාර විසින් ලබන ජූලි 19 වැනිදාට කල් තබා තිබෙනවා.

උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන අභ්‍යන්තර පරික්ෂණය ද නතර කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ෴


මහවිලච්චියේ වන අලි ගැටලුවෙන් ගම්මාන 06 ක ජනතාව පීඩාවට

(15.05.2023 – 22:58 +0530 – hirunews.lk/sinhala)

වන අලි රංචුවක් ගම් වැදීම හේතුවෙන් මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 06 ක ජනතාව බියට පත්ව සිටිනවා.

අලි 50 දෙනෙකු පමණ මෙම රංචුවට අයත්.

එම වන අලින් විලච්චිය කිඹුල්වැව ආනන්ද විද්‍යාල භූමිය ආසන්නයේ සැරිසරන බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා ෴


ත්‍රි’මලේ විරෝධතා පිටිපස්සේ න්‍යාය පත්‍රයක් – බුදු දහමට නිගා කළ දේවගැතිවරයා ගැන පැමිණිලි (15.05.2023)

+++++++++

https://www.youtube.com/watch?v=yfeIdMRGgYg

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *