සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියක් පොලිස් අත්අඩංගුවේදී මියයයි

සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියක් පොලිස් අත්අඩංගුවේදී මියයයි


සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියක් පොලිස් අත්අඩංගුවේදී මියයයි

(15.05.2023 – 12:00 +0530 – lankacnews.com)

ව්‍යාපාරික සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ මෙහෙකාරියක් පොලිස් ස්ථානය තුළ හදිසියේම රෝගී වී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

ඇයගේ නිවසේ සොරකමක් පිළිබඳව මෙම මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ප‍්‍රශ්ණ කිරීම් අතරතුරු රෝගී වූ ඇය රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසයි.

බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.

තම නිවසේ සිදු වූ සොරකමක් ගැන වැලිකඩ පොලීසියට පසුගිය 11 වැනිදා සුධර්මා නෙත්තිකුමාර මහත්මිය විසින් පැමිණිලි කර ඇති අතර තම නිවසේ මෙහෙකාරිය විසින් රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරකම් කර ඇතැයි පැමිණිල්ලේ දැක්විණි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය විසින් එම නිවසේ මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියේ රඳවාගෙන ප‍්‍රශ්ණ කරද්දී හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් අනතුරුව රෝහලේදී රෝගී තත්වය උත්සන්න වී ඇය මියගොස් ඇත ෴

+++++++++++

සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ දී සිදු කළ සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේවිකාව මිය යයි

(15.05.2023 – 16:50 +0530 – hirunews.lk/sinhala)

ජනප්‍රිය ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක සහ ව්‍යාපාරික සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ ගෘහ සේවිකාවක් වූ 42 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ, නිවසේ සිටි ගෘහ සේවිකාව විසින් රන් මුදුවක් සොරාගෙන ගොස් ඇති බවට සුධර්මා නෙත්තිකුමාර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රදේශවාසීන් විසින් මෙම කාන්තාව වැලිකඩ පොලිසියට පසුගිය මැයි මස 11 වැනිදා භාර දී ඇති බවයි.

කෙසේ වෙතත්, බදුල්ල ප්‍රදේශයේ පදිංචි එම ගෘහ සේවිකාව ප්‍රදේශවාසීන් විසින් පොලිසියට භාරදීමෙන් පසු ඇතිවූ වේදනාවක් පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඇයව පොලිස් ස්ථානයට ගෙන එන විටත් ඇය හුස්ම ගැනීමට අපහසුව සිටි නිසා ඇයව කඩිනමින් රෝහල් ගත කළ බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

එම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටිය දීයි පසුදින මිය ගොස් ඇත්තේ.

සිද්ධිය පිළිබඳව වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴


සමෘද්ධියේ රුපියල් ලක්ෂ 450 කට විද්ද හයක් (6) රිමාන්ඩ්

(12.05.2023 – lankadeepa.lk)

වෙලේවැව සමෘද්ධි බැංකු ශාඛාවේ රුපියල් ලක්ෂ 450 කට අධික මුදලක් වංචා කළැයි කියන එම බැංකුවේ ප්‍රධාන කලමනාකරු, මුල්‍ය අයකැමි ඇතුළ හය (6) දෙනා මැයි 26 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ආණමඩුව මහේස්ත්‍රාත් නිමේෂ පටබැදිගේ මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ වෙලේවැව සමෘද්ධි බැංකුවේ කළමණාකරු වන ටි.එම්. සෝමාවති (55) සහකාර කළමණාකරු ඩි.එම්. සමන්සිරි (47) මුදල් අයකැමි එස්.එම්. චමිලා නිලන්ති (53) මුදල් අයකැමි කේ.එච්.එම්. චිත්‍රාවති (60) ගිණුම් ලිපිකරු ඩබ්ලියු. දිමුතු ධනංජය, සහකාර කළමණාකරු එස්.ජී. ශ්‍රීයානන්ද යන එම බැංකු ශාඛාවේ සේවය කළ හය (6) දෙනෙකී.

අදාල සැකකරුවන් විසින් 2018, 2019, 2020, සහ 2021 යන වසර වලදී එම බැංකු ශාඛාවේ ගිණුම් හිමියන් විසින් තැන්පත් කර තිබූ මුදල් සඳහා ගිණුම් හිමියන්ගේ නමට කූඨ ලේඛණ සකසා ණය ලබා ගනිමින් බැංකුවට රුපියල් 4,53,06,506 (හාර කෝටි පනස් තුන් ලක්ෂ හයදාස් පන්සිය හයක) මුදලක් සිතා මතා වංචා කිරීමේ චෝදනාවක් එල්ල වී තිබේ.

අදාල සැකකරුවන් විසින් අදාල බැංකු ශාඛවේ ගිණුම් හිමියන්ගේ තැන්පතු මුදල් වංචනික ලෙස ලබා ගෙන බැංකු ශාඛාවේ ගිණුම් ලේඛණ වලින් සුක්ෂම ලෙස ඉවත් කිරීම හා ගිණුම් හිමියන්ගේ නමට ණය ලබා ගැනිම සම්බන්ධව අවස්ථා කිපයකදී ගිණුම් හිමියන් විසින් බැංකු ශාඛාව ඉදිරිපිටදි විරෝධතා පවා සංවිධානය කර තිබුණි.

කෙසේ වෙතත් අදාල සිද්දිය සම්බන්ධව මෙම බැංකු ශාඛාවේ පාලක මණ්ඩල සභාපතිවරයා විසින් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කරන ලද පැමිණිල්ලට අනුව සිදුකල දිර්ඝ විමර්ශනයකින් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත් අඩංගුවට ගැනින.


සීනිපැණි මීපැණි ලෙසින් සකසා විකුණන ජාවාරමක් වව්නියාවේ

(15.05.2023 – 08:02 +0530 – lankacnews.com)

සීනිපැණි මීපැණි ලෙසින් සකසා වව්නියාව නගරයේ විවිධ ස්ථානයන්හි අලෙවිකරමි ජනතාව රැවටූ පුද්ගලයෙකු පැණි බෝතල් 263 ක් සමගින් අත්අඩංගුවට ගත් බවට වව්නියාව මහජන සෞඛය පරික්ෂක කාර්යාලය පවසයි.

වව්නියාව වේප්පම්කුලම් ප්‍රදේශයේ නිවසක් තුල මෙලෙස සීනිපැණි මීපැණි ලෙසින් මහපරිමාණයෙන් අලෙවිකරන බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට ලැබුනු තොරතුරක් මත එහි නිලධාරීන් පිරිසක් අදාල නිවසට ගොස් සිදුකරන ලද සෝදිසියදී මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් විකිණීම සඳහා සූදානම් කොට තිබූ මිලිලීටර් 750 බෝතල් 263 ක් අසුරා තිබියදී සෞඛ්‍ය නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

මෙම සැකකරු විසින් මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශයන්ගෙන් නියම මීපැණි බෝතල් මිලට ගෙන පසුව එම මීපැණි බෝතල් කිහිපයක් භාජනයකට දමා එයට සීනිද කලවම් කොට බෝතල් ප්‍රමාණය වැඩිකරමින් මීපැණි රුපියල් 500 සිට 1000 දක්වා විවිධ මිල ගණණ්වලට විකිණීම සිදුකරන බවට තොරතුරු අනාවරනය වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතරම වව්නියාවේ මීපැණි මිලදී ගත්තේනම් ආහාරයට ගැනීමට පෙර එය දෙවරක් පරික්ෂා කොට ආහාරයට ගන්නා ලෙසටද මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

වන්නි රොමේෂ් මධුෂංඛ


යාපනය තිස්ස විහාරයේ ප්‍රතිසංස්කරණවලට බාධා නොකරන්නැයි විරෝධතාවක්

(15.05.2023 – divaina.lk)

යාපනය තිස්ස විහාරයේ ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව දෙමළ දේශපාලනඥයන් සිදු කරන විරෝධතාවයන් හෙළා දකිමින් එම විහාරස්ථානයේ කටයුතුවලට බාධා නොකරන ලෙස ඉල්ලමින් යාපනේ සිවිල් වැසියන් පිරිසක් 13 දා විරෝධයක නිරත විය.

ඔවුන් පවසා සිටින්නේ ආගමික නිදහස රටේ සෑම ප්‍රදේශයකම සේම උතුරු පළාත තුළද පැවතිය යුතු බවයි. ඒ අනුව උතුරේ ජාතිවාදී දේශපාලකයන් බෞද්ධ විහාරස්ථානවලට එරෙහිව මෙසේ කටයුතු කිරීම තමන් දැඩි පිලිකුළෙන් යුතුව හෙළා දකින බව ඔවුන් පෙන්වා දෙයි. අදාළ විරෝධතාකරුවන් මෙහිදී යාපනය තිස්ස විහාරයට පැමිණ තිස්ස රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගංතොට නන්දාරාම ස්වාමීන් වහන්සේ බැහැ දැක බෝධි පූජා පිංකමකට ද සහභාගි විය.

එහිදී උන්වහන්සේ යාපනයේ සිවිල් ජනතාවට සෙත් පැතූ අතර විරෝධතාකරුවන් පවසන්නේ දෙමළ ජාතිවාදී දේශපාලකයන් තම පැවැත්ම උදෙසා මෙසේ ජාතිවාදය හා ආගම්වාදය පතුරමින් උතුරේ බෞද්ධයන්ගේ ආගමික නිදහස අහිමි කරන බවයි. මෙම අවස්ථාවට යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති ‘අරුන් සිද්ධාර්ථන්’ ප්‍රමුඛ ‘යාපනය අම්බෙත්කාර් ව්‍යාපාරය’ , ‘යාපනය කාන්තා පෙරමුණ’ ඇතුළු සංවිධාන නියෝජිතයන් හා සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි විය.

මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

+++++++++++

උතුරේ දේශපාලන බලපෑම් එනවා කියන කන්කසන්තුරේ පන්සලට, යාපනේ පිරිසක් සමග, ‘අරුන් සිද්ධාර්ථන්’ බුද්ධපූජාව අරන් යයි (15.05.2023)

+


ත්‍රිකුණාමලයේ ඊයේ (14) දිනයේ පැවති උණුසුම් තත්වය (15.05.2023)

+++++++++++

තොපි ලෑස්තිනම් අපිත් ලෑස්තියි සම්බන්ධන් ! ත්‍රිකුණාමලයේ සිද්ධිය ගැන මර්වින් සිල්වා අනතුරු අගවයි (15.05.2023)

+


වගකීම් විරහිත ප්‍රකාශයක් හේතුවෙන් දේවගැතිවරයෙකුට එරෙහිව පරීක්ෂණයක්

(15.05.2023 – 15:22 +0530 – hirunews.lk/sinhala)

දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.

වගකීම් විරහිත හිතළු ප්‍රකාශ නිසා ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බැවින් අදාල දේවගැතිවරයා කළ ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කොට තමාට වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත ඉහත නියෝගය ලබා දෙමින් ජනාධිපතිවරයා ඉහත කරුණු සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

දේවගැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා දුන් නියෝග පරිදි වහා පරීක්ෂණයක් අරඹන ලෙස සාගල රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

‘ජෙරොම් ප්‍රනාන්දු’ නමැති දේවගැති වරයෙකු බුදුන් වහන්සේට අපහාසයක් වන ප්‍රකාශයක් කළැයි මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත නියෝගය නිකුත් කළා ෴

ඇතැම් ගුරුවරුන් වැඩිහිටියන් මෙන්ම සමාජයේ විවිධ කොටස් අතින් දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීති අංශ වෙත නියෝග කර තිබෙනවා.

ඒ, 16 හැවිරිදි දැරියක මියයාම, උපකාරක පන්ති ගුරුවරෙයකු අතින් දැරියන් 16 දෙනෙකු අපයෝජනයට ලක්වීම ඇතුළු මෑත කාලීන සිදුවීම් පිළිබඳව අවධානය යොමුකරමින් ෴

+++++++++++

‘බුදුන් සෙවු ආලෝකය ජේසුස්ය’ කියු ‘ජෙරමා’ට වැඩ වරදී ; මහා සංඝයා පොලීසි යයි (15.05.2023)

+


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *