විමල් වීරවංශ සහ සරත් ෆොන්සේකා මැතිසබයේ උණුසුම් වචන හුවමාරුවක
විමල් වීරවංශ සහ සරත් ෆොන්සේකා මැතිසබයේ උණුසුම් වචන හුවමාරුවක
(27.04.2023 – 20:46 +0530 – hirunews.lk/sinhala)
තමා විසින් රචනා කරන ලද ‘ගෝල්ෆේස් අරගලයේ හෙලි නොවූ ඇතුළාන්තය – නවය; සැඟවුණු කතාව’ කෘතිය දිනයක් ඇතුළත ඉංග්‍රීසියට පරිවර්තනය කර, කියවීමට මෙරට අමෙරිකානු තානාපතිනියට තිබූ උනන්දුව අගය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා.
ඒ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඔහුගේ කෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සමඟ අද (27) පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණසුම් වචන හුවමාරුව අතරතුරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙම කෘතිය එළි දැක්වීම සඳහා පැවති උත්සවයේ දී එල්ල කළ චෝදනා පදනම් විරහිත බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චංග් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළා.
එහි දැක්වුණේ ප්‍රබන්ධයක් යැයි සැලකිය යුතු ග්රන්ථයක් හරහා පදනම් විරහිත චෝදනා එල්ල කරමින් අසත්‍ය පතුරවා හැරීම පිළිබඳව තමන් කනගාටු වන බවයි.
+
+
දඹුල්ලේ රෝහල් කාර්ය මණ්ඩලයේ 63 කට ඩෙංගු
(27.04.2023 – 20:50 +0530 – hirunews.lk/sinhala)
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයින් 63 දෙනෙකුට ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාම ගැටළුකාරි වි ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.
වෛද්‍යවරුන් කිහිපදෙනෙකු මෙන්ම, හෙදියන් , උපස්ථායකයන්, කම්කරුවන් ඇතුළු රෝහලේ සෑම විවිධ අංශවල සේවකයින්ට ඩෙංගු රෝගය වැළදී ඇති බවයි වාර්තා වන්නේ.
රෝහලේ මේ වන විට 550 ට වැඩි පිරිසක් සේවය කරනවා.
මේ පිළිබඳ විමසීම සඳහා හිරු ප්රවෘත්ති අංශය දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඔහු තම දුරකතනයට ප්‍රතිචාර දැක්වුයේ නැහැ.
පසුව දඹුල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි සමිත කන්නන්ගරගෙන් අප මේ පීළිබද විමසිමක් කළ අතර ඔහු කියාසිටියේ රෝහලේ බලධාරීන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් තමන් දැනුවත් කර ඇති බවයි.
ඒ අනුව රෝහල් පරිශ්‍රය මෙන්ම අවට ප්‍රදේශයේ ද පිරිසිදු කිරීමට පියවර ගත් බව ඔහු ප්‍රකාශ කළා.
මේ වන විට බස්නිහිර පලාත කේන්ද්‍රකර ගනිමින් ඩෙංගු මර්ධන සතියක් ද ක්රීයාත්මක වෙමින් පවතිනවා.
එමෙන්ම දිවයිනේ මේ වන විට ඩෙංගු රෝගීන් විසිඅට දහසක් (28,000) වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
මේ අතර, වසර ආරම්භයේ සිට මේ දක්වා ගාල්ල දිස්ත්‍රීක්කයේ මී උණ වැළඳීමෙන් පසුව මරණ 19 ක් වාර්තා වන බව ගාල්ල දිස්ත්‍රීක් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරන්ද හෙට්ටිආරච්චි පවසනවා.
ගාල්ල දිස්ත්‍රීක් කෘෂිකර්ම අනුකමිටුව අද (27) රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මීට පෙර වසරවළට සාපේක්ෂව එම මරණ සංඛ්‍යාව ඉහල අගයක් බවයි.
මේ අතර, ඖෂධ හිඟය හේතුවෙන් තමන්ට අපහසුතා රැසකට මුහුණදීමට සිදුවන බවට හම්බන්තොට රෝහලට පැමිණෙන රෝගීන් චෝදනා කරනවා ෴
වෙරළ තීරය ආසන්නයේ සිදුවන අපරාධ මැඩලීමට නිෂ්පාදිත විශේෂ රථ ජනපති නිරීක්ෂණයට
(27.04.2023 – 20:57 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා නාවික හමුදා මැරියන් බලකායේ සංකල්පයට අනුව ‘අයිඩියල් මෝටර් සමාගම’ විසින් නිෂ්පාදිත විශේෂ රථ 03 ක් ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කිරීම අද (27) දිනයේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා.
ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී කටයුතු හා ත්‍රස්තවාදී ක්‍රියා හා විවිධ ජාවාරම් මැඩලීමට මෙම රථ නිෂ්පාදනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම රථ ඉදිරියේ දී කොළඹ සහ මන්නාරම ප්‍රදේශයන්හි සිදුකෙරෙන නීති විරෝධී ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට යොදා ගනු ලබනවා.
එමෙන් ම දැනට ශ්‍රී ලංකා නාවික හමුදා භාරයේ ඇති මෙම රථවල ක්‍රියාකාරිත්වය ද ජනපති ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුණු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ඡන්දයට අදාළ මුද්‍රණ ද්‍රව්‍ය මැතිවරණ කොමිෂමට
(27.04.2023 – 22:06 +0530 – hirunews.lk/sinhala)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා හා ප්‍රතිඵල ලේඛන හැර අනෙකුත් මුද්‍රණ ද්‍රව්‍ය මැතිවරණ කොමිෂමට භාරදුන් බව රජයේ මුද්‍රණාලය සඳහන් කරනවා.
මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ සඳහන් කරන්නේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනයක් ප්‍රකාශයට පත් කර මුද්‍රණාලයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලැබීමෙන් පසුව ඡන්ද පත්‍රිකා හා ප්‍රතිඵල ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට භාරදීමට කටයුතු කරන බවයි.
දිස්ත්රිකක 17 කට අදාළව ඡන්ද පත්‍රිකා හා ප්‍රතිඵල ලේඛන මුද්‍රණය කර ඇති අතර ඡන්ද විමසීමට අදාළව රුපියල් මිලියන 190 කට වැඩි මුද්‍රණ කටයුතු ප්‍රමාණයක් සිදු කර තිබෙන බවයි වැඩිදුර අදහස් දක්වමින් එතුමිය සඳහන් කළේ.
එමෙන් ම ඒ සඳහා රජයෙන් මුද්‍රණාලයට තවමත් ලැබී ඇත්තේ රුපියල් මිලියන 40 ක පමණ මුදලක් බවත් ඇය පෙන්වා දුන්නා ෴
දකුණු ආසියාවේ පැරණිතම බාලදක්ෂ ගවේෂණ තරගාවලිය අප්‍රේල් 30- හන්තානේ දී
(27.04.2023 – 22:21 +0530 – hirunews.lk/sinhala)
දකුණු ආසියාවේ පැරණිතම බාලදක්ෂ ගවේෂණ තරගාවලිය ලෙස සැලකෙන ජේ.ජේ.පී. දෙහිගම අනුස්මරණ ගවේෂණ තරගාවලිය මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ අප්‍රේල් මස 30 වැනිදා, හන්තාන කඳු පරිශ්‍රයේදී යි.
මෙම වන පියස් ගවේෂණ චාරිකාව මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ බාලදක්ෂයින් විසින් සංවිධානය කරනු ලබනවා.
අඛණ්ඩව තිස් පස් වසරක සිට දරුවන් මානසික ඒකාකාරීත්වයෙන් මිදීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන බවයි වාර්තා වන්නේ.
මෙම බාලදක්ෂ ගවේෂණය වෙනුවෙන් දිවයිනේ සිව්දෙසින් බාලදක්ෂ බාලදක්ෂිකාවන් එක්වීම ද විශේෂත්වයක්.
හන්තාන කන්ද ගවේෂණයට අමතරව එළිමහන් ක්‍රියාකාරකම් රැසක් ද මනා සෞඛ්‍යාරක්ෂිතව සහ ආරක්ෂිතව මෙම ගවේෂකයින් විසින් සිදු කිරීමට නියමිතයි ෴
හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් පගා ගන්නේ ‘ඊසි කෑෂ්’ ක්‍රමයට
(28.04.2023 – 06:10 +0530 – lankacnews.com)
පළාත් පාලන ආයතන විසුරුවා හැරිමෙන් පසු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයා ඇතුළු නිලධාරින් සහ සේවකයින් පිරිසක් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඇතුළු පදිංචිකරුවන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරිමට ‘ඊසි කෑෂ්’ ක්‍රමයට මුදල් ලබා ගැනිමේ ජාවාරමක් ක්‍රියාත්මක් වන බවට හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපති සහ නාගරික මන්ත්‍රි අලගමුත්තු නන්දකුමාර් මහතා විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥය ලලිත් යු. ගමගේ මහතා වෙත පැමිණිල්ලක් කර ඇත.
පළාත් පාලන ආයතන විසුරුවා හැරිමෙන් පසු හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ දිනපතා එක්රැස් වන කැලි කසල පවා බැහැර කිරිමේ කටයුතු නගර සභාවේ සේවකයින් විසින් නිසි ලෙස සිදු නොකරන බවත්, තවද නගර සභාවෙන් අවශ්‍ය කටයුතු සිදු කරගෙන යාමට පැමිණෙන ව්‍යාපාරිකයන්ට සහ ප්‍රදේශවාසින්ට එම කාර්යන් ඉටු නොකර රස්තියාදු කිරිමට නගර සභාවේ නිලධාරින් කටයුතු කරන බවටද අලගමුත්තු නන්දකුමාර් මහතා විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට කර ඇති පැමිණිල්ලේ සදහන් කර ඇත.
එම කාර්යන් ඉටු කරගැනිමට ප්‍රථම එම කාර්ය ඉටු කර ගැනිමට පැමිණෙන ව්‍යාපාරිකයන්ගේ හෝ පදිංචිකරුවන්ගේ දුරකථන අංක ලබා ගන්නා හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් සහ සේවකයින් එම දුරකථන අංක වලට ඇමතුම් ලබා දි එම කාර්ය ඉටු කර දිමට ‘ඊසි කෑෂ්’ ක්‍රමයට යම් මුදලක් බැර කරන ලෙසට ව්‍යාපාරිකයන්ට සහ පදිංචිකරුවන්ගෙන් ඉල්ලිමක් කරන බවට අගතියට පත් පාර්ශවය විසින් තමන් වෙත අවස්ථා කිහිපයකදි පැමිණිලි කල බවයි හිටපු සභාපතිවරයා කියා සිටියේ.
තවද හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයා සහ තවත් නිලධාරින් පිරිසක් නගර සභාව තුල අවිධිමත් පාලනයක් සිදු කරන බවත්, එම පාලනය හේතුවෙන් හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ සහ පදිංචිකරුවන්ගේ අවශ්‍යතාවයන් ඉටු නොකර ඒ සදහා මුදල් එකතු කිරිමේ ජාවාරමක එම නිලධාරින් සහ සේවකයින් නිරත වන බවයි හිටපු සභාපතිවරයා කියා සිටියේ.
හැටන් දික්ඔය නගර සභා සිමාව තුල 35,000 පමණ පදිංචිකරුවන් පිරිසක් සිටින අතර, හැටන් දික්ඔය නගර සභාවේ වාර්ෂික ආදායම දළ වශයෙන් රුපියල් කොටි 14 පමණ වන බවයි හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් කියා සිටියේ.
හැටන් දික්ඔය නගර සභාවට එරෙහිව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් අප හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි.ඊ.පි. බණ්ඩාර මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ නගර සභාවේ කාර්යන් ඉටු කර දිමට තම නගර සභාවේ සේවකයින් සහ නිලධාරින් ‘ඊසි කෑෂ්’ ක්‍රමයට මුදල් එකතු කිරිමේ ජාවාරමක නිතර වන බවට චෝදනා තිබේ නම් එම නිලධාරින් සම්බන්ධයෙන් තමන්ව දැනුවත් කරන්නේ නම් එම නිලධාරින්ට එරෙහිව තමන් විනය පරික්ෂණයක් සිදු කරන බවයි.
තවද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත කර ඇති පැමිණිල්ල පදනම් විරහි පැමිණිල්ලක් බවත්, හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ නගර සභාවෙන් ඉටු කරන සියළුම කාර්යන් නිසි ලෙස සිදු කරන බවයි නගර සභාවේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴