අධික උෂ්ණත්වය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට මාර්ගෝපදේශ මාලාවක්
අධික උෂ්ණත්වය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට මාර්ගෝපදේශ මාලාවක්
(24.04.2023 – 08:31 +0530 – hirunews.lk/sinhala)
පවතින අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිකුත් කර තිබෙනවා.
අධික උෂ්ණත්වයක් සහිත කාලගුණික තත්වයක් පවතින අවස්ථාවලදී අහිතකර ප්‍රතිපල ඇතිවිය හැකි බැවින් එම මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ.
දහඩිය දැමීම හේතුවෙන් විජලන සහ ලවන ඉවත් වීම හේතුවෙන් ඇති වන මස් පිඩු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඉහළ යාම මෙහි බරපතළ තත්ත්වයක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පාසලෙන් ඉවතට යැවීම වළක්වා ගත යුතු අතර අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් නැවැත්විය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ වයඹ, උතුර, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ අවධානය යොමුකළ යුතු මට්ටමේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් පවතින බවයි ෴
දැඩි අව් රශ්මියෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) මරුට
(24.04.2023 – 22:11 +0530 – hirunews.lk/sinhala)
අධික අව් රශ්මියට නිරාවරණය වී සිටි එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු (2) හෘදයාබාධවලට ලක්වීමෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එප්පාවල සියඹලෑව සහ කටියාව යාය 02 හි පදිංචි කරුවන් දෙදෙනෙක් (2).
එප්පාවල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හේමාලී දිසානායක පැවසුවේ මොවුන් හෘදයාබාධවලට ලක්වීමට පෙර අධික අව්වේ සිට ඇති බවයි.
දිවයිනේ මේ දිනවල පවතින අධික උෂ්ණාධික කාලගුණය මැයි මස අවසානය දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
+
වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ක්ෂණික ඇමතුම් සේවාවක්
(24.04.2023 – 15:32 +0530 – hirunews.lk/sinhala)
වෛද්‍ය උපදෙස් ලබගැනීමේ ක්ෂණික ඇමතුම් සේවාවක් ඉන්දියාවේ ඇපලෝ රෝහල හා එහි මෙරට කාර්යාලයක් එක්ව ආරම්භ කර තිබෙනවා.
මෙරට ජීවත්වන ඕනෑ ම පුද්ගලයෙකු හට පවතින සෞඛ්‍ය ගැටලුවලට වෛද්‍ය උපදෙස් ලබාදීමේ ක්ෂණික දුරකථන ඇමතුමක් ලෙසයි මෙය හදුන්වා දී ඇත්තේ.
ඒ අනුව 077 367 9122 , 077 752 8588 හෝ 077 771 9558 යන දුරකථන අංකවලට ඇමතීමෙන් එම ක්ෂණික වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ෴
වසර 14 කට පසු මෙරටින් මැලේරියා රෝගී මරණයක්
(24.04.2023 – 20:20 +0530 – hirunews.lk/sinhala)
වසර 14 කට පසු මැලේරියා රෝගි මරණයක් මෙරටින් වාර්තා වී තිබෙනවා.
පසුගිය 15 වනදා මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල – චීන කොටුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙක්.
මැණික් ව්‍යාපාරිකයෙකු වන මොහු ටැන්සානියාවට ගොස් අප්‍රේල් මස 10 වනදා යළි මෙරටට පැමිණ තිබෙනවා.
පසුගිය 14 වනදා ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ඇත්තේ උණ රෝගය උත්සන්න වීම හේතුවෙන්.
කෙසේ වෙතත් රෝහල්ගත වූ දිනට පසුදින එනම් 15 වනදා එම ව්‍යාපාරිකයා මියගොස් තිබෙනවා.
එහි සිදුකරන ලද පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ මෙම පුද්ගලයාට මැලේරියාව වැළඳී ඇති බවයි.
මෙම පුද්ගලයා දිවයිනට පැමිණ සති දෙකක (2) පමණ කාලයක් නිවසේ සිටීම නිසා ඔහුගේ නිවැසියන්ට සහ ප්‍රදේශවාසින්ට ද රෝගය වැළදී ඇත්ද යන්න සොයාබලන බවයි කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය තමර කලුබෝවිල සඳහන් කළේ.
2009 වසරෙන් පසු මෙරටින් මැලේරියා මරණයක් වාර්තා වී නොමැති අතර 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් බවට ප්‍රකාශයට පත්කළා.
කෙසේ වෙතත් විදේශගතව පැමිණෙන පුද්ගලයන් අතර ඇතැම් අවස්ථාවල මැලේරියා රෝගය වාර්තා වුවද මැලේරියා මරණයක් වාර්තා වූයේ වසර 14 කට පසුවයි ෴
නීතිඥවරියකගේ රන් භාණ්ඩ සොරා ගත් මෙහෙකාරියක් අත්අඩංගුවට
(24.04.2023 – 18:29 +0530 – hirunews.lk/sinhala)
රාගම ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියකගේ රුපියල් ලක්ෂ 30 කට අධික රන් භාණ්ඩ සොරා ගත් එම නිවසේ සේවය කළ මෙහෙකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය දෙනියාය ප්‍රදේශයේ පදිංචිකාරියක්.
නීතීඥවරිය විසින් මෙහෙකාරියක් අවශ්‍ය බවට පුවත් පතක පළ කළ දැන්වීමකට අනුව සැකකාරිය මෙම නිවසට පැමිණි පළමු (1) දිනයේ ම මෙම සොරකම සිදුකර එම නිවසින් පලාගොස් තිබෙනවා.
දුරකථන වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙන අතර සිදුවීම සම්බන්ධයෙන් මහබාගේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි ෴
ඇන්ටනාව සවිකිරීමට යාමේ දී අධිබලැති විදුලි රැහැනක ගැටී අයෙක් මරුට
(24.04.2023 – 19:18 +0530 – hirunews.lk/sinhala)
රූපවාහිනී ඇන්ටනාව සවිකිරීමට යාමේදී ඇන්ටනා වයරය වොල්ට් 33,000 ක අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් සිදුවූ විදුලි සැර වැදීමකින් තිදරු පියෙක් මියගොස් තිබෙනවා.
කන්දකැටිය පොලිස් වසමේ මීගහකිවුල ප්‍රදේශයේ දී ඊයේ (23) සවස මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 56 ක් වන එම ප්‍රදේශයේම පදිංචි වඩු කාර්මිකයෙක්.
සිය නිවස පිටුපස ඇති දෙල්ගහේ ඇන්ටනාව සවිකිරීම සඳහා ඇන්ටනාවද රැගෙන එම ගසට නැගි මෙම පුද්ගලයා දෙල් ගසේ සිට නිවසේ වහලට ඇන්ටනා වයරය විසි කිරීමේදී එම වයරය අධිබලැති විදුලි රැහැනේ පැටලී ඇන්ටනා වයරය දියේ විදුලිය ගමන්කරමින් ගසේ සිටි පුද්ගලයාට විදුලි සැර වැදී මියගොස් ඇති බවද පොලීසිය සඳහන් කරනවා ෴
ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී වැඩපිළිවෙළට විපක්ෂයේ පක්ෂ රැසක සහය ලැබෙන බවට සජිත්ගෙන් ප්‍රකාශයක්
(24.04.2023 – 22:58 +0530 – hirunews.lk/sinhala)
ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ පක්ෂ රැසක් එකඟතාව පළ කළ බව සජිත් ප්‍රේමදාස පවසනවා.
ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වූ මෙම සාකච්ඡාව පැවැත්වුණේ පාර්මේන්තු පරිශ්‍රෙය්දී විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන්.
එම සාකච්ඡාවට විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටීම දක්නට ලැබුණා.
ජාතික ජනබලවේගය සහ දෙමළ ජාතික සංවිධානය නියෝජනය කරමින් කිසිදු මන්ත්‍රීවරයෙකු මෙම සාකච්ඡාවට සහභාගී වී නොමැති බවයි වාර්තා වන්නේ ෴
‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවෙන් වන්දි ගන්න නීතිපති සිංගප්පූරු අධිකරණයේ නඩු පවරයි
(24.04.2023 – 07:52 +0530 – hirunews.lk/sinhala)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මෙරට මුහුදු සීමාවේ දී මුහුදුබත්වීමෙන් සිදු වූ පරිසර හානියට වන්දි ඉල්ලා අද (24) සිංගප්පූරු අධිකරණයක නඩු පවරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන්දියාවේ හසීරා වරායේ සිට යාත්‍රා කළ මෙම නෞකාව කොළඹ වරාය ආසන්නයේ දී ගිනිගැනීමට ලක්වුණේ 2021 වසරේ මැයි 20 වනදායි.
නෞකාවේ තුළ නයිට්‍රික් ඇසිඩ් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහිත බහාලුම් 1,486 ක් තිබූ අතර, ගිනි ගන්නා අවස්ථාවේ දී ඉන් බහාලුම් විශාල ප්‍රමාණයක් මුහුදුබත් වී තිබුණා.
අදාළ නෞකාවට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් තවත් ඉතිරිව ඇත්තේ දින 45 ක කාලයක් පමණක් බව පසුගිය අප්‍රේල් 04 වනදා පැවති පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ආනාවරණ වුණා.
ඒ අනුව හානි පූර්ණය ගණනය කිරීමට විද්වත් කමිටුවට අවශ්‍ය පහසුකම් සලසන ලෙස එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට සහ නාරා ආයතනයට දැනුම් දී තිබෙනවා.
එම විද්වත් කමිටුව විසින් ඩොලර් බිලියන 6.2 ක වන්දි මුදලක් ලබාගැනීමට අදාළ වාර්තාව සමුද්‍රිය පරිසර අධිකාරි වෙත පසුගිය සතියේ යොමුකර තිබූ බව සඳහන් ෴
ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල මැයි මුල සිට ඉහළ යාමක්
(24.04.2023 – 17:28 +0530 – hirunews.lk/sinhala)
ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල මැයි 01 වැනිදා සිට කිලෝවකට රුපියල් 4-5 කින් ඉහළ යා හැකි බැවින් දේශීය ආනයනකරුවන්ට භාණ්ඩ තිබෙන රටේ නැව් සමාගම් විසින් මීට පෙර ගෙවූ THC (පර්යන්ත හැසිරවීමේ ගාස්තු) ගෙවීමට සිදුවනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය විසින් පවසනවා.
එහි ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ 2012 වසරේ සිට භාණ්ඩ නිෂ්පාදනය කරන රටවලින් මෙම ගාස්තු අය කර ඇති නමුත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් මෙම ක්‍රමය අහෝසි කර ඇති බවයි.
මෙම තීරු බදු ඉවත් කිරීම ආනයනකරුවන්ට පමණක් නොව අපනයනයට ද බලපානු ඇති බව ඔහු සඳහන් කළා.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශවරයා සඳහන් කළේ, ආනයනකරුවන් සහ වාණිජ මණ්ඩල නිලධාරීන් අප්‍රේල් 19 වැනි දින ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබූ නමුත් අවසන් මොහොතේ එය අවලංගු කළ බවයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴