දැඩි උණුසුමෙන් සතුන්ගේ බෝවීමට බාධා

දැඩි උණුසුමෙන් සතුන්ගේ බෝවීමට බාධා


දැඩි උණුසුමෙන් සතුන්ගේ බෝවීමට බාධා

(21.04.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala)

පවතින උෂ්ණාධික කාලගුණය සමඟ නිර්මාණය වී ඇති නියං තත්ත්වය හේතුවෙන් සතුන්ගේ බෝවීම අඩාල වී ඇති බව පරිසරවේදී සජීව චාමිකර පවසනවා.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්මින් ඔහු සඳහන් කළේ මෙම කාලය තුළ වැසි වනාන්තර පද්ධතිවල සතුන්ට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

මේ අතර මේ දිනවල පවතින අධික උණුසුම් දේශගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ජනයාට පවා එළිමහනේ ගත කිරීමේ අපහසුතාව මතුව තිබෙනවා.

මේ හේතුවෙන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් බොහෝ පිරිස් සඳහන් කළේ කෙතරම් ජලය පානය කළ ද රස්නය හේතුවෙන් අධික වෙහෙසක් ශරීරයට දැනෙන බවයි.

එමෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ විශේෂඥ වෛද්‍ය රූම් රූබන් සඳහන් කළේ පවතින අයහපත් දේශගුණික තත්ත්වය මත ආතතිය වැඩි වී මානසික අපරාධ සිදු වීමේ ප්‍රවණතාව ඉහළ මට්ටමක පැවතීම් සිදුවිය හැකි බවයි ෴

බස්නාහිර, වයඹ, උතුර, උතුර මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම තවදුරටත් අවධානය යොමු කල යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම ඔවුන් සඳහන් කරන්නේ අනුරාධපුර, යාපනය හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල හෙට (22) දිනයේ දී උෂ්ණත්වය වැඩි අගයක් ගනු ඇති බවයි.

ඒ අනුව එම නගර ආශ්‍රිතව උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ක උපරිමයක් සහ සෙලිසියස් අංශක 26 ක අවමයක් ලෙස වාර්තා විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරන්නේ.

එසේම මඩකළපුව, රත්නපුරය හා මන්නාරම යන නගර ආශ්‍රිතව සෙල්සියස් අංශක 34 ක උපරිම උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව එහි වැඩිදුරටත් සඳහන් ෴


ගුරුවරයෙකුගෙන් අමානුෂික පහරදීමක්

(21.04.2023 – 19:55 +0530 – hirunews.lk/sinhala)

පාසල් ගුරුවරයෙකු විසින් සිසුවියකට ඉදල් මිටකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

හලාවත, බුරුතකැලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් එම පැමිණිල්ල සිදුකර ඇති අතර ඇය සඳහන් කර ඇත්තේ 13 හැවිරිදි තම දියණියට පාසලේ දී ගුරුවරයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

පාසලෙන් නිවසේ දී සිදුකිරීමට ලබාදුන් අභ්‍යාස පැහැර හැරීම හේතුවෙන් ගුරුවරයා සිසුවියට පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


කොවිඩ් වැළඳී අයෙක් මරුට

(21.04.2023 – 20:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගය වැළඳීම නිසා යාපනයේ දිස්ත්‍රික්කයේ එක් (1) පුද්ගලයෙකු ඊයේ (20) දිනයේ මිය ගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා යාපනයේ පුතූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

උණ රෝගය වැළඳීමෙන් පසුව ඔහු ප්‍රතිකාර සඳහා පුතූර් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

අදාළ පුද්ගලයා එම රෝහලේ තබා ගෙන නිරෝධායනයට ලක් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර යාපනය ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් පස් (5) දෙනෙකු ද තවත් රෝහල් දෙකක (2) කොරෝනා රෝගීන් හතර (4) දෙනෙකු ද වශයෙන් රෝගීන් 9 දෙනෙක් මේ වන විට හමු වී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා ෴


නවක වෛද්‍යවරු 1320 කට පත්වීම්

(21.04.2023 – 20:42 +0530 – hirunews.lk/sinhala)

නවක වෛද්‍යවරුන් 1320 කට ලබන 25 වනදා සිට පත්වීම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙම වෛද්‍යවරුන් එදින සිට දිවයින පුරා රෝහල් සඳහා අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති අතර එම වෛද්‍යවරුන් වැඩි වශයෙන් දුෂ්කර ප්‍රදේශයන්හි රෝහල් කරා යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ.

නව පත්වීම් සමඟින් මෙරට සමස්ත වෛද්‍යවරුන් ප්‍රමාණය 2000 ඉක්මවන අතර, රට තුළ පැවති ආර්ථික හා විවිධ ගැටලු අභියස මෙවැනි නවක වෛද්‍යවරු විශාල ප්‍රමාණයකට එක්වර පත්වීම් ලබා දීමට හැකියාව ලැබීම නිදහස් වෛද්‍ය සේවාව තුළ ලැබූ ඉහළ ජයග්‍රහණයක් බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පෙන්වා දුන්නේ.

වාර්ෂිකව වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව 1500 ක් 1800 ක් අතර ප්‍රමාණයක් වන අතර එම ප්‍රමාණය 5000 ක සීමාව දක්වා ඉහළ නැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ලබන 25 වැනිදා සිට දිවයින පුරා රෝහල් සඳහා අනුයුක්ත කෙරෙන නවක වෛද්‍යවරුන් පශ්චාත් වෛද්‍ය සීමාවාසික වෛද්‍යවරු ලෙස මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් වීමට නියමිතයි ෴


සමාජ මාධ්‍ය ක්‍රියාකාරික දර්ශන හඳුන්ගොඩට එරෙහිව පැමිණිල්ලක්

(21.04.2023 – 20:53 +0530 – hirunews.lk/sinhala)

‘එම්.වී.එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර ගැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට (21 දා) නීතිපති දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා.

ඔහු මාධ්‍යය ඉදිරියේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තු නිලධාරින් දෙදෙනෙකු (2) විසිනුයි අදාළ පැමිණිල්ල ගොනුකර ඇත්තේ ෴


නිවසටම පැමිණ බිරිඳ පැහැරගෙන ගිය ස්වාමියා

(21.04.2023 – 22:20 +0530 – hirunews.lk/sinhala)

මාස කිහිපයකට පෙර විවාහ වූ 18 හැවිරිදි කාන්තාවක් විවාහය එපා වී සිය මවුපියන්ගේ නිවසට පැමිණ සිටි අවස්ථාවේ දී ඇයව කිසියම් පිරිසක් විසින් නිවසටම පැමිණ පැහැරගෙන ගොස් තිබෙනවා.

මෙම කාන්තාව පැහැරගෙන ගොස් ඇත්තේ ඇයගේ ස්වාමි පුරුෂයා බවටයි හෙළිව ඇත්තේ.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම කාන්තාව වෙනම ම ජීවත්වන අතර, එම අවස්ථාවේදියි ඇයව මෙලෙස පැහැරගෙන යාමට ලක්ව ඇත්තේ.

ඇගේ සැමියා පිරිසක් සමග පැමිණ එම කාන්තාව පැහැරගෙන යන අයුරු CCTV කැමරාවක ද සටහන් ව තිබුණා.

+


සිව්දරු මවක් ඝාතනය කෙරේ

(21.04.2023 – 22:56 +0530 – hirunews.lk/sinhala)

ළිඳුල පොලිස් වසමට අයත් වෝල්ට්‍රී වතුයායේ සිටි සිව් (4) දරු මවක් අද (21) දින කිසියම් පුද්ගලයෙකු විසින් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ වෙන්ගඩාසලම් සත්‍යභාමා නමැති 68 හැවිරිදි සිව් (4) දරු මවක්.

දියණිය සහ බෑනා රැකියාව සඳහා පිටවයාමෙන් අනතුරුව සහ නිවසේ රැදි සිටි මිණිබිරිය ද නිවසින් බැහැර ගිය අවස්ථාවේ තියුණු ආයුධයකින් පහර දී ඇය ඝාතනය කර ඇති අතර, පැළඳ සිටි රන් මාලය සහ කරාබු යුවල සොරාගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් ස්ථාන පරික්ෂාව සිදු කළ නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත්තේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවයි.

මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි ෴


සැකකරු ප්‍රහාරයේ මහමොළකරුවකු බවට ත්‍රස්ත විමර්ශනය අධිකරණයට වාර්තා කරයි

(22.04.2023 – dinamina.lk)

පාස්කු ප්‍රහාරයේ සැකකරුගෙන් නැවත ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම් සාමාජිකයකු විසින් කරන ලද ප්‍රකාශවලට අනුව ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනුණු පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු බව කියන සැකකරුගෙන් යළි ප්‍රශ්න කරමින් පාස්කු ප්‍රහාරයේ ඉදිරි විමර්ශන සිදු කිරීමට ක්‍රියා කරන බවට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණය වෙත කරුණු වාර්තා කළේය. මෙම සැකකරු දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයෙන් අවසර ඉල්ලූ අවස්ථාවේ බලධාරීහු මේ බව අධිකරණයට වාර්තා කළහ.

සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන මොහුගෙන් ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත රැගෙන යාමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඊයේ (21) මේ අනුව ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත අවසර ලබා දුන්නේය.

මෝසමක් ගොනු කරමින් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා’ නමැති සැකකරු ත්‍රස්ත ඒකකයේ දින තුනක් (3) රඳවා විමර්ශන සිදු කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.

1948 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම ඉල්ලීම සිදු කරන බව සඳහන් කළ ත්‍රස්ත විමර්ශන ඒකකය ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම් සාමාජිකයා විසින් සිදු කරන ලද ප්‍රකාශවලට අනුව මෙම විමර්ශනය සිදු කරන බව සඳහන් කළේය. ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයා මෙම සැකකරු සමඟ සබඳතා පැවැත්වූ බවට කරුණු අනාවරණය කර ඇති අතර, සැකකරු සම්බන්ධ වූ විදේශීය දුරකතන 24 ක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවට ද ත්‍රස්ත ඒකකය අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන නඩුවේ මොහු ඇතුළුව සැකකරුවන් 24 කට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු විභාගයක් පැවැත්වෙන අතර, පාස්කු ප්‍රහාරයට ආයුධ සැපයීම සම්බන්ධයෙන් ද මොහු ඇතුළු තවත් සැකකරුවන් අටදෙනෙකුට (8) එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ නඩුවක් විභාග වෙමින් පවතී. ‘මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා’ පාස්කු ප්‍රහාරයට ප්‍රථම මාලදිවයින කරා ගොස් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩා‍යමේ පුහුණුව ලබා විදේශීය ත්‍රස්තයින් සමඟ සබඳතා පවත්වා ඇති බවට ද කරුණු අනාවරණය වන බවට අධිකරණයෙන් වාර්තා‍ වේ. මීට අමතරව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු මෙම සැකකරු ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවට අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු මේ මස 24 වන දින සිට 28 වන දින දක්වා ත්‍රස්ත ඒකකයේ රඳවා තැබීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන‍ ලෙසට බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග නිකුත් කළේය ෴


ගුවන් ටිකට් පත් පහේ කතාව.. – ලරීෆ් මොහොමඩ් – Talk With Sudaththa (21.04.2023)

+


Ishara Dewendra

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *