දප්පුල අදත් (21) නැහැ – සඳුදා (24) නාවොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා
දප්පුල අදත් (21) නැහැ – සඳුදා (24) නාවොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා
(21.04.2023 – 16:25 +0530 – hirunews.lk/sinhala)
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව ලබන සඳුදා (24) අනිවාර්යයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින්නැයි හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට දැනුම් දී තිබෙනවා.
එසේ නොමැති නම් නීතිමය පියවර ගන්නා බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හිටපු නීතිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ.
අද (21) දිනයේ ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබූ නමුත් ඔහු පැමිණ තිබුණේ නැහැ.
ලිපියක් මගින් හිටපු නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දැනුම් දී තිබුණේ වත්මන් නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ සිදුකළ සාකච්ඡාවක් හේතුවෙන් අද (21) දිනයේ එහි නොපැමිණි බවයි.
පසුගිය 19 වනදා පළමු වරට හිටපු නීතිපතිවරයාට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස දන්වා තිබුණද එදිනද ඔහු එහි පැමිණියේ නැහැ.
ඒ වෙනුවෙන් නීතීඥවරයෙකු එහි පැමිණ තිබුණා ෴
උණුසුම් කාලගුණය හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගැනත් අවධානය යොමු කරන්න – සෞඛ්‍ය අංශ
(21.04.2023 – 08:19 +0530 – hirunews.lk/sinhala)
මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණ තත්වය හමුවේ ඉන් වැළකී සිටීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පාසල් අධ්‍යාපන බලධාරීන්ටද මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ ඇතැම් පාසල්වල පන්ති කාමරවල ප්‍රමාණය ඉක්මවා ළමයින් සිටීම හේතුවෙන් ස්වසන අපහසුතා ඇතිවන බවට නිරීක්ෂණය වී ඇති බවයි.
මේ අතර, පාසල්වල ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
එම දරුවන්ගේ අපහසුතා හඳුනා ගැනීමට පාසල් මට්ටමින් සහ දෙමව්පියන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ අධ්‍යාපනය පිළිබඳ විශ්‍රාමික ගුරු උපදේශිකා සාගරිකා දිසානායක මෙලෙස පැහැදිළි කළා ෴
ඊයේ (20) දිනයේ වැඩිම උෂ්ණත්වය පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එය සෙල්සියස් අංශක 36.7 ක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සෙල්සියස් අංශක 11.4 ක අඩුම උෂ්ණත්වය වාර්තාවී තිබුණේ නුවරඑළිය ප්‍රදේශයෙන් ෴
වියට්නාමයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 23 ක් දිවයිනට
(21.04.2023 – 09:19 +0530 – hirunews.lk/sinhala)
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ ගැනීමේදී අනතුරට පත්ව වියට්නාමයේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු මෙරටට එවා තිබෙනවා.
ඔවුන් අතර වයස අවුරුදු 19 ත් 50 ත් අතර පිරිමි 15 ක්, කාන්තාවන් 6 දෙනෙකු සහ 18 අඩු ළමයින් දෙදෙනෙකු (2) ද සිටින බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
මෙම පිරිස යාපනය, කිලිනොච්චිය, වවුනියාව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශයන්හි පදිංචි දමිළ ජාතිකයන් බවට හඳුනා ගෙන ඇති අතර, ඔවුන් සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇතුළු අදාල පාර්ශව විසින් සිදුකිරීමට නියමිතයි.
ශ්‍රී ලාංකිකයන් 303 ක් රැගත් වියට්නාම් ධජය සහිත ‘ලේඩි ආර් ත්‍රී’ නම් ධීවර යාත්‍රාවක් පසුගිය වසරේ නොවැම්බර් 07 වනදා වියට්නාම් මුහුදේදී ආපදාවට පත්ව තිබුණා.
එම පිරිස ‘හෙලිඔස් ලීඩර්’ නම් වෙළඳ නෞකාව මගින් බේරාගෙන කොළඹ සමුද්‍රීය සෙවිම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ දැනුම්දීමෙන් වියට්නාම සෙවීම් සහ මුදවාගැනීම් යාත්‍රාවක් වෙත භාරදී තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, සරණාගතයින් ලෙස රඳවා තබා තිබුණේ වියට්නාමයේයි.
එම පිරිස අතරින් විසි තුන්දෙනෙකුයි (23) පසුගිය 19 වනදා මෙලෙස කටුනායක ගුවන් තොටුපල වෙත එවා තිබුණේ.
ඔවුන් අතරින් 151 දෙනෙකු පසුගිය දෙසැම්බර් මාසයේදී එවා තිබුණා ෴
රුපියල් කෝටි පහකට අධික තල්මස් අම්බර් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
(21.04.2023 – 09:25 +0530 – hirunews.lk/sinhala)
රුපියල් කෝටි පහකට (5,00,00,000) අධික ‘තල්මස් අම්බර්’ ළඟ තබාගත් පුද්ගලයෙකු නියදගල – පන්නිපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (20) සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සතුව තිබී අම්බර් කිලෝ 14 යි ග්‍රෑම් 300 ක් සොයාගෙන ඇති අතර, ඔහු මීගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.
‘අම්බර්’ හෙවත් ‘තල්මස් වමනය’, ලොව මිල අධිකම සුවඳ විලවුන් නිපදවීම සඳහා යොදාගනු ලබනවා ෴
යාපනය -ඉන්දියා බෝට්ටු සේවය කල් යයි
(21.04.2023 – 09:57 +0530 – hirunews.lk/sinhala)
අප්‍රේල් මස 29 දා ආරම්භ කිරීමට නියමිතව තිබූ යාපනය කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී බෝට්ටු සේවය ඉන්දියාවේ ඉල්ලීමක් මත මැයි මස 15 වෙනිදා දක්වා කල් දමා තිබේ.
මෙම බෝට්ටු සේවාව පවත්වා ගෙන යාම සදහා ආගමන විගමන නිලධාරීන් හා රේගු නිලධාරීන් සේවයේ යෙදවීමට අවශ්‍ය ගොඩනැගිලි හා සෙසු උපකරණ පහසුකම් සපයා ගැනීමට තවත් කාලයක් අවශ්‍ය වන බැවින් මෙලෙස කල් දැමීමට සිදුවන බව ඉන්දියාව විසින් නිවේදනය කරනවා ෴
රුපියල් මිලියන 15,000 ක යූරියා සහ කෘෂි උපකරණ කට්ටල ගොවීන්ට
(21.04.2023 – 10:23 +0530 – hirunews.lk/sinhala)
යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙවර යල කන්නයේදී ගොවීන්ට ලබාදීම සඳහා රුපියල් මිලියන 15,000 ක යූරියා පොහොර සහ කෘෂි උපකරණ කට්ටල රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට හෙට (22) දින භාරදීමට නියමිතයි.
හම්බන්තොට – බටඅත කෘෂිකර්ම උද්යායනයේදී එම සහනාධාර තොගය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත නිල වශයෙන් භාරදීමට නියමිතව ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
මේ යටතේ වී වගාවෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා හඳුන්වාදී ඇති ‘පැරෂුට් වී වගා ක්‍රමය’ ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය උපකරණ උසස් තත්වයේ බීජ වී ගොවීන්ට ලබාදීමට යුරෝපා සංගමය කැමැත්ත පළ කර ඇති බව සඳහන්.
ඊට අමතරව පොළොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම සහ කුරුණෑගල ඇතුලු දිස්ත්‍රික්ක හතක හෙක්ටයාර භාගයකට (½) වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් 71,000 කට නොමිලේ යූරියා කිලෝග්‍රෑම් 50 ක මිටියක් ලබාදීමටද නියමිතයි ෴
සංස්කෘතියට පටහැනි අවුරුදු ක්‍රීඩා ගැන විශේෂ අවධානය
(21.04.2023 – 11:23 +0530 – hirunews.lk/sinhala)
අවුරුදු උත්සවවලදී රටේ සංස්කෘතික හර පද්ධතීන්ට නොගැළපෙන විකෘති ක්‍රීඩා අංග එක් කිරීම පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති අතර ඒ සම්බන්ධව ඉදිරියේ දී දැඩි පියවර ගනු ලබන බව සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක පවසා සිටිනවා.
පසුගිය අලුත් අවුරුදු සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබූ අවුරුදු උත්සවවලදී ලිංගික ක්‍රියාවන් ඉස්මතුවන ආකාරයෙන් එම උත්සවවලට නොගැළපෙන ක්‍රීඩා අංග එක් කර තිබූ අයුරු දක්නට ලැබුණු අතර සමාජ මාධ්‍යවලද එම දර්ශන ඇතුළත් විඩියෝ පට සංසරණය වුණා.
මේ සම්බන්ධව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
එවැනි විකෘති ක්‍රීඩා අංග සංවිධානය කර තිබූ අවුරුදු උත්සව පිළිබඳ සංස්කෘතික අමාත්‍යාංශය මේ වනවිට තොරතුරු සොයමින් සිටින බවද වාර්තා වෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, මෙවැනි විකෘති ක්‍රීඩා අංග අවුරුදු උත්සවවලට එක්කිරීමෙන් සිදුවන්නේ මෙරට තරුණ පිරිස සංස්කෘතික අනාථයන් බවට පත්වන බවයි
එමෙන්ම මේ පිළිබඳව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු ගෙන්ද විමසීමේදී ඇය ප්‍රකාශ කළේ සමාජයක් පිරිහීමට ලක් වනවිට අවුරුදු ජන ක්‍රීඩාද මෙවැනි ආකාරයෙන් විකෘති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා බවයි.
එමෙන්ම ඇය වැඩිදුරටත් අදහස් දක්වා සිටියේ,
“බොහෝ දෙනාට සිංහල ජන ක්‍රීඩා ගැන සරල අවබෝධයක් තිබුණත් ඒවා නිර්මාණය වීමට හේතු වූ මූලාශ්‍ර, කරුණු මොනවාද, ඒවා නිවැරැදිව භාවිත කරන්නේ කොහොමද කියන එක වගේම ඒවා ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැහැ. රටක් විදියට මෙවැනි දේවල් වහාම වෙනස් වෙන්න ඕනෑ වගේම වෙනස් කරන්න ඕනෑ. එදා තිබුණු ජන ක්‍රීඩාවලින් බහුතරයක් අද වන විට අපිට දැක ගන්න බැහැ.
ඒක මහා අවාසනාවන්ත තත්ත්වයක්. වෙනත් රටක මෙවැනි දෙයක් වුණා නම් පළමුව ඊට විරුද්ධව නැගී සිටින්නේ ජනතාව.
ඒත් ලංකාවේ මේවට අනුබල දෙන්නේම වැඩිහිටි ප්‍රජාව. ඒ නිසා මේ ගැන සියලු දෙනාම අවධානය යොමු කරලා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ඒ සඳහා මම අනිවාර්යෙන්ම සහය ලබා දෙනවා” යනුවෙන් ෴
ආදායම් බදු ලිපි ගොනු විවෘත කරගන්නැයි ඉල්ලීමක්
(21.04.2023 – 11:40 +0530 – hirunews.lk/sinhala)
වාර්ෂික සමස්ත ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන්නේ නම් ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කරගැනීමට කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දෙවන මහලේ ස්ථාපිත කර ඇති ලියාපදිංචි අංශයට පැමිණ හෝ ඊ-සේවාව මගින් එලෙස ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කරගැනීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඊ-සේවාව ඔස්සේ http://www.ird.gov.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ලිපි ගොනුවක් විවෘත කිරීම සඳහා අවස්ථාව පවතිනවා.
එසේම සියලුම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලවලදී ද ආදායම් බදු ලිපිගොනු විවෘත කරගැනීම සඳහා පහසුකම් සපයා තිබෙනවා ෴
කසල ගොඩක් වී ඇති ආගමන විගමන පරිශ්‍රය
(21.04.2023 – 12:15 +0530 – hirunews.lk/sinhala)
කොළඹ දිස්ත්‍රික්කයේ අතිශය කාර්යබහුල මෙන්ම සෑම දිනකම පාහේ ජනාකීර්ණ ස්වභාවයක් ගන්නා බත්තරමුල්ල, සුහුරුපාය පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශය අවට කැලි කසල ගෙන යාම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් නොමැති බව හිරු ප්රවෘත්ති වෙත අනාවරණය වුණා.
මේ හේතුවෙන් ස්ථානයට පැමිණෙන ජනතාව මෙන්ම ප්‍රදේශවාසීන්ද බොහෝ අසීරු තාවයන්ට මුහුණපා ඇති බවයි දක්නට ලැබුණේ.
මෙම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අපට දැකගත හැකි වූයේ, එම පරිශ්‍රය පුරාවටම දින ගණනකින් ඉවත් කර නොමැති කැලි කසල විශාළ ප්‍රමාණයක් එක්රැස් වී තිබෙන අයුරුයි.
එහිදී අප කළ විමසීමකදී එම ස්ථානයේ සිටින ත්‍රී රෝද රථ රියදුරන් ද අදහස් දැක්වූයේ බලධාරියෙකු පැමිණෙන විට පමණක් කැලි කසල ඉවත් කරන බවයි.
මෙම කැලි කසල හේතුවෙන් එම පරිශ්‍රය ඉතාමත් අපිළිවළ ස්වභාවයක් උසුලන අතර ඉවතලන ප්ලාස්ටික් බෝතල්, නොදිරන පොලීතීන් කවර විශාල ප්‍රමාණයක් ද එක්රැස් වී තිබෙන බවත් ද නිරීක්ෂණය වුණා.
උප්පැන්නය නැති අයටත් හැදුනුම්පත්
(21.04.2023 – 13:25 +0530 – hirunews.lk/sinhala)
උප්පැන්න සහතිකය නොමැති වීම හේතුවෙන් ජාතික හැදුනුම්පත ලබා ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ට ජාතික හැදුනුම්පත නිකුත් කිරීමේ වැඩසටහනක් සකස් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ස්ථිර පදිංචිය සහිත, ඡන්දහිමි නාම ලේඛණයේ ලියාපදිංචි, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැදුනුම්පතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 40 ඉක්මවූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බව යි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත්, මේ පිළිබඳ වැඩි විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකි බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එම නිවේදනය පහතින් :
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴