පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සිව් (4) වර්ෂ පූර්ණයට කටුවාපිටියේ දිව්‍ය පූජාව ඇරඹේ

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සිව් (4) වර්ෂ පූර්ණයට කටුවාපිටියේ දිව්‍ය පූජාව ඇරඹේ


පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සිව් (4) වර්ෂ පූර්ණයට කටුවාපිටියේ දිව්‍ය පූජාව ඇරඹේ

(20.04.2023 – 21:56 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සිව් (4) වර්ෂ පූර්ණය හෙටට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් අද (20) පස්වරු 06 ට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේදී දිව්‍ය පූජාවක් පවත්වා රාත්‍රි 07 ට යැදුම් පාගමනක් ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

එම යැදුම් පාගමන හෙට (21) උදෑසන 08 ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය වෙත ලඟාවීමට නියමිත අතර එහිදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සිව් (4) වර්ෂ පූර්ණය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.

කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10 ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේදී දිව්‍ය පූජාවක් පැවැත්වෙන බවද ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළා.

++++++++

+

++++++++++

+


සුසිල් ගැන සොයා බලන්න – පා.ම. ඩලස් අලහප්පෙරුම

(20.04.2023 – 21:37 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැවති සාකච්ජාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහභාගි නොවිම සම්බන්ධයෙන් සොයා බලන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඉල්ලීමක් කළා.

නිදහස ලංකා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (20) දහවල් මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ අතර, උසස් පෙල පිලිතුරු පත්‍ර ඇගයිම් කටයුතු සදහා ගුරුවරුන්ගේ සුදානමක් පැවතියද විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නොමැතිව එම කටයුතු සිදු කිරීමේ හැකියාවක් නොමැති බව ‘ලංකා ගුරු සංගමය’ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මේ බව කියා සිටියේ කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, 2022 උසස් පෙළ විභාගයට පෙනි සිටි සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද (20) මානව හිමිකම් කොමිසම වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීම ප්‍රමාදවීමෙන් සිය දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝණය වී ඇති බව පවසමින් ෴

+


අතිවිශේෂ ගැසට්පත්‍රය අසාර්ථක ක්‍රමවේදයක්

(20.04.2023 – 21:56 +0530 – hirunews.lk/sinhala)

කිලෝග්‍රෑම් ක්‍රමයට බිත්තර අලෙවි කිරිම අසාර්ථක ක්‍රමවේදයක් බව හැටන් ප්‍රදේශයේ බිත්තර පාරිභෝගිකයින් කියා සිටිනවා.

පාරිභෝගික සේවා අධිකාරිය මගින් ඊයේ (19) දින රාත්‍රියේ නිකුත් කළ අතිවිශේෂ ගැසට්පත්‍රය අනුව බිත්තර කිලෝව බැගින් නිකුත් කිරිමේදී, පාලන මිලට වඩා බිත්තරයක මිල ඉහළ යන බවයි, හැටන් ප්‍රදේශයේ බිත්තර අලෙවිකරුවන් ද සඳහන් කළේ.

රතු බිත්තරයක් රු. 56 කට සහ සුදු බිත්තරයක් රු. 54 ක සිල්ලර මිල වෙනුවට ඊට වඩා වැඩි මුදලක් බිත්තර මිල දී ගැනීම වෙනුවෙන් ගෙවීමට සිදුවන බවයි, ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ.

+


අතුරුදන් වූ මුදල් සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි

(20.04.2023 – 22:34 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා (11) දින මුදල් මෙහෙයුම් වලදී මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ මුදල් මිටියක අස්ථානගත වීම සම්බන්ධව අද (20) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කළ සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි.

එම මුදල් මිටියේ වටිනාකම රුපියල් මිලියන 5 ක්.

අදාළ සිද්ධිය පිළිබඳව ගැඹුරින් විමර්ශනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර අභ්‍යන්තර පාලනයන්, ක්‍රියාවලීන් යනාදිය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වුණා ෴


ත්‍රස්ත පණත් ගේන විජේදාසටයි පොහොට්ටු කට්ටියටයි ජනතාව ගෙන් හොඳ ඡන්දයක් ලැබෙයි (20.04.2023)

+

යකෝ දැන් සියලු සිවිල් සංවිධානත් ත්‍රස්තවාදීන් ගානට ගන්න හදන්නේ (20.04.2023)

+

ත්‍රස්තවාදී පණතෙන් කරන්නේ ජනතාවගේ නැගිටීම නවත්වන එක (20.04.2023)

+

ත්‍රස්ත පණත් ගේන්න කලින් මේ රටේ ආර්ථිකය හදලා ඉන්න (20.04.2023)

+


20-04-2023
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *