පාසල් සිසුන් අතර මත්පෙති මාෆියාවක්
(20.04.2023 – 08:18 +0530 – hirunews.lk/sinhala)
පාසල් සිසුන් අතර ඉතා සුලබ ලෙස මත් බෙහෙත් වර්ග, දුම්කොළ අශ්‍රිත නිෂපාදන සහ මත් වන ටොෆි වර්ග භාවිතයට ගැනීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.
ඒ ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි හා රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ඉෂාරා වන්නිආරච්චි ඇතුලු පිරිසක් සිදු කළ අධ්‍යයනයක දී යි.
අයිස්, හෙරොයින් වැනි බරපතළ මත්ද්‍රව්‍ය දකුණු පළාතේ පාසල් ළමයින් අතර මෙතෙක් භාවිතය වාර්තා වී නැති නමුත් පාසල්වල 9-10 ශ්‍රේණිවල සිසුන් අතර මෙවැනි ඇබ්බැහිවීම්වලට ගොදුරු වීමේ දැඩි අවධානමක් පවතින බවයි මෙම නවතම අධ්‍යයනය ඔස්සේ හෙළි වී ඇත්තේ.
මෙම යොමුවීම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ දරුවන් හා දෙමාපියන් අතර පවතින දුරස්ථභාවය හා දරුවන් පිළිබඳ අවධානය යොමු නොකිරීම බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා ෴
ලංගම බස් රථයක ගැටී පොලිස් නිලධාරියෙක් මරුට
(20.04.2023 – 09:51 +0530 – hirunews.lk/sinhala)
යාපනයේ කයිතඩි ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ සිදු වූ රථවාහන අනතුරකින් කොඩිගාමම් පොලීසියේ රථ වාහන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් මිය ගොස් තිබෙනවා.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මෙම නිලධාරියාගේ පසු පසින් පැමිණි ලංගම බස් රථයක් යතුරු පැදියේ ගැටී ඇති අතර ඒ අවස්ථාවේ දී මාර්ගයේ ඉදිරියෙන් පැමිණි ලොරි රථයකට යටවීමෙන් අනතුර සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරන්නේ.
මෙසේ මියගිය පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක් වන පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරා සහ ලොරි රථයේ රියදුරා චාවාකච්චේරී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
පොලිස් මෝටර් රථයකට ගිනි තැබූ 3 දෙනෙකු අත්අඩංගුවට
(20.04.2023 – 10:04 +0530 – hirunews.lk/sinhala)
පසුගිය වසරේ (2022) මැයි 09 වැනිදා මරදාන – පංචිකාවත්ත ප්‍රදේශයේ දී පොලිස් මෝටර් රථයකට පහර දී කොටස් ගලවා ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි මොවුන් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අවුරුදු 18, 31 සහ 46 වයස්වල පසුවන සැකකරුවන් මාලිගාවත්ත හා කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴
වැලිමඩ රක්ෂිතයක ගින්නක්
(20.04.2023 – 11:05 +0530 – hirunews.lk/sinhala)
වැලිමඩ, බැලුම්ගල වන වගා රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 20 ට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
ඊයේ (19) පස්වරුවේ හටගත් මෙම ගින්න පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ පැතිරීම වේගවත් වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
මෙම ගින්න කිසිවෙකු විසින් ඇති කරන ලද්දක් දැයි යන්න පිළිබඳ ව සැක පළ කරනවා.
ගින්න නිවීම සඳහා කැප්පැටිපොල පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිටින බවයි වාර්තා වන්නේ ෴
බණ්ඩි පොහොර මිල පහළට
(20.04.2023 – 11:14 +0530 – hirunews.lk/sinhala)
එම්.ඕ.පී. හෙවත් බණ්ඩි පොහොර මිටියක මිල රුපියල් 4500 කින් අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ මේ වනවිට වෙළඳපොලේ එම පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 18,500 කට අලෙවි වන බැවින් එම වියදම, ගොවිජනතාවට දරාගත නොහැකි බවයි.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැන ඉදිරි අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා ෴
දඩ මස් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් වනජීවී භාරයට
(20.04.2023 – 11:50 +0530 – hirunews.lk/sinhala)
ගලෙන්බිදුණුවැව කහටගස්දිගලිය හා හොරොව්පොතාන ප්‍රදේශවල පිහිටි රා තැබෑරුම් වෙත දඩ මස් සැපයීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් තිදෙනෙකු (3) වනජීවී නිලධාරීන් විසින් තම භාරයට ගෙන තිබෙනවා.
ඒ මොරගොඩ වනජීවී නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකළ විශේෂ මෙහෙයුමක දී යි.
ලද තොරතුරට අනුව මොරගොඩ වනජීවී නිලධාරීන් ඊයේ (19) රාත්‍රියේ ගනේවල්පොල ගලෙන්බිදුනු වැව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී ක්ෂණීක මාර්ග බාධක යොදා සැකකටයුතු යතුරු පැදි දෙකක් (2) පරීක්ෂා කර තිබෙනවා.
එහිදී අදාළ යතුරු පැදි දෙකෙන් (2) පැමිණි සැකකරුවන් ඒවා නොනවත්වා ධාවනය කිරීම නිසා වනජීවී නිලධාරීන් යතුරු පැදි දෙක හඹා ගොස් යකල්ල නාවක්කුලම ප්‍රදේශයේ දී එම යතුරු පැදි දෙක (2) තම භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව සිදුකළ පරීක්ෂාවේදී යතුරු පැදි දෙකෙන් (2) ප්රවාහණය කරමින් තිබූ තිත් මුව මස් කිලෝ 30 ක් සොයා ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීන් පවසනවා.
අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ රිටිගල කලුඑබේ ප්‍රදේශයේ සිට එම තිත් මුව මස් තොගය ගලෙන්බිදුණුවැව, හොරොව්පොතාන හා කහටගස්දිගිලය ඇතුලු ප්‍රදේශවල රා තැබැරුම්වලට රැගෙන යන බවයි ෴
මිරිස් කුඩු ගසා මුදල් කොල්ල කෑ පිරිසක් අත්අඩංගුවට
(20.04.2023 – 12:01 +0530 – hirunews.lk/sinhala)
අතුරුගිරිය ප්‍රදේශයේ කුකුළු මස් ව්‍යාපාරිකයෙකුට මිරිස් කුඩු ගසා ඔහුගේ මුදල් කොල්ල කෑ සැකකාරියන් දෙදෙනෙකු (2) සහ සැකකරුවෙකු (1) අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ව්‍යාපාරිකයාගේ ලොරි රථයේ රියැදුරු ලෙස කටයුතු කරන පුද්ගලයකු බවට අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතරේ සැකකරුගේ බිරිඳ ද සිටින බවයි තහවුරු වී ඇත්තේ.
ලොරි රථයේ ගමන් කරමින් සිටින අතරතුර ශාරීරික අවශ්‍යතාවක් ඉටුකරගැනීමට බව පවසමින් ලොරි රථය නවත්වා මෙලෙස මිරිස් කුඩු ගසා මුදල් කොල්ල කා ඇති බව ද තහවුරු වී තිබෙනවා.
පොලිස් විමර්ශනයේ දී සැකකරුවන් විසින් කොල්ල කෑ රුපියල් 186,500 ක මුදලක් ද සොයා ගත් බව පොලිසිය පවසනවා ෴
රිළව් ඉල්ලුවේ චීන රජයෙන් නොවේ, පෞද්ගලික සමාගමකින් – කෘෂිකර්ම ලේකම්
(20.04.2023 – 12:55 +0530 – hirunews.lk/sinhala)
මෙරට රිලවුන් ලබාදෙන ලෙසට ඉල්ලීම් පැමිණියේ චීන රජයෙන් නොව පෞද්ගලික සමාගමකින් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ පවසනවා.
මෙරට රිලවුන් ලක්ෂයක් (1,00,000) ලබා ගැනීමට චීන රජයෙන් ඉල්ලීමක් කර නොමැති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඊයේ (19) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
එහි වැඩිදුරටත් දැක්වුණේ චීන ජාතික වන විද්‍යා හා තණබිම් පරිපාලන ආයතනය විසින් එවැනි කිසිදු ඉල්ලීමක් නොකළ බවයි.
චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයෙන් පසුවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවේ.
ඔහු ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අද (20) මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබුණා.
එහි දැක්වුණේ චීනයේ ‘ඇනිමල් බ්‍රීඩින් කම්පැණි ලිමිටඩ්’ ආයතනයට මෙරට රිළවුන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබූ බවයි.
+
සහල් මිලට සහන ලබා දිය නොහැකියි – ඩඩ්ලි සිරිසේන
(20.04.2023 – 13:01 +0530 – hirunews.lk/sinhala)
සහල් මිලට සහන ලබා දිය නොහැකි බව, සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, ඩීසල් මිල ඉහළ යාම සහ අධික බදු ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සිය නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, සමස්ත ලංකා සූපවේදීන්ගේ සංගමය සංවිධාන කර තිබූ අවුරුදු උත්සවයකට සහභාගීවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴
මහරගම අපේක්ෂා රෝහලේ ගැටළු නිමා කිරීමට වෙබ් අඩවියක්
(20.04.2023 – 13:09 +0530 – hirunews.lk/sinhala)
මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ ඇතුලු සියලු ගැටළු නිමාකර පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර, ‘හෙල්ප් අපේක්ෂා’ වෙබ් අඩවිය හරහා සිදු කිරීමට අපේක්ෂා කරන බව, එම රෝහලේ සංවර්ධන කමිටු සභාපති බිනර ජයවර්ධන පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, මහරගම අපේක්ෂා රෝහලේ පැවැති විශේෂ වැඩසටහනකට එක්වෙමින්.
මේ අතර අපේක්ෂා රෝහල් කමිටුවේ උප සභාපති කුමාරි වන්නිආරච්චි රුපියල් ලක්ෂ 5 ක මුදලක් රෝහලට පරිත්‍යාග කළේ, ජන්ම දිනය නිමිත්තෙන්.
එමෙන්ම රෝහලේ ළමා ඒකකයේ දෙමාපියන් රැඳී සිටින කොටස සඳහා වායු සමීකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට එඬේරමුල්ල සිංහ සමාජය තවත් රුපියල් 425,000 ක මුදලක් ද මෙහිදී පරිත්‍යාග කෙරුණා.
+
පෞද්ගලික බස් රථ ඇතුළු සියලුම බස් රථ නියාමනය කිරීම සඳහා නව ඩිජිටල් වැඩපිළිවෙළක්
(20.04.2023 – 13:16 +0530 – hirunews.lk/sinhala)
සියලු රාජ්‍ය ආයතනවලට ඉදිරියේ දී ඩිජිටල් ක්‍රමය හඳුන්වා දීමෙන් රාජ්‍ය සේවය කාර්යක්ෂමව කරන බව, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
පෞද්ගලික බස් රථ ඇතුළු සියලුම බස් රථ නියාමනය කිරීම සඳහා නව ඩිජිටල් වැඩපිළිවෙළක් හඳුන්වාදීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම ‘ජී.පී.එස්.’ තාක්ෂණය හරහා සියලුම බස් රථ නිරීක්ෂණය කිරීමේ හැකියාව එමඟින් ලැබෙන අතර මීට පෙර මාර්ග බලපත්‍ර ලබා දීමේ දී නිකුත් කළ පොත වෙනුවට ‘කිව්-ආර් කේතය’ සහිත ඩිජිටල් කාඩ්පතක් හඳුන්වා දීම ද මෙහිදී සිදු කෙරුණා.
+
ඖෂධ ප්‍රමිතියේ ගැටලුවක්
(20.04.2023 – 13:33 +0530 – hirunews.lk/sinhala)
ජාතික අක්ෂි රෝහලේ ශල්‍යකර්ම නතර කිරීම හරහා මෙරටට ආනයනය කරනු ලබන ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් යළි ගැටලු මතුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴