ජලය වැඩිපුර බොන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

ජලය වැඩිපුර බොන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්


ජලය වැඩිපුර බොන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

(13.04.2023 – 19:44 +0530 – hirunews.lk/sinhala)

හෙට (14) දිනයේ බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සැළකිය ලෙස ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබෙනවා.

ඒ හේතුවෙන් වැඩිවේලාවක් එළිමහනට නිරාවරණය වීම මෙන්ම වැඩිවේලාවක් ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම් වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම නිසා වැඩබිම්වල සිටින්නන් ජලය වැඩිපුර පානය කරන ලෙසත් සෙවන සහිත ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබද සැළකිලිමත් වන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර ඇති බැවින් කිරිදෙනුන් සෑම විටකම සෙවන සහිත ස්ථානයක රඳවා තැබීමට කටයුතු කරන ලෙස මිල්කෝ සමාගම කිරි ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එසේම හැකිතාත් එම සතුන්ට ජලය ලබාදීමට පියවර ගන්නා ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඉල්ලා සිටියේ ෴

++++++++

තැඹිලි මිල ඉහළට

(13.04.2023 – 13:57 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණයත් සමග ශරීරය සිහිල් කර ගැනීම සඳහා විවිධ පානවර්ග භාවිත කිරීමට ජනතාව පෙළඹී සිටිනවා.

ඒ අතුරින් ප්‍රමුඛතාව හිමිව තිබෙන්නේ, අපේ රටට පමණක් ආවේණික තැඹිලිවලටයි.

නමු‍ත් ජනතාව පවසන්නේ, තැඹිලි මිල නම් දරා ගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය කාලයේ රුපියල් 80 ත් 90 ත් අතර මිලකට අලෙවි වූ තැඹිලි ගෙඩියක අද මිල රු 200 ඉක්මවා තිබෙනවා.

එමෙන්ම විදේශිකයෙකුට තැඹිලි ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 300 ක පමණ මිලකටයි.

++++++++

කිරිගොවීන්ට මිල්කෝ සමාගමෙන් උපදෙසක්

(13.04.2023 – 17:22 +0530 – hirunews.lk/sinhala)

අද (13) සහ හෙට (14) දිනවල අධික උෂ්ණත්වයක් පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකිරීම හේතුවෙන් කිරිදෙනුන් සෑම විටකම සෙවන සහිත ස්ථානයක රඳවා තැබීමට කටයුතු කරන ලෙස මිල්කෝ සමාගම දිවයිනේ කිරි ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එසේම හැකිතාත් එම සතුන්ට ජලය ලබාදීමට පියවර ගන්නා ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඉල්ලා සිටියේ. බස්නාහිර, දකුණ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල, මුලතිව්, වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට අද (13) සහ හෙට (14) දිනවලදී ඉතා අධික උෂ්ණත්වයක් පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴


හෙරොයින් සමග අයෙක් අල්ලයි

(13.04.2023 – 16:24 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්‍ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) දිනයේ දී මෙම වැටලීම සිදු කර ඇත්තේ හුණුපිටිය – වත්තල ප්‍රදේශයේ දියි.

එහි දී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 620 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 10,540 ක් ද පොලිස් භාරයට ගැනුණා.

අත් අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි අයෙක් ෴


ආර්ථිකය සවිමත් කිරීම උදෙසා ජපානය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

(13.04.2023 – 16:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් වන ‘පැසෝනා සමූහය’ එළඹ තිබෙනවා.

මෙම ගිවිසුම නැගී එන ආර්ථිකය වෙනුවෙන් එළඹ ඇති අතර, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ජපන් නිල සංචාරය අතරවාරයේ Awaji Island හි “Wave Riding Festival” රඟහලේදීයි මෙම අවභෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත්තේ.

මෙම ගිවිසුමට අනුව රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීමට අපේක්ෂිත ජපන් ආයතනවලට අවශ්‍ය ස්ථානීය බඳවා ගැනීම් සඳහා ‘පැසෝනා සමූහය’ සිය සහාය ලබාදෙනු ඇති.

ඊට අමතරව ජපානයේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට ද ‘පැසෝනා සමූහය’ කටයුතු කරනු ලබනවා ෴


ප්‍රවේශමෙන් රිය පදවන්න – පොලිසියෙන් දැනුම්දීමක්

(13.04.2023 – 19:39 +0530 – hirunews.lk/sinhala)

මහමඟදී සහ ගෘහස්ථව සිදුවන අනතුරුවලින් වැළකීම සඳහා අවධානයෙන් කටයුතු කරන ලෙස කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ මේ දිනවල අනතුරු ඉහළ යාමේ තත්ත්වයක් පවතින බවයි.

මේ අතර අධිවේගි මාර්ග සහ මහාමාර්ගවල සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා සැළකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා. එමෙන්ම අධිවේගි මාර්ගයකදී යම් අනතුරකට ලක්වුවහොත් ඒ පිළිබඳ තොරතුරු 1969 අංකයට දැනුම් දෙන ලෙසයි එම අධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම බීමත් රියදුරන් වැටලීම සඳහා විශේෂ මෙහෙයුම් අලුත් අවුරුදු සමය පුරා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළා.

මේ අතර, බෙලිඅත්තේ සිට අනුරාධපුර බලා ධාවනය වෙමිනු තිබූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රියෙහි මෝටර් රථයක් ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. අද (13) පෙරවරු 11 ට පමණ හික්කඩුව – දොඩන්දූව දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය හරස්මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් භික්ෂූන් වහන්සේ නමක් සහ එහි රියදුරු බව සඳහන්.

ඔවුන් මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

එමෙන්ම බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් මාස තුනක් (3) වයසැති බිළිදෙකු මියායාමේ පුවතක් කුරුණෑගල, මහව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

+


වැඩි මිලට අල – ලූණු වික්ක කූඨ වෙළෙඳුන් මාට්ටුයි

(13.04.2023 – 21:23 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමය ඉලක්ක කර ගනිමින් පරිභෝජනයට නුසුදුසු බී ලූණු , සුදු ලූණු සහ අල තොගයක් අලෙවි කළ පිටකොටුවේ වෙළඳසැළක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අද (13) සමත් වුණා.

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ ප්‍රදේශ කිහිපයකම වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමටද පාරිභෝගික අධිකාරිය පියවර ගත්තා.

අලුත් අවුරුද්ද ලැබීමට තවත් එක (1) දිනයක් ඉතිරිව තිබියදී ජනතාව ලහි ලහියේ අලුත් අවුරුද්ද වෙනුවෙන් භාණ්ඩ මිල දී ගැනීමට නගර වෙත පැමිණියා.

එම ජනතාවට වැඩි මිලට සහ පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කරන කූට වෙළඳුන් සොයා අදත් වැටලීම් ක්‍රියාත්මක වුණා.

ඒ අනුව පිටකොටුව පස්වන (5) හරස් විදියේ පරිභෝජනයට නුසුදුසු බී ලූනු , සුදු ළුණු සහ අල අලෙවි කළ වෙළඳුන් පිරිසක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වැටලූ අයුරු දැකිය හැකියි.

පරිභෝජනයට නුසුදුසු එම ආහාර කොග කොළඹ නගරසභා සේවකයින් යොදවා ඉවත් කිරීමට කටයුතු කළ අතර වෙළඳුන්ට දැඩි ලෙස අවවාද කෙරුණා.

මේ අතර රුපියල් 44 පාලන මිලට වැඩිමිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා ද වැටලීම් ක්‍රියාත්මක වූ අතර මීපේ ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් තුළ සඟවා වැඩිමිලට බිත්තර අලෙවි කළ පුද්ගලයෙකුට නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළා.

පෙට්ටි 40 ක බහා තිබු අදාළ බිත්තර තොගය වෙනත් ස්ථානයකදී පාලන මිලට ජනතාවට අලෙවි කරන ලෙසයි නිලධාරීන් නියෝග කෙරුණේ.

+


+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *