ඍජු වෙළඳාම් සහ ජාලගත අලෙවිකරණය නියාමනයට අති විශේෂ ගැසට් නිවේදනයක්

ඍජු වෙළඳාම් සහ ජාලගත අලෙවිකරණය නියාමනයට අති විශේෂ ගැසට් නිවේදනයක්


ඍජු වෙළඳාම් සහ ජාලගත අලෙවිකරණය නියාමනයට අති විශේෂ ගැසට් නිවේදනයක්

(13.04.2023 – 14:36 +0530 – hirunews.lk/sinhala)

සෘජු වෙළදාම සහ ජාලගත අලෙවිකරණය නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගිකයින්ගෙන් ලද පැමිණිලි සළකා මෙම තීරණය ගත් බවයි එම අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සදහන් කළේ.

මේ අනුව, සූර්ය බල ආලෝක පද්ධති, දුරකථන සහ උපාංග, ගෘහ භාණ්ඩ, නිමි ඇඳුම්, පිරිසිදු කාරක, මුළුතැන්ගෙයි උපකරණ , සපත්තු, ලිපිද්‍රව්‍ය, ඇදඇතිරිලි සහ මෙට්ට යන භාණ්ඩ ඍජු විකුණුම්කරුවන් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි විය යුතුයි.

කෙසේ වෙතත්, ගෙන්ගෙට ගොස් ජංගම බේකරි නිෂ්පාදන අලෙවි කරන්නන් සහ මාලු වෙළඳුන් ඊට යටත් නොවනු ඇති.

මෙම ගැසට් නිවේදනයේ සඳහන් වෙළඳුන් ඊට අවනත නොවී භාණ්ඩ අලෙවි කළහොත් ඉදිරියේ දී ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළා.

එසේම, ජාලගත අලෙවිකරණ කටයුතුවල නිරත වන වෙළදුන් ද ඉදිරියේදී පාරිභෝගික අධිකාරියේ වෙලෙන්දෙකු වශයෙන් ලියාපදිංචි විය යුතු වනවා.


හිඟුරක්ගොඩ ප්‍රදේශයේ වී ගොවීන් දැඩි අපහසුතාවයක

(13.04.2023 – 13:46 +0530 – hirunews.lk/sinhala)

ගොවිතැන් කටයුතු නිසි පරිදි ඉටු කර ගැනීමට නොහැකී වීම හේතුවෙන් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ වී ගොවීන් දැඩි අපහසුතාවයට පත්වී තිබෙනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ මෙම හේතුව නිසා හෙට (14) උදාවෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද පවා මේ වසරේ සැමරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

+


පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු වී නැහැ – වතිකාන තානාපති

(13.04.2023 – 13:50 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් අපේක්ෂා කළ සාධාරණය මෙතෙක් ඉටුවී නොමැති බව, මෙරට සංචාරයක නිරත වතිකාන තානාපති අතිගරු බ්‍රයන්
උඩයිගුවේ රදගුරු හිමියන් පවසනවා.

මහනුවර දී මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ වින්දතයින්ට
සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවද සාධනීය පියවර ගෙන ඇති බවයි.

+


කුරුවිට මහා පරිමාණ මැණික් පතල් ජාවාරමක් වටලයි

(13.04.2023 – 14:08 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර කුරුවිට පැරඩයිස් වැවේ සිදුකරගෙන යන මහා පරිමාණ මැණික් ජාවාරමක් ගැන ලැබුණු තොරතුරක් මත මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සහ ආරක්ෂක අංශ ඇතුළු 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව මෙහෙයුමක් දියත් කළ බව එම අධිකාරිය පවසනවා.

එහිදී නීති විරෝධී ලෙස පැරඩයිස් වැවේ මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය මැණික් පතල් කැණීමේ නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔවුන් රුපියල් 5000 ක දඩයක් නියම කිරීමෙන් අනතුරුව මුදා හැර තිබෙනවා.

ඔවුන් සතුව තිබී පතල් කැණීමට යොදාගන්නා උපකරණ රැසක් සොයාගත් අතර එම උපකරණවල වටිනාකම රුපියල් කෝටියකට (1,00,00,000)අධිකයි.

මැණික් පතල් කැනීමේ කාර්යයට යොදා ගන්නා මෙම උපකරණ වලට අධික ලෙස විදුලිය අවශ්‍ය වන අතර ජාවාරම්කරුවන්ට විදුලිය සපයා ගෙන ඇත්තේ වැව අවට නිවෙස් වලින් බවයි හෙළිවී තිබෙන්නේ.

නීතිවිරෝධී ලෙස පතල් කැනීමේ නිරත වීම නිසා පැරඩයිස් වැවේ ජල සම්පත ද දූෂණය වී පවතින අතර වැවේ මත්ස්‍ය සම්පතටද ඉන් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

+


අල්ලස් ගන්න ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(13.04.2023 – 14:17 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන පුද්ගලයෙකුගෙන් රුපියල් 9000 ක අල්ලස් ලබාගැනීමට ගිය මින්නේරිය පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී සිදුකළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අල්ලස් හා දූෂණ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයා විසින්ම ලබා දුන් තොරතුරකට අදාළවයි.

අවස්ථා කිහිපයකදීම නිලධාරීන් දෙදෙනා (2) මෙලෙස අල්ලස් ලබාගෙන ඇති අතරල ඉන්පසුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පැමිණ පොළොන්නරුව, කඩවල වැව ප්‍රදේශයේ පිහිටි අදාළ ව්‍යාපාරිකයාගේ නිවසේ CCTV කැමරා පද්ධතියක් ද සවි කර තිබෙනවා.

ඒ අනුව නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන පුද්ගලයාගේ නිවසට ඊයේ (12) රාත්‍රියේ අල්ලස් ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේ එම පොලිස් නිලධාරීන් සිය භාරයට ගැනීමට අල්ලස් කොමිසමේ නිලධාරීන් සමත්වුණා.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනා (2) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

+


රුපියල් මිලියන 16 කට අධික මත්පෙති සිලාවතුරෙන් මතුවෙයි

(13.04.2023 – 15:27 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම යුද හමුදා බුද්ධි අංශවලට ලද තොරතුරකට අනුව මන්නාරම පොලිස් කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් සමග සිදුකළ වැටලීමකදී කලක පටන් පවත්වාගෙන ගිය මත් කරල් ජාවාරමක් කොටු කර ගැනීමට හැකි වී තිබෙනවා.

මෙම මත් කරල් ඉන්දියාවේ සිට මෙරටට රහසිගතව ප්‍රවාහනය කරන බවයි හෙළිව ඇත්තේ.

මන්නාරම සිලාවතුර මුහුදු තීරයේ රහසිගතව ප්‍රවාහනය කර ගොඩබාමින් සිටියදීයි අදාළ මත්පෙති ජාවාරම වටලා ඇත්තේ.

වැටලීම සිදු කරන අවස්ථාවේදී ‘පීගැප්’ වර්ගයේ මත් කරල් එක් ලක්ෂ එකොළොස් දහසක් (1,11,000) සොයා ගෙන ඇති අතර, ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 16 කට ආසන්න බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් සැකකරුවන් පලා ගොස් තිබෙනවා.

සැකකරුවන් සොයා සිලාවතුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.


රජරට රැජිණේ මෝටර් රථයක් ගැටෙයි – දෙදෙනෙකු (2) රෝහලේ

(13.04.2023 – 15:47 +0530 – hirunews.lk/sinhala)

බෙලිඅත්ත සිට අනුරාධපුර බලා ධාවනය වෙමිනු තිබූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රියෙහි මෝටර් රථයක් ගැටීමෙන් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (13) පෙරවරු 11 ට පමණ හික්කඩුව – දොඩන්දූව දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය හරස්මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් භික්ෂූන් වහන්සේ නමක් සහ එහි රියදුරු බව සඳහන්.

ඔවුන් මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

+


ශ්‍රී ලංකාවට ගෙන්වූ තුන්වන (3) බිත්තර තොගයත් සෞඛ්‍යාරක්ෂිතයි

(13.04.2023 – 13:06 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ආනයනය කළ තුන්වන (3) බිත්තර තොගය සෞඛ්‍ය ආරක්‍ෂිත බවට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව එහි වාර්තාව අද (13) නිකුත් කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල කියා සිටියේ.

මෙරට බිත්තර ගැටළුවට පිලියම් ලෙස ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තීරණය කෙරුණු අතර ඒ අනුව තුන්වන (3) කොටස වශයෙන් මෙරටට බිත්තර මිලියනයක් ආනයනය කෙරුණා.

එහි සාම්පල් ලබා ගැනීම පසුගිය සෙනසුරාදා (08) සිදු කෙරුණු අතර ඒ අනුවයි එහි වාර්තාව නිකුත් කෙරෙන්නේ.

මේ අතර, බිත්තර සන්තකයේ තබාගෙන අලෙවි නොකිරීමේ චෝදනාව යටතේ වෙළඳුන් තුන්දෙනෙකුට (3) එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය ප්‍රකාශ කළා.

ඒ අනුව ඊයේ (12) සිදුකළ වැටලීමක දී නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ වෙලදසැල් කිහිපයක තිබී බිත්තර 4000 ක් එම අධිකාරිය භාරයට ගෙන තිබෙනවා ෴

+++++++++++

ඉන්දීය බිත්තර ලක්ෂ 10 ක් රේගුවෙන් මුදාහැරීමට අනුමැතිය

(13.04.2023 – 16:09 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් රේගුවෙන් මුදාහැරීම සඳහා අද (13) අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.

ඒ අනුව පස්වරු 04 සිට එම බිත්තර බෙදාහැරීම් ආරම්භ කළ බවයි ඔහු කියා සිටියේ.

ඉන්දියාවේ සිට ආනයනය කළ තුන්වන (3) බිත්තර තොගය මෙය වන අතර මහා පරිමාණ බේකරි සහ හෝටල් වෙත ඒවා බෙදාහැරෙනු ඇති.

මේ අතර, වැඩි මිලට බිත්තර අලෙවිකරන වෙළෙඳුන් සොයා පාරිභෝගික අධිකරිය දිවයින පුරා තවදුරටත් වැටලීම් සිදුකරනු ලබනවා.

කෙසේ වෙතත් සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි අද ජා-ඇල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් වැටලීමට පෙර පාලන මිල ඉක්මවා බිත්තර නිකුත් කරන ගොවිපළ වටලන ලෙසයි.

මේ අතර, ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර බෙදාහැරිමේදි බේකරි හිමියන් වංචා සිදුකරන බවට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංඟමය සිදුකරන චෝදනා සම්බන්ධයෙන් අද (13) සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන ප්‍රතිචාර දක්වා සිටියා.

ඒ අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

බිත්තර ආනයනය කළත්, වැඩිමිලට අලෙවිකරන්නන් වටලනු ලැබුවත්, වෙළඳපල තුල බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩුවීමක් තවමත් දක්නට ලැබෙන්නේ නැහැ.

එසේම උත්සව සමයේ දැඩි බිත්තර හිඟයක් පවතින බවටයි පාරිභෝගික ජනතාව චෝදනා කරන්නේ.

+


ඉන්ධන බවුසරයක් නිවාස තුනක (3) සහ හෝටලයක ගැටෙයි

(13.04.2023 – 16:16 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල ප්‍රදේශයට ඉන්ධන ප්‍රවාහන කරමින් තිබූ බවුසරයක් හල්පේ කුඹල්වෙල ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

බවුසරය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් අසළ තිබූ නිවාස තුනක (3) සහ හෝටලයක ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් නිවසක් ඉදිරිපිට සිටි කාන්තාවක් තුවාල ලබා ඇති අතර ඇය දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල පළාත්බද මහරෝහල වෙත මාරුකර යවා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *