ඉඟි බිඟි පා පිරිමි සුද්ද කරන ගැහැණු කල්ලියක්
(12.04.2023 – 08:02 +0530 – hirunews.lk/sinhala)
උත්සව සමයේ කොළඹට පැමිණෙන පිරිමි පාර්ශ්වයන් ඉඟි බිඟි පා පාළු ස්ථාන කරා ගෙන ගොස් ඔවුන්ගේ දේපොළ කොල්ලකෑමේ සිදුවීම් රැසක් පොලිසියට වාර්තා වී තිබෙනවා.
මේ පිළිබඳව හෙළි වූයේ කෙසෙල්වත්ත පොලිසියේ නිළධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සිදු කළ කරුණු දැක්වීමකදී යි.
මීට පෙරත් අපරාධ සම්බන්ධයෙන් දඬුවම් ලබා ඇති කාන්තාවන් හා පිරිමින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මෙම ජාවාරම මෙහෙයවන බවට පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
උත්සව සමයේ විකිණීම සඳහා භාණ්ඩ රැගෙන යෑමට එන ව්‍යාපාරිකයන්, අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා පිට වන ආරක්ෂක අංශ සාමාජිකයන්, විවිධ කාර්යයන් සඳහා කොළඹ නගරය වෙත පැමිණෙන තරුණයන් මෙලෙස මංකොල්ලකෑමට හසු වී ඇති බවයි පොලිසිය පවසා ඇත්තේ.
පිරිමි පාර්ශ්වය ඉඟි බිඟි පා රවටා පාළු කඩ, අඳුරු තරප්පු ආදි ස්ථාන කරා ගෙන ගොස් ලිංගික ඇසුරක් පැවැත්වීමට මුලපුරන බව පෙන්වන මෙම කාන්තාවන් පිරිමි සතු දේ කොල්ලකන අතර එම ස්ථානවලට හැඩිදැඩි තරුණයෙක් කඩා පනින විට ඔහු තමන්ගේ සැමියා බව පවසමින් සැකකාරිය පලා යන බවටත් පොලිසියට වාර්තා වී තිබෙනවා.
මෙම කොල්ල කල්ලියේ සාමාජිකයන් කිහිපදෙනකුම පොලිසිය මඟින් මේ වනවිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවත් පොලිසිය සඳහන් කර තිබෙනවා ෴
විශේෂ බස් සේවා අදත් (12) ක්‍රියාත්මකයි
(12.04.2023 – 07:46 +0530 – hirunews.lk/sinhala)
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ පෞද්ගලික බස්රථ සේවා ක්‍රියාත්මක බවත්, මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා අමතර බස් රථ 300 කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසනවා.
ඒ අනුව අද (12) දිනයේත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස්රථ සේවා ධාවනයට යෙදවීම ලංකා ගමනාගමන මණ්ඩලය ද සැලසුම් කර ඇති බව එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළා.
සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ දුර ගමන් සේවා බස්රථ සාමාන්‍ය පරිදි 13 වන දා දක්වා ක්‍රියාත්මක වන බවයි.
+
+
උත්සව සමයේ ආරක්ෂාවට බුද්ධි අංශයත්
(12.04.2023 – 08:55 +0530 – hirunews.lk/sinhala)
උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියට අමතරව බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ උත්සව සමයේදී ව්‍යාජ වෙළඳදුන්ගෙන්ද ආරක්ෂාවීමට ජනතාව වග බලගත යුතු බවයි ෴
අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාරගත රැදවියන්ට විශේෂ අවස්ථා රැසක්
(12.04.2023 – 14:55 +0530 – hirunews.lk/sinhala)
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් 2023.04.13, 2023.04.14 හා 2023.04.15 යන තෙදින තුළ සිරකරුවන් හට අමුත්තන් බැලීම සදහා වූ විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සූදානම් කර තිබෙනවා.
එදිනට සිරකරුවන් බැලීමට පැමිණෙන ඥාතීන් විසින් එක් (1) අයෙකුට ප්‍රමානවත් වන පරිදි ආහාර පාර්සලයක් හා එක් (1) අයකුට ප්‍රමානවත් වන පරිදි ඔවුන්ට අවශ්‍ය රසකැවිලි ද රැගෙන විත් භාර දීම සදහා අවශ්‍ය පහසුකම් සෑම බන්ධනාගාර ආයතනයන් විසින් සපයා ඇති බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ.
මීට අමතරව සියලුම බන්ධනාගාර ආයතනයන් තුලදී සිරකරුවන් සහ සැකකරුවන් සදහා අවුරුදු චාරිත්‍ර – වාරිත්‍ර සිදු කරනු ලබන අතර සියලුම රැදවියන් සදහා කිරිබත් ලබා දීමට බන්ධනාගාර දෙපාරතමේන්තුව කටයුතු සූදානමි කර ඇති බවත්, එසේම රැඳවියන්ගේ හිසතෙල් ගෑමේ මංගල්‍යද චාරිත්‍රානුකූලව සිදු කිරීමට නියමිත බව පවසනවා.
තවද රැදවුවන්ගේ යහපත් මානසිකත්වය ඉහල නැංවීම සදහා බන්ධනාගාර පුනරුත්ථාපන අංශය මගින් ජන ක්‍රීඩා ඇතුලත් අවුරුදු උත්සව, සංගීත වැඩසටහන්, සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන් රාශියක් සිරකරු සුභසාධක සංගමයේ උපකමිටුවල අනුග්‍රහයෙන් සංවිධානය කර තිබෙනවා ෴
දුම්රියෙන් ඇදවැටී එම දුම්රියටම හසුවිමෙන් දෙපා අහිමි වෙයි
(12.04.2023 – 08:18 +0530 – hirunews.lk/sinhala)
කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වු ගාලු කුමාරි දුම්රියේ පැමිණි පුද්ගලයෙකු ඊයේ (11) සවස ගාල්ල දුම්රිය ස්ථානයේ දී දුම්රියෙන් ඇදවැටී එම දුම්රියටම හසුවිමෙන් පාද දෙකම (2) වෙන් වී ඇතැයි ගාල්ල පොලිසිය සඳහන් කළා.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ මිරිස්ස උඩුපිල පදිංචි 25 හැවිරිදි තරුණයෙක් බවටයි සඳහන් වුනේ.
කෙසේ වෙතත්, පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ පුද්ගලයා දුම්රිය ලඟාවිමත් සමගම මගින්ගේ තෙරපිමෙන් පාපුවරුවේ සිටියදී හදිසියේ ඇදවැටි ඇති බවයි ෴
අපේ රිළව් රට යවන්න සැළසුමක්
(12.04.2023 – 08:52 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාවේ රිළවුන් විදේශ රටකට ලබාදීමේ දී පවතින නීතිමය තත්වයන් පිළිබඳව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
මෙරට රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙස චීන නියෝජිතයන් පිරිසකගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලද ඉල්ලීම පිළිබඳව අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එම ඉල්ලීමට අනුව මෙරට රිළවුන් ලක්ෂයක් (100,000) පමණ පළමු (1) අදියර යටතේ ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක්ද කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ(11) පැවැත්වුණා.
අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙන්ම ජාතික සත්වෝද්‍යාන සහ වනජීවී දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියා.
ඒ අනුව ඊට අදාළ නීතිමය තත්වයන් පිළිබඳව කරුණු අධ්‍යයනය සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට නියමිතයි.
මෙරට රිළවුන් ගහණය ලක්ෂ 30 කට ආසන්න බව හෙළිදරව් වී ඇති අතර, වගා හානි සිදුකරන සතුන් අතර ප්‍රමුඛයා වන්නේද රිළවායි.
රිළා ගහණය අවම කරගැනීම සඳහා රජය විසින් මෙතෙක් ගත් සියලු උත්සහයන් ව්‍යර්ථ වී ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.
රිළවුන්ගෙන් සිදුවන වැඩිම වගා හානිය වාර්තාවන්නේ වයඹ පළාතෙන්.
+++++++++
රිලව් රට යැවීම ගැන පරිසරවේදීන් විරෝධය පළ කරයි
(12.04.2023 – 20:46 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාවේ සතුන් මසට හෝ විද්‍යාත්මක පර්යේෂණ සඳහා වෙනත් රටවල් වෙත යැවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන විරෝධය පළ කරනවා.
ඒ, මෙරට රිළවුන් චීනයට යැවීම සම්බන්ධයෙන් ඊයේ (11) පැවැති සාකච්ඡාවට ප්‍රතිචාර දක්වමින්.
පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දෙන්නේ මෙරට සතුන් විදේශ රටවල් වෙත යැවිය හැක්කේ සංරක්ෂණ වැඩසටහන් හෝ සතුන් හුවමාරු වැඩසටහන් සඳහා පමණක් බවයි.
එමෙන්ම මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමට පෙර විධිමත් සමීක්ෂණයක් සිදුකළ යුතු බව ද පරිසරවේදීන් අවධාරණය කරනවා.
+
සරසවි ඇදුරන්ගේ වර්ජනය අවසන්
(12.04.2023 – 09:02 +0530 – hirunews.lk/sinhala)
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යයන කටයුතු වලින් බැහැරව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින බවත් අප්‍රේල් 17 වැනි දා සිට යළි අධ්‍යයන කටයුතුවලට සම්බන්ධ වීමට තීරණය කර තිබෙන බවත් නිවේදනය කරනවා.
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව තීරණය කර නොමැති බවත්, බොහෝ දුරට අප්‍රේල් 17 වනදා සිට ඔවුන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු වලට සහභාගි වනු ඇති බවටත් එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.
මීට පෙර ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවේ උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂා කිරීම්වලින් ඉවත්ව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ ද නැද්ද සම්බන්ධයෙන් තීරණය අද (12) දහවල් ප්‍රකාශ කරන බවයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසුවේ, පස්වරුවේ ඇරඹි සාකච්ඡා ඊයේ (11) මධ්‍යම රාත්‍රිය පසුවනතෙක් පැවති බවයි.
ඒ අනුව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගනු ලැබූ තීරණය අද (12) දහවල් ඒකාබද්ධ නිවේදනයක් ලෙස ප්‍රකාශ කරන බවද ඔහු කියා සිටියා.
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව පසුගිය මාර්තු 09 වනදා සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යයන කටයුතු වලින් බැහැරව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර, ඊට පෙර සිටම ඔවුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වලින් ද ඉවත් වුණා ෴
+++++++++
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ගැන තවම තීරණයක් නැහැ – සරසවි ඇඳුරන්
(12.04.2023 – 15:02 +0530 – hirunews.lk/sinhala)
තාවකාලිකව වර්ජනය අවසන් කළද උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් සදහා සහභාගි වීම සම්බන්ධයෙන් තීරණය කල් දැමූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සදහන් කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සතුටුදායක නිගමනයකට එනතුරු මෙලෙස පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බවයි.
රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරනු ලැබුවා.
++++++++
අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් සාකච්ඡාවට සූදානම් බව සරසවි ඇදුරන්ට කියයි
(12.04.2023 – 15:30 +0530 – hirunews.lk/sinhala)
විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට තවදුරටත් යම් ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ඉදිරියේ දී සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
තාවකාලිකව වර්ජනය අවසන් කළ ද උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් සදහා සහභාගි වීම සම්බන්ධයෙන් තීරණය කල් දැමූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (12) දහවල් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් දැනුම් දුන්නා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සදහන් කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සතුටුදායක නිගමනයකට එනතුරු මෙලෙස පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බවයි.
කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් බැවින් ඒ සඳහා මැදිහත් වන ලෙසටයි.
එසේම, පසුගිය මාස එකහමාරක (1½) කාලය තුල සාකච්ඡා වට කිහිපයක් පවත්වා ආචාර්යවරුන්ට විසදුම් ලබා දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴