අගමැතිනිගේ තංගල්ලේ රැස්වීමට ගුරුවරු නාවාට හේතු විමසයි
(25.03.2026 – hirunews.lk)
තංගල්ල නගර ශාලාවේ පසුගිය 15 වැනි ඉරිදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති තංගල්ල අධ්‍යාපන කලාපයේ ගුරුවරුන්ගේ හමුව සඳහා එම කලාප කාර්යාලය මගින් කරන ලද දැනුම් දීම පරිදි ගුරුවරුන් සහභාගී නොවීමට හේතු හෙට (26) දිනට ප්‍රථම තමන්ට ලැබීමට සලස්වන ලෙස තංගල්ල අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්.ඒ.එස්.ඩී. කල්‍යාණි සියලුම විදුහල්පතිවරුන් සඳහා ලිඛිතව දන්වා තිබෙනවා.
මෙම දැනුම දීම කර ඇත්තේ පවතින බලශක්ති අර්බුධය හේතුවෙන් අද දින රජයේ විශේෂ නිවාඩු දිනයක් කර ඇති පසුබිමකයි.
කෙසේ නමුත් පසුගිය මාර්තු 15 වැනිදා තංගල්ල ප්‍රාදේශිය සභාවේ පැවති මෙම හමුව සඳහා ගුරුවරුන් සලකියයුතු ප්‍රමාණයක් සහභාගී වී නොතිබූ අතර එය මාධ්‍ය තුල අවධානයට ලක්ව තිබුණා.
+++

+++
+
දින 90 ක රැඳවුම් නියෝග මත සිටින සලේ නිරීක්ෂණයට කොටුව මහේස්ත්‍රාත් CIDයට
(25.03.2026 – hirunews.lk)
දින 90 ක රැඳවුම් නියෝග මත පරීක්ෂණ පවත්වන හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ විසින් නිරීක්ෂණය කර තිබෙනවා.
ඒ සඳහා මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ගොස් තිබුණා. එහිදී ඔහුගේ අවශ්‍යතා විමසා ඒ පිළිබඳ නියෝග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
මේ අතර අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (24) ඇප මත මුදා හැර තිබුණා.
2012 – 2014 කාලසීමාව තුළ රුපියල් විසි අට ලක්ෂ පනස් තුන්දහස් නවසිය තිස්පහක (28,53,935) මුදලක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නීති විරෝධීව ඉන්ධන දීමනා ලෙස ගෙවීමේ චෝදනා මත මොහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ පනහ (50) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හරිනු ලැබුවා.
එමෙන්ම අයථා ලෙස රුපියල් ලක්ෂ 2400 ට අධික වත්කම් රැස්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (24) ප්‍රතික්ෂේප කළ අතර ඔහු මේ මස 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴
+++
හදිසි රෝගී තත්ත්වයක් නිසා සුරේෂ් සලෙයි කොළඹ ජාතික රෝහලට
(25.03.2026 – hirunews.lk)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයි අද (25) හදිසියේම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙසේ රෝහල් ගත කළ බවයි වාර්තා වන්නේ.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටිනවා.
රෝහල් ගත කිරීමෙන් පසුවත් ඔහුට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
https://www.youtube.com/watch?v=5kIZKPoVAVc
+
රජයේ නිවාඩුව නොතකා පැවැත්වූ උපකාරක පංතියකට පොලිසිය කඩා පනී
(25.03.2026 – hirunews.lk)
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් මෙරට තෙල් සංචිත පාලනය කිරීම සඳහා රජය විසින් අද (25) දින විශේෂ නිවාඩුවක් ලබා දී තිබියදී, එය නොතකා හැටන් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උපකාරක පන්තියක් වහාම නතර කිරීමට හැටන් පොලිසිය පියවර ගෙන තිබුණා.
හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස විසින් මෙම පියවර ගෙන ඇත්තේ හැටන් හිජිරාපුර ප්‍රදේශයේ අවම පහසුකම් සහිත ස්ථානයක පන්තියක් පවත්වන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුවයි.
අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් පන්තිය මෙහෙයවූ ගුරුවරුන් දෙදෙනා (2) දැනුවත් කර, එහි සිටි සිසුන් වහාම නිවෙස් කරා පිටත් කර යැවීමට කටයුතු කර තිබුණා.
මෙම පන්තිය පවත්වා ඇත්තේ හැටන් නගරයේ ප්‍රධාන දෙමළ පාසලක ගුරුවරුන් දෙදෙනෙකු (2) විසින් බව අනාවරණය වී තිබෙනවා.
වත්මන් තත්ත්වය හමුවේ රජය විසින් පාසල් නිවාඩු ලබා දී ඇති අතර, ගුරුවරුන්ට බාහිර පන්ති නොපවත්වන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ද විශේෂ චක්‍රලේඛයක් මඟින් උපදෙස් ලබා දී තිබුණා.
එවන් පසුබිමක මෙම උපදෙස් උල්ලංඝනය කරමින් පන්ති පැවැත්වීම හේතුවෙන් පොලිසිය මෙලෙස මැදිහත් වී තිබුණා ෴
+++
+
වෛද්‍ය නිර්දේශ රහිතව තරුණයන්ට මත් පෙති අලෙවි කළ හැටන් ඔසුසැල් හිමියෙක් අත්අඩංගුවට
(25.03.2026 – hirunews.lk)
විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශයකින් තොරව, මානසික රෝගීන් සඳහා ලබාදෙන මත් කරවන සුළු ඖෂධ පෙති තරුණයින්ට අලෙවි කළ හැටන් නගරයේ ඔසුසැල් හිමියෙකු හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (24)අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ඔසුසැල් හිමියා තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඉතා අධික මිලකට, වෛද්‍ය නිර්දේශ රහිතව මෙම ඖෂධ අලෙවි කරන බවට හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට තොරතුරක් ලැබී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පොලිස් උපාය දූතයකු යොදවා වෛද්‍ය නිර්දේශයකින් තොරව අදාළ ඖෂධ මිලදී ගෙන මෙම වැටලීම සිදු කර තිබුණා.
වැටලීම සිදු කරන අවස්ථාවේදී අදාල ඔසුසැල් හිමියා සතුව අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත් පෙති 1400 කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර, ඔහුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ ෴
වැඩි මිලකට සහල් අලෙවි කළ වෙළඳසල් හිමිකරුවෙක්ට රු. ලක්ෂයක දඩයක්
(25.03.2026 – hirunews.lk)
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට දේශීය කීරී සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධව වරද පිළිගත් වෙළෙඳසල් හිමියෙකුට රුපියල් ලක්ෂයක (100,000) දඩ මුදලක් ගෙවීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඒ මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය.
මෙසේ දඩ මුදලක් නියම කරනු ලැබුවේ කඩවත, පහළ පාර ප්‍රදේශයේ පදිංචි වෙළෙඳසල් හිමියෙකුට ය.
දේශීය කීරි සම්බා සහල් කිලෝ එකක පාලන මිල රුපියල් 260 ක්ව තිබියදී එම ව්‍යාපාරිකයා විසින් සිය වෙළෙඳසලේ කීරී සම්බා සහල් කිලෝ එකක් රුපියල් 360 බැගින් අලෙවි කර තිබෙන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා ෴
QR කේතයක් Override කරමින් ඉන්ධන ලබාගත් සැකකරුවෙකු CID අත්අඩංගුවට
(25.03.2026 – 16:29 +0530 – sinhala.adaderana.lk)
කාන්තාවක් සතු මෝටර් රථයක ඉන්ධන QR කේතය ‘Override’ කරමින් අදාළ මෝටර් රථයේ දත්තවලට නව QR කේතයක් සකස් කරමින් ඉන්ධන ලබාගත් පුද්ගලයෙකු CIDය මගින් නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබඳ 1919 අංකය ඔස්සේ ලැබී තිබූ තොරතුරකට අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ අන්තර්ජාල ආවේක්ෂණ බුද්ධි ඒකකය විසින් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇත.
විමර්ශන නිලධාරීන් සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.
මෙම නීතිවිරෝධී QR කේතය සඳහා ඉන්ධන නිකුත් කළ අය පිළිබඳවද මේ වනවිට විමර්ශන සිදුකෙරෙමින් පවතී.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙලෙස QR කේත ‘Override’කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන සිදුකරන බවය ෴
නාටකයක් රඟපා අසල්වැසි නිවෙසක් කොල්ලකා රු. ලක්ෂ 20 ක රන් භාණ්ඩ සොරාගත් සරසවි සසුවියක් අත්අඩංගුවට
(25.03.2026 – hirunews.lk)
බදුරලිය ප්‍රදේශයේ නිවෙසක් බිද රුපියල් ලක්ෂ 20 කට ආසන්න රන් ආභරණ සොරාගත් විශ්ව විද්‍යාල සිසුවියක් මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය පවසනවා.
සොරා ගන්නා ලද රන්මාල දෙකක්, අත් පළඳනාවක්, මුද්දක්, රන් පංචායුධ දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ ගණකාධිකරණ උපාධියක් හදාරන 02 වසර විශ්ව විද්‍යාල සිසුවියක් වන 23 හැවිරිදි තරුණියක් බවයි පොලිසිය පවසන්නේ.
බදුරලිය, මොහොමදිවත්ත ලයින් කාමරයක පදිංචිව සිටි විදේශගතව සිට පැමිණි කාන්තාවකගේ නිවෙසක් බිඳ මෙම රන් බඩු සොරාගෙන තිබූ බවයි පොලිසිය පවසන්නේ.
එම ලයින් කාමරයේ පදිංචි ඥාති නිවෙසකට මෙම තරුණිය පසුගිය 11 දා පැමිණ සිටි අවස්ථාවේ මෙම කාන්තාවගේ නිවෙසේ රන්බඩු ඇති බව දැනගෙන තිබූ බවත්, පැමිණිලිකාර කාන්තාව ඇගේ වියපත් නැන්දම්මා සමග බදුරලිය නගරයට යෑම සඳහා සූදානම්ව දොර ජනෙල් වසා යතුර නැන්දම්මා අතට දී නිවෙස පිටුපස ඇති වැසිකිළියට ගොස් තිබූ බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.
මේ අතර සැකකාර තරුණිය වියපත් කාන්තාවගේ අතින් අල්ලාගෙන එම නිවෙස පහළ පල්ලමට කැදවාගෙන යමින් සූක්ෂම ලෙස යතුර ලබාගෙන ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
දහවල් 11:00 ත් 02:00 ත් අතර කාලයේ දී මෙම සිද්ධිය සිදුවී ඇති අතර මෙම තරුණිය ඒ අසල කැලයේ සැඟවී ඥාති නිවෙසට දුරකථන ඇමතුමක් ලබා දී තමන්ව ත්‍රීරෝද රථයකින් පැහැර ගෙන යන බව පවසා ඇතැයි ද වාර්තා වෙනවා.
එවිට කලබල වූ ලයිමේ කාන්තාවන් සහ පිරිමින් සියලු දෙනා ඇයව බේරා ගැනීමට මාර්ගයට පැමිණ ඇති අතර එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සැකකාරිය ක්ෂණිකව පැමිණිලිකාරිය ගේ නිවෙසට ඇතුළු වී අල්මාරිය කඩා මෙම රන් බඩු සොරාගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඉන් පසුව සිදු කළ පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන සිදු කරන අවස්ථාවේ දී මෙම තරුණිය මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවෙසට ගොස් ඇති අතර පොලිසිය විසින් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රු. ලක්ෂ හතක් (7) වටිනා රන්මාලයක් උගස්කර තිබියදීත් ඉතිරි රන් බඩු ඇගේ නිවෙසේ සඟවා තිබියදීත් පොලිසිය විසින් සොයාගෙන තිබුණා.
සැකකාර තරුණිය පසුගිය 20 දා මතුගම අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වරද පිළිගැනීමෙන් පසු ඇප මත මුදා හැරීමටත් ජූනි මස 05 දා නැවත නඩුව කැදවීමටත් නියෝග කර තිබෙනවා.
බදුරලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වැදිසිංහගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිලංග, පොලිස් සැරයන් 67061 සමරසිංහ, කාන්තා පොලිස් කොස්තාපල් 11105 ඉනෝකා, 12493 ලක්මාලි යන නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන සිදු කළා ෴
වලානේ ස්ථානාධිපති බව පවසමින් ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට
(25.03.2026 – 21:25 +0530 – sinhala.adaderana.lk)
ප්‍රදේශ කිහිපයක ව්‍යාපාරිකයන්ව WhatsApp මගින් අමතා තමන් ‘වලාන ස්ථානාධිපති ඉන්දික වීරසිංහ’ ලෙස පවසමින් එම ව්‍යාපාරිකයන් බියගන්වා බලපෑම් කර මුදල් ලබාගත් පුද්ගලයෙකුව අද (25) ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ’ නිලධාරීණ් පිරිසක් විසින් බණ්ඩාරගම අධිවේගී මාර්‌ග පිවිසුම අසළ දී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සොරකම් කිරීම, කොල්ලකෑම් හා කප්පම් ලබාගැනීම් ඇතුළු විවිධ දූෂණ චෝදනා යටතේ වරදකරු වී බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණ සිටි ‘තුසිත බ්‍රහ්මරත්න’ නැමති පුද්ගලයා බවය.
පොලීසිය පැවසුවේ අම්බලන්ගොඩ, ගන්දර, රත්නපුර, හොරණ, පානදුර, මාරවිල, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ගැවසෙමින් ව්‍යාපාරිකයන්ව හෙලෙස රවටා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ඉපයා ඇති බවය.
මෙම සැකකරු විසින්, වලාන ස්ථානාධිපති ඉන්දික වීරසිංහ නිලධාරියාගේ නිල ඇඳුමින් සැරසුනු ඡායාරූපයක් ඔහුගේ WhatsApp ගිණුමේ ඡායාරූපයට යොදා තිබී ඇත.
ඒ අනුව එම WhatsApp ගිණුමෙන් ව්‍යාපාරිකයන් අමතා, ඔවුන් විසින් සිදුකරනු ලබන නීති විරෝධී ක්‍රියා පිළිබදව සියලු තොරතුරු තමන් සතුව ඇති බවත්, ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට නම් ඔහු විසින් යොමු කරනු ලබන පුද්ගලයාට නියම කරනු ලබන මුදල් ලබාදෙන ලෙසට බිය ගන්වා මුදල් ලබාගෙන ඇත.
මීට අමතරව මෙම සැකකරු විසින්, යම් ප්‍රසිද්ධියක් උසුලන ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලාට ද WhatsApp හරහා ඇමතුම් ලබා දී පවසා ඇත්තේ සිය නැගණිය එංගලන්තයේ පදිංචිව සිටින බවත්, ඇයට දානමය පුන්‍ය කර්‌මයක් සිදුකිරීමට අවශ්‍ය බවය.
ඒ අනුව, අවශ්‍ය මුදල් ලබාදීමට ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාගේ බැංකු ගිණුම් අංකය, ජාතික හැඳුනුම්පත් අංකය සහ මුදල් ලබාගැනීම සඳහා භාවිතා කරන ජංගම දුරකථන යෙදවුම (App) ආදී සියළු තොරතුරු සැකකරු විසින් ලබාගෙන ඇත.
පසුව එම ගිණුම්වලට මුදල් යොමු කරන බව හඟවමින් අන්තර්ජාලය හරහා ගිණුම්වලට ඇතුළු වී එහි රහස්‍ය අංකය (OTP) ලබා ගනිමින් එම ගිණුම්වල ඇති මුදල් ඔහුගේ ක්‍රිප්ටො කරන්සි හරහා ඔහුගේ ‘VOLAT’ ගිණුම වෙත බැරකර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි අනුව අධිකරණයට කරුණු වාර්තා කර විර්මශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා හා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහයන නිලධාරීන් විසින් සකස් කරන ලද සැළසුමකට අනුව මෙම විර්මශනය වලාන මධ්‍යම දූෂණ මදන ප්‍රහාරක බලකායේ පොලිස් පරීක්‍ෂක චතුරංග මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.
ඒ අනුව, අද (25) දිනයේ දී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්‍ෂයක මුදලක් ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 620 ක ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත ෴
ලෝක උරුමයක් වෙච්ච සීගිරිය අභය භූමියට කෝටි ගණන් හොයන හෝටලයක් කරපු අහස පොළව නුහුලන අපරාධය එළියට (25.03.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴