ඉරාන DENA නෞකාව ලංකාවට ආවේ නිල ආරාධනයකටයි – ඉරාන තානාපති
(23.03.2026 – hirunews.lk)
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී අමෙරිකානු ප්‍රහාරයකින් විනාශ වූ ඉරාන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් කළ ආරාධනයක් අනුව බව මෙරට ඉරාන තානාපති අලිරේසා ඩොල්කොෂ් පවසනවා.
කොළඹ ඉරාන තානාපති නිල නිවසේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එම නෞකාව කිසිදු යුදමය අරමුණක් වෙනුවෙන් මෙරටට පැමිණ නොමැති බව තහවුරු බවද ඔහු පැවසුවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ නිල ආරාධනයක් මත පැමිණි මෙම නෞකාවට ඇමරිකා එක්සත් ජනපදය පූර්ව අනතුරු ඇඟවීමකින් තොරවයි ප්‍රහාර එල්ල කර තිබුණේ.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 104 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් හමුදා සාමාජිකයන් නොවන සංගීත කණ්ඩායමක පිරිසක්.
අසල්වැසි රටවල පිහිටි එක්සත් ජනපද කඳවුරු වෙත ඉරානය එල්ල කරන ප්‍රහාර එම අසල්වැසි රටවල ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් නොවන බව අවධාරණය කළ යුතු බවයි ඔහු පවසන්නේ.
ඒවා හුදෙක් එක්සත් ජනපද ප්‍රහාරවලට සෘජු ප්‍රතිචාරයක් ලෙස සිදු කරන ලද ආත්මාරක්ෂක ක්‍රියාවන් පමණක් බවද පවසනවා.
මේ සම්බන්ධයෙන් වැදගත් කරුණක් වන්නේ, අපගේ අසල්වැසි රටවලට අප ලබා දෙන පණිවිඩය බවත් කරුණාකර එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ අපරාධවලට හවුල් නොවන්නයැයි ඔහු පැවසුවා.
එක්සත් ජනපද පාලන තන්ත්‍රය ජාත්‍යන්තර නීතියේ මූලධර්ම නොසලකා හරින අතර, කිසිදු රෙගුලාසියකට තමන් බැඳී නොමැති බව සලකන බවත් සියොන්වාදී පාලන තන්ත්‍රය සමඟ එක්ව ජාත්‍යන්තර නීතිය සහ මානුෂීය මූලධර්ම නැවත නැවතත් උල්ලංඝනය කරන බව පැවසුවා.
මානුෂීය නීතිය උල්ලංඝනය කරමින්, 2026 මාර්තු මාසයේදී, ඉරාන ඉස්ලාමීය ජනරජ හමුදාවට අයත් DENA නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් ප්‍රහාරයක් එල්ල කළා.
එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙම නෞකාව ඉලක්ක කිරීම විහිළුවක් ලෙස සැලකූ අතර, ඒ හේතුවෙන් නෞකාවේ සිටි නිරායුධ නැවියන් 104 දෙනෙකු දිවි පිදූ බවත් මානුෂීය නීතියට අනුව, සතුරු පාර්ශ්වයකට ප්‍රහාර එල්ල කිරීමට අවසර ඇත්තේ යුද පිටියේදී පමණක් බවයි ඔහු පවසන්නේ.
නමුත් මෙම නෞකාව යුද පිටියේ සිට නාවික සැතපුම් 1,100 කට වඩා දුරින් තිබූ අතර, එහි කිසිදු ආයුධයක් හෝ ආරක්ෂක හැකියාවක් තිබුණේ නැති බව ඔහු පෙන්වා දෙනවා.
නෞකාවට එල්ල වූ ප්‍රහාරය සහ මිනාබ් පාසල් සිසුවියන්ට එල්ල වූ ප්‍රහාර, එක්සත් ජනපදයේ ලැජ්ජා සහගත ක්‍රියාවක් සහ ජිනීවා සම්මුතීන් උල්ලංඝනය කිරීමක් බවත් ඉරානය යුද්ධයක් අපේක්ෂා නොකරන අතර එය සාදරයෙන් පිළිගන්නේ ද නැහැයි ඔහු පවසනවා.
ඉරාන ජාතිය සාමයට ලැදි ජාතියක් වන අතර ඉතිහාසය ඒ සඳහා සාක්ෂි දරන බවත් අපගේ දේශය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම ආක්‍රමණිකයෙකුට අපි තීරණාත්මක ලෙස ප්‍රතිචාර දක්වන බවයි ඔහු කියා සිටියේ.
ආක්‍රමණිකයා සමඟ පෙනී සිටින රටවල්, ජාත්‍යන්තර නීතියට අනුව එම පාලන තන්ත්‍රයේ ආක්‍රමණශීලී ක්‍රියාවලට හවුල්කරුවන් වන අතර මම නැවතත් අවධාරණය කරන්නේ එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ අපරාධවලට හවුල් නොවන්න යැයි ඔහු කියා සිටියා.
දැනට ඉරාන ඉස්ලාමීය ජනරජයේ දේශසීමා මුහුදු සීමාවට අයත් හෝමුස් සමුද්‍ර සන්ධිය යුද කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙයින් අදහස් කරන්නේ ඉරානය විසින් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව නොවන බවත් එය සතුරු රටවල නැව් සඳහා පමණක් වසා තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
+++
“ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම මොහොතක තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ඉරානය සූදානම්” – ඉරාන තානාපති
(23.03.2026 – hirunews.lk)
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම මොහොතක තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ඉරානය සූදානම් බව ඉරාන තානාපති අලිරේසා දෙල්කොෂ් පවසනවා.
තානාපතිවරයා මේ පිළිබඳව පවසා සිටියේ කොළඹ පිහිටි ඉරාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මාධ්‍ය ඇමතූ තානාපතිවරයා ශ්‍රී ලංකාව මිත්‍රශීලී රටක් ලෙස හැඳින්වූ අතර, ඉරානය තම හවුල්කාර රටවල් කෙරෙහි සැමවිටම විවෘත සහ සහයෝගී ආකල්පයක් පවත්වාගෙන යන බවයි පවසා සිටියේ.
ශ්‍රී ලංකාව ඇතුළු මිත්‍ර රටවල නෞකා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය තවමත් විවෘතව පවතින බවත්, එවැනි රටවල අවශ්‍යතා පහසුකම් සැලසීමට ඉරානය සූදානම් බවත් ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ නම් තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට ඉරානය සූදානමින් සිටින බවයි තානාපතිවරයා මෙහිදී පවසා සිටියේ.
“අපට ශ්‍රී ලංකාව අසීරුවට පත්වෙනවා දකින්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලාංකික ජනතාව ඉරානය තුළ ඉහළ ගෞරවයකට පාත්‍ර වන පිරිසක්,” යැයි පවසමින් තානාපතිවරයා දෙරට අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවය අවධාරණය කර සිටියා ෴
+++
ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
(23.03.2026 – 12:08 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) මහතා පවසයි.
මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත්, ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබාදීමට සුදානම් බවය.
හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය සිය මිත්‍ර රටවලට වසා දමා නොමැති බවද අලිරේසා ඩෙල්කෝෂ් මහතා මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තම රටට අවශ්‍යතාවයක් නොමැති බවත්, ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් වන බවද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම පසුගිය දා අමෙරිකානු සම්මැරීනයක් මඟින් එල්ලකළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ ‘IRIS Dena’ යුද නෞකාවේ සිටි පිරිස මුදාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ඉරාන ඉල්ලීමක් කිරීමට පළමුව බවද පැවසු අලිරේසා ඩෙල්කෝෂ් මහතා ශ්‍රී ලංකාව විසින් සිදුකළ එම උපකාරය ද මෙහිදී සිහිපත් කළේය.
මේ අතර ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉරාන රජය සුදානම් බවද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා වැඩිදුරටත් පැවසීය.
ඉරානය තුළ පදිංචිව සිටින විදේශිකයන් ආරක්ෂා කිරීම සඳහා පුළුල් යටිතල පහසුකම් ස්ථාපිත කර ඇති බවත් තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. අද වන විට ඔවුන්ට බලපාන කිසිදු ගැටලුවක් වාර්තා වී නොමැති බවත්, ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ඔහු අවධාරණය කළේය.
ඔහු තවදුරටත් පවසා සිටියේ, “ඔවුන් තම රටවලට ආපසු යාමට කැමති නම්, තුර්කිය වැනි අසල්වැසි රටවල් හරහා ඔවුන්ගේ ගමන් පහසුකම් සැලසිය හැකියි” යනුවෙනි.
+
පාස්කු මහමොලකරු මාර්තු 31 හෙලිදරව් කරනවා – ගම්මන්පිල වහාම මාධ්‍ය කැඳවා නිවේදනය කරයි (23.03.2026)
+
රංග දිසානායකගේ වහාම වැඩ තහනම් කරන්න – මේ මොන කුපාඩි තග දැමිල්ලක්ද ?? (23.03.2026)
+
වහාම තෙල් මිල අඩු කරලා ජනතාවට සහන දියව් – සජිත් ප්‍රබලයන් කැඳවා ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි (23.03.2026)
+
ඉන්ධන මිල ඉහල ගියා විතරයි ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළට | වෙනස් වුණු ගාණ හරියටම මෙන්න (23.03.2026)
+
ස්වාධීන මාධ්‍ය කොමිෂන් සභා සංකල්ප පත්‍රිකාවට විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ කණස්සල්ල : පුළුල් උපදේශන ක්‍රියාවලියක අවශ්‍යතාව අවධාරණය කෙරේ
(23.03.2026 – hirunews.lk)
යෝජිත ස්වාධීන මාධ්‍ය කොමිෂන් සභාව පිහිටුවීම සඳහා සකස් කර ඇති මූලික සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සිය දැඩි අවධානය යොමු කර තිබෙනවා.
ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිපියක් නිකුත් කරමින් එම සංගමය මෙරට ගුවන් විදුලි හා රූපවාහිනී විකාශකයින් නියෝජනය කරන ප්‍රමුඛතම ආයතනය ලෙස, මෙම ලේඛනය සකස් කිරීමේදී තමන්ගෙන් කිසිදු විමසීමක් කර නොමැති වීම පිළිබඳව සංගමයේ කණස්සල්ල පළ කරන බවයි.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය සහ ලේකම් ලක්සිරි වික්‍රමගේගේ අත්සනින් යුතු ලිපියකින් අමාත්‍යවරයා වෙත මේ බව දැනුම්දී තිබෙනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යටතේ පත් කරන ලද විශේෂඥ කමිටුවක් මගින් මෙම සංකල්ප පත්‍රිකාව සකස් කර ඇති බවත්, මේ සඳහා ගුවන් විදුලි, රූපවාහිනී, මුද්‍රිත සහ අන්තර්ජාල මාධ්‍ය ආවරණය වන පරිදි පුළුල් රාමුවක් මෙමගින් යෝජනා කර තිබෙනවා.
විකාශකයින්ගේ සංගමය පෙන්වා දෙන පරිදි, විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට සෘජුව බලපාන මෙවැනි වැදගත් ලේඛනයක් සකස් කිරීමේදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සම්බන්ධ කර නොගැනීම හේතුවෙන්, විද්‍යුත් විකාශන ක්ෂේත්‍රයට අනන්‍ය වූ මෙහෙයුම්, තාක්ෂණික සහ ආර්ථික පැතිකඩයන් නිසි ලෙස සැලකිල්ලට නොගැනීම, අන්තර්ගත නියාමනය සහ බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් පවතින ප්‍රායෝගික ගැටලු මතු වීම යන ගැටලු මතුවිය හැකි බව ඔවුන් සඳහන් කරනවා.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, SLBG සංගමය අමාත්‍යවරයාගෙන්, ඉදිරි සාකච්ඡා සහ ක්‍රියාවලීන් සඳහා විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් සෘජුව සම්බන්ධ කර ගැනීම, මෙම සංකල්ප පත්‍රිකාව පදනම් කරගෙන නීති සම්පාදනය කිරීමට පෙර, විද්‍යුත් මාධ්‍ය කොටස්කරුවන් සමඟ විධිමත් උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කිරීම සහ විකාශන ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය, අන්තර්ගත නියාමනය සහ තිරසාර සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ අවස්ථාවක් ලබා දීම යන කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය වඩාත් නිදහස්, සදාචාරාත්මක සහ වගකීම් සහගත ලෙස පවත්වාගෙන යාම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහය වීමට තමන් සැමවිටම සූදානම් බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා ෴
පද්ධති දෝෂයක් නිසා හැඳුනුම්පත් සේවාවන් හෙට (24) තාවකාලිකව අත්හිටුවයි
(23.03.2026 – hirunews.lk)
පද්ධති බිඳවැටීමක් (System Failure) හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල මහජන සේවාවන් හෙට (24) දින තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මේ අනුව හෙට (24) දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම පොදු සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පද්ධතියේ පවතින දෝෂය නිරාකරණය කරන තෙක් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴